theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

3 අවම කියවීම
•••
දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

මෙම විධි ක්‍රම 5 ඔබටත් ප්‍රයෝජනවත් වෙයි කියා අපි සිතනවා.

දරුවන් ඉදිරියේ දෙමාපියන්ට කේන්තිය ආවහම කේන්තිය පාලනය කරගත නොහැකි වුවහොත් ඉන් ඔවුන්ට ලොකු හානියක් වෙන්න පුළුවන්. නමුත් සිදු වුනාට පස්සේ එය නිවැරදි කරන්න බැහැ.

ඉවසීම එතරම් පහසු කාරණයක් නෙමෙයි.  ගෙදර වැඩ, දරුවෝ, අපේ අරමුණු, බලාපොරොත්තු හැමදේම අපිට කරන්න සිදුවුනහම, ඒ අතර අපේ දරුවන්ට හොඳම දේ කරන්නත් මේ හැමදේටම ඉවසීම අවශ්‍යයි.

නරකම දේ මේ හැමදේම අතරේ ඔබට කේන්තිය වගේම ජීවිතය ගැන දැඩි වේදනාවක් දැනෙනවා. පසුව අපි ඒ ගැන හුඟක් දුක් වෙනවා. අපි හැමෝටම එහෙම වෙලා, දැනිලා තියෙනවා.

මේ නිසාම ඔබේ කේන්තිය පාලනය කරගන්න උපායන් කිහිපයක් හරි කිවුවොත් එය වටිනවා කියලා අපි හිතනවා. මේ උපක්‍රම 5 අපි ඔබට ගෙනෙන්නේ ඔබේ පුංචි පැටියා ඉදිරියේ ඔබට තරහ ආවත් එය ඔහුට නොපෙන්වා පාලනය කරන්න උත්සහ කරන්නයි.

කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

1. ඔබම දන්නා ඔබේ කේන්තියේ ලකුණු හඳුනා ගන්න

ඔබ ගැන ඔබ තරම් අන් අය දන්නේ නැහැ. ඔබට කේන්ති අවොත් එය පිටවෙන්න කලින් ඔබ දරුවා ළඟින් පිටව යන්න පුලුවන් නම් පුංචි වෙලාවකට හරි ඉන් ඔබේ කේන්තිය ඉතා නරක විදිහට මුදා හැරිම වළක්වා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් පහසුවෙන් දවසේ ඉදිරිය ගෙන යන්න පුළුවන් වේවි.

 2. මොහොතක් නතර වෙලා කේන්තියේ ආරම්භය සුව කරගන්න බලන්න

පොඩ්ඩක් සන්සුන්වෙලා ඉඳගන්න. සමහර විට ඔබට කේන්තිය ගිය හැටි සිතියමක් වගේ ඇන්දත් කමක් නැහැ. මේ කේන්තිය කැරකිලා ආව හැටි අතීතයට වටරවුමෙන් යන්න.

අපිට අපි තුළ සාමකාමී බවක් නොවීම දරුවන් සමග කේන්තියට හේතුවක් වෙන්න පුළුවන්. එය හඳුනාගන්න උත්සහ කරන්න. රැකියාවෙන් ඔබට සතුටක් සැනසීමක් නැතිනම්, ඔබේ සහකරු එක්ක ඔබ නොසතුටින් නම් මේවා ඔබේ නරකට බලපාලා ඇති.

ඒ නිසා වඩා ඵලදායි  ලෙස මේ ප්‍රශ්න දිහා අභ්‍යන්තරයෙන් හා බාහිරිනුත් බලලා හැඟීම් මුදා හැරීම ඔබත් දරුවටත් හරිම වටිනවා. සැහැල්ලු වෙන්න ටික වෙලාවක් ගන්න

ඔබට ඇති වගකීම් සියල්ල අතර සිරවුණ ජීවිතය ඉතා වෙහෙසකර බව ඇත්ත. එත් ඔබ කැමති දෙයක් කරන්න වෙලාවක් කෙසේ හෝ හොයාගන්න.

ඉන් ඔබට ඇති ආතතිය තරමක් හරි දුරු වෙලා යන්න පුළුවන්. එය සමහර විට පොත් කියවීම, පොඩ්ඩක් ඇවිදින්න යන එක, සංගීතයට ඇහුන්කන් දීම, චිත්‍ර පටියක් නැරඹීම වගේ දෙයක් අත් දැකලා බලන්න.

නිසැකයෙන්ම තිබුණු තත්වය පහවෙලා යන බව ඔබට ම දැනේවි. ඔබට පෙරට වැඩි සතුටක් සැහැල්ලුවක් දැනේවි.

කේන්තිය පාලනය

ඔබ දෙදෙනා අතර තියන ප්‍රශ්න ගැන සුහදව කතා කරලා විසඳගන්න බලන්න

 3. ඒ ගැන කතා කරන්න ප්‍රශ්න එළියට ගන්න

කේන්තිය පීඩනය, බලාපොරොත්තු කඩවීම්, සන්තාපය, පසුතැවීම් වගේ හුඟක් හේතු නිසා ඇති වෙන දෙයක්.  ඉතින් මේ කොයි හේතුව නිසා ඔබට කේන්ති ආවද කියලා තෝරාගන්න උත්සහ කරන්න.  ඉන් කේන්තිය නිවාගන්න පහසුවක් වේවි.

මිට හේතුව ඔබේ පවුලේ කෙනෙක් හෝ ඔබ කතා කල හැකි අයෙක් නම් ඒ බව ඔහුට හෝ ඇයට කියන්න.  සන්නිවේදනය ඕනෙම සබඳතාවක වැදගත්ම අංගයක් වෙනවා.

ඔබට උවමනා තරම් කතා කරලා එම හේතුව එළියට ගන්න.  මේ කේන්තිය එළියට ගන්න ගමන් ඔබ කතා කරන පුද්ගලයා සමගත් ධනාත්මක ලෙස ඒ ගැන කතා කරන්න.

4. වෘත්තීමය වශයෙන් මේ පිලිබඳ දන්නා අයෙකුගෙන් උදවුවක් ගන්න

ඔබට ඔබව පාලනය කරගන්න එමගින් කේන්තිය පාලනය කරගන්න මේ උපක්‍රම අත්හදා බැලුවත් පලක් නැතිනම් ඔබට සවන්දිය හැකි වෘත්තීමය වශයෙන් සිටින උපදේශකයෙකු හමුවී ඔබේ ගැටළුව කියන්න. මේ නිසා ඔබේ ප්‍රශ්න ලිහා ගන්න ඔවුන්ගෙන් ලැබෙන උදවුව ජීවිතය සරල කරන්න පුළුවන්.

 5.  කේන්තිය පාලනය කරගැනීමට ඔබ කැමති දෙමාපිය චරිත එළියට ගන්න

ඔබට මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් වෙන්න තිබුනානම් කියලා හිතන්න. ඉස්සෙල්ලා ඔබ ඔබේ ක්‍රියාවන් වලට දෙමාපියෙකු වී සිතන්න.  ඔබගේ හැඟීම් පාලනය, ඔබේ හැඟීම් අධ්‍යනය කරමින් ඔබ ම ඔබේ ලෝකයේ ලස්සන නුවණින් සොයාගන්න.  මවක පියෙකු වීමේ සතුට හැමදාම අත්විඳින්න.

මවක පියෙකු ලෙස අපි උපරිමයෙන් පෙනී සිටියත් අපි සාර්ථක නොවෙන්න යම් යම් හේතු තියෙන්න පුළුවන්.  ඒකයි කේන්තිය ගැනත් මේ කරුණු ඔබට ගෙනාවේ.  ඔබව මේ ලෝකේ ඉන්න හොඳම අම්මා, තාත්තා කරන්නයි. theAsianparent Sri Lanka අපේ සතුට එයම යි.

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්
බෙදාගන්න :
•••
  • මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

    මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

  • අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය

    අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය

single
  • මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

    මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

  • අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය

    අධික කෝපය ඝාතනයකින් පවා කෙළවර විය හැකිය

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor