ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

කොරෝනා වයිරසය ගැන නවතම තතු සමඟ ඉන් ආරක්ෂා වන ආකාරයත්, දෙමාපියන් ලෙස ඔබගේ පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔබට දැන් සිටම ගත හැකි ක්‍රියාමාර්ග ගැනයි මේ

මෙම ලිපියේ 2020 ජනවාරි 28දා යාවත්කාලීන කළ තොරතුරු අන්තර්ගත වේ. ලොවම බියෙන් කළඹා ඇති කොරෝනා වෛරසය ලැව් ගින්නකට වඩා වේගයෙන් ලෝකය පුරාම පැතිරෙන සෙයක් දක්නට ලැබෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම අද අප හැම කෙනෙකුගේම වගකීමක් වෙලා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම

නවතම වාර්තා අනුව ජනවාරි 28 දින ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් ආසදිතයා වාර්තා වුනා. ඇය 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.

මෙයත් සමඟ අප පෙරට වඩා විමසිල්ලෙන් සහ ආරක්ෂා සහිතව කටයුතු කිරීම අවශ්‍ය වනවා.

මෙම ආසාදනයෙන් හෝ කුමන හෝ කුමන හෝ වර්ග වල ශ්වසන ආබාධ වලින් වැලකී සිටීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම අප හැමගේම යුතුකමක් වන්වා.

නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම නිසා මේ වන විට චීනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට චීනය ඇතුළු ලොව පුරා රටවල් 15කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4585 ඉක්මවා තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම

පූර්ව සූදානම සහ ප්‍රවේසම් වීම අප කාගේත් යුතුකමක් බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේෂ කරන්නේ පොදු ස්ථාන වල ගැවසීමෙ හැකි තාක් වළකින ලෙසයි.

අත් සහ ශ්වසන සනීපාරක්ෂාව තහවුරු කරගැනීම සඳහා පහත ආරක්ෂිත ආහාර පිළිවෙත් ඇතුළත් රෝගාබාධ රාශියකට නිරාවරණය වීම සහ සම්ප්‍රේෂණය කිරීම අඩු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත නිර්දේශ පහත පරිදි වේ.

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවකට සමාන රෝග ලක්ෂණ පෙන්වන ශ්වසනාබාධයේ රෝග තත්වය  මෘදු, මධ්‍යස්ථ සහ ඉහළ තත්වයක් දක්වා රෝග ලක්ෂණ දිස් කළ හැක.

  • නාසයෙන් හොටු දියර ගැලීම
  • හිසරදය
  • කැස්ස
  • උගුර කෙවීම
  • උණ
  • ඇඟට දැනෙන අසනීප හැඟීම

කොරෝනා වෛරසය පැතිරිය හැකි ආකාර

  • ආසාදිත පුද්ගලයින් කැස්ස සහ කිවිසුම් යාම මගින් රෝගය බෝ වි හැක.
  • ආසාදනයට ලක් වූ  පුද්ගලයෙකුගේ දෑත් හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන්
  • ආසාදිත පුද්ගලයින් ස්පර්ශ කර ඇති දොරවල් වැනි දෑ ස්පර්ශ කිරීමෙන්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කළ හැකි දේවල්

  1. ඔබේ ගමන් මල්ලේ, දරුවන්ගේ ගමන් මළු සහ ළඟ අසබඩ පෙරුම්කායම් ළඟ තබාගන්න.
  2. ඇල්කොහොල් අන්තර්ගත ඝන හෝ දියර සබන් සහ ජලය භාවිතා කර නිතරම අත් පිරිසිදු කරගන්න.
  3. මේ දවස් වල ගමන් බිමන් යොදාගෙන තියනවා නම් ඒවා මේ තත්වය සමනය උනාම වෙන දවසක දා ගන්න. මේ දින වල දරුවොත් අරගෙන රට පුරා සංචාරය කරන්නට එපා.
  4. යන්නට අවශ්‍ය අනිවාර්ය ගමනක් නම් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න, නාසය, මුඛය වැසෙන විදියට ආවරණයක් පළඳින්න.
  5. සෙනඟ ගැවසෙන තැන් වලට යන්න එපා. විශේෂයෙන්ම පොඩි දරුවන්ව නම් අරගෙන යන්නම එපා.
  6. ගෙදරින් පිට ඕනෑම පිට තැනකට ගිහින් ආවාම දෑත්, මුහුණ සෝදා පිරිසිදු කර ගන්න.

  7. රෝහල් වලට පොඩි දරුවෝ අරගෙන යන්න එපා ඔවුන්ට ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම්. වැඩිහිටි ඔබත් ඒ වගේ රෝගීම් ගැවසෙන ස්ථාන මඟ හරින්න.
  8. හැම වෙලාවේම ලොකු පොඩි හැමෝම ගෙදර කෑම පිලියෙල කර අනුභව කරන්න.

  9. මස්, මාලු ආහාරයට ගන්නවා නම් වැඩි වේලාවක් පිස ගන්න. හැකි නම් මේ දින වල ඒවා අවම කරන්න.
  10. නිවසින් පිටතට ගියාම නාසය ඇල්ලීමට, මුඛය ඇල්ලීමට, ඇස් කැසීමට නොයන්න. තේරෙන වයසේ දරුවන්වත් එයින් වළක්වන්න. ඔවුන්ටත් අත කටේ දමා ගැනීමට එහෙම නොදෙන්න. නිතරම දරුවෝ ගැන, එයාලාගේ ක්‍රියාවම් ගැන විමසිල්ලෙන් ඉන්න.
  11. කිවිසුම් යන විට, කැස්සක් එන විට ඔබටම කියා ලේන්සුවක් හෝ ටිෂූස් ළඟ තමා ගෙන ඒවායින් නාසය, මුඛය ආවරණය වන ලෙස කිවිසුම් යැවීම හෝ කහින එක කරන්න. ලේන්සුවක් හරි ටිෂූස් හරි ළඟ නැත්නම් ඔබේ අතේ වැලමිටෙහි ඇතුල් පැත්තෙන් නාසය සහ මුඛය ආවරණය කර ගන්න.
  12. උණ රෝගීන්, හෙම්බිරිස්සාව, කැස්ස ඇති රෝගීන් සමඟ ළඟින් අත පත ගාමින් ආශ්‍රයට නොයන්න. ඔවුන්ට උපස්ථාන කරනවා නම් ඔබ ආරක්ශිතය උපක්‍රම භාවිතා කරන්න.
  13. මෙම රෝගය වැළඳුන අය සමඟ කටයුතු කරනවා නම් ඔවුන් සමඟ භාණ්ඩ හුවමාරු කර නොගන්න. කුමන හෝ රෝගීන් අසලින් දරුවන්ව ඈත් කරන්න. නැවත ඔබ දරුවන් කරා යාමට පෙර හොඳින් පිරිසිදු වී යන්න.
  14. නිවසේ උනත් නිතර නිතර ස්පර්ශ වෙන දොරේ අගුල වැනි ස්ථාන විෂබීජ නාශක දියරයකින් නිතර පිස දමන්න.
  15. දන්නා හඳුනන පිටස්තර අය මඟ තොටේදී හමු උනාම අතට අත දී, වැළඳගෙන ආචාර සමාචාර කිරීමට නොයන්න. ඒ වගේම පිටස්තර අයට දරුවාව අත පත ගෑමට, හුරතල් කිරීමට නොදෙන්න.
  16. නිවසින් බැහැරව ගොස් නැවත ආ සැනින් අත්, මුහුණ, කකුල් හොඳින් සබන් ගා සෝදා පිරිසිදු වන්න. අත සෝදන විට අවම වශයෙන් තත්පර 20ක් වත් සබන් ගාලා සෝදන්න. ඇඟ සෝදා ගැනීමට හැකි නම් ඉතාමත්ම හොඳයි.
  17. සංචාරකයන්, මිනිසුන් බහුල ස්ථාන වලට නොයන්න. හෝටල්, නැරඹුම් ස්ථාන, නාන තටාක ආදියෙහි නොයන්න. සෙනඟ ගැවසෙන ඇඳුම් කඩ වලට, ආපනශාලා වලට, වෙළඳ සංකීර්ණයන් වලට දරුවන්ව රැගෙන යන්න එපා. වැඩිහිටි ඔබත් නොගිහින් ඉන්න පුලුවන් නම් හොඳයි. දරුවන්ව හැකි තරම් නිවසේම තබන්න. නිවසේ සිටීමයි ආරක්ෂිතම විදිය.
  18. පාසල් යන වයසේ දරුවන් නම්, ඔවුන්ට උණ, හෙම්බිරිස්සාව , කැස්ස තිබේ නම් ඔවුන්ට සුව වන තෙක් නිවසේ ඉන්නට දෙන්න. වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ලබා ගන්න.
  19. මේ දින වල පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. අනේ හොඳ වෙයි කියලා ඉන්න එපා. දරුවන්ට විශේෂයි.

  20. පොදු ප්‍රවාහන සේවය භාවිතයේදී මුඛ, නාස් ආවරණ පළඳින්න..

ඔබ රෝගී වීමෙන් ආරක්ෂා වීම සදහා රෝගී අය සමග අනාරක්ෂිත සම්බන්ධතා වලින් වළකින්න. පොදු ස්ථාන වල කෙළ ගැසීම, අන් අයගේ ඇස්, කන් හා නාසය ස්පර්ශ කිරීමෙන් වළකින්න.

කොරෝනා වෛරස් ආසාදනයට ලක් වුණි නම්

මෙම රෝගයට දැනට ප්‍රතිකාරයක් නොමැති හෙයින් රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා සැලකිලිමත් විය යුතුය:

  • අධික ලෙස වෙහෙසට පත්වීමෙන් වළකින්න
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
  • දුම් පානය සහ දුම් පානය කරන වටපිටා වලින්  වළකින්න.
  • වේදනාව හා උණ අඩු කිරීම සඳහා ඇසිටමිනොෆෙන්, ඉබුප්රොෆෙන් හෝ නැප්රොක්සෙන් ගන්න.
  • පිරිසිදු ආර්ද්‍රතාකාරකයක් හෝ සිසිල් මීදුම් වාෂ්පකාරකයක් භාවිතා කරන්න.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිවැරදි ලෙස මුඛ්වාඩම් පළඳින්නේ කෙසේද?

  • ඔබේ අත් පිරිසිදු කරන්න. පිරිසිදු වෛද්‍ය මුඛ ආවරණය පරිහරනය කිරීමට පෙර සබන් හා වතුරෙන් ඔබේ අත් හොඳින් සෝදන්න.
    අවම වශයෙන් තත්පර 20ක් සබන් පෙණ වලින් දෑත් එකට අතුල්ලන්න. දැන් ටිෂූ එකකින් අත හොඬින් පිසදමාගන්න.
  • මුඛ ආවරණයේ කඩතොළු පළුදු වීම් හෝ සිදුරු නැති බවට නොමැති බවට වග බලා ගන්න.
  • මුඛ ආවරණයේ නිවැරදි පැත්ත ප්ිරික්සාගන්න. තදින් නැමිය හැකි දාරයක් ඇති වෙස් මුහුණෙහි ඉහළ කොටස වන අතර එය ඔබේ නාසයේ හැඩයට හැඩ ගැසීමට සකස ඇත.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම

සෑම නිවසකම තම නිවැසියන්ට ප්‍රමාණවත් පරිදි මුඛ ආවරණ තබාගැනීමට අපි යෝජනා කරනවා.

හදිසි අවස්‍ථා ඇති වන තුරු සිටීමෙන් මුඛ ආවරණ හිඟතාවක් ඇතිවිය හැකි නිසායි.

 

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම

මේ අතර චීන රටේ සිට ශ්‍රී ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමෙන් අනතුරුව. රටට ඇතුළු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලා.

තවද ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොරෝනා වයිරසය ලංකාවට බලපෑ හැකි ආකාරය,.වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ගැන විශ්ලේෂණය කරන්නට විශේෂ කමිටුවක්ද පත්කොට තිබෙනවා. මෙම කමිටුව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වයිරස් ව්‍යාප්තියේ භයානකම  පැතිකඩ වන්නේ කිසිඳු රෝග ලක්ෂණයකින් තොරව වුවත් රෝගය පැතිරවීමේ අවධානමත්, දින 14ක් යන තුරු රෝග ලක්ෂණ නොපෙන්වීමේ තත්වයත් නිසයි. මේ නිසා, කිසිඳු රෝග ලක්ෂණයක් නොමැතිව වුවත් නිතර අත සේදීම, පොදු ස්ථාන වලදී පමුඛවාඩම් පැලැඳීම සහ අනෙකුත් සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම ඔබ මුළුමහත් ලෝකයාටම කර සේවයක් වනවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

මූලාශ්‍ර: facebook.com/අම්මාවරුන්ගේ සමූහය

Written by

Niloufer Perera