theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොල් කටු වලින් සඵල වූ ලක්ෂයක් වටිනා ශාලා තිරයක සිහිනය

3 අවම කියවීම
පොල් කටු වලින් සඵල වූ ලක්ෂයක් වටිනා ශාලා තිරයක සිහිනයපොල් කටු වලින් සඵල වූ ලක්ෂයක් වටිනා ශාලා තිරයක සිහිනය

නානාවිධ අරමුදල්, අවශ්‍යතා සඳහා දෙමාපියන්ගෙන් ඉවරයක් නැති ආධාර පතා සිටින යුගයක, ගෙදර ගොඩ ගැහෙන දෙයක් හිස් කිරීමෙන් දෙමාපියන්ටත් පහසු වන කටයුත්තක නිරත කර අරමුදලක් සැදීම අතිශයින්ම ආදර්ශමත්.

ටික කලකට ඉහතදී මේ ආදර්ශමත් කතාව හිරුගොසිප් පිටුව සහ BBC සිංහල වෙබ් අඩවිය අපට වාර්තා වුනේ කන්තලේ ප්‍රදේශයේ ගන්තලාව කනිෂ්ඨ විද්‍යාලයෙන්. විදුහලේ දරු දැරියන් තම පොත් බැගය හා වතුර බෝතලයට අමතරව දිනපතා පාසලට ගෙන ආ පොල් කටු මල්ල ගම්වාසීන්ටත් සොඳුරු දසුනක් වුනා.

ගන්තලාව ප්‍රාථමික පාසලේ ප්‍රධාන ශාලාවට වේදිකා තිරයක අවශ්‍යතාවයක් තිබුණු බැවින් ඊට අවශ්‍ය රුපියල් එක් ලක්ෂ තිස් පන්දහස් පන්සිය විසි පහක මුදලක් එක්කාසු කල හැකි අකාරය ගැන පාසලට අලුතින් පත්ව ආ විදුහල්පතිනිය තිරන්ජනී චන්ද්‍රිකා මහත්මියගේ යෝජනාවක් ලෙස මෙය ආරම්භ විය. පොල්කටු එකතු කර තිරයක් මිලදී ගැනීමේ අරමුදලක් පිහිටවුණේ මේ ආකාරයටයි.

සැම නිවසකම දිනපතා ආහාරයට යෙදෙන පොල් වලින් අහක ලන පොල් කටු  5ක් බැගින් දිනපතා පාසලට ගෙන ඒමට සිසු සිසුවියන්ට නියම විය. පසුගිය අප්‍රේල් 26 වනදා සිට මෙය අඛණ්ඩව ක්‍රියාත්මක වුනා.

එහි අධ්‍යාපනය ලබන පන්සිය දොළහක් වන සිසු සිසුවියන්ගෙන් එසේ ඉල්ලා සිටියේ ඉකුත් අප්‍රේල් මස විසි හය වනදා පටන් මෙය මහත් උවමනාවෙන් ක්‍රියාත්මක කල දරු දැරියන්ගේ උනන්දුව ගෙවසියන්, ගම වාසීන්ගේ පවා ප්‍රබෝධයට හා අවධානය ලක් විය. මෙම ආකර්ශනීය ව්‍යාපෘතිය හිරු පුවත් සේවයටද ආරංචි වීමෙන් අනතුරුව ඔවුන් මේ පුවත රටට අනාවරණය කළා. දරුවන්ගේ උත්සයහ කෙරෙහි පැහැදුණු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් පාසලට එක් ලක්ෂ තිස් පන්දහසක් වටිනා තිරය පරිත්‍යාග කලේ මී ලෙසයි.

සිතුවාටත් වඩා කලින් මුදුන්පත්වූ සිහිනය උත්සවශ්‍රීයෙන් පාසලේදී සමරුනා. පොල්කටු අරමුදලද අමතර අදායමක් ලෙස පාසල තුල කෙරීගෙන යන්නේ සිසු සිවියන් හා ගුරු දෙගුරුන්ගේ ඉමහත් සතුට මැද්දේ.

ගන්තලාව ප්‍රාථමික පාසලේ පොල් කටු ව්‍යාපෘතියෙන් දෙමාපිය ගුරු දෙගුරු අප හැමට ගත හැකි පාඩම්

1. ප්‍රතිචක්‍රීකරණය

අතීතයේ අන් කවරදාටත් වඩා ප්‍රතිචර්කිකරණය අවශ්‍ය යුගයක පොලවට පස් වන්නට තිබු පොල්කටු වලින් ප්‍රයෝජනයක් ගැනීමට සැලැස්වීම ගැන මෙම පාසලේ විදුහල්පතිනිය කලේ වැඩදායී සහ ආදර්ශමත් ක්‍රියාවක්. මෙය දුටු සහ මෙයට දායක වුනු දූ දරුවන් මෙන්ම ඔවුන්ගේ නිවැසියන් පවා මෙවැනි දේවලට යොමු වීමත් මෙවන් අගනා ක්‍රියා වලින් සිදු වීම සතුටට කරුණක්.

2. රාමුවෙන් පිට සිතීම

අරමුදල් පිහිටුවීමේ ලා ඇති බොහෝ සුලභ ක්‍රියාකාරකම් වලට වඩා වෙනස් දෙයක් මේ. දෙමාපියන්ට බරක් පැටවුණු විනා දෙමාපියන්ගේ බරක් සැහැල්ලු කිරීමෙන් පිහිටවූ මේ අරමුදල සැබවින්ම සිත් ඇදගන්නාසුළු නොවේද?

3. දරුවන් පරිසරය සහ නිවාස සමඟ සම්බන්ධ කිරීම

මෙම ක්‍රියාකාරකම පුංචි ගලක් නිසල දිය මත පතිත කර විහිදෙන දිය රැස් මෙන් නිවැසියන් හා ගම්වාසින් හැම මෙයට සම්මාදම් කරගන්නට හැකි කල ව්‍යාපෘතියක්. මුළුතැන්ගෙයි පැත්තටවත් නොයන දරුවන් සැරින් සැරේ ගොස් අම්මලාට පොල් ගා දෙන්නට ඇති. ගෙදර අයත් හවුලේ මේ පොල්කටු ටික පිළිසකර කර ගැනීමට උත්සුක වන්නට ඇති. කෙතරම් අගනේද?

4. පාසලේ අභිවෘද්ධියට දරුවන් සෘජුව සම්බන්ධ කිරීම

බොහෝ පසස්ල් වල අවශ්‍යතාවන් සැපිරෙන්නේ කෙසේද යැයි සිසු සිසුවියන්ට නිනව්වක් නැහැ. පාසැල් බිත්ති, බැංකු පුටු වල කුරුටු බලි ගාන්නට එයත් හේතුවක් වන්නට පුළුවන්. තිරයක් මිලදී ගැනීමේ මෙවැනි අධිෂ්ඨානයක් දරුවන්ගේ සිත්වල පවුරා ස්වෝත්සායෙන් ඔවුන්ගේ පුංචි ක්‍රියාවන් වල ප්‍රතිපලයක් ලෙස ලැබෙන මේ දේවල් නිකම්ම උකුල මත වැටෙන සැප සම්පත් වලට වඩා ඔවුනට වටිනවා නියතයි.

5.  දෙමාපියන්ව උද්යෝගයෙන් සම්බන්ධ කර ගැනීම

නානාවිධ අරමුදල්, අවශ්‍යතා සඳහා දෙමාපියන්ගෙන් ඉවරයක් නැති ආධාර පතා සිටින යුගයක, ගෙදර ගොඩ ගැහෙන දෙයක් හිස් කිරීමෙන් දෙමාපියන්ටත් පහසු වන කටයුත්තක නිරත කර අරමුදලක් සැදීම අතිශයින්ම ආදර්ශමත්.

මෙවන් උතුම් ක්‍රියාවන අගය කිරීමෙන් හා මේ ගැන දන්නා අනෙකුත් පාසල් හා ගුරු දෙගුරුන් දැනුවත් කිරීමෙන් රට පුරා මෙවන් දුර්ලභ ඝනයේ සුභවාදී ක්‍රියාවන් වෙත තව තවත් පාසැල් ප්‍රජාවන් යොමු කරන්නට දෙමාපිය අපට පුළුවන්. මෙවැනි අගය කල යුතු ක්‍රියාවන් ගැන ඔබ දන්නේ නම් අපට ලියා එවන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

චායාරුප හිරුගොසිප් පිටුව සහ BBC සිංහල වෙබ් අඩවිය ආශයෙනි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • පොල් කටු වලින් සඵල වූ ලක්ෂයක් වටිනා ශාලා තිරයක සිහිනය
බෙදාගන්න :
  • දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් (Role model) වන්නේ කෙසේද?

    දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් (Role model) වන්නේ කෙසේද?

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් (Role model) වන්නේ කෙසේද?

    දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් (Role model) වන්නේ කෙසේද?

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it