theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?

3 අවම කියවීම
කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?

ශුක්‍රාණු වල කොරොනා වෛරසය හදුනා ගැනීම තවත් තර්ජනයක්ද?

දරුණු ලෙස ආසාදිත පිරිමින්ගේ ශුක්‍රාණු වල කොරෝනා වෛරසය සොයාගෙන තියෙනවා.

ඒ අනුව මෙම වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉහළ නංවන බව චීනයේ නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?

ශුක්‍රාණු වල කොරෝනා වෛරසය 

චීනයේ ෂැන්කියු මහ නගර රෝහලේ COVID-19 රෝගීන් 38 දෙනෙකුගෙන්  සාම්පල පරික්ෂා කරන ලදී.

ඒ අනුව මේ පිරිස අතුරින්  පුද්ගලයින් හය දෙනෙකුගේ ශුක්‍රාණු තුළ වෛරසය ඇති බවට පර්යේෂකයන් සාක්ෂි සොයා ගත්තා.

මෙම පුද්ගලයින් හය දෙනා අතර ඒ වෙන විටත් කොවිඩ් 19 සුව වී නැති  සිව්දෙනෙකු සහ ඉන් සුවය ලැබු දෙදෙනෙකු ඇතුළත් වුනා.

බීජිං හි මහජන විමුක්ති හමුදා මහ රෝහලේ වෛද්‍ය වයිගුඕ ෂාවෝ ‍යටතේ සිදු කල මෙම අධ්‍යයනයේ තොරතුරු මැයි 7 වන දින ජමා නෙට්වර්ක් ඕපන් සඟරාවේ ප්‍රකාශයට පත් කලා.

විද්වතුන්ගේ අදහස්

1. මෙම  වෛරසය ශුක්‍රාණු සාම්පල වල තිබීම පුදුමයක් නොවන බව ක්ලීව්ලන්ඩ් සායනයේ මුත්‍රා රෝග විශේෂඥ  වෛද්‍ය රයන් බර්ග්ලුන්ඩ් පැවසුවා.

2. මෙවැනි බෝවෙන වෛරස් සාමාන්‍යයෙන් ශුක්‍රාණු වල දක්නට ලැබෙනවා. 

මිනිස් ශුක්‍ර තරලය තුළ විවිධ වෛරස් 27 ක් සොයාගෙන ඇති බව චීන පර්යේෂකයන් සඳහන් කළා.

කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?

3. කොයි දේටත් දෙපැත්තක් තියෙනවා. විවිධ අදහස් දරන්නන් සිටිනවා.

බර්ග්ලන්ඩ් සහ බෝවන රෝග විශේෂඥයින් ඒ සම්බන්ධව දරන්නේ මෙවැනි අදහසක්. 

COVID-19 ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි බවට මෙය ස්ථිර සාක්ෂි නෙමෙයිලු.

මෙහිදි  ශුක්‍ර තරලය මෙන්ම තවත් ශරීර තරල ගණනාවක මෙම වෛරසය අඩංගු විය හැකි බවට මෙය ලකුණක් ලෙස සැලකිය යුතු බව බර්ග්ලන්ඩ් පවසනවා.

4. කොවිඩ්-19  දරුණු නොවු රෝග ලක්ෂණ  දැක් වු  සහිත පිරිමින් 34 දෙනෙකු සහභාගී කර ගෙන  චීනයේ තවත් අධ්‍යනයක් සිදු කලා.

එහිදි මේ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගන්න අසමත් වෙලා තියෙනවා.

කොරොන වයිරසයේ ජානමය ද්‍රව්‍ය පිරිමි රෝගීන්ගේ ශුක්‍රාණුවල දක්නට ලැබීම පසු විපරම් අධ්‍යයනයක් අවශ්‍ය වන වැදගත් සොයා ගැනීමක්.

5. බැල්ටිමෝර්හි ජෝන්ස් හොප්කින්ස් සෞඛ්‍ය සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ  විශාරදයෙකු වන වෛද්‍ය අමේෂ් අඩල්ජා පවසනවා.

වැඩිදුර පර්යේෂණ සඳහා ඇති අවශ්‍යතාව සමඟ එකඟ වන්නේ මිනින් හි රොචෙස්ටර් හි මායෝ සායනයේ එන්නත් පර්යේෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ වෛද්‍ය ග්‍රෙග් පෝලන්තයයි.

6. එය අනතුරු ඇඟවීමක් බවත් ඒ පිලිබඳ  තව දුරටත් පරීක්ෂා කල යුතු බව පෝලන්ඩ් පවසනවා.

නමුත් COVID-19 ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකිද යන්න පිළිබඳව ඇඩල්ජා සහ පෝලන්ඩ් යන  දෙපාර්ශයටම  සැකයක් පවතිනවා.

වෛරසය ශ්වසන මාර්ගය හරහා  සම්ප්‍රේෂණය වන බවත් ලිංගික සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු සිද්ධියක් වාර්තා වී නොමැති බවත්  අදල්ජා පවසනවා.

ආසාධිත පිරිමින්ගේ ශුක්‍රාණු වල මෙලෙස පෙන්නුම් කල ශුක්‍රාණු කොවිඩ් 19 ආසාදනය කරන බවට තවම සාක්ෂි සහිතව ඔප්පු වී නැහැ. 

සමහර විට එය ලිංගිකව සම්ප්‍රේෂණය වන්නට පුළුවන්.

කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?

නැතිනම් එය ලිංගිකව සම්ප්‍රේෂණය  නොවන්නට පුළුවන්.

කෙසේ වෙතත් දැනට බරපතල ලෙස කොරොනා ආසාදනයට ගොදුරු වු පිරිමින්ගේ ශුක්‍රාණු වල කොරොනා වෛරසය හදුනා ගන්න චීනය විසින් කරන ලද අධ්‍යයනය සමත් වෙලා තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ නිසා අපි තවම මේ පිළිබද නිගමනයකට එන්න වේලාසන වැඩියි.

කෙසේ වෙතත් ඔබ ආරක්ෂිත සම්බන්ධතා පමණක් පවත්වා ගන්න.

පිරිමින්ගේ ශුක්‍රාණු තුලින් සොයා ගත් මෙම කොරොනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාදැයි දැනගැනීමට ඒ පිලිබඳ කරනු ලබන අධ්‍යනයකින් ඔප්පු වෙන තුරු බලා සිටිමු.

මුලාශ්‍ර - www.webmd.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවාද?
බෙදාගන්න :
  • ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

    ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

  • දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

    දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

  • ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

    ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

  • දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

    දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it