ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

අපිට නිතර ඇස ගැටෙන වර්ණ වලට පවා පුංචි බලපෑම් කරන්න පුළුවන්

ගැබිණි මවට වර්ණ බලපෑම ගැන අම්මලා දැන ගන්න කැමති ඇති නේද? ගැබිණි මවට තදපාට වල් අදින්න හොදද?

මේ වගේ දේවල් ගොඩාක් ඔබත් කල්පනා කරනවා ඇති නේද ?

මේ ගැබිණි මවට වර්ණ බලපෑම  සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා අතින්  ලියවුන ලිපියක් වෙන අතර එය ගැබිනි මව්වරුන් සදහා ලියවුන ලිපි පෙළක කොටසකි.

ගැබිණි මවට වර්ණ බලපෑම

ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

ඍෂි භාෂිත වල සදහන් වෙලා තියෙනවා ලෝකයේ
තියන වර්ණ සහ ඊට අදාළ ලක්ෂණ ගැන.

බුද්ධ දේශනා තුළ ලෝකයේ ඇති අංක පිලිවෙලට ගොනු වු සහසම්බන්ධයන් දක්වා තියෙනවා.

එම කරුණු තියෙනෙ අංගුත්තර නිකායේ.
එනම් එක දෙක තුන හතර ලෙස සඳහන් වෙන කාරණා. උදාහරණ ලෙස
පන්සිල්, චතු චතුරාර්ය සත්ය, ආදී වශයෙන්.

මේ වගේම ආයුර්වේදයේ සඳහන් වෙනවා
පංච මහා භූත, ෂඩ් රස, පංචකර්ම ආදී ලෙස .

සාංඛ්ය දර්ශනය තුලත් තන්මාත්ර සහ මහභුත ගැන සඳහන් වේ.

එම නිසා බෞද්ධ දර්ශනය ,ආයුර්වේද දර්ශනය, සංඛ්ය දර්ශනය අතර සමානකම් පවතින බව පැහැදිලි වෙනවා.

වර්ණ 

සියලු වර්ණවලට විශේෂ වූ ශක්තියක් ඇත. ඒ හිරු එළියේ ශක්තියයි. හැම ජීව ශක්තියක්ම, ජීවියෙක්ම උපත ලබන්නේ හා පවතින්නේ හිරු එළියේ ශක්තිය නිසා ය.

හිරු එළිය සතුව පවතින සමස්ත ශක්තිය විභේදනය කළ විට වර්ණ ලෙස වෙන් වෙන්ව දැකිය හැකි ය.

වර්ණයන් යනු හිරු එළියේ වර්ණමාලාවයි. අපගේ ඇසට විවිධ වර්ණ පෙනෙන්නේ හිරු එළිය නිසා ය.

වර්ණ නිපදවන්නේ හිරුඑළිය විසිනි. අඳුරු පසුබිමක රාත්රී කාලයේ වර්ණ නොපෙනේ.

වර්ණ පෙනීම යනු විවිධ ද්රව්ය විසින් හිරු එළියේ වර්ණ උරා ගැනීම හා පරාවර්තනය මඟින් සිදු කෙරෙන ක්රියාවලියකි.

කොළපාට යනු හිරු එළියේ ඇති වර්ණ වර්ණාවලියේ සියලු වර්ණ උරාගෙන කොළපාට පරාවර්තනය කිරීමයි.

මේ අයුරු ලොව ඇති සියලු වර්ණ නිපදවන බලවේගය හිරු එළිය බව විද්යාත්මකව තහවුරු කර ඇති සත්යයකි.

හිරු එළියේ ඇති වර්ණ දේදුන්න ඇසුරෙන් දැකිය හැකි ය. එනම් රතු, කහ, තැඹිලි, නිල්, කොළ, දම්, ගැඹුරු නිල් යන වර්ණයි.

මේ සියලු වර්ණවල එකතුව සුදු පාටයි. මේ සියලු වර්ණ නැති බව යනු කළු පාටයි.

හිරු එළිය සුදු වර්ණයෙන් යුක්ත වී ඇත්තේ සියලු වර්ණවල සංයුතිය එතැන ඇති නිසාය.

ඇසට නොපෙනෙන තවත් වර්ණ දෙකක් හිරු එළියේ ඇත. එනම් පාරජම්බුල හා අධෝරක්ත යන වර්ණයි.
සියලු වර්ණවලට විශේෂ වූ ශක්තියක් ඇත.

ඒ හිරු එළියේ ශක්තියයි. හැම ජීව ශක්තියක්ම, ජීවියෙක්ම උපත ලබන්නේ හා පවතින්නේ හිරු එළියේ ශක්තිය නිසා ය.

හිරු එළිය සතුව පවතින සමස්ත ශක්තිය විභේදනය කළ විට වර්ණ ලෙස වෙන් වෙන්ව දැකිය හැකි ය.

මේ වර්ණ මාලාව සතු සුවිශේෂ ගුණ හා ශක්ති මිනිස් හා සියලු ජීව ශක්ති වෙතට ඍජුවම බලපානු ලබයි.

මේ වර්ණ ශක්තිය රශ්මි තරංග ලෙස නිරන්තරව විහිදෙමින් ඇත. නූතන විද්යාව විසින් මේ වර්ණ රශ්මි තරංගවල ශක්තිය ගණනය කර ඇත.

ඒ අනුව පහත සඳහන් ලෙස ඒ ඒ වර්ණවල ශක්තිය ගණනය සඳහන් වේ. මේ ශක්ති මාපක ඒකක (Amstrom units )ලෙස හැඳින්වේ.

විද්යාඥයන් විසින් මේ ප්රධාන වර්ණ මාලාව කොටස් දෙකකට බොදා ඇත.

එනම් ඒ වර්ණවල චරිත ස්වභාවය අනුවයි. සාමකාමී වර්ණ ලෙස දම්, නිල්, කොළ වර්ණත් උත්තේජක වර්ණ ලෙස කහ, තැඹිලි, රතු වර්ණත් ය.

මේ වර්ණවලට සුවිශේෂ වූ චරිත ශක්ති ඇත.

ඒ චරිත ස්වභාවය හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ පෙරදිග අපරදිග විවිධ පරීක්ෂණ පවත්වා ඇති අතර වර්තමානයේ එය තහවුරු විද්යාවක් බවට පත්ව ඇත.

වර්ණ මඟින් රෝග සුවපත්( ව්යූපසමනය) කිරීම සඳහා වර්ණ වෛද්ය විද්යාවක් ද (Colour therapy) එමඟින් බිහි කරගෙන ඇත.

ප්රධාන වර්ණ පුද්ගලයාට සම්බන්ධ වේ.

ඍෂි භාෂිත අනුව අපේ චක්ර මධ්යස්ථාන වලට ප්රධාන වර්ණ සම්බන්ධ වේ.

එසේ වර්ණ හා එම එක් එක් චක්ර මධ්යස්ථාන වලට ශාරීරිකව හා මානසිකව සම්බන්ධ වන බව සෘෂි භාෂිත වල සඳහන් වේ.

වර්ණ ප්රතිකාර විද්යාවේ ඉතිහාසය

මේ විෂයට දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. මෙහි මූලාශ්රය තොරතුරු අතර මිසර ග්රීක යුගවලදී ගුප්ත විද්යාවක් ලෙස වර්ධනය වූ අයුරු සඳහන් වේ.

එයට සමගාමීව පෙරදිග ආදි දර්ශනවල ද මේ පිළිබඳ තොරතුරු හමුවේ.

ඉන්දියාවේ වේද දර්ශනය ඇසුරින් උපන් සූර්ය වන්දනාව එක් අතකින් හිරු එළිය මඟින් ජීවිතය හා සෞඛ්යය ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ලෙස හඳුනාගෙන ඇත.

හිරු එළියේ සිට සූර්ය වන්දනාවේ යෙදීම හා භාවනාව මඟින් සිත සමාධිගත වීම මෙන් ම හිරු රශ්මිය ශරීරයට ඇද ගැනීම සිදු වේ.

එයින් විවිධ රෝග සුවපත් වන බව පුරාණ ඉන්දියානුවන් විශ්වාස කළේ ගුප්ත විද්යාවක් ලෙස ය. එනමුත් වර්තමානයේ එය භෞතික විද්යාවක් ලෙස වර්ධනය වී ඇත.

එය සිදු වූයේ 8 -9 සියවස්වල ය. යුරෝපයේ විද්යාව බිහි වී වර්ධනය වන විට වෛද්ය විද්යාව දියුණු විය.

මේ වෛද්ය විද්යාවට වර්ණ ප්රතිකාර විද්යාව ද විවිධ පර්යේෂණ මඟින් පෝෂණය කරන්න විවිධ රටවල විද්යාඥයන්ට හැකි විය.

19 - 20 සියවස්වලදී මේ විෂයේ විශාල දියුණුවක් දැකිය හැකි විය.

ගැබිණි මවට වර්ණ බලපෑම : වර්ණ ප්රතිකාර ක්‍රමය ගැබිණි මවට බලපාන ආකාරය

1. මුලාධාර චක්රය.

සුර්යාගේ රතු ප්රදේශය
ගුද කලාපය හි පිහිටා ඇත . කොඳු ඇට පෙළේ මුල් කොටස, පසුපස අස්ථියේ පහළම කොටස හෝ කෙළවරට පහළින් පිහිටා ඇත.

2. ස්වධිස්ථාන චක්රය.

සූර්යයාගේ තැඹිලි වර්ණය.
ප්රදේශය
ලිංගේන්ද්රියේ මූල හෝ ලිංගික ප්රදේශ පිහිටා ඇත.

3. මනිපුර චක්රය.

සූර්යයාගේ කහ වර්ණ ය.
ප්රදේශය
නාභිය හි පිහිටා ඇත.
නාභිය වටා අඟල් කිහිපයක් ඉහළින් සහ පහළින්

4. අනාහත චක්රය.

සූර්යයාගේ හරිත වර්ණ ය.
ප්රදේශය
හෘදයේ කලාපයේ, හෘද (හෘද) පපුවේ මට්ටමින් කොඳු ඇට පෙළේ පිහිටා ඇත.

5. විශුද්ධි චක්රය.

සූර්යයාගේ නිල් වර්ණය.
ප්රදේශය
කොඳු ඇට පෙළේ, කන්ටා (උගුර) මට්ටමේ පිහිටා ඇත.

6. ආඥා චක්රය.

ඉන්ඩිගෝ වර්ණය. ප්රදේශය
මධ්ය අක්ෂි අතර මධ්ය මට්ටමේ පිහිටා ඇත.
ඇහිබැම අතර, නළලේ මැදට ඉදිරියෙන්.

7. සහශ්රා චක්රය.
දම් වර්ණය.
ප්රදේශය
හිස් කබලේ අග්ගිස් හා කිරීටක මැහුම් අතර, කශේරුකා මධ්යය.

ඉහත චක්ර 7 සමග සුර්යාගේ වර්ණ 7 ගැලපෙනවා .
ඉහත චක්ර සඳහා ගැලපෙන ලෙස මවට වර්ණ ගැලපීම කළ යුතුය.

ගැබිණි මවට වර්ණ බලපෑම 

සරු බව වැඩි

1 මව ගැබිණි සමයේ අඳින ඇදුම්
මෙහිදී සුදු වර්ණය, කහ වර්ණය, රෝස, ලා නිල්, දම් පාට අදාළ චක්ර සඳහා උපයෝගී කරගත හැකිය.

මෙම වර්ණ පිළිබඳව භාවමය සංවේදී කතාවක් පහත ගීතයෙන් සන්නිවේදන වේ.
~~ සන්නාලියනේ...!~~ .

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ...

යන අමරදේවයන්ගේ ගීතය වර්ණ සමග ඇති සම්බන්ධය මානව පෙන්නුම් කරනවා.

2 . මීට අමතරව ගැබිණි මවගේ ලේන්සුව සඳහා, කුඩයක් සඳහා, තේ බොන්න භාවිතා කරන කෝප්පය සඳහා, විශේෂ වර්ණ භාවිතා කළ හැකිය.

3. ගැබිණි මවගේ කාමරය සඳහා වර්ණ භාවිතා කළ හැකිය.
ඇඳ ඇතිරිලි සඳහා, බිත්ති සඳහා, බිත්තියේ අලවන චිත්ර සඳහා ගැලෙපෙන ලා වර්ණ භාවිතා කළ හැකිය.

4 .ගැබිණි මවගේ පාවහන් සඳහා, කොණ්ඩය සඳහා බාවිතා කරන කොණ්ඩ කටු සඳහා, වර්ණ ගැලපීම් කළ හැකිය.

5 .මවගේ ගමන් ගෙනියන බැග් එක සඳහා ලා වර්ණයක් එනම් කෙහෙල් දල්ලේ පාට වැනි වර්ණයක්‌ යොදා ගැනීම. මෙම බැගය රෙදි වලින් නිර්මාණය කරන ලද්දක් වීම ඉතා සුදුසුයි.

මේ ආකාරයට ගැබිණි මවට සුදුසු වර්ණ භාවිතා කිරීමෙන් මවගේ හෝර්මෝන ක්රියාකාරිත්වය යහපත් වී සෞම්ය සිතුවිලි පහල වීමෙන් මානසික ආතතිය අඩු වේ.

දරුවා ලැබීමෙන් පසුවද දරුවට ගැලපෙන වර්ණ භාවිතා කළ හැකිය

ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

1. නිල් පාට - විවේකය හා සැහැල්ලුව

හුඟක් පිරිමි දරුවන් නිල් පාටට කැමතියි.

නිල් පාට ආලේප කළ කාමරයක ඉන්න විට ශරීරයේ උෂ්ණත්වය අඩුකරන බව වගේම ලානිල් පැහැය සිතට සන්සුන් බවක් ගෙන දෙනවා.

හුඟක් දඟ, තරමක් මුරණ්ඩු දරුවන්ගේ කාමරයකට ලානිල් පාට ගැලපෙනවා.

2. කහ පාට - සතුට, ජීවමාන බව, ශක්තිමත් බව

කහ කියන්නේ බලාපොරොත්තුවේ වර්ණය. අධ්යනයකට අනුව මේ වර්ණය උද්යෝගය උනන්දුව වැඩිකරනවා.

ඒ වගේම අවධානයත් ඇති කරනවා. ඒ වගේම තද කහ තුළින් මතක ශක්තිය වැඩි කරනවා.

ඔබේ දරුවාගේ ක්රියාවන් වල ධනාත්මක හා උද්යෝගී බව කහ වර්ණය තුළ ගැවසෙන විට වැඩි බවත් ඔබට දැනේවි.

නමුත් ඉතා තද කහ පැහැය මගින් තරහව හා නුරුස්සන ගති ඇතිවන බවත් මතකයේ තබා ගන්න.

3. දම් පැහැය - සුඛෝපභෝගී බව, නිසංසල බව

පුංචි දුලට හුඟක් ගැලපෙනවා. දම් පාට මොලයෙන් කරන ක්රියාකාරකම් වලට සහය වෙනවා.

දම් පැහැය ලැවෙන්ඩර් මල මතකයට ගෙන එනවා. එයත් හරියටම සිත් ඇදගන්නා සෞමය සුවඳකින් යුක්තයි.

එම වර්ණය ශුද්ධ වු සිත නිවන ගුණයෙන් යුක්තයි. සමස්තයක් ලෙස සිත උද්දීපනය කරන උද්යෝගය සතුට රඳවන ලස්සන වර්ණයක්.

4. බබාගේ කාමරය: රතු - ආශාව, සංවේදී බව, බලාපොරොත්තුව ඇති කරනවා

රතු පැහැය මගින් නිතරම බලාපොරොත්තු දල්වන්න ඔබට ක්රියාකාරීව තබන වර්ණයක්.

හුඟක් දුරට රතු වර්ණය වැඩිහිටියන්ගේ කාමරයට නැතිනම් කෑම කාමරයටත් සුදුසුයි.

රතු පැහැය මගින් තරමක් කම්මැලි ක්රියාකාරී නැති දරුවන්ට ජවයක් ලබා දෙනවා.

නමුත් අධික්රියාකාරී දරුවෙක් ඉන්නවනම් මේ පැහැය මගහැරීම සුදුසුයි.

5. කොළ - නිහඬ, නැවුම් හා ස්වභාව ධර්මය හා යා කරයි

කොළපාට ගැවසෙන විට බබාගේ කාමරය තුළ වුවත් අපට සොබා දහම මතක් කරනවා.

ඒ මගින් නැවුම් බවක් ලබාදෙනවා. සමහර විට ඔබේ දරුවා කොළ පැහැති පලතුරු, එළවළු වලට හුඟක් අසා කරන්නත් පුළුවන්.

විශේෂඥයන්ට අනුව කොළ පැහැය දරුවන්ගේ කියවීම් වේගය හා වඩා ධනාත්මකව සිතීමේ හැකියාව වර්ධනය කරන බව සොයාගෙන තිබෙනවා.

ෆෙන්ෂුයි වලට අනුවත් කොළ පැහැය සාමය , නිදහස, විවේකය ලැබෙන බව පවසනවා.

6. රෝස - ආදරණිය, කාන්තාවන්ට කැමති හිතෙන වර්ණයක්

දූ ලගේ කාමරයට රෝස පැහැය හුඟක් හොඳයි. එමගින් ඔවුන් තුළ අවබෝධය ඇති කරවනවා.

දූලාට ලස්සන වගේම සන්සුන් බව මේ නිසා දැනෙනවා.

7. අළුපාට - හැඟීම්බර

අළු පැහැය වර්තමානයේ ප්රචලිත වන වර්ණයක්. මේ පැහැය නිවෙස් වලට ගෞරවනීය, අතීතය සිහි කරවන බවක් ගෙන එනවා.

අළු පැහැය අනෙක් වස්තූන් ඉස්මතු කර පෙන්වන්න උදවු වෙනවා.

යමක් ඉස්මතු කර පෙන්වන්න ඔබට අළු පැහැය යොදාගන්න පුළුවන්.

8. බබාගේ කාමරය රිදී පාට- දීප්තිය , තාක්ෂණය

රිදී පැහැය අළු හා තද නිල් පැහැය සමග හොඳින් මුසු වෙනවා. නවීන තාක්ෂණයේ ගෘහ භාණ්ඩ සමග රිදී පැහැය කදිමට මුසු වෙනවා.

ෆෙන්සුයි වලට අනුවත් අසිමිත බව හා අයිතිය හඟවන බව පැවසෙනවා.

9. කළු - ශක්තිය, බලය, අයිතිය
කළු පැහැය බලාපොරොත්තු නැති කරන ව්යාකූල පැහැයක් ලෙස කවුරුත් හිතනවා.

නමුත් දරුවන්ගේ නිර්මාණ ඉස්මතු කර පෙන්වන්න කළු සුදුසුයි.

ඒ වගේම කළු පාට කොටසක් කාමරය තුළ ඉතිරි කිරීමෙන් දරුවන්ට ලියන්න ඉගෙන ගන්නත් පුළුවන්.

එය නිර්මාණයන් කරන විශේෂ තුනක් වෙනවා. ඒ වගේම තරු දිලිසෙන රූපත් පෙනුමටත් කළු කදිමයි.

10. බබාගේ කාමරය සුදු - පිරිසිදු, ශුද්ධ, අහිංසක බව

සුදු පැහැයට ඕනෑම තැනක් විශාල කර පෙන්වනවා. ඒ වගේම ශුද්ධ, පිරිසිදු බවේ සංකේතයයි.

පසුබිම හොඳින් ඉස්මතු කරන්න සුදු පැහැය සුදුසුයි. තද පැහැයෙන් යුතු වස්තූන් එක් කිරීමෙන් හොඳ නිමාවක් හා පෙනුමක් ලබාගන්න පුළුවන්

විශ්වයම සෞම්ය වේවා.....!

ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි