theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දිල්ලියේ විෂ දුම නිසා කොළඹ වායු ගෝලයේ දූෂණ මට්ටම දෙගුණ වේ

3 අවම කියවීම
දිල්ලියේ විෂ දුම නිසා කොළඹ වායු ගෝලයේ දූෂණ මට්ටම දෙගුණ වේදිල්ලියේ විෂ දුම නිසා කොළඹ වායු ගෝලයේ දූෂණ මට්ටම දෙගුණ වේ

ඉන්දියාවේ විෂ වායු දූෂණයෙන් කොළඹ නගරයේ වායු දූෂණය දෙගුණ වී ඇත. මින් ඔබේ දරුවා රැකගත හැකි ආකාරය ඇතුළු විස්තර මෙතනින්

කොළඹ නගරයේ වායු දූෂණය ගැන බිය උපදවන සුළු මේ පුවත අද දෙරණ පුවත් අඩවියේ වාර්තා වුණේ දෙමාපිය අපගේ සිත් වල මහත් කැලඹිල්ලක් ඇති කරමින්.

කොළඹ නගරයේ වායු දූෂණය

පින්තූර: Colombo US Embassy

කොළඹ නගරයේ වායු දූෂණය එහි සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා.

ඉන්දියාවේ නවදිල්ලියේ පවතින දරුණු වායු දූෂණය මෙයට එක් හේතුවක් වන්නට ඇතැයි NBRO හි පාරිසරික අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ් විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියානු අගනුවර වායු දූෂණය වාර්තාගත මට්ටමක පැවතුන අතර, ජාතික විසඳුමක් ලෙස දිල්ලි නගරයේ පාසැල් සතිය මධ්‍යයේ වසා දැමීමටත්, නිවැසියන් ගෘහස්ථව සිටීම අනිවාර්‍ය කිරීමටත් පියවර ගන්නට සිදු වුනා.

කොළඹ නගරයේ වායු දූෂණය

පින්තූර: Colombo US Embassy

ලොව පුරා වායු දූෂණය අධීක්‍ෂණය කරන AirVisual වෙබ් අඩවියට අනුව, පසුගිය සඳුදා (නොවැම්බර් 04) අලුයම 6.30 ට නව දිල්ලියේ  ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකය 858 ක් දක්වා ඉහළ ගොස් තිබුනේ සති අන්තයේ එම අගය 1,000 කටත් වඩා වැඩි දර්ශකයක් පෙන්වමින්.

වායු ගුණාත්මක දර්ශකය 300 ට වැඩි කියවීම් අනතුරුදායක යැයි සලකන අතර එම අගය 50 ට අඩු වීම ආරක්ෂිත මට්ටම ලෙස සැළකෙනවා.

වාත දූෂණය වැඩි වීම හෘද රෝග සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන අතර නවදිල්ලියේ වාත දූෂණය සාමාන්‍යයෙන් බීජිං නුවර සාමාන්‍ය අගයට වඩා 6 ගුණයක වැඩි අගයක් පෙන්වමින් තිබුනා.

නමුත් මෑත කාලයේ දිල්ලියේ වාත ප්‍රමිතියේ සැළකිය යුතු වර්ධනයක් පෙනුනු බව කියවෙනවා.

කෙසේ නමුත් මෙම වායු ගෝල දූෂණය ලංකාවට මෙතනම් බලපෑමක් ඇති කිරීම කණගාටුවට මෙන්ම භීතියට කරුණක්.

මෙහි බලපෑම අප දරුවන් වෙත අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි බලමු.

දිල්ලියේ විෂ දුම නිසා කොළඹ වායු ගෝලයේ දූෂණ මට්ටම දෙගුණ වේ

පින්තූර: Hiru News

කොළඹ නගරයේ වායු දූෂණය මගින් අතිවන බලපෑමෙන් දරුවන් රැක ගැනීමට කළ හැකි දේවල්

අළුත උපන් දරුවන් මත කොළඹ නගරයේ වායු දූෂණය මගින් ඇතිවන බලපෑම

මෙවන් තත්ව යටතේ අලුත උපන් බිළිඳුන් අවදානමට ලක්විය හැකි අවස්තා වැඩි වන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තවමත් වැඩෙන බැවින් දුරවල බැවිනි.

එබැවින් අනතුරුදායක PSI මට්ටම් වලදී ඔවුන්ගේ ශ්වසන පද්ධතියට හුස්ම ගැනීමේදී ඇති කරන බලපෑම වැඩි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

මේ නිසා වායු දූෂණ තත්ව යටතේදී ඔවුන් වැඩි සෞඛ්‍ය අවදානමකින් පසු වේ.  අළුත උපන් දරුවන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් ඇති වීමෙන්, ඔවුන්ට ඉතා කුඩා කාඅලයේම ඇදුම හෝ බ්රොන්කයිටිස් ඇතිවිය හැකි අතර බරපතල වෛද්ය ප්රතිකාර අවශ්ය විය හැකිය.

දූෂණය වූ වායු වලින් ඔබට ඇති විය හැකි කෙටි කාලීන බලපෑම් මොනවාද?

1. ඇස් දැවිල්ල, රතු වීම සහ වෙනත් ඇස් රෝග

2. නාසය තද වීම, හුස්ම හිරවීම, කිවිසුම් යාම.

3. උගුරේ අපහසුතා, උගුර වියළීම හෝ කැස්ස

4. හිසරදය, කරකැවිල්ල සහ තෙහෙට්ටුව

5. පෙනහළු ක්‍රියාකාරිත්වය අඩුවීම,  ශ්වසන අපහසුතා, පපුවේ වේදනාව හෝ බ්රොන්කයිටිස්

6. පාචනය, බඩේ කැක්කුම, පානීය ජල දූෂණය ආශ්‍රිත වෙනත් රෝග තත්ව,

7. කාංසාව, මානසික ආතතිය සහ මානසික අවපීඩනය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

8. නින්ද නොයාම, කලකිරීම් ස්වභාවය, දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැතිවීම සහ නුරුස්නා බව

මෙම කෙටිකාලීන රෝග තත්ව වලට අමතරව දිගු කාලීනවද බොහෝ රෝග වලට වායු දූෂණය හේතු විය හැකියි.

දූෂණය වූ වායු තත්ව යටතේ කුඩා දරුවන්ට ඇති වන බලපෑම අවම කරගන්නේ කෙසේද?

1. පරිසරයේ වායු ගුණාත්මක අගය හා අනෙකුත් තොරතුරු ගැන නිරතුරු පුවත් වලින් යාවත්කාලීන වන්න.

2. හැකි තරම් නිවෙස් තුළම සිටින්න. දොර ජනෙල් වසා තබන්නට හැකි තරම් උත්සාහ කරන්න.

2. නිවසේ විදුළි පංකා හෝ වායු සමීකරණ භාවිතා කරන්න. මෙමගින් නිවෙස තුළ ඔබෙත් දරුවාගෙත් සුවපහසුව සැලළසෙනු ඇත.

3. ගෘහස්ථ වායු ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා හැකි නම් වායු පවිතකාරකයක් (air purifier) භාවිතා කරන්න.

4. නිවසේ සැමදෙනා වැඩිපුර ජලය පානය කිරීමට වගබලාගන්න.

5. නිවසින් බැහැර වීම අත්‍යාවශ්‍ය නම්, ඔබත් පවුලේ අනෙක් අයත් මුඛාවරණයක් පළදින්නට අමතක කරන්න එපා.

මෙම වායුගෝල තත්වය ඉක්මනින් යථා තත්වයට පත්වේයැයි අප බලාපොරොත්තු වන අතර ඔබත් නිවසේ සැමත් මේ ගැන මනා අවධානයෙන් පසු වේ යැයි අප විශ්වාස කරමු.

මූලාශ්‍ර: අද දෙරණ, Blissair

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • දිල්ලියේ විෂ දුම නිසා කොළඹ වායු ගෝලයේ දූෂණ මට්ටම දෙගුණ වේ
බෙදාගන්න :
  • කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

    කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

  • සති අන්තයේ කොළඹ අවට නොමිලේම වගේ සුපිරි නිවාඩුවක්

    සති අන්තයේ කොළඹ අවට නොමිලේම වගේ සුපිරි නිවාඩුවක්

  • කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

    කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

  • සති අන්තයේ කොළඹ අවට නොමිලේම වගේ සුපිරි නිවාඩුවක්

    සති අන්තයේ කොළඹ අවට නොමිලේම වගේ සුපිරි නිවාඩුවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it