theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

5 අවම කියවීම
කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

කොවිඩ් 19 හා දරුවන් ගැන ඔබට ඇති ප්‍රශ්න වලට උත්තර ‌මෙන්න.

කොවිඩ් 19 හා දරුවන් ගැන බොහෝ අයගේ හිතට නැගෙන ප්‍රශ්න හා ඒවාට පිළිතුරු අපි මේ ලිපිය මගින් ඉදිරිපත් කරනවා.

මෙය ලෝකය පුරා පැතිර යන වෛරසයක් වෙන අතර දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති අයට මරණය පවා ලගා වුනා.

ඉතින් ඒ වෛරසය අප රට තුල ව්‍යාප්ත වී ඇති මොහොතක අප දෙනෙත් ඉදිරියේ ඇත්තේද නොපැහැදිලි අනාගතයකි.

සමහර විට වෛරසය මින් මැඩ පවතින්න පුළුවන් නැති නම් රට පුරා පැතිරෙන්න පුළුවන්.

එය කෙසේ වුවත් ඔබ කල යුතු පළමු දේ අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර නොගැනීමයි. එසේ ඔබ කලබල වී කරන දේවල් ඔබට වගේම අන් අයට හිරිහැරයක් වෙන්න පුළුවන්.

කල්පනා කාරී වෙන්න. හොද සෞඛ්‍ය පුරුදු හා අදාල උපදෙස් අනුගමනය කරන්න. නිවසේ ආරක්ෂිතව දරුවන් තබා ගන්න.

ඒ වගේම වැදගත් දේ බොරු කට කතා හා කොවිඩ් 19 ගැන වු වැරදි උපදෙස් වලට නොරැවටෙන්න. 

මෙම රෝගය කිසිම දේශිය ඖෂධයකින් සුව කල හැකි බව හෝ ඉන් ආරක්ෂා විය හැකි බව විද්‍යාත්මකව තහවුරු කර නැහැ.

ඒ නිසා එවන් වැරදි තොරතුරු පතුරවා හරින්න එපා. අපේ සමහර දේශිය ඖෂධ ප්‍රතිශක්ති කරණය ඉහළ නංවන බව සැබෑවක්. නමුත් ඒවායි්න් මෙම රෝගය සුවකල හැකි බව සනාථ කර නැත.

මෙම රෝගයේ අවදානමේ සලකුණු අපේ පුංචි රට දෙසට එල්ල වීමත් සමගම අපේ පවුලට මෙය කෙසේ බලපායිද?

මගේ දරුවාට කොවිඩ් 19 න් ආරක්ෂා කරගන්නේ කොහොමද ? මෙවැනි ප්‍රශ්න දාස් ගණනක් අම්මලාට ඇති නේද? 

කොවිඩ් 19 හා දරුවන්

කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

 

1.කොවිඩ් 19  මගින් මගේ දරුවා රෝගි වීමේ අවදානම කොතරම්ද?

දැනට ලැබී ඇති තොරතුරු අනුව, ළමයින්ට කොවිඩ් 19 සදහා අන් අයට වඩා වැඩි අවදානමක් නැහැ.

ඒ කියන්නේ ළමයි කියලා වෙනසක් නැහැ. ඔවුන්ට තියෙන්නෙත් සාමාන්‍ය වැඩිහිටි අයෙකුට තියෙන අවදානමමයි.

මේ දක්වා මෙම රෝගයට විවිධ වයස් මට්ටම් වල දරුවන් ගොදුරු වී තියෙනවා. අඩු ප්‍රතිශක්තිකරණයක් ඇති දරුවන්ට මෙහි වැඩි අවදානමක් තියෙනවා.

අවදානම් සහිත පිරිස ලෙස පහත් කාණ්ඩ හදුනා ගෙන තියෙනවා.

  • වයසින් වැඩි අවදානම් සහිත වැඩිහිටි වැඩිහිටියන්
  • පහත නිදන්ගත රෝග ඇති අය
  • හදවත් රෝග
  • දියවැඩියාව
  • පෙනහළු රෝග

2.කොවිඩ් 19 ආසාදනයෙන් මගේ දරුවා ආරක්ෂා කර ගන්නේ කෙසේද?

මෙම ආසාදනයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න නම් ඔහුට/ ඇයට සෞඛ්‍ය සම්පන්නව සිටීමට උගන්වන්න.

  • සබන් සහ ජලය හෝ විෂබීජ නාශක දියරයක් භාවිතා කරමින් නිතර අත් පිරිසිදු කරන්න
  • අසනීපව සිටින පුද්ගලයින්ගෙන් ඈත්වන්න. ( විශේෂයෙන් කැස්ස සහ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ ඇති)
  • නිවසේ පොදු ස්ථාන වල මතුපිට වල් හොදින් පිරිසිදු කර විෂබීජහරණය කරන්න (උ.දා. මේස, දොර අගුල්, ස්විච්, ටැප්, සින්ක්, පුටු ඇදි ආදිය)
  • නිෂ්පාදකයාගේ උපදෙස් වලට අනුකූලව සේදිය හැකි පිරවු සෙල්ලම් බඩු ඇතුළු භාණ්ඩ සෝදන්න. හැකි නම්, භාණ්ඩ හා වියලි අයිතම සඳහා වඩාත් සුදුසු උණු ජල සැකසුම භාවිතා කරමින් රෙදි සෝදන භාණ්ඩ සෝදන්න. රෝගී පුද්ගලයෙකුගේ අපිරිසිදු රෙදි වෙනත් පුද්ගලයින්ගේ භාණ්ඩ සමඟ සේදිය හැකිය.

3.කොවිඩ් 19  හි රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා ළමුන් තුළ වෙනස් වෙනවාද?

නැහැ එහෙම වෙන්නේ නැහැ.  COVID-19 හි රෝග ලක්ෂණ ළමුන් හා වැඩිහිටියන් අතර සමාන වෙනවා.

කෙසේ වෙතත්, තහවුරු කරන ලද කොවිඩ් 19  සහිත දරුවන් සාමාන්‍යයෙන් මෘදු රෝග ලක්ෂණ ඉදිරිපත් කර තියෙනවා.

ළමුන් තුළ වාර්තා වී ඇති රෝග ලක්ෂණ ලෙස: 

  • උණ
  • නාසයෙන් හොටු දියර ගැලීම
  •  කැස්ස, වැනි රෝග ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. 

ඊට අමතරව වමනය සහ පාචනය ද වාර්තා වී තියෙනවා.

රෝගී දරුවන් සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා ඇති දරුවන් වන් සමහර දරුවන් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබේද යන්න තවමත් නිශ්චිත නැහැ.

ඒ පිළිබද තොරතුරු ඉදිරියේදි වාර්තා වෙන තුරු අපි වැඩි අවධානයෙන් සිටිමු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පෙබරවාරි අග දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  “ළමුන් අතර ආසාදන ප්‍රමාණය තීරණය කළ නොහැකි” හෝ “දරුවන් අඩු අවදානමක් තිබේද යන්න තීරණය කළ නොහැකි” බව පවසා තියෙනවා.

මෑතකදී චීනයේ තහවුරු වූ රෝගීන් 45,000 කට ආසන්න සංඛ්‍යාවක් පර්යේෂකයන් විසින් සොයා බැලූ විට, 1% ට වඩා අඩු සංඛ්‍යාවක් වයස අවුරුදු 9 සහ ඊට අඩු ළමුන් වුනා.

රෝගීන්ගෙන් 1.2% ක් පමණ වයස අවුරුදු 10 ත් 19 ත් අතර ළමුන් හා යෞවනයන්  බව පෙබරවාරි මස අග භාගයේ ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ පළ වූ දත්ත අනුව වාර්තා වෙනවා

(9 ට අඩු ළමයින්ගෙන් කිසිවෙකු මිය නොගිය අතර වැඩිහිටි දරුවන්ගෙන් එක් අයෙකු පමණක් මිය ගිය බව එම දත්ත වලින්ම පෙන්නුම් කෙරේ.)

4.ළමයින් මාස්ක් පැළඳිය යුතුද?

කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

ඔබේ දරුවා නිරෝගී නම් ඔවුන්ට මාස්ක්ස් පැළඳීමේ අවශ්‍යතාවක් නැති බවත් මාස්ක්ස් පැළඳිය යුත්තේ රෝගී තත්ත්වයන් ඇති අය හෝ රෝගාතුර වූවන්ට ප්‍රතිකාර ලබා දෙන අය පමණක් බවත් මුලාශ්‍ර ලිපියේ උපදෙස් ලබා ‌දෙනවා. නමුත් පවතින තත්වය අනුව ඔබේ දරුවා අන් අය ගැවසෙන තැනකට යවනවා නම් මාස්ක් එකක් දමා යැවීම ආරක්ෂිත ‌වෙනවා. 

5. කොවිඩ් 19 හා දරුවන්:  දරුවන්ට නව කොරෝනා වයිරසය පැතිරවිය හැකිද?

ඔවුන් ආසාදනය වී ඇත්නම් ඒය සම්ප්‍රේෂණය නොවන බව කිසිවෙකුටත් කියන්න බැහැ.

කොරෝනා වෛරස් පිළිබඳ විශේෂඥයෙකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා. 

කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වීමට පෙර රෝගය පැතිර යන බව වාර්තා වී ඇතත් වෛරසය පැතිරෙන ප්‍රධාන ක්‍රමය මෙය යැයි නොසිතයි.

ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වන විට එය වඩාත් පැතිරෙනවා.

ළමයින්ගේ සිට අන් අය දක්වා එවැනි සම්ප්‍රේෂණය කොපමණ වාරයක් සිදුවන්නේද යන්න තවම පැහැදිලි නැහැ.

6. මේ අවස්ථාවේදි ගුරුවරුන්, දෙමාපියන් සහ පවුල් වල වගකීම කුමක්ද?

කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

ශ්‍රී ලංකාවේදී ආසාදනය වු පළමු රෝගියා වාර්තා වීමත් සමගම සියලු රජයේ පාසැල් අලුත් අවුරුදු නිවාඩුව අවසන් වන තෙක් වසා දැමුවා.

නමුත් තවම කිසිම ශ්‍රී ලාංකික සිසුවෙකුට රෝගය වැලදී ඇති බවට සාක්ෂියක් නැහැ.

දරුවන් නිවසේ සිටින නිසා දැන් දරුවන්ගේ වගකීම සම්පුර්ණයෙන්ම දෙමව්පියන් සතු වෙනවා.

ඒ නිසා  නිතරම අත් සේදීම, කැස්ස සහ කිවිසුම් ආවරණය කිරීම සහ නිතර ස්පර්ශ වන පෘෂ්ඨයන් පිරිසිදු කිරීම වැනි පියවර ගත යුතුය.

ඒ වගේම දරුවා රෝගි අයට නිරාවරණය කරන්න එපා. පංති , අමතර ගමන් සියල්ල අවලංගු කර දරුවා නිතරම නිවසේ තබාගන්න.

චීනයේ කොරෝනා රෝගයට බිය වු මවක් රෝගය වැළදි දරුවන් ගුවන් තොටුපළේ දමා ගියත් අපේ රටේ දෙමව්පියන් හරිම වෙනස්.

ඔවුන් හදවතින්ම ආදරණියයි. ඒ නිසා ඔවුන් තමන්ට මාරාන්තික රෝගයක් වැළදුනත් තම දරුවන් අතහැර දමන්නේ නැහැ.

ඔවුන් දරුවන් ලගින් සිට රැකගන්න උත්සහා කරනවා. ඒ නිසා අපේ දරුවන් රෝගයට ගොදුරු වුවහොත් නිසැකවම අපිද එයට ගොදුරුවීමේ වැඩි අවදානමක් තියෙනවා. 

ඔබත් නිවසින් පිට යන්නේ නම් නිවැරදි උපදෙස් අනුගමනය කරමින් රෝගයෙන් ආරක්ෂා වෙන්න.

නිවසට පැමිණි වහාම ඔබේ ඇදුම් ඉවත් කර සෝදන්න. ඔබත් හොදින් පිරිසිදු වෙන්න.

රෝගය සහිත බව සැකයක් ඇත්නම් වහාම පහත අංක අමතා දැනුම් දී නිරෝධායනය සදහා යොමු වීමට වග බලාගන්න. එය ඔබේ ජාතික වගකීමකි.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මුලාශ්‍ර -  www.cdc.gov/coronavirus

chalkbeat.org/posts

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්
බෙදාගන්න :
  • ️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

    ️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • ️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

    ️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it