theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්නට තව ගියේ නැද්ද?

3 අවම කියවීම
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්නට තව ගියේ නැද්ද?කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්නට තව ගියේ නැද්ද?

ඔබ තවමත් ප්‍රදර්ශනයට ගියේ නැතිනම් පවුලේ සමත් සමඟ ගොස් විශාල පොත් සංඛ්‍යාවක් අතුරින් ඔබට කැමති පොත් විශේෂ වට්ටම් වලට ලබා ගන්නට කල් දමන්නට එපා!

සැම වසරකම සැප්තැම්බර් මාසය ශි ලංකාවේ කතුවරයින්ට මෙන්ම පාඨකයින්ට විශේෂිත වූ සාහිත්‍ය මාසයයි. 20 වැනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුනා. 

පවුලේ අයත් සමඟ ගොස් සමඟ ගොස් විශාල පොත් සංඛ්‍යාවක් අතුරින් ඔබට කැමති පොත්, විශේෂ වට්ටම් වලට ලබා ගන්නට ඇති අගනා අවස්ථාවයි මේ!

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන පුංචි හැඳින්වීමක්

කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රදයේ උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පවත්වනු ලබන මෙහි පොත් ප්‍රදර්ශන කුටි 450ක ප්‍රමාණයක් තිබෙනවා.

ඇමෙරිකාව, එංගලන්තය, ජපානය ඇතුළු රටවල් කිහිපයක වෙළෙඳ කුටි 50ක් ද ඊට අයත් වනවා.

ඔබට ප්‍රදර්ශනය නැරඹීමට උපකාර වන කාරනා කිහිපයක්

  1. ප්‍රදර්ශන පරිශ්‍රදය ඉතා ජනාකීර්ණ විය හැකි බැවින් දිනපතා ප්‍රදර්ශනය පෙරවරු භාගයේ එහි යාමෙන් ජනාකීර්ණ වේලාවන් මග හරිය හැක.කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්නට තව ගියේ නැද්ද?
  2. ප්‍රදර්ශන කුටි විශාල සන්ක්යාවක් ඇති බැවින් ඔබට අවශ්‍ය පොත් මොනවාදැයි කල් තියා තිරණයක සිටින්න.
  3. සියළු පොත් සඳහා ඔබ ඔබ වියදම් කරන මුදල කල් තියා තීරණය කරගන්න. එම මුදල වෙනම කවරයක දමා එය පමණක් අයවැය සඳහා යොදාගැනීමෙන් ප්‍රයෝගිකව වියදම පාලනය කරගත හැක.
  4. පොත් දැමීමට පිටේ එල්ලාගත හැකි ශක්තිමත් මල්ලක්, වතුර බෝතලයක් ගෙන යාම යෝග්‍ය අතර පවුලේ සැම, දිගු කාලයක් පහසුවෙන් ඇඳ සිටිය හැකි ඇඳුමක් සහ පාවහන් වලින්  සැරසී යාම වඩාත් සුදුසුයි.
  5. පොත් මිලදී ගැනීමේදී අදාළ ප්‍රකාශකයින්ගෙන් ලබා ගැනීමෙන් ඔබට 50% දක්වා වට්ටම් ලබාගන්නට පිළිවෙන. බොහෝ ප්‍රකාශකයින්තම සමාජජාලා  හිතවතුන්ටද වැඩි වට්ටම් ලබා දෙන අතර ඒ ගැන අවධානයෙන් සිට එම වට්ටම් භුක්ති විඳින්න.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යාමෙන් ඇති වන වාසි

  1. ප්‍රදර්ශනයේ ලොකුම වාසිය වන්නේ ඉතාම සහනදායි මිලගණන් වලට පොත් මිලදී ගැනීමේ හැකියාවයි.
  2. විශාල පොත් ප්‍රමාණයක්, දිවයිනේ සියලුම ප්‍රකාශකයින් පාහේ එක් වහලක් යට සිටින අවස්ථාවකට සහභාගී වී ලබාගැනීමේ හැකියාව තවත් විශාල වාසියකි.
  3. මෙම පරිශ්‍රදයේ විශේෂාංග රැසක් දවස පුරා ඔබේ රස වින්දනයට සිදු වන අතර විශේෂ පිළිතුරු-පැන්  තරඟ හා දූ දරුවන් හට විශේෂ දිනුම් ඇදීමේ විවිධ අවස්ථා පැවැත්වීමත් විශේෂයි.මෙම සේවා අතුරින් ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය මගින් පවත්වන විශේෂ කුටියක්ද ප්‍රදර්ශන භූමියේ ඇති අතර එම ආයතනය මගින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන පාඨමාලා කිහිපයකට විශේෂ වට්ටම් යටතේ ලියාපදිචි වීමේ හැකියාවද ලබා දෙනවා. රූපවාහිනි හා චිත්‍රපට නිෂ්පාදනය, කැමරාකරණය, රූපවාහිනි සහ ගුවන් විදුලි ඉදිරිපත් කිරීම්, හඩකැවීම් යන පාඨමාලා ඉන් කිහිපයක්.
  4. ඔබ කවි ලිවීමේ හැකියාවක් ඇත්තෙක් නම් කැටපත් පවුරේ කවියක් අලවා ඒමටද අමතක කරන්න එපා! ඒවා බොහෝ දෙනා කියවන අතර හොද කවි වලින් බොහෝ දෙනා සතුටක් ලබන බැව් ඔබ දන්නවා.
  5. මෙහි පාවිච්චි කල පොත් සඳහා ප්‍රදර්ශන කුටියක් ඇති අතර පාවිච්චි කල පොත් භාරගන්නා කුටියක්ද ඇති බවත් සඳහන් කල යුතුයි. එයට යම් අයුරකින් දායක වීමෙන් නැති බැරි කෙනෙක් සමඟ ඔබ කියවූ පොතක් බෙදාගත හැකි වනවා.

ඉතින් ඔබේ දු දරුවන් කැටුව මෙම අගනා ප්‍රදර්ශනය නැරඹීමට යාමෙන් දරුවාව තව තවත් උත්තරීතර කියවීමට යොමු හැකියාවද වැඩි වනවා. මේ වසරේ පොත් ප්‍රදර්ශනයෙන් ඔබට උපරිම ප්‍රයෝජන ලබාගන්නට මෙම ලිපිය ඉවහල් වී යයි විශ්වාස කරන අතර ප්‍රදර්ශන භුමිය පවිත්‍ර බව සුරකින්නට ඔබ වග බලාගනිවී කියාත් අප විශ්වාස කරනවා. මිළදීගන්න පොත් දාගෙන යන්න රෙදි වලින් හැදූ මල්ලකුත් අරන් යන්න අමතක කරන්න එපා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්නට තව ගියේ නැද්ද?
බෙදාගන්න :
  • පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

    පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

    දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

  • පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

    පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

    දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it