theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

4 අවම කියවීම
COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

කොවිඩ් 19 වැළදුනද මවකට දරුවාට මව්කිරි ‌දෙන්න පුළුවන්. අදාල ආරක්ෂිත උපදෙස් පිළිපදින්න.

ලෝක වසංගත තත්වයක් හමුවේ ජිවිත අවදානම හා අවදානම් වැඩි පිරිස් ලෙස දරුවන්, වයසින් වැඩි අය, රෝගීන් මෙන්ම ගැබිනියන් ගැනද කතා කරනවා. නමුත් අපි කොවිඩ් 19 සහ මව්කිරිදීම ගැනත් කතා කල යුතුමයි.

අම්මාට කොරොනා වෛරසය ශරීරගත වුනොත් මව්කිරි දෙන විට අම්මා ගෙන් බබාට රෝගය ආසාදනය වෙනවාද?

මව මව්කිරි දීම නැවැත්විය යුතුද? නැතිනම්  ඒ සදහා ආරක්ෂිත ක්‍රම වේදයක් තියෙනවාද?

ලෝකය පුරා ගැබිනියන් පවා මෙම වෛරසයට ගොදුරු වී ඇති අතර ඔවුන් දරු ප්‍රසුතියට පවා මුහුණ දුන්නා. 

ඉතින් දැනටත් ශ්‍රී ලංකාවේ පවා එවන් තත්වයක් ඇතිවිය නොහැකි යයි අපිට තවම කියන්න බැහැ.

ඒ නිසා අවදානමට පෙර සුදානම ලෙස අපි මව්කිරි ලබා දීම සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න තීරණය කළා.

මේ ලිපියට අවතීරණ වෙන්න ප්‍රථම මීට කලින් අප පල කළ වෛද්‍ය නුවන් තොටවත්ත මහතාගේ ලිපියකින් කොටසක් උපුටා දක්වන්න මම කැමතියි.

“ කොරෝනා රෝගය සහ මවු කිරි දීම අතර කිසිම ප්‍රශ්නයක් නෑ.

ඇත්තෙන්ම මවුකිරි ඔබේ දරුවාව කොරෝනා වලින් ආරක්ශා කරනවා. ඒ නිසා බය නැතුව මව්කිරි දෙන්න.

මව් කිරි වලින් කොරෝනා බෝ වෙන්නෙ නෑ. හැබැයි අම්මට ලෙඩේ තිබුනොත් කෙල බින්දු වලින් දරුවට බෝ වෙන්න පුලුවන් නිසා

1 මාස්ක් එකක් ( මුව වැස්මක් ) දාගන්න

2 අත් සහ පියයුරු හොඳින් පිරිසිදු කරගන්න

ඊට පස්සෙ මව්කිරි දෙන්න. ”

අපේ රටේ වෛද්‍යතුමන් ලබා දෙන හිත නිවන උත්තරය එක්කම අපි ලෝකයේ මේ පිළිබද අදහස් මොනවාද කියලා විමසිලිමත් වෙමු.

COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

ආසාදිත මවක් නම් මව්කිරි දීමට ප්‍රථම මාස්ක් එකක් පළදින්න

කොවිඩ් 19 සහ මව්කිරිදීම

මෑතකදී සොයාගත් කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ මෙම රෝගී තත්වය ලොවම භීතියට පත් කර ඇති අතර සමහර රට වල සෞඛ්‍ය පද්ධති කෙරෙහි දැඩි පීඩනයක් ඇති කර තියෙනවා. 

ගර්භනී කාන්තාවන්ට හා මව්කිරි දෙන මව්වරුන් මේ අවස්ථාව වෙන විට නිවෙස් තුලට කොටු වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස්, තොරතුරු හා ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළක් ලබා දීමට කටයුතු කලයුතු බව UNFPA    හි විධායක අධ්‍යක්ෂ වෛද්‍ය නටාලියා කනෙම් පවසනවා.

කොවිඩ් 19 සහ මව්කිරිදීම: සනීපාරක්ෂාව සහ පූර්වාරක්ෂාව ගැන දැනුවත් වෙමු

COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

ආසාදිත මවක් නම් මව්කිරි දීමට පෙර සහ පසු අත් සේදීම අනිවාර්යයෙන්ම කල යුතුය.

 

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය වසංගත කාලවලදී සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළුවක් වෙනවා.

ඒ ආරක්ෂිත ගැබ් ගැනීමක් සහ දරු උපතක් රඳා පවතින්නේ ක්‍රියාකාරී සෞඛ්‍ය පද්ධති සහ ආසාදන පූර්වාරක්ෂාවන් දැඩි ලෙස පිළිපැදීම මත නිසයි.

COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා දැනට එන්නතක් නැහැ.

ආසාදිත ගර්භනී කාන්තාවන්ට ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත ආධාරක ප්‍රතිකාර ලබා දිය යුතු බව UNFPA විසින්  නිර්දේශ කරනවා.

ළදරුවන්ට ප්‍රයෝජන ගත හැකි ආරක්ෂක හා ප්‍රතිදේහ රාශියක් මව්කිරි වල අඩංගු ‌වෙනවා.

කොරෝනා රෝගයට ගොදුරු වන මව්කිරි දෙන කාන්තාවන් අලුත උපන් දරුවන්ගෙන් වෙන් නොවිය යුතුය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

රෝගය මව්කිරි මගින් සම්‌ප්‍රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නැහැ.

කෙසේ වෙතත්, ආසාදිත මව්කිරි දෙන මව්වරුන් තම දරුවා අසල මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

මව්කිරි දීමට පෙර සහ පසු අත් සේදීම අනිවාර්යයෙන්ම කල යුතුය.

නිතර ස්පර්ශ ‌වෙන පෘෂ්ඨයන් නිතර විෂබිජහරණය කළ යුතුය. 

මව්කිරි දීමෙන් පසු හැකිනම් දරුවා ඔතා ඇති ආවරණය මාරු කරන්න.

මව්කිරි දීමට නොහැකි තරම් මවක් අසනීප නම්, අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් අනුගමනය කරමින් දරුවාට කිරි දොවා ලබා දීමට ඇය දිරිමත් කළ යුතුය.

දොවන මව්කිරි ආසාදනය නොවීම සදහා සනීපාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරන්න.

පිරිසිදු කෝප්පයක්, හැන්දක් හෝ බෝතලයක් භාවිතා කර ඔබේ ළදරුවාට පෝෂණය කරන්න.

අතින් හෝ විදුලි පියයුරු පොම්පයකින් මව්කිරි දොවන්නේ  නම්, පොම්පය හෝ බෝතල් ඔබ ස්පර්ශ කිරීමට පෙර ඔබේ අත් සබන් දා  සෝදන්න.

කිරි දොවා අවසන් කිරිමෙන් පසු පොම්ප කොටස් හොඳින් පිරිසිදු කරන්න.

ඒවා විෂබීජහරණය කරන්න.

පීඩාවට පත් පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සහාය ලබා දිය යුතුය.

  COVID-19 වසංගතය පැතිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA )ලොව පුරා හවුල්කරුවන්, රජයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සමඟ කටයුතු කරයි.

COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

රෝගය මව්කිරි මගින් සම්ප්රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නැහැ.

ශ්‍රී ලංකාව තුල ‌කොවිඩ් 19  පවතින සමයේ ගැබිනි හා කිරිදෙන මව්වරුන්ට ඇති පහසුකම්

කොවිඩ් 19 මුළු ශ්‍රී ලංකාවම අඩපණ කලද, ඇදිරි නිතීය මගින් මුළු ශ්‍රී ලංකාවම නිහඩ කලද අද මේ වන විටත් ජනතාව එක් රුස් වීම් වළක්වා සියලුම සේවාවන් ජනාතාව වෙත ලබා දීමට පහසුකම් සලසා ඇත.

  • රටපුරා ඇදිරි නිතීය පනවා ඇති බැවින් රෝගය පැතිර යාම අවම කර ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් ඇතුලු සියලුම ජනතාව ආරක්ෂිත කර ඇත.
  • ගැබිනි හා කිරිදෙන මව්වරුන්ට අවශ්‍ය උපදෙස් තමාගේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අමතා ලබා ගන්න පුළුවන්.
  • 0710301225 අංකය ඔස්සේ ගර්භනී මව්වරුන්ට අවශ්‍ය උපදෙස් ජංගම දුරකථනය හරහා  පැය 24 පුරාවටම ලබා දීමට ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් ස්ථාපිත කර ඇත. 
  • ඒ වගේම නිවසටම බඩු භාණ්ඩ ගෙනත් දීමේ සේවාවන් ස්ථාපිත කර ඇති බැවින් ඔවුන්ට නිසි  පෝෂණයට අවැසි ආහාර මිලදී ගැනීමට පුළුවන්.
  • එමෙන්ම පාමසි හරහා නිවසට අවහ්‍ය ඔසු ගෙනවිත් දෙන සේවාවන්ද දැනට ක්‍රියාත්මක නිසා ඔවුන්ට අවශ්‍ය ඖෂධ ආරක්ෂිතව මිල දී ගන්න පුළුවන්.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තිය වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මූලාශ්‍ර: www.unfpa.org

Featured image via iStock, IrinaArt

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්
බෙදාගන්න :
  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

    කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

    කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it