theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

6 අවම කියවීම
දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

ක්ලින්ක් යන්න බැරුව අසරණ ‌වෙලාද ඉන්නේ? ‌වෛද්‍යතුමන් කියන ‌මේ උපදෙස් පිළිපදින්න.

කොව්ඩ් 19 හා ගැබිනි මව්වරුන් ගැන කතා කල යුතු ‌මොහොතක්.

ජිවිත ‌දෙකක වගකීම දරාගෙන ජිවත් ‌වෙන ආදරණිය ගැබිනි මව්වරුන්ට වෛද්‍ය නුවන් තොටවත්ත මහතා ‌‌ගෙන් පණිවිඩයක් තියෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ? යන මැයෙන් එතුමා විසින් පල කල ලිපිය එතුමාගේ අවසරය සහිතව එබ වෙනුවෙන් යලි පළ කරනු ලබනවා.

වෛද්‍ය නුවන් තොටවත්ත මහතාණනි ඔබට ස්තුතියි.

ලංකාවෙ අවුරුද්දකට උපදින දරුවන් ගනන ලක්ශ තුන හමාරක් විතර. ඕනැම වෙලාවක අපේ රටේ ඝර්භනී අම්මල එක් ලක්ශ හැත්තැපන් දාහක් විතර ඉන්නවා.

තවමත් මේ අය ගෙන් හුඟ දෙනක් යන්නෙ ගමේ ක්ලිනික් එකට.

මාසෙකට සැරයක් විතර තියෙන ක්ලිනික් එකේදි තමයි මේ අම්මලා සාමාන්‍ය විදිහට ඉන්නවාද එහෙමත් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද කියල හොයල බලන්නේ.

එහෙම ප්‍රශ්න තියෙන සමහරුන්ට ක්ලිනික් එකෙන්ම ප්‍රතිකාර කරනවා. සමහරුන්ව ඉස්පිරිතාලෙකට යවන්න වෙනවා.

කොරෝනා අවධානමත් එක්ක රටේ සියලුම සායන නවත්තන්න වෙලා තියෙනවා.

මේ වෙනකොට අම්මලගෙ ක්ලිනික් වලට ගෙන්න ගන්නෙ උවමනාම අම්මලා විතරයි.

ඔබ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් නම් මේ ගැන හරියටම දැනුවත් වෙන්න.

ඔබ දන්න දරුවො ලැබෙන්න ඉන්න අම්මලාව මේ ගැන දැනුවත් කරන්න.

IVF

ගැබිනි මව්වරුනි බිය වන්නට ‌නොව ආරක්ෂා වන්නට කාලයයි

මොකක් හරි අවධානමක් තියෙන අම්ම කෙනෙක් මග ඇරුනොත් සමහර විට නරක දෙයක් වෙන්න පුලුවන්.

මේ තියෙන තත්වය උඩ පනිවිඩ ලබා දීමේ ගැටලු එන්න පුලුවන්.

ඒ නිසා පලවෙනි දේ නිතරම තමන් ගෙ මිඩ් වයිෆ් මිස් එක්ක සම්බන්දතාවය තියාගන්න.

ඔබේ දුරකතන අංකය මිස් ගාව තියෙනවද කියල බලන්න. නැති නම් දැනුම් දෙන්න

දැනට කිලින්ක් වලට ගෙන්න ගන්නෙ වර්ග කීපයක අම්මල විතරයි.

දරුවෙක් හම්බවෙන්න ඉන්නව කියල පලවෙනි ක්ලිනික් එකට යන අම්මල

දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල ලියා ක්ලිනික් එකේ ලියා පදිංචි වෙලා තවම පලවෙනි ක්ලිනික් එකට ගියේ නැතිනම් ඉක්මනින් මිඩ් වයිෆ් මිස් ට කතා කරලා දිනය සහ වෙලාව අහ ගන්න.

මොකද ඉදිරි කාලය සඳහා ඕන කරන ගොඩක් දේවල් පලවෙනි ක්ලිනික් එකේ දි කරගන්න තියෙන නිසා.

දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගෙන තවම මිඩ් වයිෆ් මිස් ට පනිවිඩේ දෙන්න බැරි වුනා නම් ඉක්මනින් ඒ පනිවිඩය යවන්න.

ඉදිරි දින ගැන දැන ගන්න.

ඒ වගේම පෞද්ගලිකව චැනල් කරලා මේ දේවල් කරගන්නව කියල හිතාගෙන ඉන්න අම්මල වුනත්, දැනට පෞද්ගලික සේවයෙන් මේ කටයුතු කරගන්න, ගමේ ක්ලිනික් එකට නොයන අම්මලා වුනත් මේ වෙලාවෙ මිඩ් වයිෆ් මිස් ට කතා කරලා ඉදිරි කටයුතු ගැන දැනුවත් වෙන්න.

මොකද මේ තියෙන තත්වයත් එක්ක පෞද්ගලික සේවාවන් කොයි තරම් හොඳින් කරගන්න පුලුවන් වෙයි ද කියලා කියන්න බෑ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එහෙමයි කියලා ඒ ඒ දවස් වලට වෙන්න ඕන දේවල් නොකර ඉන්නත් බෑ

ඊලඟ කොටස තමයි බබාට සති තිස් දෙකට වඩා වැඩි අම්මලා

ඒ නිසා හැම අම්මම තමන්ගෙ බඩට දැන් සති කීයද කියලා හරියටම දැනගෙන ඉන්න ඕන.

පුලුවන් අය සති ගනන ක්ලිනික් එකෙන් දෙන මවු කාඩ් එකෙන් බලාගන්න.

අනිත් අය දන්න කෙනෙක් ගෙන් අහගන්න.ඊට පස්සෙ දවසින් දවස තමන්ගෙ බඩට වයස සති සහ දවස් වලින් ගනන් හදල තියාගන්න.

ගොඩක් අම්මල බඩට වයස කියන්නෙ මාස වලින්. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බෑ. හරියටම සති සහ දවස් ගාන දැන ගන්න.

සති තිස් දෙක ලං වෙනකොට මිඩ් වයිෆ් මිස් ට කතා කරන්න.

කොව්ඩ් 19 හා ගැබිනි මව්වරුන්

රජයේ මාතෘ රෝහල්

ඔබේ කුස තුල සිටින ජිවිතය ආරක්ෂා කරගන්න.

ක්ලිනික් වලට යන්න ඕන අනිත් අම්මල වර්ගය තමයි සමහර රෝග තියෙන නිසා අවධානම් කියල අඳුරගත්ත අම්මල. අම්ම කෙනෙකුට :

  • දියවැඩියාව
  • ප්‍රෙශර් එක
  • හදවතේ මොකක් හරි ප්‍රශ්නයක්
  • ඇදුම හතිය වගේ හුස්ම ගැනීම සම්බන්ද ලෙඩක්

එහෙමත් නැත්තම්,

  • කලින් පාර දරුවෙක් ලැබෙන්න ඉඳල නැති වෙලා තියෙනවා නම්,
  • එහෙම නැත්නම් මල දරු උපතක් වෙලා තියෙනවා නම්
  • වැදෑමහේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියලා තියෙනවා නම් ,
  • බබා වැඩිලා මදි කියල කියලා තියෙනවා නම්,
  • බබා ලැබෙන්න ඉද්දි හරි කලින් බබෙක් ලැබුනට පස්සෙ හරි ලේ ගිහින් තියෙනවා නම්,
  • අක්මාවෙ හරි වකුගඩු වල අසනීපයක් තියෙනව කියල දැනුම් දීල තියෙනවා නම් ,
  • ඔබට මොකක් හරි මාන්සික ආබාදයක් තියෙනවා නම් වගේම
  • නිවුන් දරුවන්ලැබෙන්න ඉන්න බව හොයාගෙන තියෙනවා නම්

සති ගාන මොකක් වුනත් එහෙම අම්මා කෙනෙක් ක්ලිනික් එකට යන්න ඕන.

ගොඩක් වෙලාවට අපිට මේ වගේ අවධානම් අම්ම කෙනෙක් හොයාගන්න පුලුවන් කාඩ් එකේ අලවලා තියෙන රතු පාට ස්ටිකර් එකෙන්.

ඉතිං කවුරු හරි අම්ම කෙනෙක් ඔය කියන කාණ්ඩයක නම් ඉක්මනින් මිඩ් වයිෆ් මිස් ට කතා කරල අදාල ක්ලිනික් එකේ වෙලාව සහ තැන අහගන්න.

සමහර විට තමන් ට පුරුදු තැන ක්ලිනික් එක නැති වෙයි. පුරුදු වෙලාවට නැති වෙයි.

කොහොම උනත් එහෙම යනකොට අම්ම ඇරෙන්න පවුලේ අනික් අය ක්ලිනික් එක ට ඇතුල් නොවී ඉන්න වග බලාගන්නව නම් හොඳයි.

ඒ වගේම කිලින්ක් එකට ගිහින් ඉඳ ගන්නකොට අනික් අම්මලාට අඩි තුනක් වත් දුරින් ඉඳගන්න පුරුදු වෙන්න.

( ඈතින් තියල තියෙන පුටු ලඟට ඇදල අරගෙන කතා කර කර ඉන්න හදන්න එපා )

සායනයට ඇතුල් වෙනකොටත් පිට වෙන කොටත් අත් සෝදන්න පුරුදු වෙන්න.

පුලුවන් තරම් ඉක්මනින් තමන් ආපු වැඩේ කරගෙන ගෙදර යන්න. ( යාලු අම්මලා වැඩ ඉවරකරගෙන එනකල් ඉන්නෙ නැතුව )

බැරි වෙලාව ත් අම්ම කෙනෙක් ට උණ කැස්ස තියෙනවා නම් ඉක්මනින් ම ඒ බව මිඩ් වයිෆ් මිස් ට දැනුම් දෙන්න ඕන.

ඒ වගේම සති තිස් හය සම්පූර්ණ වෙන හැම අම්ම කෙනෙක් ම බබා දඟලන එක කාඩ් එකක සලකුනු කරන්න ඕන.

ඒ නිසා සති තිස් දෙකෙන් යන ක්ලිනික් එකේ දි අමතක නොකර කාඩ් එක ඉල්ල ගන්න ඕන වගේම කාඩ් එක සලකුනු කරන විදිහත් ඉගෙන ගෙන එන්න ඕඅන.

අන්තිම කාරනාව ක්ලිනික් යන්න හරි බෙහෙතක් ගන්න හරි ඇරෙන්න වෙන කිසිම දේකට ගෙදරින් එළියට යන්න එපා.

මේ හැම දේටම උවමනා වෙන නිසා මිඩ් වයිෆ් මිස් ගෙ ටෙලිෆෝන් නොම්මරේ අමතක නොකර ඉල්ලගෙන පේන තැනක ලියල තියාගන්න.

මොකද ගොඩක් වෙලාවට නොම්මරේ තියෙන්නෙ අම්ම ලඟ . ඒත් කෝල් එක ගන්න වෙන්නෙ තාත්තට හරි පවුලෙ වෙන කෙනෙක් ට හරි.

කොව්ඩ් 19 හා ගැබිනි මව්වරුන්

අන්තිමට කියන්න කාරනා කීපයක් තියෙනවා.

බැරි වෙලාවත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට කොරෝනා හැදුනොත් හරි හැදිලා කියලා සැක කලොත් ඒ වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක් ම මේ වෙනකොට සූදානම් කරලයි තියෙන්නෙ.

අම්මලා දරුවො ලැබෙන්න යන හැම ඉස්පිරිතාලෙකම ඒ වගේ අම්මලාව වෙන් කරලා තියාගෙන ප්‍රතිකාර කරන්න අවශ්‍ය පහසුකම් හදල තියෙනවා.

ඒ නිසා ඔබට බය නැතුව රජයේ ඉස්පිරිතාලෙකට එන්න පුලුවන්.

ඒ වගේම කොරෝනා හැදුනු හරි කොරෝනා හැදිල කියලා සැක කරන කිසිම ගර්භනී අම්ම කෙනෙක් ට , දරුවෙක් ප්‍රසූත කල අම්ම කෙනෙක් ට වහේම අලුත උපන් දරුවෙක් ට ප්‍රතිකාර කරන්න කිසිම පෞද්ගලික රෝහලකට අයිතියක් නෑ. දැනට ඒ අයට ඒක නීතියෙන් තහනම්. ඒ නිසා කොරෝනා කියලා සැක නම් පෞද්ගලික රෝහල් වලට යන්න එපා.

අන්තිම කාරනාව කොරෝනා රෝගය සහ මවු කිරි දීම අතර කිසිම ප්‍රශ්නයක් නෑ.

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

 

ඇත්තෙන්ම මවුකිරි ඔබේ දරුවාව කොරෝනා වලින් ආරක්ශා කරනවා. ඒ නිසා බය නැතුව මව්කිරි දෙන්න.

මව් කිරි වලින් කොරෝනා බෝ වෙන්නෙ නෑ. හැබැයි අම්මට ලෙඩේ තිබුනොත් කෙල බින්දු වලින් දරුවට බෝ වෙන්න පුලුවන් නිසා

1 මාස්ක් එකක් ( මුව වැස්මක් ) දාගන්න
2 අත් සහ පියයුරු හොඳින් පිරිසිදු කරගන්න
ඊට පස්සෙ මව්කිරි දෙන්න.

මාතෲ සෞඛ්‍ය අතින් ලංකාවෙ අපි ඉන්නෙ ලෝකයේ ඉතාම ඉහල තැනක. ඒක හරිම අමාරුවෙන් හදාගත්ත තත්වයක්.

කොරෝනා නෙවෙයි ඊට වඩා දෙයක් ආවත් අපිට ඒක නැති කරගන්න බෑ.

ඒ නිසා මේ වෙලාවෙ මේ ගැන උනන්දුවෙන් වැඩ කරන්න. මේ පණිවිඩය ගෙනියන්න.

කොරෝනා මරනයක් කියන්නෙ ජීවිතයක්. මව් මරණයක් කියන්නෙ ජීවිත දෙකක්. සමහරවිට තුනක්.

කොව්ඩ් 19 හා ගැබිනි මව්වරුන් ගැන  මෙතුමාගේ මුල් ලිපිය පහතින්

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ? ( කරුණාකර ඝර්භනී මව් වරුන්ට මේ පණිවිඩය ලබා දෙන්න…. Posted by Nuwan Thotawaththa on Saturday, 21 March 2020

වෛද්‍ය නුවන් තොටවත්ත
එම් එස් සී (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති‌යේ වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?
බෙදාගන්න :
  • ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

    ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

  • කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?

    කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?

  • ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

    ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

  • කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?

    කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it