theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

5 අවම කියවීම
ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට  COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයිගැබිනි මව්වරුන්ගේ වැදෑමහට  COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

ගැබිනි මවට කොවිඩ් ඉතිරි කරන අවසාන ඵලවිපාක මොනවාද?

COVID-19 වසංගතය ආරම්භයේ සිටම ගර්භනී මවට කොවිඩ් බලපෑම ගැන ගැබිනි මව්වරුන් ගොඩාක් හොයලා බැලුවේ එය ඇයගේ නුපන් දරුවාට බලපායිද යන්න දැන ගැනීමටයි.

මේ වසංගත තත්වය ඇති වී සුළු කාලයක් තුල විවිධ මති මතාන්දර ඇති වුනත් ඒ ඒ කාරණා පිළිබදව විවිධ අධ්‍යන පවත්වනු ලැබුවා.

ඒ අනුව COVID-19 සහිත ගර්භනී කාන්තාවන් 16 දෙනෙකු පිළිබඳ නව නමුත් කුඩා අධ්‍යයනයක ප්‍රතිඵල ඇමරිකානු සායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ ජර්නලයේ ප්‍රකාශයට පත් වුනා.

එහිදි මෙම කාන්තාවන් 16 දෙනාම චිකාගෝ රෝහලක දිනපතා පරීක්ෂාව ලක් වුනා.

ඒ අතර  ඔවුන්  වැදෑමහයට සිදු වූ තුවාල පිළිබඳ සාක්ෂි පෙන්නුම් කරන බව පර්යේෂකයන් සොයා ගත්තා.

ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට  COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

ගර්භණී සමයේදී වැදෑමහේ වැදගත්කම

මයෝ ක්ලින්ක් එකට අනුව, වැදෑමහ යනු ගර්භණී සමයේදී ගර්භාෂය තුළ වර්ධනය වන පළමු ඉන්ද්‍රියයි.

එය වර්ධනය වන කලලයට ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ ලබා දීමේ වගකීම දරයි.

එහිදි කලලයේ පෙනහළු, බඩවැල්, වකුගඩු සහ අක්මාව ලෙස එයා ක්‍රියා කරන අතර දරුවාගේ රුධිරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට ද උපකාරී වෙනවා.

ඒ වගේම වැදෑමහගේ සෞඛ්‍යයට බලපාන අවස්ථා තියෙනවා.

එනම් දරු ප්‍රසූතියට පෙර මවකගේ වතුර බෑගය බිදි යෑම,  අධික රුධිර පීඩනය, බහු ගැබ් ගැනීම්, රුධිර කැටි ගැසීමේ ආබාධ වැනි අවස්ථා ඊට නිදසුන් වෙනවා.

මාර්තු 18 සිට මැයි 5 දක්වා වයඹදිග වෛද්‍ය ප්‍රෙන්ටිස් කාන්තා රෝහලේදී දරු උපතෙන් පසු මව්වරුන් පිළිබඳව ව්‍යාධි පරීක්ෂණ සිදු කරන ලදී.

ගර්භනී මවට කොවිඩ් බලපෑම: මවගේ සිට කලලය දක්වා රුධිර ප්‍රවාහය දුර්වල වීම

ගැබ් ගැනීම් 16 න් එක් ගැබ් ගැනීමක් දෙවන ත්‍රෛමාසිකයේ සිදු වූ ගබ්සාවක් වීමට ලක් වු බව වාර්තා වුනා.

අනෙක් සියලුම ළදරුවන් සෞඛ්‍ය සම්පන්නව හා COVID-19 වලින් තොරව උපත ලබා තියෙනවා.

"මෙම ළදරුවන්ගෙන් බොහෝ දෙනෙක් සාමාන්‍ය ගැබ්ගැනීම් වලින් පසුව පූර්ණ කාලීනව දරු ප්‍රසූතියකින්  බිහි වී තියෙනවා.

එබැවින් වැදෑමහයේ කිසිඳු වැරැද්දක් සොයා ගනු ඇතැයි ඔබ හිතන එකක් නැහැ.

නමුත් මෙම වෛරසය වැදෑමහයේ යම් හානිකර තත්වයක් ඇති කරන බවක් පෙනේ"

යැයි  වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාධි විද්‍යාව සහ අධ්‍යයන කතුවරයා වන සහකාර මහාචාර්ය වෛද්‍ය ජෙෆ්රි ගෝල්ඩ්ස්ටයින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මීට අමතරව,  කාන්තාවන් 12 දෙනෙකුම මවගේ සිට කලලයට රුධිරය ගෙන යන නාලවල දුර්වලතාවයන් ගෙන් (සනාල අක්‍රමිකතා) මෙන්ම වැදෑමහයේ රුධිර කැටි ගැසීම් ද අත්විඳ ඇති බව අධ්‍යයනයෙන් හෙළි වුනා.

“මෙම සොයාගැනීම් මගින් කොරෝනා වයිරසය පිළිබඳ යම් කැටි ගැසීමක් ඇති විය හැකි අතර එය වැදෑමහ තුළ සිදුවෙමින් පවතිනවා,”

ගෝල්ඩ්ස්ටයින් රොයිටර් පුවත් සේවයට පැවසුවා.

වැදෑමහ රුධිර ප්‍රවාහ ගැටළු  නිසා ගර්භාෂයේ වර්ධන ගැටළු හෝ දරුණු තත්වයන්, මධ්‍යම ස්නායු පද්ධතියේ හානිදායක තත්වයන් හෝ මළ දරු උපත් යන ගැටළු ඇතිවෙන්න පුලුවන්.

ගර්භනී කාන්තාවන් සමීපව අධීක්ෂණය කිරීම

ගර්භනී මවට කොවිඩ් බලපෑම

එක් කාන්තාවකට සිදු වු ගබ්සාව COVID-19 නිසාම සිදු වුවාද යන්න පර්යේෂකයන්ට සොයා ගත නොහැකි වුනා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ වගේම ඇයගේ වැදෑමහයට හානිය සිදුවුන ආකාරයද සොයා ගැනීමට නොහැකි වූ බව ගෝල්ඩ්ස්ටයින් පැවසුවා.

"පොදු කොරොනා වෛරස් හා සම්බන්ධ වැදෑමහට අදාල හානිවීම්  සොයාගෙන නැහැ,"

කතුවරුන් පැවසුවේ කුඩා අධ්‍යයන ප්‍රමාණයක් තිබුනත් වැදෑමහේ සෞඛ්‍යය පිළිබඳ විශාලතම පරීක්ෂණය මෙය බවයි.

නමුත් මෙම සොයාගැනීම් සමඟින්, COVID-19 සහිත කාන්තාවන් සඳහා පූර්ව ප්‍රසව පරීක්ෂාව අවශ්‍ය බව යෝජනා කරනවා..

මේ වන විට ගර්භනී කාන්තාවන් අධීක්ෂණය කරන ආකාරය පිළිබඳව වෙනස්කම් කළ යුතු බව අධ්‍යයනයේ සම කර්තෘ වයඹ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වෛද්‍ය එමිලි මිලර් ඉල්ලා සිටියා.

ඇය පවසන පරිදි, එය ගර්භණී සමයේදී වැදෑමහයේ ඔක්සිජන් ලබා දීම පරීක්ෂා කිරීම  හා ඉන්පසුව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් හරහා ළදරුවන්ගේ වර්ධනය පරීක්ෂා කිරිම  තුලින් කරන්න පුළුවන්. 

කෙසේ වෙතත්, අධ්‍යයනය මගින් මෙම ගැටළුව විසඳීම සඳහා යමෙකු නිසි වේලාවට කලින් ක්‍රියා කල යුතු බව අදහස් කරන්නේ නැති බව ඇට්ලන්ටා හි එමරි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ නාරිවේද හා ප්‍රසව වෛද්‍ය අංශයේ මුලසුන හොබවන ජේමිසන් පැවසුවා.

ජේමිසන්ට අනුව, සියලු ආකාරයේ අවදානම් වලට සම්බන්ධ වන අමතර පරීක්ෂණ සිදු කිරීම මඟින් අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. 

"මෙම අධ්‍යයනයෙන් පිළිතුරු සොයනවාට  වඩා ගැටළු ඉස්මතු වෙනවා.

වැදෑමහ දෙස නිරීක්ෂණය තුලින් ගර්භණී සමයේදී සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපට උපකාරී වෙනවා.

නමුත් කොවිඩ් -19 සහිත ගර්භනී කාන්තාවන් රැකබලා ගැනීමේදී සායනිකව අදහස් කරන දෙයට පැනීම ගැන අපි සැලකිලිමත් විය යුතුයි. "

ඔහු තව දුරටත් පවසනවා.

ගර්භනී මවට කොවිඩ් බලපෑම: මව්වරුන් දිරිමත් කරන ප්‍රතිඵල

පර්යේෂණයෙන් මතුවූ එක් ධනාත්මක සොයාගැනීමක් තියෙනවා.

වැදෑමහයට හානියක් සිදු වන බවක් පෙනෙන්නට තිබුණත්, COVID-19 ධනාත්මක මව්වරුන් ගෙන් තම නූපන් දරුවාට කොරෝනා වෛරසය සම්ප්‍රේශණය නොවීම එම සොයා ගැනීමයි.

රුධිර ප්‍රවාහය අවහිර වීමට අමතරව වැදෑමහ ඒවා තිබිය යුතු ප්‍රමාණයට වඩා  බොහෝම කුඩා විය.

අධ්‍යයනය අනුව  අලුත උපන් දරුවන් “සෞඛ්‍ය සම්පන්න, පූර්ණ කාලීන, ලස්සන සාමාන්‍ය ළදරුවන් වු” බව මිලර් පැවසුවා..

මෙය අපගේ සීමිත දත්ත මත පදනම්ව සජීවී උපත ලැබූ ළදරුවන් තුළ ඍණාත්මක ප්‍රතිඵල ඇති කරන බවක් නොපෙනෙන ගෝල්ඩ්ස්ටයින් සොයාගැනීම් අනුව සොයාගෙන තිබුනා.

අම්මලා කළ යුතු දේ 

ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට  COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි

සෑම කෙනෙකුටම නිර්දේශිත එකම පූර්වාරක්ෂාව ගර්භනී මවුවරුන්ට නිර්දේශ කරනු ලබනවා.

ඒ අනුව , නිතිපතා අත් සේදීම, එළිමහනේදී මාස්ක් එකක් පැළඳීම සහ මුහුණට අත නොතැබීම ඔවුන් කළ යුතුයි.

"අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා " යනුවෙන් අම්මලාට මතක් කර දෙන බව ජේමිසන් පැවසනවා.

ඒ වාග්ම ගර්භනී කාන්තාවන්ට උපකාර ඉල්ලා සිටීමට හා ලබා ගැනීමට මෙය  වෙන කවරදාටත් වඩා හොඳ කාලයක්” යැයි ඇය පැවසුවා.

ඇය පවසන පරිදි, ගර්භනී කාන්තාවන්ට උදව් ලබා ගත හැකි බොහෝ හේතු තියෙනවා.

එමඟින් පවුලේ සාමාජිකයින්ගෙන් සහය ලබා ගැනීමට , ගෑස් පුරවා ගැනීමට, සිල්ලර බඩු ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්.

විශේෂඥයන් විසින්  ගර්භනී මවුවරුන්ට උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා අමතන ලෙස උපදෙස් ලබා දෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

මුල් රචනය: Jia Ling

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිනි මව්වරුන්ගේ වැදෑමහට COVID-19 වින කරන බව නව අධ්‍යයනක් අනාවරණය කරයි
බෙදාගන්න :
  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it