ඔබේ දරුවාටත් උදරාබාදය (colic) හැදෙනවද?

ඒ ගැන දැනගන්න මේ කරුණු 7 ගැන අවධානයෙන් ඉන්න.
ඔබේ දරුවා ඉතා හොඳින් ඉන්න බව පෙනුනත් බොහෝ වෙලා අඬනවා නම් එය කොලික් (colic) ලක්ෂණයක් වන්න පුළුවන්. මෙහි හොඳ පැත්ත නම් කොලික් දිගු කාලයක් පවතින තත්වයක් නොවීමයි. නමුත් එසේ කියා අඬන දරුවෙකු නැළවීම පහසු කරුණක් නොවෙයි.
කොලික් වල ලක්ෂණ
1. වෙලාවකට අනුව ඔබේ දරුවා අඬනවා ද?
නිතරම එකම කාලයකදී දරුවා අඬනවා දැයි මෙවැනි දරුවන් ඇති දෙමාපියන්ට උපදෙස් ලැබෙනවා. එසේම දරුවන් හැන්දෑවන විට පුරුද්දකට අඬනවා ද? එසේනම් එය කොලික් විය හැකියි.
2. 3 නේ නියමය
ඔබේ දරුවා සවස 3 ට පමණ දවසට 3 න් වරක් වත් අඬනවා නම් එයද එම රෝගයේ ලක්ෂණයක් විය හැකියි.
3. ඔබේ දරුවාට සති 3 ක් පමණ වෙනවා නම්
සමහර දරුවන් ලොකු වුනත් කුඩා වුවත් ඔවුන්ගේ හැඬීමට හේතුවක් තිබිය හැකියි. කොලික් දරුවන්ට ඇතිවෙන්නෙ සති 6 ක පමණ කාලයකදීය. එය මාස 3 සිට 4 කාලයේදී 80% සිට 90% වර්ධනය වෙන නමුත් මාස 4 ක් පමණ වන විට දරුවන් එයින් මිදෙනවා.
4. ඔබේ දරුවා අඬනවා නොවෙයි බෙරිහන් දෙනවද ?
මෙම තත්වය ඇති දරුවන් අඬන්නේ ඉතාම ශබ්දයෙන්, ඒ වගේම නොනවත්වාත් අඬනවා. ඔබේ දරුවාත් එහෙමද ?
5. දරුවා අඬන විට දකින්නට ඇති ලක්ෂණ
ඇඟට බර ගනිමින්, අත් කකුල් පටලවා ගනිමින්, ඇස් පොඩි කරමින් අඬනවාද ?
6. ගෑස් ගතිය
ගෑස් වලින් colic ඇතිවෙන්නෙ නැහැ. නමුත් දරුවා වැඩියෙන්ම ඇඬීම නිසා ඇතුල්වන වාතයෙන් ගෑස් වැඩිවෙන්න පුළුවන්. ගෑස් අඩුවීම දරුවාට පහසුවක්. මෙවැනි තත්වයන් ඇති ළමයි කිරි බීමෙන් පසු මළපහ කිරීමද සිදුවෙනවා.
7. විසඳුමක් නැතිතරම්
ඔවුන්ව සැනසීම ඉතාම අපහසු වුවත් ඊට උපක්රමයන් සොයා ගැනීමට සිදුවෙනවා (නමුත් ඔබේ දරුවාට කොලික් තත්වයක් ඇති නොවෙන්නත් පුළුවන්).
නමුත් ඔබේ දරුවා නිතර නොනවත්වා හැඬීමට වෙනත් හේතු තිබෙන්න පුළුවන්. ඒ සඳහා ළමා රෝග විශේෂඥයෙකු හමුවීම වඩා වැදගත්.
දරුවෙකුගේ හැඬීම දෙමාපියන්ට දරාගෙන සිටිය නොහැකි දෙයක්. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඔබේ හැඟීම් හොඳින් හඳුනන නිසා මේ ලිපිය සකස් කළා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ