දරුවා ඔහුගේ ඇකයේ හුවාගෙන නිදාගැනීම ඔහු ජිවිතයේ කල ලොකුම වරද විය

දරුවා ඔහුගේ ඇකයේ හුවාගෙන නිදාගැනීම ඔහු ජිවිතයේ කල ලොකුම වරද විය

පාන්දර 5ට පමණ මට ඇහැරී බැලූ විට මට දැනුනේ මගේ ඇත හිරි වැටී තිබුණු සෙයක්. මම අත ටිකක් සොලවන්නට උත්සහ කල විට මට ඇහුනේ ඩාසි-රෝස් ගේ නිශ්චල සිරුරයි.

දරුවා ඇඳේ තබාගැනීම හා එලෙස නිදා ගැනීමේ අවදානම යලිත් අපට මතක් කරමින් පුංචි දියණියක් සදහටම ‌දෙනෙත් පියා ගත්තාය.

එකොලොස්(11)  මසැති පුංචි ඩාර්සි රෝස් සවුස්ටර් මිය ගියේ පහසුවෙන් වලක්වාගන්නට තිබුනු හද සසල කරවන අත්වැරදීමකින්.

කෙතරම් සංවේදී වුවත් මෙම සිදුවීම අනෙක් දෙමාපියන්ට දිය හැකි පාඩමක් ලෙස වෛද්‍යවරුන් යොදාගන්නේ මේ සුලභ අත්වැරදීම දෙමාපියන් ඇති සිදු නොවන්නට උපකාර වනු පිණිසය.

BBC පුවත් වාර්තාවකට අනුව ඇය නෝතම්ටන් පොදු රෝහලේදී මිය ගිය අතර ඇගේ පියා වන ජස්ටින් සෝස්ටර් ප්‍රකාශ කර තිබුනේ අළුයම හදිසියේ අවදි වූ ඔහුට දක්නට ලැබුනේ තම දියණියගේ "හිස කඩා වැටී" නිශ්චලව ඇඳේ වැතිර සිටි අකාරය බවයි.

දරුවා ඔහුගේ ඇකයේ හුවාගෙන නිදාගැනීම ඔහු ජිවිතයේ කල ලොකුම වරද විය

"අළුයම අවදි වූ මට මගේ අතම හිරිවැටී ඇති බව දැනුනා.” ඔහු පැවසුවා. “වේලාව පාන්දර 5ට පමණ ඇති.

මගේ අත සෙලවූ විට ඩර්සි-රෝස්ගේ හිස පසුපසට කඩා වැටුනා. ඇය හුස්ම ගත්තේ නැහැ.”

පවුලේ සියල්ලෝ ගිලන් රථයක් පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියා.

ඒ අතරතුර ඩැරීගේ මව ඇගේ දියණියට පණ දෙන්නට අසාර්ථක උත්සාහයක නිරත වුනා.

විනාඩි 10 ක් ඇතුලතදී ළදරුවා රෝහලට රැගෙන ආවත් එවිටත් දරුවා මිය ගොස් ඇති බවට ප්‍රකාශ කළා.

ඩර්සිගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රොජර් මැල්කොම්සන් පවසා සිටියේ දැරියගේ මරණයට asphyxia ඇස්ෆික්සියා තත්වය නොහොත් හුස්ම හිර වීමක් සිදු වන්නට ඇති බවත් දැරියගේ පෙණහලු තුළටද රුධිරය ගමන් කර ඇති බවත්ය.

දරුවාගේ හිස පියාගේ අතට උඩින්, පිහිටීම හේතුවෙන් එම ඉරියව්ව නිසා දරුවාගේ බෙල්ලේ හිර වීමක් නිසා හුස්ම හිරවීමෙන් මේ මරණය සිදුවන්නට ඇතැයි ඔහු අවධාරණය කළේය.

දෙමාපියන් සමඟ එක ඇඳේ නිදාගැනීමේ අවධානමක් වන්නේ නින්දේදී සිදු වන වැඩිහිටියන්ගේ යම් ඉරියව්වක් දරුවාගේ කුඩා සිරුරට ඔරොත්තු නොදෙන දරාගත නොහැකි අවධානමකට ලක් විය හැකි බවත්ය.

කුඩා දරුවන් දෙමාපියන් සමඟ එක ඇඳේ නිදාගැනීම අනාරක්ෂිත බව මෙයින් උකහා දැක්වෙනවා.

දරුවා ඔහුගේ ඇකයේ හුවාගෙන නිදාගැනීම ඔහු ජිවිතයේ කල ලොකුම වරද විය

ආරක්‍ෂිත ලෙස දරුවා දරුවා ඇඳේ තබාගැනීම

1.දරුවා දෙමාපියන් සමඟ එක ඇඳේ නිදාගැනීම දරුවාට අනාරක්ෂිත අවධානම් සහිත බව සිහි තබාගත යුතුය.

එක් කාමරයක නිදා ගත්තත් දරුවා වෙනම ඇඳක හෝ තොටිල්ලක නිදි කරවීම වඩාත් සුදුසුය.

2. හදිසි මරණ සින්ඩ්‍රෝමය ඇති වීමේ අවධානම.

දරුවා ඔහුගේ ඇකයේ හුවාගෙන නිදාගැනීම ඔහු ජිවිතයේ කල ලොකුම වරද විය

 

Sids.org වෙබ් අඩවිය පවසන්නේ එක්සත් ජනපදයේ පසුගිය වසර 20 ක කාලය තුළ හදිසි ළදරු මරණ සම්බන්ධ සිඩ්ස් (SIDS) ලෙස වර්ගීකරණය කරන ලද මරණවල අඩුවීමක් හා අහඹු ලෙස හුස්ම හිරවීම ලෙස වර්ගීකරණය කරන ලද මරණ වල වැඩි වීමක් දක්නට ඇති බවයි.

ලංකාවේ බොහෝ මව්වරුන් දරුවන් සමඟ එක ඇඳේ නිදාගැනීමට හුරු වී ඇතත් ඉන් ඇති විය හැකි හානිය ගැන අවතක්සේරු නොකිරීමට මේ කතාව හේතුකාරක වේ යයි සිතමු.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

කතන්දර ලිපි