එළවළු පළතුරු බෑග් එකෙන් කොරෝනා ගෙදරට ඒවිද

එළවළු පළතුරු බෑග් එකෙන් කොරෝනා ගෙදරට ඒවිද

එළවළු හා පළතුරු වලින් කොරෝනා බෝ වනවාද? ඒසේ වන්නේ කෙසේද? එසේ වනවා නම් ඉන් වැළකිය හැක්කේ කෙසේද? යන්න ඇතුළු කොවිඩ්-19 ගැන අප දත යුතු තවත් වැදගත තොරතුරු සමුදායක් වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වෙතින්.

කොරෝනා බෝවන ආකාර ගැන විවිධ මාධ්‍ය විසින් මේ වන විටත් ජනතා මනාව දැනුවන් කර තිබෙනවා. ඒ අතර එළවළු හා පළතුරු වලින් කොරෝනා බෝ වනවාද? ඒසේ වන්නේ කෙසේද? එසේ වනවා නම් ඉන් වැලකිය හැක්කේ කෙසේද? මෙවැනි ගැටළු සමුදායක් අප දෙමාපිය හදවත් තුළ බුර බුරා නැගෙනවා.

ඉහත ගැටලු ඇතුළු තවත් වටිනා විස්තර සමුදායක් අපට රැගෙන එන්නේ වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ විසින්. එතුමාගේ ලිපිය පහළින්.

කොරෝනා අපේ රටේ වසංගතයක් වීම වැළැක්වීමට නම් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

සිහි තබාගත යුතු මූලික කරුණු කිහිපයක් : කොරෝනා බෝවන ආකාර

  • එළවළු පලතුරු පරිහරණයේ දී ආරක්ෂිත පියවර ගන්න
  • නිරෝධායනය ට ලක් වූ පමණින් ඔහු තව දුරටත් ආසාදිතයකු නොවන බවට සහතිකයක් නැහැ
  • ප්රත්යක්ෂ නොවූ අත් බෙහෙත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වෛද්‍යවරුන් විසින් සිදුනොකළ යුතුයි
  • තේ පානය කිරීමෙන් රෝගය සුව කළ නොහැකියි
  • හුමාලය ආඝ්‍රාණය කිරීම,නිතර නිතර උණුසුම් පාන ලබා දීම නිර්දේශ කිරීමට පෙර ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ යුතුයි
  • කොත්තමල්ලි වෙනිවැල්ගැට පත්පාඩගම් වැනි පාන වර්ග වැඩිපුර පානයෙන් ආසාදිතයන්ට රෝග ලක්ෂණ මතු වීමේ කාලය දීර්ඝ විය හැකි දැයි සොයා බැලිය යුතුයි

කොරෝනා ආසාදනය මේ වන විට තවදුරටත් අපේ රටේ පැතිර යමින් පවතිනවා. මේ වන විට මරණ කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

නමුත් වෙනත් රටවල් හා සසඳා බලන විට අපේ රජය සහ සෞඛ්‍ය අංශ එකතුව මේ දක්වා රෝගය ව්‍යාප්ත වීම මැනවින් පාලනය කොට තිබෙනවා. මේ තරමට හෝ රෝගීන් වාර්තා වන්නේ කිහිප දෙනකුගේ නොමනා ,විනයක් නැති හැසිරීම නිසයි.

මෙම වෛරසය ලෝකෙට ම අලූත් වෛරසයක්. මෙම වෛරස හඳුනා ගැන තාම මාස තුන හතරක් තමා වන්නේ.

ඉතා කෙටි කාලයක් තුළ විශාල ප්‍රමාණයක් මිනිසුන් ආසාදිතයන් බවට පත් කර මාරාන්තික තත්වයකට මුළු ලෝකයම ඇද් දමා තිබෙනවා.

තරාතිරමකින් තොරව ඇද දැමූ මෙම රෝග කාරක වෛරසය පිළිබඳව සහ එහි හැසිරීම පිළිබඳ ව තවමත් ලෝකයේ විද්‍යාඥයන් විසින් නිසි පරිදි සොයා ගෙන නැහැ.

එම නිසා මෙම රෝගය ට මුහුණ දීමේදී අපට බුද්ධිමත්ව කටයුතු කිරීමට සිද්ධ වෙනවා. මෙම වෛරසය ආක්‍රමණය කරන්නේ අපගේ ස්වසන පද්ධතියේ ස්වසන පටකයයි.

කොවිඩ්-19 සඳහා පරීක්ෂණය : : කොරෝනා බෝවන ආකාර

මේ දක්වා අප පරීක්ෂා කරනු ලැබුවේ විදෙස් ගතව සිට පැමිණි අය සහ ඒ අය ළඟින් ඇසුරු කළ පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට පමණයි. ඒ සඳහා භාවිතා කරන්නේ PCR (polymerase chain reaction) කියන පරීක්ෂණයයි.

කොරෝනා බෝ වෙන ආකාර

මෙහිදී රෝග ලක්ෂණ සහිත පුද්ගලයාගේ ස්වසන පටකයෙන් ලබා ගන්නා සෙම පටලයක් පරික්ෂා කරනු ලබනවා.

එම සෙම පටලයේ අඩංගු වෛරස වල ප්‍රවේණික ද්‍රව්‍ය කෘතිම ව වර්ධනය කිරීමක් සිදු කොට ඒ තුළ මෙම වයිරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය දාමයන් තිබේදැයි පරික්ෂා කිරීම තමා මෙහිදී සිදු කරන්නේ.

නමුත් ලබාගන්නා සාම්පලයේ සමහර විට එම වෛරසය අඩංගු නො වන්නට ඉඩ තිබෙනවා.

එසේ ම සාම්පල ලබා ගන්නා ක්‍රමවේදය අනුව සහ උෂ්ණත්වය අනුවත් මෙම වෛරස ලබාගන්නා සාම්පලය තුළ සජීවීව නොපවතින්නත් ඉඩ තියෙනවා.

මෙවන් හේතුන් නිසා මෙම පරීක්ෂණයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නේ සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් බවට සොයා ගෙන තිබෙනවා.

මින් අදහස් වන්නේ ආසාදිතයන් සියයක් ගත හොත් මෙම පරීක්ෂණයෙන් හොයාගන්න පුළුවන් වන්නේ ඉන් හැත්තෑ දෙනකු පමණි.

එවිට සිදු වන්නේ ඉතුරු තිස් දෙනා සමාජයට මුදා හැරීම මගින් ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයකට මෙම රෝගය ආසාදනය වීමයි.

එම හේතුව නිසාම තමා දැන් නිර්දේශ කරන්නේ එක් වරක් නොව නැවත නැවත තෙවරක් වත් දින කිහිපයක් තුළ ආසාදිත යැයි සැකකටයුතු රෝගීන්ගේ මෙම පරීක්ෂණය සිදු කළ යුතු බවට.

එසේ ම රෝග ලක්ෂණ නොමැති වුවත් ආසාදනය වී ඇතැයි සැක කරන පුද්ගලයන් ගේ මේ අන්දමින් කිහිප වරක් පරීක්ෂණය සිදු කළ යුතු බවට නිර්දේශ කොට තිබෙනවා.

රෝග ලක්ෂණ පහළ වීම  : කොරෝනා බෝවන ආකාර

එසේ ම මතක තියා ගත යුතු දෙයක් වන්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් අප දන්නා රෝග ලක්ෂණ පහල වන්නේ ආසන්න වශයෙන් 20% කට පමණක් වන බවයි.

Wuhan coronavirus

රෝග ලක්ෂණ නොමැති වුවත් ආසාදිත ඉතිරි 80% වෙන් මේ රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙනවා.

මේ වන නිරෝධායනය ක්‍රම දෙකකට සිදු කරනවා. නිරෝධායන කඳවුරු සහ සිය නිවෙස් තුළ ම ස්වයං නිරෝධායනය සිදු කිරීම මේ අනුව සිදු වෙනවා.

නිරෝධායනය සිදු කරන්නේ දින 14ක කාලයක් නමුත් මෙම වෛරසය ඊට වඩා වැඩී කාලයක් සිරුර තුල රෝග ලක්ෂණ නොමැති ව පැවතීමේ හැකියාව තිබෙනවා.

එම නිසා යම්කිසි පුද්ගලයෙක් නිරෝධායනය වූ පමණින් තමන් තුළ වෛරසය නොමැති බවට ප්‍රත්‍යක්ෂ කොට සිතා ගත යුතු නැහැ.

නිවස තුළ නිරෝධායනය වන පුද්ගලයන් සාර්ථකව නිරෝධායනය සිදුකරනවාද යන්න ද ගැටලුවක්.

විශේෂයෙන් කලක් විදෙස්ගතව සිට පැමිණි එසේ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සමග නිරෝධායනය පසෙක තබා සාමාන්‍ය අඹු සැමි සබඳතා පවා පවත්වන බව දැන ගන්නට ලැබෙනවා.

මුඛ ආවරණ භාවිතය ගැන ඔබ දත යුතු ඉතා වැදගත් කාරණා : කොරෝනා බෝවන ආකාර

බොහෝ දෙනා රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් නිර්දේශ නොකර ඇති මුඛ ආවරණ පැළඳීම සිදු කරනවා. බොහෝ දෙනා හිතනවා එමඟින් තමන්ට මෙම රෝගයෙන් පූර්ණ ආරක්ෂාව ලැබෙනවා කියලා.

නමුත් මුඛ ආවරණ පැළඳිය යුත්තේ රෝගය සමාජය තුළ විශාල වශයෙන් පැතිර යන්නේ නම් පමණි.

රෝහලක් වැනි ස්ථානයක රෝගීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ නිසා ඔවුන්ගේ ප්‍රශ්වාස වාතය සහ කැස්ස කිවිසුම් ආදිය මගින් පිටවන බිඳිති තුළ මෙම රෝග කාරකය පැවතිය හැක.

එම නිසා එම පරිසරය තුළ එකිනෙකා අතර පරතරය මීටරයක් තබා ගත නොහැකි නිසා එහිදී මුඛ ආවරණයක් පැළඳීම සුදුසු වනවා.

එළවළු පළතුරු බෑග් එකෙන් කොරෝනා ගෙදරට ඒවිද

එනමුත් වෙනත් ස්ථානවලට එය පැළඳීම මෙම අවස්ථාවේ දී අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මුඛ ආවරණ මතුපිට කොරෝනා වෛරසය පැය හතක් පමණ සජීවී ව පැවතිය හැකි බව සොයා ගෙන තියෙනවා.

එසේම මුඛ ආවරණයක් තුළින් ආශ්වාස කිරීමේදී බාහිර පරිසරයෙන් වාතය ලබා ගැනීමට ආයාසයක් දරන්න සිදුවනවා.

ඒවිට අවට වාතයේ කුඩා හෝ ප්‍රමාණයක් වෛරසය තිබුණහොත් එය තමන්ගේ ස්වසන මාර්ගයට ඇතුළත් වීමට ඇති අවකාශය සාමාන්‍යය අයුරින් හුස්ම ගන්නවට වඩා ඉහළයි.

මුඛ ආවරණවල ඇති ඉතා කුඩා සිදුරු තුළින් මෙම වෛරසයට පහසුවෙන් ගමන් කළ හැකි වනවා.

මුඛ ආවරණ නිසි තාක්ෂණය අනුව නොපැලදීම සහ ඒවා නිතර අතගෑම හේතුවෙන් මෙම වෛරස පරිසරයේ තිබෙන්නේ නම් එය සිරුර තුලට තුළට යෑමේ හැකියාව එය නො පලඳවා ඉන්නවාට වඩා ඉහළ යනවා.

ලේන්සු වැනි දේවලින් වලින් මුඛ ආවරණයක් සාදා ගැනීම කිසිසේත් සුදුසු නැහැ. ඒවා තුලින් පහසුවෙන් ඕනෑම රෝග කාරකයකට ගමන් කළ හැකියි.

එමෙන්ම ඒවා ඉවත නොදා නැවත නැවත භාවිතා කිරීම හේතුවෙන් ඒ මත මෙම රෝග කාරක වෛරසය රැඳී තිබුණහොත් එය පහසුවෙන්ම සිරුරට ඇතුළු වීමේ හැකියාව තියෙනවා.

නමුත් මුඛ ආවරණ පැළඳීමේ වාසිය වන්නේ රෝග වාහකයන්ගෙන් හෝ රෝගීන්ගෙන් බාහිර පරිසරයට රෝග කාරක වෛරසය බැහැර කිරීම අවම වීමත්, අත් පිරිසිදු නොකර සමහර විට අචේතනිකවම අපේ අතින් නාසය සහ මුඛය ස්පර්ශ වීම නිසා ඒ හරහා ආසාදනය වීම අවම කළ හැකි වීමයි.

බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවූ කරුණක් වන්නේ වෙළඳපොළින් අප මිලදී ගන්නා එළවළු සහ පලතුරු මගින් මෙම රෝගය ආසාදනය වීමට ඇති හැකියාවයි.

අපගේ රටේ බොහෝ විට එළවළු විකුණන්නේ බිම තියාගෙන. අප දන්නවා වෛරසය සහිත ආසාදිත පුද්ගලයන්ගේ මුඛය සහ නාසය ආශ්‍රිත ව පිටවන රෝග කාරක වෛරස අඩංගු බිඳිති මීටරයක් පමණ ඇතුළත බිම පතිත වන බව.

සමහර විට මේවා පතිත වන්නේ එළවළු සහ පලතුරු මත විය හැකියි. වෙලදපොලේ පාරිභෝගිකයන් සඳහා විකිණීමට තබා ඇති විට සහ එළවළු ප්‍රවාහනයේ දී වුවත් මෙය සිදු විය හැක්කක්.

මේ නිසා එළවළු මිලට ගැනීමේදී සහ ආහාරයට සැකසීමේ දී ඒ සඳහා අත් ආවරණ යොදා ගෙන එම කටයුතු සිදු කරන්නේ නම් එය වඩා ආරක්ෂා සහිත වනවා.

පලතුරු ආහාරයට ගැනීමට පෙර ඒවා විනාඩි කිහිපයක් උණුවතුරේ හෝ ලුණු වතුරේ බහා තැබීම වඩාත් සුදුසු වනවා හොඳින් පිස ගත් ආහාර අනුභව කිරීම කිසිම ගැටලුවක් නැහැ මොකද ඉහළ උෂ්ණත්වයේදී වෛරසය විනාශ වෙනවා.

එළවළු පළතුරු බෑග් එකෙන් කොරෝනා ගෙදරට ඒවිද

සටහන: එළවළු හා පළතුරු ගෙදර ගෙන ආ විගස ඒවා ගෙන ආ මල්ල තද අව්වේ දමා ගෙන ආ එළවළු පළතුරු සබන් දමා හොඳින් සෝදාගැනීමද theAsianparentහි අපගේ යෝජනාවයි.

කොරෝනා වලින් මිදෙන්න පුළුවන් අත් බෙහෙත් තිබෙනවාද? : කොරෝනා බෝවන ආකාර

මෙම වෛරසය ලෝකයට අලුත් වෛරසයක් වීම හේතුවෙන් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාර තාම සොයා ගෙන නැහැ එම නිසා අප ඉස්සර භාවිතා කළ අත් බෙහෙත් හෝ වෙනත් ක්‍රමවේදයක් මෙහිදී කොතරම් දුරට ඵලදායි වේද යන්න නිශ්චිතව කියන්න බැහැ.

නමුත් එය පරීක්ෂා කිරීමට මෙම වසංගත කාලය සුදුසු නැහැ මොකද එමගින් අවධානමට ලක් වන්නේ මිනිස් ජීවිත නිසයි. යම් යම් කොළ වර්ග යොදා හුමාලය ඇල්ලීම සහ ලුණු වතුර මගින් උගුර සේදීමත්.

නිරතුරුව උණුවතුර පානය සහ තේ පානය කිරීම සුදුසු බවටත් සමාජ මාධ්‍ය ජාල තුල විවිධ පුද්ගලයන් විසින් පතුරුවා හරිනවා බොහෝ දෙනා විචාරයකින් තොරව මේවා පිළිගන්නා බවක් පේන්න තියෙනවා.

දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති සමහර බටහිර වෛද්‍යවරුන් ද එම ක්‍රියාමාර්ග අනුමත කොට තිබෙන අයුරක් දක්නට ලැබෙනවා.

සමහර බටහිර වෛද්‍යවරුන් පිරිත් වැනි ආගමික වතාවත් මෙන්ම කොත්තමල්ලි, පත්පාඩගම් වැනි ආයුර්වේද ප්‍රතිකාර මෙම රෝගය මර්දනය කිරීම සඳහා නිර්දේශ කොට තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

මෙය බටහිර වෛද්‍යවරයෙක් විසින් කිසිසේත් නොකළ යුත්තක්. තමන් ප්‍රත්‍යක්ෂව නොදන්නා දෙයක් ඒලෙස නිර්දේශ කිරීම වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමක් වනවා.

බටහිර වෛද්‍යවරයෙකු නොවන වෛද්‍යවරයෙක් රෝගියෙකුට ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමත් හරියට ඒ වගේ දෙයක්.

අත් බෙහෙත් සහ සිරුරේ ප්‍රතිශක්තිකරණය : කොරෝනා බෝවන ආකාර

බොහෝ අත් බෙහෙත් ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට යැයි පවසමින් භාවිතා කිරීම සුදුසු බව විවිධ ජනමාධ්‍ය වලින් විවිධ පුද්ගලයන් ප්‍රකාශයට පත් කරනවා. නමුත් අපේ සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධති දෙකක් තිබෙනවා.

පළමු පද්ධතිය මගින් සිදු කරන්නේ සිරුරේ සමහර සෛල යොදා ගනිමින් සිරුරට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍යයන්, ක්ෂුද්‍ර ජීවීන් වැනිදේ විනාශ කිරීමයි.

මෙය සෛල මගින් සිදුවන ක්‍රියාවක් එබැවින් එහි ක්‍රියාකාරීත්වය ඉතා මන්දගාමී වනවා.

එසේම ප්‍රචණ්ඩ බවින් වැඩි රෝගකාරක සඳහා මම ප්‍රතිශක්තිය ප්‍රමාණවත් වන්නේ නැහැ.

යම්කිසි රෝග කාරකයක්, විශේෂයෙන්ම වෛරසයක් සිරුර තුළට ඇතුල් වූ විට සිරුරේ දෙවන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම රෝග කාරකය හඳුනාගෙන එය විනාශ කිරීම සඳහා විශේෂිත වූ ප්‍රතිදේහ නම් ප්‍රෝටීනයක් නිපදවනු ලබනවා.

එම ප්‍රෝටීනය මගින් අදාල රෝග කාරක වෛරසය සීග්‍ර වශයෙන් විනාශයට පත් කරනවා (මෙම සුවිශේෂී ප්‍රෝටීනය අදාළ පුද්ගලයාගේ රුධිර පරීක්ෂාවකින් හඳුනා ගැනීම මගින් ඔහු ට එම රෝගය වැළදී තිබේ දැයි යන්න හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා).

මෙම නිශ්චිත සහ ප්‍රබල ප්‍රතිශක්තිය සිරුර තුළ ඇති වීම සඳහා අදාල වෛරසය සිරුරට ඇතුළුවීම අත්‍යවශ්‍ය වෙනවා.

කිසිදු කොළ වර්ගයක් හෝ කිසිදු පානයක් හෝ කිසිදු ඖෂධයක් මගින් එම ප්‍රතිදේහ සිරුර තුල නිපදවීමට හැකියාවක් නැහැ.

නමුත් ප්‍රතිදේහ යනු ප්‍රෝටීන වන බැවින් ප්‍රෝටීන සහිත ආහාර බහුලව ලබා ගැනීමත් මියයන වෛරස කොටස් සිරුරෙන් ඉවත් කිරීම පිණිස ජලය වැඩිපුර පානය කිරීමත් සිරුරේ මෙම ප්‍රතිශක්තිය කරන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට ආධාර වනවා.

උණු වතුර හුමාලය ආග්‍රහණය කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවේදී යොදා ගත්තේ ස්වසන මාර්ගයේ ඇති ඝනකම් සෙම තුලට ජලය ඇතුලු කොට එහි ඝණකම අඩු කොට පහසුවෙන් පිට කිරීම ට ඉඩ සැලැස්වීම සඳහායි.

ඒ මඟින් ශ්වසන මාර්ගයේ අවහිරය අඩුවෙනවා නමුත් රෝග නිවාරණය සඳහා විවිධ කොළ වර්ග සහිත හුමාලය ඇල්ලීම නිර්දේශ කොට නැහැ.

අප දන්නවා බොහෝ රෝග කාරක සිරුරේ උනුසුමට මදක් ඉහළ උෂ්ණත්වයේදී හොඳින් වර්ධනය වන බව.

හුමාලය ආඝ්‍රාණය කිරීමේදී සහ උණුවතුර පානය කිරීමේදී අඛණ්ඩව ඉතා ඉහළ උෂ්ණත්වයකට ස්වසන පටකය හෝ ආහාර ජීරණ පද්ධතිය පත්වන්නේ නැහැ.

අප පානය කරන්නේ හෝ ආග්‍රහණය කරන්නේ සිරුරට දැරිය හැකි උෂ්ණත්වයක ඇති හුමාලය හෝ පාන වර්ගයි.

මේවා සිරුර තුළට ගැනීමේදී සිරුරේ පටක මගින් උෂ්ණත්වය අඩු කොට සිරුරේ උෂ්ණත්වයට සමාන කරගන්නවා.

උණුසුම් පානයන් පානය කිරීම සහ හුමාලය ඇල්ලීම මගින් මෙම වෛරසය විනාශ කළ හැකි බවට සිදු කළ කිසිදු පරීක්ෂණයක් සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ.

කොරෝනා වෛරසය වර්ධනය වන පරිසරය

කොරෝනා වෛරසය වර්ධනය වන්නේ ආම්ලික පරිසරයක් තුළ බව සොයා ගෙන තිබෙනවා.

ඒ නිසා තමා සෛල තුළ භාෂ්මික තත්ත්වයක් ඇති කිරීම පිණිස මෙම රෝගයට ප්‍රතිකාරයක් ලෙස මැලේරියා රෝගය සඳහා භාවිතා කළ ඖෂධය භාවිතා කරන්නේ.

දෙහි වගේ කොළ යොදා ගනිමින් හුමාලය ආඝ්‍රාණය කළ විට එම හුමාලය සහිත ජලය ආම්ලික වනවා එවිට එය වෛරසය තව දුරටත් වර්ධනය වීමට උපකාර වීමේ ඇති හැකියාව බැහැර කළ නොහැකියි.

මේ හේතුවෙන්ම සිරුරට රෝග කාරකය ඇතුළු වී රෝග ලක්ෂණ ඇති කිරීමට ගත වන කාලය හෙවත් බීජෞෂණ කාලය දින 14ට වඩා ද ට වඩා දික් වීමේ හැකියාවක් තිබිය හැකියි.

එවිට දින දාහතරක් නිරෝධායනය වුව ද ඔවුන් හට රෝගය ඇතිවීමට ඊට වඩා වැඩි කාලයක් ගතවීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම තද ලුණු වතුර මගින් කිහිප වතාවක් උගුර සේදීමෙන් එහි ඇති ශ්ලේෂ්මල පටලය විනාශ වීමේ හැකියාව තියෙනවා එවිට රෝගකාරකයන්ට සිරුර තුළට පහසුවෙන් ඇතුළු වීමේ හැකියාව ලැබෙනවා.

එම නිසා මෙම ක්‍රමයන් නිර්දේශ කිරීමේදී ඒ පිළිබඳව. විද්‍යාත්මකව සිදු කළ පරීක්ෂණ වල ප්‍රතිඵල මත මිස තම සිතැඟි අනුව පෞද්ගලික මතයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැහැ.

මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ සමාජ මාධ්‍ය ජාල තුල විවිධ පුද්ගලයන් නාමිකව හෝ නිර්නාමිකව පළකරන හෝ බෙදා හරිනු ලබන, විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ නොවූ උපදෙස් අනුගමනය කිරීමේ දී මහජනතාව වඩා බුද්ධිමත් වීම අවශ්‍ය බවයි.

එළවළු පළතුරු බෑග් එකෙන් කොරෝනා ගෙදරට ඒවිද

වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

MBBS (PERADENIYA)
LLB (OUSL)
CER PSYCHOLOGY & COUNSELING
ජාතික රෝහල මහනුවර

 

කොවිඩ්-19 ආශ්‍රිත අපගේ සියළු ලිපි මෙතැනින් කියවන්නට පුළුවන්.

ඒ වගේම මේ වේලාවේ රෝගය පැතිරවීමට අනුබල නොදී නිසි සනීපාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් නිරෝධායන කටයුතු වලට ඔබගේ උපරිම සහය දෙන ලෙසත් අපි යලිත් ඔබට මතක් කරනවා.

කොවිඩ්-19 හදිසි ඇමතුම් සේවා අංක - 117, 1999, 0710107107 සහ 0113071073

කොවිඩ්-19 ලොව පුරා ව්‍යාප්තිය පිළිබඳ යාවත්කාලීන සංඛ්‍යාලේඛණ සඳහා මෙම අඩවියට පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි