ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

ගබ්සාවකට පසු නැවත ගැබ්ගැනීම උත්සාහ කරන ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දීම මේ ලිපියේ අරමුණයි. ගබ්සාවකින් පසු ගැබ් ගැනීම ගැන ඔබ දත යුතු කාරණා 15ක් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට විසින්.

ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල ඇතිවිය හැකි අවදානම් තත්වයන් ගෙන් ප්‍රධානතම තත්වය වන්නේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමයි. ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

රුධිර වහනය බහුල ලෙස ගර්භණී කාන්තාවන් අත් විදින තත්වයක් වුවත් බොහෝ දුරට මෙය මවට හෝ දරු ගැබට හානි කර වන්නේ නැහැ.

කාන්තා වඳභාවය

නමුත් කලාතුරකින් මෙය ගබ්සාවක් හෝ වෙනත් අවදානම් තත්වයක ලක්ෂණයක් වන්නත්  පුළුවන්. එබැවින් මුල් මාස කිහිපය තුල රුධිර වහනයක් සිදුවුවහොත් වහාම වෛද්‍ය වරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම කළ  යුතුයි.

එවිට වෛද්‍ය වරයා ඔබගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් පසුව සුදුසු පරීක්ෂණ නිර්දේශ කරනු ඇති. මුලින් ම ඔබ ගර්භණී බව තහවුරු කිරීමට මුත්‍රා පරීක්ෂණයක් සිදුකරනව.

ඉන් අනතුරුව බොහෝ දුරට ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කරනව. මෙය ඉතාමත් ම ආරක්ෂාකාරී පරීක්ෂණයක්. එමගින් ඔබට හෝ දරුවාට කිසිදු හානිකර අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ.

ස්කෑන් පරීක්ෂණය මගින් දරු ගැබ නිසි ලෙස ගර්භාෂය තුල පිහිටා ඇත් දැය දැන ගැනීමට පුළුවන්. ඒ වගේම, ගබ්සාවක් වැනි අවදානම් තත්වයක් ඇති දැයි මෙමගින් දැන ගන්නත්  පුළුවන්.

බොහෝ විට ගබ්සාවක් සිදු වන්නේ ඔබ ගර්භණී බව දැන ගැනීමටත් පෙරයි. ඒ නිසා බොහෝ කාන්තාවන් තමන්ට ගබ්සාවක් වුන බව දන්නේ නෑ.

ගර්භණී බව දැන ගත් පසු ගබ්සාවක් සිදු වුව හොත්, පහත ආකාරයට හඳුනා ගන්න පුළුවන්.

1. ගබ්සාවකට අවදානම් තත්වය (Threatened miscarriage)

මෙහි දී රුධිර වහනයක් සිදු වුනත් දරු ගැබ නිරෝගී ව ගර්භාෂය තුල පවතිනවා‍. මෙය ඉතාමත් සුලබ තත්වයක්. බොහෝ ගර්භණී කාන්තාවන්ට සුළු රුධිර වහනයක් වී නතර වෙනව. එය තව දුරටත් හානි කර තත්වයක් නෙමයි.

2. අසම්පූර්ණ ගබ්සාව (Incomplete miscarriage)

මෙහි දී රුධිර වහනයත් සමග, දරු ගැබෙන් කොටසක් ගබ්සා වී පිටවීමක් සිදු වනව. ඉතිරි කොටස ගර්භාෂය තුල පවතින නිසා තව දුරටත් රුධිර වහනයක් වීමේ අවදානමක් පවතිනව.

3.  වැලැක්විය නොහැකි ගබ්සාව (Inevitable miscarriage)

මෙහිදී ගැබ් ගෙල විවෘත වී ගබ්සා වීම ආරම්භ වී ඇති නිසා, අනිවාර්යෙයෙන්ම ගබ්සා වීමක් සිදුවනව. සමහර විට මෙය ස්වභාවිකවම සම්පූර්ණ වීමට පුළුවන්. නමුත් රුධිර වහනය වීමේ අවදානම වැඩි නිසා වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ  යුතුයි.

4.   සම්පූර්ණ ගබ්සාව (Complete miscarriage)

මෙහි දී රුධිර වහනය සමග දරු ගැබ සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් වී යනවා. තව දුරටත් රුධිර වහනය වීමේ අවදානම ඉතා අඩුයි.

5. සැඟවුන ගබ්සාව (Missed miscarriage) :ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

මෙහි දී දරු ගැබ ගර්භාෂය තුල පවතින නමුත් සජීවී නැහැ. එයට තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් නැහැ. නමුත් රුධිර වහනයක් නොවන නිසා ගර්භාෂය ඇතුළත ම තිබෙන්නෙ.

අසම්පූර්ණ හෝ සැඟවුන ගබ්සාවක දී ගර්භාෂය තුල පිට නොවූ කලල කොටස් රැඳී පවතින නිසා, අධික රුධිර වහනය, විෂ බීජ ඇතුල් වීම වැනි සංකූල තා ඇති වන්නට පුළුවන්. එය වළක්වා ගැනීම ඉතා වැදගත්. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත, කටයුතු කළ  යුතුයි.

ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

ගබ්සාවීමට ඇති අවදානම් තත්වයන් :ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

1. කාන්තාවගේ වයස. වයස වැඩි වන විට අවදානම වැඩිවෙනව. වයස අවුරුදු 30ක කාන්තාවකට ගබ්සා වීමට ඇති අවදානම 20%ක්. වයස අවුරුදු 42 වන විට මෙම අවදානම 50%ක් දක්වා වැඩිවෙනව.

2. රෝගී තත්වයන්. උදා. නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව.

3. වැරදි සෞඛ්‍ය පුරුදු. උදා. දුම්පානය, අධික මත්පැන් භාවිතය.

මානසික පීඩනය, ලිංගික ක්‍රියාකරකම්, එදිනෙදා වැඩකටයුතු ගබ්සා වීමට හේතුවක් වෙන්නෙ නැහැ.

ගබ්සාවක් වුවහොත් ප්‍රතිකාර කරන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනව.

1. ස්වභාවික ලෙස ගබ්සා වීමට ඉඩ හැරීම

බොහෝ ගබ්සාවන් ස්වභාවිකවම සම්පූර්ණයෙන් කළලය ඉවත් වනව. ඒ නිසා වෛද්‍ය නිර්දේශ මත යම් කිසි කාලයක් මෙය සිදුවන තෙක් බලා සිටීමෙන්, වෙනත් ප්‍රතිකාර ක්‍රමයකින් තොරව සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්.

2. බෙහෙත් ආධාරයෙන් ගබ්සාව සම්පූර්ණ වීමට උදව් කිරීම

මෙම බෙහෙත් (ඖෂධ ) මගින් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉවත් වීම ඉක්මන් කරනව.

3. ශල්‍ය කර්මයක් මගින් ගබ්සාව සම්පූර්ණ කිරීම

මෙහිදී සුළු ශල්‍ය කර්මයක් ආධාරයෙන් ගර්භාෂය තුල ඉතිරි වී ඇති කොටස් ඉවත් කිරීම සිදුකරනව.

සෑම ගර්භණී වන කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට (20% කට) මුල් මාස තුන තුල දී ගබ්සා වීමේ අවදානමක් තියෙනව. බොහෝ විට මෙය ට හේතු වන්නේ පිහිට ගර්භයේ (දරුවාගේ) අසාමාන්‍ය තාවයක්.

එවැනි දරු ගැබකට තව දුරටත් වර්ධනය වීමට හැකියා වක් නොමැති නිසා ගබ්සා වෙන්නෙ. ඒ නිසා ඔබ එවැනි අත් දැකීමකට මුහුණ දුනහොත් ඒ ගැන දුක් වෙන්න එපා. මෙය නැවත වරක් දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් නොවෙයි.

මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න.

ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි.  මුල් මාස තුනෙන් පසු සිදුවෙන ගබ්සාවන් එතරම් සුලබ නැහැ. ඒවා ගැනත් මීට පෙර අපි ලිපියක් පල කර තිබෙනව. අපි මේ ලිපිය වෙන් කරන්නෙ ගබ්සාවීම් වලට හේතුවෙන කරුණු ගැනයි.

ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව.

මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වෙන බොහෝ දේ තිබෙනව. ඉන් කිසියම් හෝ සාධකයක අඩුපාඩුවක් නිසා ගබ්සාවීමක් සිදු වෙන්න පුළුවන්.

නිරෝගී දරුවෙකු වර්ධනය වීමට අවශ්‍ය වෙන ප්‍රධානතම කරුණක් තමයි දරුවාගේ ජාන සංයුතිය නිවැරදිව පිහිටා තිබීම. අපේ සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46 ක් තිබෙනව. මේවායින් 23 ක් පියාගෙනුත්  23 ක් මවගෙනුත් උරුම වෙන්නේ.

මෙම වර්ණදේහ සංයුතියේ කිසියම් වෙනසක් ඇතිවුවොත් එම කලලයට සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් නැහැ.

මෙවැනි අසාමාන්‍ය තත්වයන් තිබෙනව බොහෝ කලලයන් මුල් මාසය තුලදීම ඔබ ගැබ් ගැනීමක් සිදුවී ඇති බව දැන ගන්නටත් පෙර ගබ්සා වෙනව.

ඉතිරිවෙන අසාමාන්‍ය කලලයන් තමයි මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයකට හේතු වෙන්නෙ. ඊට අමතරව වෙනත් ජානමය සහ ශාරීරික අසාමාන්‍ය තත්වයන් ඇති කලලයනුත් මෙලෙස ගබ්සාවීමට ලක් වෙනව.

ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

එවැනි ගබ්සාවන් සිදුවන්නේ ස්වභාවිකව අසාමාන්‍ය දරුවන් ඇතිවීම වළක්වන ස්වභාවික වරණය ක්‍රියාවලිය ලෙසයි. වෛද්‍ය ප්‍රතිකාර වලින් හෝ වෙනත් කිසිම ක්‍රමයකින් මෙවැනි ගබ්සාවන් වළක්වා ගන්න හැකියාවක් නැහැ.

දරුවාට කිසිම අසාමාන්‍ය තත්වයක් නොමැති විටත් ගබ්සාවෙන අවස්තා තිබෙනව. එවාට හේතුවන කරුණු

1. මවට ඇතිවෙන ආසාදන තත්වයන්.

මවට වෛරස රෝග තත්වයක් ඇතිවීම සමහර විට ගබ්සාවීමට හේතු වෙනව. තද උණ, දරු ගැබට වෛරස ආසාදන වීම වැනි කරුණු මෙයට හේතු වෙන්න පුළුවන්. ගැබ් ගෙල හරහා ගර්භාෂයට විෂබීජ ඇතුල් වීම නිසා ගබ්සාවෙන අවස්ථා කලාතුරකින් දක්නට ලැබෙන අතර බොහෝ විට මෙවැනි ගබ්සාවීම සිදු වෙන්නෙ මුල් මාස තුනට පසුයි.

2. මවගේ රෝග තත්වයන්. :ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

දියවැඩියාව, තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍ය තත්වයන් වැනි රෝග නිසි ලෙස පාලනය කර නොගත හොත් ඒ නිසා ගබ්සා වීමට අවදානමක් තිබෙනව.

3. ගර්භණී සමයේ මවගේ සිරුරේ හෝමෝන මට්ටම් නිසි පරිදි නොපැවතීම

ගර්භාෂය ගර්භණී තත්වයෙන් පවත්වා ගැනීමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දායක වේ. ගර්භණී සමයේ මෙම හෝමෝනය නියමිත ප්‍රමාණයට නිපදවෙන්නෙ නැතිනම් ඒ නිසා ගබ්සා වීමට ඉඩ තිබෙනව.

එය වළක්වා ගන්න සමහර විට වෛද්‍යවරු ප්‍රොජෙස්ටරෝන් පෙති හෝ නික්ෂේපණ නිර්දේශ කරන අවස්තා තිබෙනව. මුල් සති කිහිපය තුල වැදෑමහෙන් නිපදවෙන HCG හෝමෝනය දරු ගැබ ආරක්ෂිතව තබා ගන්න අවශ්‍යයි.

ඒ නිසා මෙම හෝමෝන ප්‍රමාණය අඩු වීමත් ගබ්සා වීමට බලපාන්න පුළුවන්.

4. මවගේ රුධිර කැටි ගැසීම වැඩි වෙන රෝග තත්වයන්

දරු ගැබට පෝෂණය ලැබෙන්නේ, වැදෑමහ තුලට ගමන් කරන මවගේ රුධිරයෙන්. එම රුධිරය ඝනකම් වැඩිනම් වැදෑමහේ සියුම් රුධිර නාල අවහිර වී ඊට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනව.

එවිට ගබ්සා වීමට ඉඩ කඩ වැඩියි. එවැනි රෝග තත්වයක් ඇති විට රුධිර කැටි ගැසීම අඩු කරන්න ඇස්පිරින්, හෙපරින් වැනි ඖෂධ ලබා දීමෙන් ගබ්සා වීමේ අවදානම අඩු කර ගන්න හැකියාව තිබෙනව.

5. මවගේ ගර්භාෂයේ අසාමාන්‍යතා. :ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂය මැදින් දෙකට බෙදෙන පරිදි බිත්තියක් (uterine septum) පැවතීම වැනි කරුණු නිසා ගබ්සාවන් ඇති වෙන්න පුළුවන්.

මෙවැනි රෝග තත්වයන් හිස්ටරොස්කොපි (hysteroscopy) සැත්කමක් මගින් නිවැරදි කිරීමෙන් නැවත එවැනි ගබ්සාවක් සිදුවීම වළක්වා ගන්න පුළුවන්.

6. යෝනි මාර්ගය තුල ඇති ආසාදන තත්වයන්

Bacterial vaginosis වැනි ආසාදන තත්වයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකල හොත් එමගිනුත් ගැබ් ගෙල හරහා විෂබීජ ඇතුළු වීමට අවදානම වැඩි වෙනව.

ගබ්සාවකින් පසු ගැබ් ගැනීම ගැන ඔබ දත යුතු දේ :ගබ්සාවකින් පසු ගැබ් ගැනීම

  1. ඉහත හේතු වලින් බොහොමයක්ම නැවත නැවත ගබ්සාවීමට බලපාන්නෙ නැහැ. ඒ නිසා එක් ගබ්සාවීමක් සිදුවූ පමණින් නැවත වරක් එසේ වේයැයි බිය වීමට හේතුවක් නැහැ.
  2. ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්.
  3. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි.
  4. ඉහත කී පරිදි බොහෝ විට ගබ්සාවන් සිදු වෙන්නෙ මුල් මාස තුන ඇතුළතයි. මෙය ස්වභාවික වරනය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. ජීවත් වීමට සුදුසු ජානමය සංයුතියකින් තොරව පිළිසිඳ ගන්නා කලලයන් ස්වභාවිකවම මිය යන අතර එය ඉවත් වීම ගබ්සාවක් ලෙස සිදු වෙනව.
  5. එවැනි ගබ්සාවන් වැළැක්වීමට ක්‍රමයක් නැහැ. එකවරක් එලෙස ගබ්සා වීම නැවත නැවත ගබ්සා වීමට හේතු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබට නැවත පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ.
  6. නමුත් ගබ්සාවක් වැනි අමිහිරි අත් දැකීමකට පසු ඔබ ඉක්මණින්ම නැවත පිළිසිඳ ගැනීමකට මානසික ව සූදානම් නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මානසික තත්වය පිළිබඳ අවධානය යොමු කරන්න.
  7. ගර්භාෂයේ ඇතුළත ස්තරය සෑම ඔසප් චක්‍රයක දීම අලුතින් ගැබ් ගැනීමට සුදුසු පරිදි සකස් වෙන නිසා ගබ්සාවෙන් පසු නැවත ගැබ් ගැනීමට ශාරීරිකව බාධාවක් නැහැ.
  8. ඔබේ මාසික ඔසප් චක්‍රය නැවත ආරම්භ වූ වහාම නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් පමණක් කෙටි කාලයකට උපත් පාලන ක්‍රමයක් භාවිතා කල හැකියි.
  9. ඉක්මනින් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන විට ෆෝලික් අම්ලය දිගටම ලබා ගැනීම අවශ්‍ය වෙනව.

  10. ඒ වගේම ගබ්සාව අවස්ථාවේ අධික රුධිර වහනයක් සිදු වුනි නම් ඒ ගැන සොයා බලා නැවත ගැබ් ගැනීමට පෙර රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය කර ගැනීමට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව.
  11. මෙහි දී ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව යකඩ පෙති ලබා ගැනීම වැනි ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීම වැදගත්.
  12. ගබ්සා වීමෙන් පසු උණ, උදරයේ වේදනාව, දිගින් දිගට රුධිර වහනය සිදු වීම වැනි ලක්ෂණ තිබුනි නම් වෛද්‍ය වරයා ඒ පිළිබඳ දැනුවත් කර විෂබීජ ආසාදන තත්වයක් ඇති දැයි පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි.
  13. විෂබීජ ආසාදන තත්වයක දී එය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුව ලබා ගැනීමට සිදු වෙනව.
  14. කලාතුරකින් ගබ්සාවකින් පසු දිගින් දිගටම රුධිර වහනය පවතින්න පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි.
  15. වෛද්‍ය පරීක්ෂාවන් පසු ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එලෙස ප්‍රතිකාර අවශ්‍ය වූ විටෙක වෛද්‍ය වරයා උපදෙස් ලබා දෙන තෙක් නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසු නැහැ.

කලාතුරකින් ගබ්සාවට හේතුව මවගේ රෝග තත්වයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයන් සොයා ගැනීමට පරීක්ෂණ අවශ්‍ය දැයි ඔබේ වෛද්‍ය වරයා තීරණය කරනව.

පරීක්ෂණ වලදී කිසියම් ගැට‍ළුවක් හඳුනා ගතහොත් එය නිවැරදි කිරීම සඳහා නැවත ගැබ් ගත් පසු ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

රුධිර කැටි ගැසීමේ අසාමාන්‍යතා ඇති කාන්තාවන්ට නැවත ගැබ් ගත් පසු රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ ලබා දීම, ගැබ් ගෙල දුර්වලතාවයක් ඇති කාන්තාවන්ට එය ශක්තිමත් කිරීමට මැහුමක් යෙදීම වැනි ප්‍රතිකාර ක්‍රම නැවත ගබ්සා වීම වළක්වා ගන්න සමහර විට භාවිතා කරනව.

නමුත් බොහෝ විට නැවත වරක් ගබ්සාවක් වෙන්නෙ නැති නිසා එක් ගබ්සාවකට පසු බහුතරයකට වැඩිදුර පරීක්ෂණ හෝ ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැහැ.

ඔබට කැමති කාල සීමාවක දී නැවත ගැබ් ගන්න උත්සාහ කරන්න පුළුවන්.

ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

 

 

Written by

Niloufer Perera

කතන්දර ලිපි