theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීම

5 අවම කියවීම
විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීමවිදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීම

බොහෝ දෙනෙක් වැඩි විස්තර නොදන්නා තත්වයක් වන විදලිත තොල සහ විදලිත තල්ල (Cleft lip & Cleft palate) හා සම්බන්ධ අත්දැකීම් සමුදායක් ඇසුරෙන් වටිනා ලිපියක්.

අද මවකගෙන් ලිපියක් විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය වෙත සෆා ඉර්ෆාන් විසින් සපයන ලද ලිපියක්. බොහෝ දෙනෙක් වැඩි විස්තර නොදන්නා තත්වයක් වන විදලිත තොල හා විදලිත තල්ල හා සම්බන්ධ අත්දැකීම් සමුදායක් ඇසුරෙන් මේ වටිනා ලිපිය ඇය ඔබ වෙනුවෙන් සකස් කර ඇත. සෆාගේම වචන වලින් මේලිපිය ඔබ ඉදිරියේ දිග හරින්නේ සතුටින්. 

මං ලැබූ අත්දැකීම් සමුදායත් එක්ක ඉදිරියට මේ ලිපිපෙළ ලියන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ජිවිතයේ මං ලැබූ ලොකුම අත්දැකීමත් එක්ක. මමත් මේ පිළිබඳව මුලදි දැනුවත් වෙලා හිටියේ නැහැ මගේ පුතා ලැබෙනකල්. පුතාට තිබුණේ විදලිත තල්ල. මේකට තල්ලේ සිදුරක් කියලත් කියනවා.

මොකක්ද මේ විදලිත තොල හා විදලිත තල්ල කියන්නේ??

හුඟක් අම්මලා තාත්තලා නොදන්න, දරුවන් 1000 කින් එක්කෙනෙකුට උපතින්ම ඇතිවන තත්වයක්.

සමහර දරුවන්ට මෙයින් එක තත්වයක් හෝ මේ දෙකම එකට එන අවස්ථාත් තියනවා. සමහර දරුවන්ගේ මුහුණු විකෘති ස්වභාවයක් ගන්නවා. 

බොහෝ අවස්ථාවලදී මේ ගැන කිසිම දැනීමක් නැති අම්මලා බබාව දැක්ක ගමන් බබාව ප්‍රතික්ෂේප කරපු අවස්ථාද නැතුවාම නොවෙයි. හේතුව මානසික පීඩනය. එවැනි අවස්ථාවලදී මව්වරුන්ට මනෝ උපදේශන ලබා දෙනවා.

තව දෙයක් තමයි මේ තත්වයත් එක්ක සමහර බබාලට වෙනත් ආකාරයේ ශාරීරික ගැටලුද ඇතිවීමට ඉඩකඩ බොහෝමයි. එනම්, හදවතේ සිදුරු, tongue tie, pierre robin syndrome වැනි නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සැත්කම් මඟින් හෝ අවශ්‍ය ප්‍රතිකාර, ව්‍යායාම මඟින් එවැනි තත්වයන් යථාතත්වයට පත් කරගත හැකි වෙනවා. ඒ ගැන විස්තර අපි වෙනම කතා කරමුකෝ.-

විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීම

මෙවන් දරුවන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථා 

ඉතින් මේ බබාලාට #කථන (speech), # ශ්‍රවණ‍ (hearing), #දන්ත (dental), #හදවත්_පරීක්ෂණ (eco) අනිවාර්යෙන්ම සිදු කරනවා.

කිරි දීමේදි වෛද්‍ය උපදෙස් වෙන්නේ කිරිදොවලා වෙනම විශේෂිත වූ බෝතලයකින් (special feeding bottle) කිරි ටික ටික පොවන්න කියලයි.
එයට හේතුව තල්ලේ සිදුර තියන දරුවන්ට කිරි ඉස්පොල්ලේ යෑමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතා පවා මතු වෙනවා. එතකොට බබාගේ ජිවිතයට පවා අනතුරක් වෙන්න පුළුවන්. ඒ අවදානම් තත්වය මඟහැර ගන්නයි මෙහෙම බෝතලයෙන් කිරි පොවන්න කියන්නේ.

තල්ලේ සිදුර තිබෙන බබාලා නහයෙන් කටින් කිරි වමනය කරනවා. සාමාන්‍යයෙන් නීරෝගී බබෙක්ට අපි එක දිගට විනාඩි 20ක් 30ක් කිරි දීලා තමයි ගුඩුස් අරින්නේ. ඒත් මේ බබාලට එහෙම බැහැ. නිතරම ගුඩුස් ඇර ඇර තමයි කිරි දෙන්න ඕනි. පොඩි අය කිරි බොද්දි පොඩි ශක්තියක් වැය වෙනවා. ඒ වැය වෙන ශක්තියට බබා බොන කිරිවලින් පෝෂණය වෙලා බරවැඩි වෙන්න ඕනි. නමුත් මෙතනදි සිද්ධ වෙන්නේ බබා ශක්තිය වැය කරලා කිරි බීලා නිතරම කිරි වමනය කරද්දි බබාගේ බර හොඳටම අඩු වෙනවා. 

විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) හා සම්බන්ධ සැත්කම 

ඉතින් සැත්කම කරන්න නම් වයසට සරිලන බර අනිවාර්යෙන් තිබිය යුතුයි....
ඒ නිසයි මේ බබාලට වෛද්‍ය උපදෙස් මත මාස 4න් අමතර ආහාර පටන් ගන්න වෙන්නේ. කැබලි සහිත ආහාර මෙයාලට දෙන්න බැහැ සැත්කම කරනතුරු. මොකද කලින් කිව්වා වගේම එය අනතුරුදායකයි.
හොඳට බ්ලෙන්ඩ් කරලා දියාරුවට තමයි අමතර ආහාර දෙන්න කියන්නේ.

රෝහල්වල මේ බබාලා ලැබුන ගමන් එයාලව baby room ගන්නවා. අම්මාගෙන්ම කිරි දෙන්න පුළුවන් තත්වයක ඉන්න බබෙක් නම් ඒ කිරි දෙන ඉරියව්ව වෙනස්.. බෝතලෙන් කිරි දෙන ක්‍රමය වෙනස්.. ඒ හැමදේම අම්මාට හොඳින් කියලා දීල තමයි රෝහලින් පිටත් කරන්නේ. 

විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීම

විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ඇති වීමට බලපාන හේතු

මේ තත්වයට තුඩු දෙන හේතුවක් තවම හරියට සොයාගෙන නැහැ. මෙය ජානමය බලපෑමක් කියල තමයි කියන්නේ. පරම්පරා කීපයකට පසුවත් මෙම තත්වය ඇති වෙන්න පුළුවන්. ගර්භණී කාලයේ වෛද්‍යවරුන් නියම කරන විටමින්, කැල්සියම් හෝ අනිකුත් බෙහෙත් නියමාකරයෙන් නොගැනීමත් මෙයට බලපාන තවත් හේතුවක්. නීරෝගී දරු උපතකට විටමින්, බෙහෙත් නිසියාකාරව ගැනීම පමණක් නොවෙයි, වෛද්‍ය සායනවලටත් අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. වෛද්‍ය පරීක්ෂණ (scan) මඟින් දරු උපතකට පෙරත් මෙම තත්වය හඳුනා ගැනීමට හැකිවෙන අවස්ථාත් බොහෝ දුරට තියනවා. එමඟින් පෙර සූදානමක් සලසා ගැනීමට හැකිවෙනවා.

මේ තත්වය සුව කර ගන්න නම් ප්ලාස්ටික් ශල්‍යකර්මයක් අවශ්‍යයි. එක ශල්‍යකර්මයක් හෝ ශල්‍යකර්ම දෙක තුනක් කරන්න වෙන අවස්ථාත් බොහෝමයි. ලංකාවේ මෙම ශල්‍යකර්ම සුලභව සිදුවෙනවා. විදලිත තොලක්, විදලිත තල්ලක් තිබුණු බවට කිසිම සාධකයක් නොමැති තරමට ඉතා දක්ෂ ලෙස ලංකාවේ රජයේ රෝහල්වල මෙම සැත්කම සිදු කරනවා. (සියලුම රෝහල්වල නොවේ මේ වෙනුවෙන්ම වෛද්‍යවරුන් කණ්ඩාමයක් සූදානමින් සිටින, ඒ සඳහා පහසුකම් සපිරි රෝහල් කිහිපයක් ලංකාවේ තියෙනවා) ඒ නිසා මෙවන් තත්වයකට නිර්භයව මුහුණ දෙන්න අපේ අම්මලාට පුළුවන් වෙන්න ඕනා.

මමත් හුඟාක් බලාපොරොත්තු පොදිබැඳගෙන තමයි කුළුදුල් දරු ප්‍රසූතියට රෝහල් ගත වුණේ. පුතාට Cleft palate එකක් කියල කිව්වාම මට කිසි දෙයක් තේරුනේ නැහැ. මුලදි බය වුණා. පස්සේ මම හිතට ගත්තු එකම දේ තමයි මම අඬලා වැලපුනා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ කියන එක. පුතා baby room එක්ක ගියාම මම මුලින්ම කළේ මගේ දුරකථනය ගෙන්නගෙන මොකක්ද මේ cleft palate එක කියලා විස්තර හොයලා දැන ගත්තු එක. මම තරම් ප්‍රශ්ණ ඇහුව අම්මා කෙනෙක් මේ දැක්කමයි කියලා වෛද්‍යවරුන් කිව්වා. මෙහෙම ප්‍රශ්ණයක් එක්ක දරුපැටියෙක් මට ලැබෙන්න මොනවා හරි හේතුවක් ඇති කියලා මට හිතුනා. බර අවදානම් තත්වයේ හිටිය මගේ පුතා අද එයාගෙ වයසේ ළමයින්ටත් වඩා උස මහතට ඉන්නවා නම් ඒ මගේ හිතේ තිබුණු ධෛර්යය නිසයි.

අනිවාර්යෙන්ම අම්මලා හැමෝම මේ ගැන දැනුවත් විය යුතුයි. මෙවැනි තත්වයක් කිසිඳු දරුවෙකුට අත්නොවේවා...!!!

මෙයින් දරුවන් විතරක් නෙමෙයි අම්මලාත් මානසිකව වැටෙනවා. මේ පිළිබඳව පොඩි හරි දැනුමක් තිබුනොත් තමයි මේ වගේ අවස්ථාවක දී සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අම්මා කෙනෙක්ගේ හිතේ ධෛර්යය තියනවා නම් මොනවා නම් කරන්න බැරි ද?

Sri Lankan Moms - විශේෂාංග ලිපි සැපයීමේ කමිටුව
-සෆා ඉර්ෆාන්-විසින් (22/07/2017)දා පල කල ලිපිය ඇසුරෙනි.

විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීම

 

ගෘහණියක් මෙන්ම පුතුන් දෙදෙනෙකුගේ මවක් වන සෆා Sri Lanka moms සමූහයේ ඇඩ්මින්වරියක් වශයෙන් හා විශේෂාංග ලිපි කමිටුවේ ලිපි ලියන්නියක් විදියටත් කටයුතු කරනවා. මෙම හරවත් ලිපියෙන් අප දැනුවත් කල සෆා ඉර්ෆාන් මහත්මිය වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. 

 
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • විදලිත තොල හා විදලිත තල්ල (Cleft lip & Cleft palate) ගැන මගේ වටිනා අත්දැකීම
බෙදාගන්න :
  • අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

    අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

  • ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

    ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

  • අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

    අතේ තියෙන මුදල බැලැන්ස් කර ගත හැකි ‌මේ ක්‍රමය ඔබත් දන්නවාද?

  • ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

    ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it