theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

5 අවම කියවීම
සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

නිරෝගී ‌කෙස් කළඹකට ‌පොල්තෙල් සත්කාර 12 ක්ම

හිසකෙස් වලට පොල්තෙල් සත්කාර කිරීම ගැන ඔබ වැඩිදුර දන්නේ නැතුව ඇති. එහෙත් ‌පොල්තෙල් කියන්නේ හිස‌‌කෙස්  වලට විශ්මිත ගුණ ‌දෙන අපූරු ඔසුවක්. ඒ නිසාම ‌පොල්‌තෙල් වලින් ඔබගේ හිසකෙස් වලට කරන්න පුළුවන් සත්කාර කිහිපයක් අපි අද ‌ගෙන එනවා.

නිරෝගී කෙස් කළඹක් ඇත්තටම අපි කාගෙත් හීනයක් නේද? ඔබේ හිස කෙස් බෙල්ල ලඟටද, ඉන ලඟටද, දණ හිස ලඟටද එහෙමත් නැත්තම් දෙපතුල ලගටම දිගද? කොණ්ඩේ කොච්චර දිගු වුනත් නිරෝගීකමක් නැත්තම් එහි ඵලක් නැහැ .

1

හිසකෙස් සම්බන්ධයෙන් බොහෝ ගැටළු තියෙනවා. අකලට හිස කෙස් වැටීම, අව පැහැ ගැනීම, වියලි බව, හිස් හොරි , උකුණන්  ඔය වගේ බොහොමයක් හේතු නිසා අද අපේ හිසකෙස් නිරෝගී නැහැ. ඒ නිසා හිසකෙස් වලට ලස්සන ‌පෙනුමක් ලැබෙන්‌නෙත් නැහැ. අවලස්සන ‌කෙස් කළඹක් ඔබේ රුව යටපත් කරනවා.

අපි අද කතා කරන්න යන්නේ අපේ කෙස් වල නිරෝගීතාවයට ගොඩාක් වැදගත් වෙන කොණ්ඩෙට පොල්තෙල් සත්කාර කිරීම  ගැනයි. 

 පොල්තෙල් වල ගුණ

  • පොල් තෙල් වල අඩංගු  Lauric අම්ලය හිස කෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙනවා. ඒ වගේම හිස කෙස් මුල් ආරක්ෂා කිරීමටත් සහ හිස කෙස් කැඩී යාම වැළැක්වීමටත් උපකාර කරනවා.
  • පොල් තෙල්වල  ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ඒවා හිසකෙස් වැවීම වර්ධනය කර ගැනීමට සහ සෞඛ්‍ය තත්වය ඉහල නංවනවා.
  • මේ පොල් තෙල් වල ප්‍රති-දිලීර හා ප්‍රති-බැක්ටීරියා අම්ල අඩංගුයි.

            එය ඔබේ හිසකෙස් හා හිස්කබලේ රෝග සුව කර, පෝෂණය කිරීම සඳහා උපකාරී වෙනවා.

  • පොල් තෙල් ස්වභාවික හිස කෙස් තෙත් කාරකයක් ද වෙනවා.

හිසකෙස් වලට පොල්තෙල් සත්කාර

පිරිසිදු පොල්තෙල් හිස ගල්වා සම්බාහනය කරන්න. පැය කිහිපයකට පසු හිස කෙස් සෝදන්න.

මෙය නිතර කිරිමෙන් ඔබට නිරෝගී ලස්සන හිසකෙස් කළඹක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම අපි අද ඔබ වෙත ඉදිරිපත් කරන පොල්තෙල් අඩංගු මේ සත්කාරත් උත්සහ කරලා බලන්නකෝ.

  • ෂැම්පු කර වියළා ගත් හිස්කෙස් මතට මදක් රත් කල පොල්තෙල් යොදන්න. ඉන්පසු හිස කෙස් හොදින් පීරන්න.

         පැයක් පමණ හිසකෙස් රෙදි කැබැල්ලකින් හෝ ෂවර් කැප් එකකින් ආවරණය කර තබා ෂැම්පු යොදා සෝදන්න.

          හිස කෙස් වැටීම සදහා මෙය ප්‍රතිඵලදායකයි.

  • පිරිසිදු පොල්තෙල් මේස හැඳි දෙකකට හොදින් ගසා ගත් බිත්තරයක් හා මීපැණි මේස හැන්දක් මිශ්‍ර කර ගන්න.

           එම මිශ්‍රණය හිසකෙස් මත ආලේප කර පැයකට පසු ෂැම්පු යොදා පිරිසිදු කරන්න. හිසකෙස් වල තෙත්බව ආරක්ෂා කර සිනිදු බවක් ලබාදෙයි.

  • පොල්තෙල් කෝප්ප භාගයක් භාජනයක දමා රත් කරන්න.එයට කරපිංචා කොළ කොළ කිහිපයක් එකතු කර මද ගින්නේ රත් කරන්න.

          කරපිංචා කළු වන විට ලිපෙන් බා නිමෙන්න තබන්න. ඉන්පසු හිසගල්වන්න. මෙය නිතර කිරීමෙන් හිස කෙස් වැටීම පාලනය වෙනවා.

  • කෝමාරිකා යුෂ  සහ පොල් තෙල් හොඳින් මිශ්‍ර කර ඔබේ හිස කෙස් මත  ආලේප කරන්න. පැයකට පසු සෝදා හරින්න. ඉස්සොරි ඉවත් කරගන්න මෙය හොද ප්‍රතිකර්මයක් වෙනවා.
  • පොල් තෙල් සහ ඔලිව් තෙල් රත් කර හිසකෙස් වල ආලේප කරන්න. උණු වතුරේ පොඟවා ජලය මිරිකා හැර ගත් තුවායකින් ඔබේ කොණ්ඩය ආවරණය කරන්න. පැයකට  පසු ෂැම්පු යොදා සෝදා හරින්න. වියළි හිසකෙස් සඳහා මෙය සුදුසු ප්‍රතිකාරයකි.

2

  • පිරිසිදු පොල්තෙල් මේස හැඳි දෙකකට හොදින් ගසා ගත් බිත්තරයක් හා කොට්ටම්බා තෙල් මේස හැඳි පහක් එක්කර මිශ්‍ර කරගන්න.

         මෙම ආලේපන  හිසකෙස් මත හොඳින් ආලේප කර සම්භාහනය කර පැයක් පමණ තිබෙන්න හරින්න.

          ඉන්පසු ෂැම්පු යොදා හිසකෙස් සෝදා පිරිසිදු කර ගන්න. ශක්තිමත් කෙස් කළඹක් සදහා ඔබට මෙම ආලේපන නිතර භාවිතා කරන්න පුළුවන්.

හිසකෙස් වලට පොල්තෙල් සත්කාර තව දුරටත්

  • මුගුණුවැන්න කොළ, මරතෝණ්ඩි කොළ හා කරපිංචා කොළ සම පමණට ගෙන එයට ,නෙල්ලි ගෙඩි කිහිපයක් දමා අඹරා පේස්ට් එකක් හදාගන්න.

           දැන් භාජනයක් ලිප තබා ඔබට අවශ්‍ය ප්‍රමාණයට එයට පොල් තෙල් එකතු කර එය රත්වීගෙන එන විට කලින් සකසා ගත් පේස්ට් එක පොල්තෙල් වලට එකතු කරගන්න.  දැන් එය ලිපෙහි මද ගින්නේ තබා පේස්ට් එක  කළු පැහැයට හැරෙනවාත් සමඟම ලිපෙන් බා නිවෙන්නට හරින්න.

           ඉන්පසු හිසකෙස් වල ගල්වන්න. ලස්සන නිරෝගී කෙස් කළඹක් සදහා මෙය නියම සත්කාරයකි.

  • පොල්තෙල්වලට  උළුහාල් එක් කර හිස ගැල්වීමෙන් හිස කෙස් හොදින් වර්ධනය වෙනවා
  • පොල්තෙල් මේස හැඳි දෙකකට එඬරු තෙල් මේස හැන්දක් හා විටමින් E කරලක් එක්කර මදක් රත් කර නිවෙන්න තබන්න.

          ඒ අතර තුර ඔබේ හිසකෙස් වල කෝමාරිකා යුෂ ආලේප කරන්න. පසුව තෙල් මිශ්‍රණයද ආලේප කර ෂවර් කැප් එකක් දමා හෝ රෙදි කඩකින් ආවරණය කර පැය                          කිහිපයක් තබා සෝදා හරින්න. සුන්දර කෙස් කළඹක් ඔබට ලබාගන්න පුළුවන්.

  • බදුනක් ලිපතබා එයට පොල්තෙල් ,වදමල් කොළ ,මල් එකතුකර මද ගින්දරේ හිදෙන්නට තබන්න.හොදින් තෙල් හිදුනු පසු පෙරා ගන්න. හොදින් හිසකෙස් හා හිස් කබලේ ආලේප කරන්න. වියළි හිස කෙස් සදහා කදිමයි. බෝතලයක් අසුරා දිනපතා භාවිතා කරන්නත් පුළුවන්.
  • පොල්තෙල් තේ හැඳි දෙකකට, කොට්ටම්බා තෙල් මේස හැඳි දෙකක් මිශ්‍ර කර කෝමාරිකා යුෂ ගැල්වු හිසකෙස් මත ආලේප කරන්න.

          ඉන්පසු උණු ජලයෙන් පොඟවා ජලය මිරිකා ගත් තුවායකින් හිස ආවරණය කර තබා ෂැම්පු කර සෝදන්න. ඔබට නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න පුළුවන්.

  • කෝමාරිකා මදය සුරා ගකත් යුෂ  මේස හැදි 05ක් , පොල්තෙල් මේස හැදි 03ක් සමග පැණි මේස හැදි දෙකක් මිශ්‍ර කරගන්න.

          ඒවා හොදින් මිශ්‍ර කර හිසකෙස් වල ගල්වා හොදින් සම්බාහනය කර විනාඩි 40 කට පසු සෝදන්න. ඔබගේ හිසකෙස් වලට පෝෂණය ලබාදෙන්න පුළුවන්.

සුන්දර ‌කෙස් කළඹක්

3

ඔබත් මේ නිවසේ කළ හැකි පහසු සත්කාර උත්සහ කර බලන්න. ඔබට සුන්දර නිරෝගී ‌කෙස් කළඹක් ලබාගන්න පුළුවන්.

ඔබට ලැබුන ප්‍රතිඵල අපිටත් කියන්න. ඔබ ලගත් මේ වගේ හිසකෙස් සුන්දර කරන පොල්තෙල් සත්කාර අඩංගු රහස් වට්ටෝරු තියෙනවාද? එහෙනම් අපිත් එක්ක බෙදාගන්න.

මුලාශ්‍ර - ‌‌හෙළ අරණ  

niroga

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්
බෙදාගන්න :
  • ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

    ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

    ඔබේ වියළි හා හානි වු කෙස් කළඹට නිවසේදි කල හැකි සත්කාර 13 ක්

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it