theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

COVID-19 නිසා නිවෙස් තුළ රැඳි දරුවන්ගේ මානසික ආතතිය හඳුනාගැනීම සහ පිළියම් යෙදීම

3 අවම කියවීම
COVID-19 නිසා නිවෙස් තුළ රැඳි දරුවන්ගේ මානසික ආතතිය හඳුනාගැනීම සහ පිළියම් යෙදීමCOVID-19 නිසා නිවෙස් තුළ රැඳි දරුවන්ගේ මානසික ආතතිය හඳුනාගැනීම සහ පිළියම් යෙදීම

නිවෙස් තුළටම වී කල් ගත කිරීම අපගේ සිත්වලට ආතතිය ඇති කරන වෙලාවල් නැතුවා නොවේ. මෙය අප දරුවන්ගේ සිත් තුළද ආතතියක් ඇතිකළ හැකි බව වටහාගත යුත්තේ ඒ නිසයි. ඔබේ දරුවා ආතතියේ ලක්ෂණ පෙන්වනවාද?

කොරෝනා සහ ළමා සිත ගැන සළකා බැලීමේදී, කොරෝනා වසංගතය හේතුවෙන් එක දිගටම නිවසේ රැඳීම නිසා සමහර දරුවන්ගේ මනෝමීය ගැටළු සහ සංකුලතා ඇතිවිය හැක (psychological issues). ළමුන්ගේ සිතේ ආතතිය සහ පීඩනය (psychological distress) ඇතිවූ විට විවිධ මානසික සහ ශාරීරික ලක්ෂණ ඇතිවිය හැක (psychological and somatic symptoms).

කොරෝනා සහ ළමා සිත තුළ ඇතිවිය හැකි ආතතියේ සහ පීඩනයේ ස්වභාවය පහත සාධක මත රඳා පවතී

  • වයස (age)
  • සංවර්ධන අවස්ථාව (cognitive developmental stage)
  • සමාජ ඉගෙනීම (social learning
  • හැඟීම් පිලිබඳ බුද්ධි මට්ටම (emotional intelligence)
  • මනෝ ස්වභාවය (temperament)

ළමා සිත තුළ ඇතිවිය හැකි ආතතියේ සහ පීඩනයේ ලක්ෂණ වලට උදාහරණ

කොරෝනා සහ ළමා සිත

ඡායාරූප: pixabay.com

  • නිතරම, වෙනදාට වැඩියෙන් තරහ යාම
  • සාමාන්‍යයට වඩා කුඩා ළමයෙක් ලෙස හැසිරීම
  • නිතර කණස්සල්ලෙන් සිටීම
  • නින්ද සහ ආහාර රටා වෙනස් වීම
  • අවධානය අඩුවීම සහ කලබල ගතිය
  • පෙරදී කැමැත්තෙන් කලදේ ප්‍රතික්ෂේප කිරීම
  • හේතුවක් නැති හිසරදය සහ කැක්කුම්
  • වැඩිහිටියන් කියන දෙයට ප්‍රතිවිරුද්ධ දෙය කිරීම

දරුවන් ආතතියේ සහ පීඩනයේ ලක්ෂණ පෙන්වන්නේ නම් ඔබට කළ හැක්කේ මොනවාද?

කොරෝනා වසංගතය පිලිබඳව ළමුන් සමග කතා කරන්න

COVID-19 නිසා නිවෙස් තුළ රැඳි දරුවන්ගේ මානසික ආතතිය හඳුනාගැනීම සහ පිළියම් යෙදීම

  1. පළමුව ඔබ පිළිගත් ආයතනයක නිර්දේශ මගින් දැනුවත්වන්න (සෞඛය ප්‍රවර්ධන කාර්යාංශය   www.hpb.health.gov.lk/en)
  2. ඉතා  වැදගත් මූලික කරුණු පමණක් ඔවුන්ට කියන්න
  3. ඔබට පාලනය කළහැකි දේ සහ නොහැකි දේ පවසන්න (උදාහරණ: කෑම බීම / ඇඳිරි නීතිය)
  4. නිවස තුල ඔවුන් ආරක්‍ෂිත බව කියන්න
  5. මෙවැනි අවස්ථාවක බිය සහ කණස්සල්ල ඇතිවීම සාමාන්‍යබව තේරුම් කරන්න.
  6. කොරෝනා පිලිබඳ ප්‍රවෘත්ති බැලීම සහ තොරතුරු බෙදාහැරීම සිමා කරන්න
  7. කාලසටහනක් මගින් දිනචරියාව නැවත ස්ථාපිත කරන්න
  8. ඉගෙනීමට, චිත්‍ර ඇඳීමට, සංගීතයට සහ සෙල්ලම් කිරීමට කාලය වෙන් කරන්න
  9. දිනකට ඒකාකාරී නොවන අලුත් එක් දෙයක් කරන්න
  10. කතන්දර කියාදෙන්න, කතා පොත් කියවන්න මතක් කරන්න
  11. සෑම දඟ වැඩකටම බැනීම අවශ්‍ය නොවේ
  12. හොඳ දේ කලවිට ඉතා ඉහලින් අගය කරන්න
  13. ලැප්ටොප්, ටැබ් සහ වෙනත් තිර (screens ) භාවිතය අඩුකරන්න
  14. ඔබත් ආදර්ශයක් ලෙස ස්මාර්ට් දුරකථනය (smart  phone ) භාවිතාව අවම කරන්න
  15. අප සිතේ කලබලගතියක් සහ අවේගශීලි ස්වභාවයක් ඇති අවස්ථාවකදී සිත මෙන්ම සිරුරද සන්සුන්ව තබා ගැනීම වැදගත්ය. සිත සන්සුන්ව තබාගැනීම මගින් ඉක්මනින්ම සුපුරුදු ජිවන රටාවට පැමිණිය හැක.
  16. ළමුන්ට සිත සන්සුන්කිරීමේ ව්‍යායාමයක් කියා දෙන්න

පහත ව්‍යායාමය මගින් සිත සංසුන් කිරීමට උදව්වක් ලැබේ.

  1. පුටුවක සෘජුව වාඩිවෙන්න
  2. දෑත් දෙපසින්, යටිපතුල් පොළොවේ ද තබන්න
  3. ඔබේ දෑස් වසාගැනීම හෝ බිම බලාසිටිම සුදුසුය
  4. ඔබේ දකුණු අතේ දෙහි ගෙඩියක් ඇතිබව සිතන්න
  5. දෙහි යුෂ ගැනීම සඳහා, තදින් මිරිකන බව සිතන්න
  6. අතේ මාංශ පේශීන් කොතරම් තද වනවාදැයි සිතන්න
  7. සිතින් පහට ගණන් කරන්න
  8. දෙහි ගෙඩිය බිමට දැම්මා සිතා අත සැහැල්ලු කරගන්න
  9. පෙරට වඩා අතේ දැන් සැහැල්ලුබව සිතන්න
  10. මගේ අත දැන් සැහැල්ලුයි කියා සිතින් කියන්න
  11. දැන් ඒ අයුරින්ම වම් අතින්ද කරන්න
  12. සිරුරේ වෙනත් කොටස්ද සැහැල්ලු කිරීමේ ව්‍යායාම කල හැක

ළමුන්ගේ සිත සන්සුන්ව තබා ගැනීමට පහත දේ උත්සහ කරන්න

කොරෝනා සහ ළමා සිත

ඡායාරූප: pixabay.com

  1. සිතින් 10 ට සෙමින් ගණන් කිරීම
  2. ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යෙදීම
  3. නිස්කලංක ප්‍රසාදජනක ස්ථානයක් වෙත සිත ගෙනයාම
  4. විශේෂ සිත සන්සුන් කරවන ක්‍රියාවක දීම
  5. සෙමින් ඉහල පහල හුස්මගැනීම
  6. සංගීතයට සවන්දීම
  7. කලින් පුහුණු කල භාවනාවක යෙදීම

අවශ්‍ය විටක ළමා සහ යොවුන් මනස පිලිබඳ වෛද්‍ය උපදෙස් ලබාගන්න (Child & Adolescent Psychiatrist/Psychiatrist).

මූලාශ්‍ර: Dr. Miyuru Chandradasa

ඒ වගේම මේ වේලාවේ රෝගය පැතිරවීමට අනුබල නොදී නිසි සනීපාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් නිරෝධායන කටයුතු වලට ඔබගේ උපරිම සහය දෙන ලෙසත් අපි යලිත් ඔබට මතක් කරනවා.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක – 0710107107 සහ 0113071073

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

img
Written by

Dr. Miyuru Chandradasa, Consultant Child and Adolescent Psychiatrist - Ragama Teaching Hospital; Senior Lecturer - Faculty of Medicine - University of Kelaniya

  • Home
  • /
  • මානසික ගැටළු
  • /
  • COVID-19 නිසා නිවෙස් තුළ රැඳි දරුවන්ගේ මානසික ආතතිය හඳුනාගැනීම සහ පිළියම් යෙදීම
බෙදාගන්න :
  • දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්

    දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්

    දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it