කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

ස්වයං නිරෝධනය සමයේ ආසාදිත ‌නොවන සහකරුවන් ‌දෙදෙනෙකුට ආරක්ෂිතව ලිංගිකව එක්වෙන්න පුළුවන්.

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?  අපි ‌මේ සම්බන්ධ විද්වත් අදහස් කිහිපයක් අද බලමු.

ඇදිරි නිතීය හෝ වේවා කිනම් නිතීයක් හෝ වේවා යටතේ මේ වෙන විට ඔබ සහ  ඔබේ පවුල නිවස තුල ස්වයං නිරෝධනය වෙමින් සිටිනවා.

ඔබ ආසාදිතයෙකු නම් ඔබෙන් සමාජය ආරක්ෂා කර ගැනීමත් ඔබ ආසාදිතයෙකු නොවේ නම් ඔබව ආසාදිතයන් ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ වෙනවා.

ඒ වගේම මේ දවස් වල සමාජ මාධ්‍ය ජාලයන් පුරා මේ සම්බන්ධව විවිධ දේවල් දකින්න ලැබුනා.

ස්වයං නිරෝධනය වෙන කාලය තුල බිරිද ගර්භණි කිරීම හා සම්බන්ධ බොහොමයක් සිනාහව උපදවන වැකි වුනා.

නමුත් අපි පිටින් බලා එවැනි තත්වයක් හිතුවද ඇත්තට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බවක්ද වාර්තා වුනා.

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

කොඩ්ඩ් 19 පැතිරෙන සමයේ ලිංගිකව එක්වීම ආරක්ෂිතද?

සමාජ දුරස්ථතාව ඇති කල යුතු මේ මොහොතේ ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කරා යොමු වීමෙන් නැතිනම් ඒ සදහා සමාජ ගත වීමෙන් ඊලග කොවිඩ් 19 ආසාදිතයා වෙන්න පුළුවන්.

ඊලගට අහිමි වෙන දිවිය ඔබේ වෙන්න පුළුවන්. නමුත් එය ඔබේ සාමාන්‍ය පවුල් ජිවිතය සදහා අදාල නොවේ.

ඔබ හා ඔබේ සහකරුට හෝ සහකාරියට සාමාන්‍ය ලිංගික ජිවිතයක් ගෙනියන්න කොවිඩ් 19 න් තහංචියක් නැහැ.

ඔබ හා ඔබේ සහකරු සහකාරිය එකම තැනක නිරෝධායනය වෙනවා නම් ඔබට ලිංගිකව හැසිරීමට බාධාවක් නැහැ.

මෙහෙම කියන්නේ විකල්ප සෞඛ්‍ය උපදේශක වෛද්‍ය මෙහමෙට් ඕස් මහතායි.

ඔහු චිකාගෝ නගරයේ යුවලයන් සම්බන්ධයෙන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් එසේ කියා සිටියා.

සමාජ දුරස්ථතාවය අත්විදින මෙවන් මොහොතක ඒ සමග කටයුතු කිරීමට එක්ව නිරෝධායනය වෙන යුවලකට කල හැකි හොදම දේ ලිංගිකව හැසිරීම බව ඔහු පවසා සිටිනවා.

තවද ඒ මගින් ඔබ වැඩි කල් ජීවත් වනු ඇති බවත්, ඔබ ආතතියෙන් මිදෙනු ඇති බවත්, සමහර විට ඔබ ළදරුවන් බිහි කරනු ඇති බවත් ඔහු පැවසු අතර එය  එකිනෙකා දෙස බලා රිදවා ගන්නවාට වඩා එය හොඳ බවත් ඔහු පැවසුවා.

ඔබ හා ඔබේ සහකරු එකට ජිවත්වෙන තාක් හා ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුටවත් රෝග ලක්ෂණ නොමැති නම් එසේ ලිංගිකව හැසිරීමේ ගැටලුවක් නොමැති බව චිකාගෝහි  විශේෂඥයින් එකග වුනා.

ලිංගික වෛද්‍ය විද්‍යාව හා ඔසප් වීම පිළිබඳ වයඹ වෛද්‍ය මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලෝරන් ස්ට්‍රයිචර් මේ සම්බන්ධයෙන් අපුරු කතාවක් පැවසුවා.

 COVID-19 නව වෛරසයක් වුවද ඒ පිළිබඳ තොරතුරු පැයෙන් පැයට වෙනස් වුවද එම වෛරසය  ආසාදිත පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීමෙන් වළකින්න යැයි මිනිසුන්ට පැවසීමට හේතුවක් නොමැති බවයි.

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

ඔබ ඔබේ සුපුරුදු ලිංගික සහකරු  ආරක්ෂිත ලිංගික ක්‍රියාවලියක් පැවැත්වීම සුදුසුයි.

 

“වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කෙළ හා ස්‍රාවයන් හරහා බව අපි දන්නවා.

එබැවින් අපට කිව හැකි පරිදි, ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති ලොකුම අන්තරාය වන්නේ ඔබේ මුහුණ අනෙක් පුද්ගලයාගේ මුහුණට සමීප කර ගැනීමයි” ස්ට්‍රයිචර් පවසනවා.

COVID-19 ලිංගිකව සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳව කිසිදු පර්යේෂණයක් කර නොමැති අතර, එය එසේ යැයි සිතීමට කිසිදු හේතුවක් නැහැලු.

කොරෝනා වෛරසය පහර දෙන්නේ ශ්වසන පද්ධතියට වෙන අතර එය ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධතාවයක් නොමැති බව මෙම විද්වතුන් තව දුරටත් පවසනවා.

විවිධ විශේෂඥයින්ගේ මතයන් එසේ වෙද්දි කොවිඩ් 19 ලිංගිකව සම්ප්‍රේශණය වෙනවාද නැද්ද යන්න තවම සොයා ගෙන නොමැති බව අපි යලිත් මතක් කරන්න කැමතියි.

නමුත් ඔබ හා ඔබේ සහකරු රෝගී නොමැති නම් එකම ස්ථානයක නිරෝධායනය වෙමින් එකටම ජිවත් වේ නම් ලිංගිකව හැසිරීමට එය බාධාවක් නැහැ නේද?

යමෙකුට වෛරසය  ආසාදනය වී තිබේ නම් හෝ රෝග ලක්ෂණ තිබේ නම්, ඔවුන් නිවසේ අනෙක් සියල්ලන්ගෙන් වෙන් කර නිරෝධායනය කළ යුතුය.

ලිංගිකව හැසිරීමට ඉඩ ලැබෙන්නේද නැත. දෙදෙනාම ආසාදිතයන් නොවේ නම්, ලිංගිකව හැසිරීම එතරම් නරක දෙයක් නොවන බව ස්ට්‍රයිචර් පැවසීය.

සිප ගැනීම ඉහළම අවදානම් ක්‍රියාකාරකමක් බවත්  මුඛ සංසර්ගය අවම අවදානමක් ලබා දෙන බවත් ස්ට්‍රයිචර් පවසනවා.

“මුඛ සංසර්ගය  අනෙක් පුද්ගලයාගේ මුහුණෙන් ඈත්ව සිටීමට හොඳම ක්‍රමය විය හැකිය,” ඇය තවදුරටත් පවසනවා.

ස්ට්‍රයිචර් පවසන ආකාරයට ඔබ ඔබේ සුපුරුදු ලිංගික සහකරු  ආරක්ෂිත ලිංගික ක්‍රියාවලියක් පැවැත්වීම සුදුසුයි.

එසේ නොවුනහොත් ඔබට මෙම  වෛරසය පමණක් නොව ලිංගාශ්‍රිතව බෝවන රෝග වැළදිමේ අවදානමක්ද තියෙනවා.

වැඩිපුර ලැබෙන කාලය නිසා  වඩාත් සමීප ලිංගික සම්බන්ධතාවයකට මග පාදන බව ලිංගික චිකිත්සක ජෙනිෆර් ලිට්නර් පවසනවා.

වසංගත භීතිකාවේ එම හැඟීම් සමනය කිරීමට ද මෙයට පුළුවන්ලු.

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා: වැඩිපුර එක්ව ගත කිරීමට ලැබෙන ලිංගික ජිවිතය

කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

මිනිසුන් අත්විඳින සමහර කාංසාවන්ට මෙය හොඳ ඖෂධයක්

“කාර්ය බහුල ජිවිතය නිසා මන්දගාමීව තිබු  ලිංගික දිවිය සරාගයෙන් ඇවිලි යා හැකි බව ලිට්නර් පැවසුවා.

 ඔක්සිටොසින් සහ ඩොපමයින් යන හෝමෝන නිසා සැබවින්ම සුරාන්තය ඇවිස්සෙන අතර මානසිකත්වය සහ සම්බන්ධතාවය ඉහළ නංවන්න පුළුවන්.

එමඟින් අවිනිශ්චිතතාවයේ මෙම කාලය තුළ මිනිසුන් අත්විඳින සමහර කාංසාවන්ට මෙය හොඳ ඖෂධයක් වෙන බවත් ඇය පැවසුවා.

ඒ වගේම වැඩි කාලයක් එකට ගත කිරීම  ලිංගික සම්බන්ධතාවයට බාධාවක් ඇතිවීමේ අවදානමක් ද ඇති බව ලිට්නර් පවසනවා.

හුරුපුරුදුකම නිසා  ආශාව හා උද්දීපනය විශාල ලෙස ඇති නොවන බවත්  මිනිසුන්ට එක්ව සිටීමට කාලය තිබෙන විට ඔවුන්ට ඉක්මනින් කම්මැලි වෙන්න පුළුවන් බව ඇය පවසනවා.

ලිංගිකව තෘප්තිය ලබා ගැනීමට  හවුල්කරුවෙකු අවශ්‍ය නැහැ.

ස්වයං වින්දනය යනු තමාම තෘප්තිමත් කරගත හැකි  පුදුමාකාර ක්‍රමයක් බවත් ලිට්නර් පැවසුවා.

ඒ වගේම ඔබ නිතර ලිංගික ඇසුරක් පැවැත්වුවද, වඩාත් පරෙස්සම් විය යුතුය.

උපත් පාලන ක්‍රම අතිරික්තයක් තබා ගැනීම ස්ට්‍රයිචර් නිර්දේශ කරනවා.

ඔබ උපත් පාලන පෙති ගන්නවා නම්, මාස කිහිපයක් වටිනා අමතර පැකට් ලබා ගන්න.

මෙතැන් සිට මාස කිහිපයක් ගත වන්නේ කුමක් දැයි අපි නොදන්නා බවත්  ඇය පැවසුවාය. 

ඔබ කොන්ඩම් භාවිතා කරනවා  නම්, එය පුපුරා යා හැකියි.

ඒ නිසා හදිසි උපත් පාලන පෙතිද තබා ගන්නා ලෙස ඇය වැඩිදුරටත් මතක් කර සිටිනවා.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මූලාශ්‍ර: www.chicagotribune.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

nimnadhi

කතන්දර ලිපි