theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි

5 අවම කියවීම
දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයිදිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි

කන් පිරිසිඳු කිරීම කොයි ගෙදරත්, කොයි අවස්ථාවක හෝ කරන දෙයක්. නමුත් වලින් පිරිසිඳු කර මෙහෙම ආදීනව ඇතැයි කියා ඔබ හිතන්නට වත් නැතිව ඇති.

දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් විශේෂ දෙයක් තමයි යම් අවස්ථා වලදී කරගන්නට අවශ්‍ය කන පිරිසිඳු කිරීම.

ඉස්සර කාලේ නම් මේ වැඩේටම හදාපු කන් හැන්ද නම් මෙවලමක් තිබුනා.

නමුත් අද කාලයේ මේ කර්තවය කෙරෙන්නේ cotton bud වලින්. ඉතින් මෙසේ කන පිරිසිඳු කිරීම ඉතාම ප්‍රවේසමෙන් කළ යුත්තක්.

Cotton bud  වලින් කන් පිරිසිඳු කර ඉතා භයානක අත්දැකීමකට මුහුණ දුන් මවක් ගැන Roar Media විසින් විස්තර කරනවා.

මෙය ඔබ සැමටත් වටිනා දැනුවත් කිරීමක් බව විශ්වාස කරන බැවින් එම ලිපිය ඔඅහතින් ගෙන හැර පානවා.

දූවිලිවලින් පිරි දූෂ්‍ය පරිසරයන්හි ගැවසෙන අපේ සම පමණක් නොව, කන් කුහරය පවා අපද්‍රව්‍යවලින් පිරී යයි.

ගත පිරිසිදු කරගන්නට ස්නානය කළ ද කන පිරිසිඳු කිරීම සිදු වන්නේ නැති බැවින් කල්යත්ම කනෙන් දැඩි කසන ස්වභාවයක් දැනෙන්නට පටන් ගනියි.

එවිට අප වහාම කරන්නේ cotton bud එකකින් කන පිරිසිඳු කිරීම යි.

එහෙත් ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන කතාවකට අනුව එය ද හොඳ අදහසක් බව පෙනී යන්නේ නැති හැඩ ය.

කනේ හැදෙන ඉටි

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි
කනේ අභ්‍යන්තරය සහ ඉටි රැ‍ඳ‍ෙන ආකාරය (sciencealert.com)

 

අපගේ කන පිරිසිඳු කිරීම සඳහා කසන ස්වභාවයක් මඟින් අපව පොළඹවාලීමට හේතුව වන්නේ කනේ ඇති ඉටි වැනි කන් කළාඳුරු (cerumen) නම් ද්‍රව්‍යය යි.

කණ තුළ එය නිපදවීම සාමාන්‍ය දෙයක් වන අතර එය ඇත්ත වශයෙන්ම අපගේ කන් ආරක්ෂා කිරීමට සහ ලිහිසි බවක් ගොඩ නැගීමට උපකාරී වේ.

කන් කළාඳුරු නොතිබුණේ නම්, වියළි බව නිසා කන් කැසීම ඇති විය හැක.

එයට බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවන් පවා තිබේ. එනම්, කන් කළාඳුරුවලින් අපේ කන් ස්වයං පිරිසිදු කරන බව යි.

අපිරිසිදු ද්‍රව්‍ය, කුඩා සතුන් හා දූවිලි වැනි හානිකර දේවල් කනෙහි ගැඹුරට යා නොදී රඳවා ගන්නා එය පෙරනයක් සේ ක්‍රියා කරයි.

අප ආහාර ගනිද්දී හකු චලනය කරන විට, ඒවා කර්ණ කුහරයේ සිට ක‍ර්ණ විවරයට ගෙනයාම සිදු වෙයි. ස්වාභාවිකවම ඒවා වියළි බවට පත්ව, කනෙන් ඉවත් වන්නේ ‍එලෙස යි.

කන් කළාඳුරු සෑදෙන්නේ හිස් කබල හා ඇති ඇතුළු කන සහ බාහිර කන (අපට පිටතට පෙනෙන කොටස) අතර ඇති මධ්‍ය කන කොටසේ යි.

කන පිරිසිඳු කිරීම: ඉටි එක්රැස්වීම

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි
ඉටි සං‍ස්ලේෂණය වන ආකාරයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය දසුනක් (bbc.co.uk)

කන්වල ඇති ඉටි; කර්ණ නාලයෙහි පිටත භාගය ආසන්න සමෙහි ඇති ග්‍රන්ථි මඟින් ස්‍රාවය වේ.

මෙම නාලයෙහි ඇති ඉටි සහ කුඩා රෝම මඟින් දූවිලි සහ කන් බෙරය වැනි ගැඹුරු සහ සංවේදී ව්‍යුහයන්ට හානි කළ හැකි වෙනත් බාහිර අංශු රඳවා ගනියි.

මේවා පෙර කී පරිදි, නව කන් කළාඳුරු ඇතිවීමත් සමග පැරණි ඒවා තල්ලු වෙමින් කනෙහි පිටතට පැමිණිය යුතු නමුත් ඇතැමුන්ගේ එය සිදුවන්නේ ඉතා අල්පව වන අතර තවත් අයගේ පමණ ඉක්මවා සිදු වෙනවා.

මෙලෙස අනවශ්‍ය ලෙස කන් කළාඳුරු එක්රැස් වීමෙන් කර්ණ නාලය අවහිර වී යයි.

එවිට කන් කැක්කුම, එම කනෙහි පිරුණු බවක් දැනීම, කණෙහි ප්‍රතිරාවයක් හෝ “කීං” යන ශබ්දය ඇතිවීම, ඇසෙන ප්‍රමාණය අඩු වීම, කනෙහි කැසීම, දුර්ගන්ධ හැමීම, කරකැවිල්ල, සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ඇති වේ.

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි
වෛද්‍යවරුන්ට ප්‍රවේශමට පිරිසිදු කිරීම කළ හැකියි (wikihow.com)

ඔබට සාමාන්‍යයෙන් එලෙස අධික කන් කළාඳුරු ශ්‍රාවය වීමක් නොතිබී එක්වර එවන් තත්ත්වයක් ඇතිවුවහොත් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වේ.

අධික ඉටි එක්රැස් වීම නිසා කර්ණ නාලයට හා කන් බෙරයට හානි සිදුවිය හැකිවාක් සේම තනිව කන් කළාඳුරු ඉවත් කරන්නට යාම ද නුසුදුසු යි.

එසේම, කන් ඇසීම අඩුවීම පමණක් යනු ද කන් කළාඳුරු එක්රැස් වීම නිසා ම සිදුවිය නොහැකි තත්ත්වයක් බව ද සිහි කටයුතු යි.

කන පිරිසිඳු කිරීම: කාන්තාවකගේ හිස් කබල ආහාරයට ගත් බැක්ටීරියාව

කන පිරිසිඳු කිරීම
ආසාදිත කාන්තාව තම දරුවන් සමග (thatslife.com.au)

37 වියැති ඕස්ට්‍රේලියානු කාන්තාවක් දිනපතාම රාත්‍රියේ තමන්ගේ කන් පිරිසිදු කරන්නට පුරුදුව සිටියා ය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඇය ඊට භාවිතා කළේ වෙළඳපොළ මිල දී ගැනීමට ඇති කූරක් දෙපස පුළුන් රැඳවූ Cotton swabs ය.

කල් ගතවත්ම, ඇගේ වම් කණ නොඇසී යන්නට පටන් ගන්නා බව ඇයට දැනිණි. මෙය සාමාන්‍ය වෛද්‍යවරයකුට පෙන්වූ විට කනේ ආසාදනයකැයි සිතුවාය.

මේ  කියා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලැබූ නමුත් ඇයගේ කන් නොඇසීම තවදුරටත් පැවතුණු අතර, සුපුරුදු පරිදි පිරිසිදු කරද්දී ලේ එන්නටත් පටන් ගති.

තම අර්ධ බිහිරි බව ගැන ඇය ඇස-කන-නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීය. එහිදී ඇයව CT ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී එක් කරුණක් පැහැදිලි විය.

එය නම්, බැක්ටීරියාවක් ඇගේ කන පසුපස ඇති හිස්කබල අස්ථීන් කා දමමින් සිටිනා බව යි.

ඇයව වහාම ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර, මෙය වසර පහක් පමණ පුරාවට සිදුවූවක් නිසා කඩදාසියක් තරම් තුනී වනතුරු අස්ථි ජීර්ණය වී තිබිණි.

වෛද්‍යවරු පැය පහක් පුරාවට ආසාදිත පටක ඉවත් කිරීම සහ ඇගේ කර්ණ නාලය ප්‍රතිස්ථාපනය කිරීම සිදු කළහ.

වෛද්‍යවරු පැවසූයේ ඇය කන් පිරිසිදු කිරීමට භාවිතා කළ පුළුන් කෙඳිති ඇගේ කන තුළ රැඳී ඒවා ආසාදනය වී ඇති බව යි.

කන පිරිසිදු කිරීම නොකළ යුතු ද?

කන පිරිසිඳු කිරීම
“කන කසන්නට ඕනෑ නම් වැලමිට පාවිච්චි කරන්න” (amazonaws.com)

ඔබට කන කසන්නට ඕනෑ නම් වැලමිට පාවිච්චි කරන්නැයි වෛද්‍යවරු අතර කටවහර කියමනක් තිබෙනවා.

දැන් ඔබ එය කිරීමට උත්සාහ කළ නමුත්, මින් අදහස් කරන්නේ කිසි ලෙසකවත් කන පිරිසිඳු කිරීමට නොපෙළඹිය යුතු බව යි.

කෙසේ නමුත්, රෝග ලක්ෂණයකින් තොරව, කන කසන සෑම විටක දීම වෛද්‍යවරයකු මුණ ගැසිය නොහැකියි.

ඒ නිසා ආරක්ෂිතව බාහිර කන පිරිසිඳු කිරීමට පහත ක්‍රම ඉතා ප්‍රවේශමට යොදා ගත හැකියි.

  • සුළැඟිල්ලෙහි ටිෂූ කඩදාසියක් ඔතා පිටතට ආ ඉටි ඉවත් කිරීම
  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ ඔලිව් තෙල් බිඳුවක් කනට දමා මඳක් තිබෙන්නට හැර ඉවත් කිරීම.

නැවතත් සඳහන් කළ යුතු දේ නම්, මෙම ක්‍රම සතියකට පමණ වතාවක් ‍හෝ අධික කන් කළාඳුරු එක්රැසක් වීමක දී පමණක් ආරක්ෂිතව බාහිර කන සඳහා පමණක් ම යොදාගත යුතු බවයි.

එවිට ඔබට මත්ථලුඞකභෝජක (හිස්මුල් කන) පණුවන් ඉවත් කරගන්නට ජීවක වෛද්‍යතුමන් අවශ්‍ය නොවේවි!

මෙම ලිපිය Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

මූලාශ්‍රයයන්:

  • webmd.com
  • md-health.com
  • thatslife.com.au
  • american-hearing.org

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි
බෙදාගන්න :
  • අම්මලාට මේ අනතුරු ඇඟවීම දරුවන්ගේ කන් පිරිසිදු කිරීම ගැනයි

    අම්මලාට මේ අනතුරු ඇඟවීම දරුවන්ගේ කන් පිරිසිදු කිරීම ගැනයි

  • පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

    පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

  • අම්මලාට මේ අනතුරු ඇඟවීම දරුවන්ගේ කන් පිරිසිදු කිරීම ගැනයි

    අම්මලාට මේ අනතුරු ඇඟවීම දරුවන්ගේ කන් පිරිසිදු කිරීම ගැනයි

  • පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

    පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it