කුස් කුස් හදමුද?

කුස් කුස් හදමුද?

බත් කන්න හ‌ොර බබාලාට කුස් කුස් කියන්න‌ේ රසවත් කෑමක් ‌වේවි.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

කුස් කුස් (couscous) recipe අත්හදා බලමුද? කුස් කුස් කියන්නේ  Wheat වල දුඹුරැ කොටසෙන් මහතට ⁣කොටගන්න කොටසටයි. හීනියට කොටගන්න කොටස රැලං විදියටත් වෙන් කරනවා. ‌
මේ couscous කියන්නේ මොරොක්කෝ ජාතිකයන්ගෙ ප්‍රදාන ආහාර වේලක් වෙනවා. බත් කන්න හ‌ොර බබාලාට couscous කියන්න‌ේ රසවත් කෑමක් ‌වේවි.
රසම රස කුස් කුස් recipe සදහා අවශ්‍ය ද්‍රව්‍ය 
  • Couscous කප් 1 
  • බටර් කෑල්ලක් 
  • ලුනුකුඩු ස්වල්පයක්
  • තෙල් ටිකක් 
  • කරදමුංගු 2
  • කරාඹුනැටි 2
  • කුරැඳු කෑල්ලක් 
  • ලූණු
  • සුදුලූණු  
  • ඉඟුරු 
  • කැරට් ටිකක් 
  • බෝංචි ටිකක් 
  • තම්බපු ග්‍රීන්පීස් ටිකක්
  • රතුපාට බෙල් පෙපර් එකක්
  • සූදුරැ කුඩු තේ හැඳි 1
  • කහකුඩු ස්වල්පයක් 
  • ගම්මිරිස් 
  • සුප්කැට කෑල්ලක්
  • සෝයාසෝස් ටිකක් 
සාදන විදිය
මුලින්ම couscous එක තම්බමු. බාජනයට මෙ couscous ටික දාලා couscous මැනපු කප් එකෙන්ම උතුරපු වතුර කප් එකක් එයට දාන්න.
 
ඉන්පසු බටර් කෑල්ලක් ලුනුකුඩු ස්වල්පයක් දාලා කලවම් කරලා විනාඩි 5 ක් වහලා පස‌ෙකින් තියන්න. 
 
විනාඩි 5 යනකොට couscous එකට දාපු වතුර ටිකෙන් හොඳට තැම්බෙනවා. කලවම් කරලා තියන්න.
ලොකු පෑන් එකකට තෙල් ටිකක් දාලා කරදමුංගු 2, කරාඹුනැටි 2, කුරැඳු කෑල්ලක් දාලා චුට්ටක් පාට වෙන්න හරින්න.
 
ඉන්පසු  පොඩියට කපාගත් ලූණු ටිකක් දාලා ලිප අඩු කරලා තෙම්පරාදු කරන්න. එ අතර සුදුලූණු ඉඟුරු චුට්ටක් තලලා ලූණු තාච්චියට දාන්න. 
 
මෙ දෙක තෙම්පරාදු වෙන්න දිලා එලවලු ටික කපාගන්න.  කැරට් ටිකක්, බෝංචි ටිකක්, තම්බපු ග්‍රීන්පීස් ටිකක්, රතුපාට බෙල් පෙපර් එකක් ටිකක් පොඩියට කපාගන්න.
 
ලූණු ටික බැදුනම බෙල් පෙපර් ඇර අනිත් එලවලු ටික දාලා හොඳට තැම්බෙන්න ඒකටම දාන්න.
තැම්බුනාට පස්සේ සූදුරැ කුඩු තේ හැඳි 1, කහකුඩු ස්වල්පයක්, ලුනුකුඩු , ගම්මිරිස් දාලා සුප්කැට කෑල්ලක්  එකතු කරන්න. ගෙදර හදපු සුප්කැට දාන්න පුළුවන්. 
 
මේ ටික දාලා හොඳට කලවම් කර අන්තීමට couscous ටික දාලා ⁣තියනවානම් සෝයාසෝස් ටිකක් හා රතුපාට බෙල් පෙපර් ටිකක් දාලා කලවම් කරන්න.  
කුස් කුස් හදමුද?
අද අපිට මේ රසම රස කුස් කුස් හදන්න අපට කියා දෙන්නේ අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු