theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්

5 අවම කියවීම
ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්

නව පරීක්ෂණයක් කල තවත් අනාවරණයක්

ගැබිනි මවට කොවිඩ් බලපෑම ගැන ‌බොහෝ දෙනෙක් මේ දවස් වල සොයා බලනවා.

කොවිඩ් 19 ඩසංගතය කියන්නේ අලුත්ම තත්වයක් නිසා ඒ ඒ පුද්ගලයාට වෙන බලපෑම ගැන එකවර අදහසක් ගන්න බැහැ.

මේ පිළිබද රටවල් බොහොමයක පරීක්ෂණ දියත් වන්නේ අන්න ඒ නිසයි.

ප්‍රතිශක්තිකරණයට ඉහලින්ම තර්ජනයක් වෙන කොවිඩ් 19 අභියස ප්‍රතිශක්තිකරණය අවම අය අතර සිටින ගැබිනි මව්වරුන්ගේ සෞඛ්‍යට කොහොමද බලපාන්නේ යැයි සොයා බැලීමටත් විවිධ පරීක්ෂණ පවත්වනු ලැබුවා. 

ඒ අනුව මෙම වෛරසය  දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල සිටින ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට ආසාදනය වෙන බව සොයා ගෙන තියෙනවා.

ඒ නිසා ගබ්සාවන් සිදු වීමට ඉඩ කඩ තියෙනවාලු.

මේ තොරතරු ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයක් විසින් පසුගියදා  ප්‍රකාශයට පත් කරන ලදී. 

එම පර්යේෂණයේ දත්ත අනුව දෙවන ත්‍රෛමාසික කාලය තුළ කෝවිඩ් -19 මගින් වැදෑමහ ආසාදනයක් ඇතිවෙන්න පුළුවන්ලු.

එම නිසා මෙම කාරණා ඔබ වෙත ගෙන්නේ බිය වන්නට නොවේ.

වසංගතයක් ලොව පුරා පැතිර යන මේ අවාසනාවන්ත මොහොතේ ඔබේ ආරක්ෂාවේ වැදගත් කම මතක් කර දීමටයි.

ගැබිනි මවට කොවිඩ් බලපෑම

ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්

එක් ගර්භනී කාන්තාවකට දෙවන ත්‍රෛමාසිකය තුල පහත ලක්ෂණ ඇති වුනා

  • අංශක 102.5 ක උණ
  • මාංශ පේශි වේදනාව
  • තෙහෙට්ටුව
  • ගිලීමේ දි මෘදු වේදනාව
  • පාචනය 
  • වියළි කැස්ස 

දවස් දෙකකට පසුව ඇය කොවිඩ් 19 සදහා පරීක්ෂා කිරීමෙන් පසු එම රෝගය වැළදි ඇති බව තහවුරු වුනා.

ඇයට වේදනා නාශක ලබා දුන් නමුත්  දරුණු ගර්භාෂ හැකිලීම්, උණ සහ රෝග ලක්ෂණ වෙනසක් නොවීමෙන් ඇය නැවත රෝහලට පැමිණියා.

මාර්තු 20 වන දින ඇය පැය 10 ක දරු ප්‍රසූතියකින් පසු මළ දරු ප්‍රසුතියක් සිදු කලා.

ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්

ඇය මීට පෙර කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂාවට ලක් වී තිබුනත් දරු ප්‍රසූතියේදී සාම්පල ලබා ගත් ඇගේ රුධිරය සහ යෝනි ස්‍රාව දෙකම කොවිඩ් 19 සදහා  ඍණාත්මක වුනා. 

උපතින් මිනිත්තු කිහිපයක් ඇතුළත මිය ගිය දරුවාගේ  මුඛය, කකුල, මළ මූත්‍රා සහ රුධිරය කොව්ඩ් පරීක්ෂාවක් කල නමුත් එයද කොවිඩ් 19 සදහා ඍණාත්මක වුනා.

පෙකිණි වැල ආසන්නයේ වැදෑමහේ කල පරීක්ෂණයකදි එය කොවිඩ් 19 සදහා ධනාත්මක විය.

මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ මෙම කොවිඩ් -19 රෝගියාගේ ගබ්සා වීම සදහා වෛරසය වැදෑමහ ආසාදනයට හේතු විය හැකි බවයි.

පර්යේෂකයන් නිගමනය වුයේ කලලය ආසානය නොවුවද මව හා වැදෑමහ ආසාදනය වී ඇති බවයි. 

මෙම ගබ්සා වීමට වෙනත් හේතු හඳුනා ගැනීමට ද ඔවුන්ට නොහැකි වුනා.

භ්‍රෑණ වර්ධනයේ අවධිය සහ මාතෘ ආසාදනවල කෙටි කාලය අනුව වෛරසය නොපැවතීම පුදුමයක් නොවන බව පර්යේෂකයෝ පැවසූවා. 

SARS CoV-2 වැදෑමහ බාධකය හරහා යනවාද යන්න වැඩිදුර විමර්ශනය කිරීම අවශ්‍ය වෙනවා.

මේ සම්බන්ධව වැඩිදුර අදහස්

ගර්භණී රෝගීන්ගෙන් 40% ක්ම කොරොනා වෛරස් වර්ග වු  MERS සහ SARS යන දෙකෙහිදිම  උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය, 40% ක් තුළ වැදෑමහයේ මාතෘ පැත්තෙන් ආසාදනය වීම හෝ භ්‍රෑණ වර්ධනයට බාධාවක් ඇති බව JAMA හි වාර්තාවේ සඳහන් වෙනවා. 

2002 සිට 2003 දක්වා වසංගතය තුළ SARS ආසාදනය වූ ගර්භනී කාන්තාවන් 12 දෙනෙකු පිළිබඳ සමාලෝචනයේදී, පළමු ත්‍රෛමාසිකයේ කාන්තාවන්ගෙන් 57% ක් ගබ්සා වී ඇති බව ද ලැන්සෙට් හි වෙනම අධ්‍යයනයකින් හෙළි වුනා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දෙවන හා තුන්වන ත්‍රෛමාසික කාලය තුළ 40% ක් කලලය වර්ධනය වීම  සීමා වීමද,  80% ක් නොමේරූ දරු උපත් ද  සිදු වී තියෙනවා.

ගෝලීය වසංගතය ලොව පුරා දස දහස් ගණනකට ආසාදනය වීම නිසා ගර්භනී මව්වරුන්ටද ආසාදනය වීමේ  වැඩි අවදානක් තියෙනවා.

ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් තම රෝගීන් තුළ ගබ්සා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර ඇති බව  කැලිෆෝනියාවේ ලා කැසාඩා හි පුහුණුව ලත් නාරිවේද විශේෂඥ මණ්ඩලයේ සහතික කළ වෛද්‍ය ජේන් වැන් ඩිස් පවසනවා. 

තම  සගයකු මෑතකදී සති තුනක් තුල  ඉබේ සිදු වු ගබ්සා 18 ක් දුටු බවත්  සති තුනක්, තවත් වෛද්‍යවරයෙක් සති දෙකකින් ගබ්සා කිරීම් පහක් දුටු බවත් මෙහිදි ඇය CNBC වෙත පැවසුවා.

මෙම වෛද්‍යවරුන් කලල අභාවයට පත්වීමේ තත්වයක් සොයාගෙන ඇති බවත්, එයින් අදහස් වන්නේ ගර්භනී මව්වරුන්ගේ තුන්වන ත්‍රෛමාසිකයේ ගබ්සාවන් සිදු විය හැකි බවත්ය.

බොහෝ වෛද්‍ය වරුන් කොරොනා ආසාදිතයින්ගේ පෙනහළු, හදවත හෝ වකුගඩු වල රුධිර කැටි නිරීක්ෂණය කර තියෙනවා

එසේ නම් රුධිර නාලිකා රාශියකින් සැදුම් ලත් වැදෑමහ තුලත් රුධිර කැටි ඇතිවෙන්න පුළුවන්.

වැදෑමහ තුළ රැධිර කැටි ගැසීමෙන්  කලලයට ඔක්සිජන් ගමන අඩුවීමට හේතු වන අතර කලලය මිය යාමේ අවදානම වැඩි කරයි. 

කොරොනා වෛරසය නිසා වැඩි ගබ්සාවන් සංඛ්‍යාවක් නිරීක්ෂණය කර ඇත්දැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් 210 දෙනෙකුගෙන් විමසමින් වැන් ඩිස් පෞද්ගලිකව පරීක්ෂා කර ඇත

මෙහිදි  පළමු ත්‍රෛමාසික 42% ක වැඩිවීමක්, දෙවන ත්‍රෛමාසික 20% ක වැඩිවීමක් සහ තෙවන ත්‍රෛමාසික 21% ක වැඩිවීමක් දක්නට ලැබී ඇත.

 ඔවුන්ගේ බොහෝ රෝගීන්ට රෝග ලක්ෂණ නොමැති නිසා සහ පරීක්ෂාවට ලක් නොවූ හෙයින්, කොවිඩ් -19 ම ගබ්සා කිරීම් සඳහා හේතු වී ඇතිදැයි තහවුරු කරන්න බැහැ . 

කොවිඩ් -19 සඳහා ගර්භනී කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පරීක්‍ෂා කළ යුතු බව ඇය පවසනවා.

මෙම තොරතුරු ඔබ වෙත ගෙන ආවේ බිය වන්නට හෝ කලබල වන්නට නොවන බව කරුණාවෙන් මතක් කරමු.

කොවිඩ් 19 ලෝකයට අලුත්ම තත්වයක් නිසා එහි බලපෑම අධ්‍යන වලින් වඩාත් තහවුරු කරන තුරු අපට තහවුරු කල නොහැකියි. 

මේ විශේෂඥයන් කිහිප දෙනෙකුගේ අත් දැකීම් හා අදහස් ඇසුරින් ලියන ලද ලිපියකි.

ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්

  • කෙසේ වෙතත් ඔබ ගැබිනි මවක් නම් රෝගය ආසාදනයෙන් වැළකි සිටීමට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් හැකි තරම් පිළිපදින්න.
  • අන් අයගෙන් ඈත් වී සිටින්න.
  • වැඩි ජනතාවක් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.
  • නිතර අත් සබන් යොදා පිරිසිදු කරන්න අමතක කරන්න එපා.
  • හොද පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න.
  • දිනපතා ගන්නා විටමින් වර්ග හා ඔබට ගැබිනි සමයේ ලබා දෙන එන්නත් ලබා ගන්න.
  • නිවසට වී සිටින්න. ආරක්ෂිතව සිටින්න.

ගැබිනි මවට කොවිඩ් බලපෑම ගැන වු මේ ලිපිය ඔබට දැනුම ලබා දෙන්න ඇතැයි අප සිතනවා.

ඔබට නිරෝගි දරු උපතක් සදහා අවශ්‍ය සියලුම දැනුම ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණයි.

මුලාශ්‍ර - www.cnbc.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ගැබිනි මව්වරුන්ට දෙවැනි ‌ත්‍රෛමාසිකය තුල කොවිඩ් ආසාදනය නිසා අවදානමක්
බෙදාගන්න :
  • ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට  COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

    ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට  COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

    ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it