theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

5 අවම කියවීම
ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයාශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

කොවිඩ් 19 ශ්‍රී ලංකාවටත්?

කොවිඩ් 19 ‌ලෝකය පුරා ඉතා  ‌වේගයෙන් පැතිර යමින් තියෙනවා.

2020 මාර්තු 11 වැනිදා එනම් අද දින උදෑසන  අපට අසන්න ලැබෙන්නේ සතුටුදායක පුවතක් නම් නොවේ.

ලොව පුරු ජිවිත රැසක් බිලිගත් සහ ලෝකයට මහත් බලපෑම් කරමින් පසුගිය වසරේ අවසන් මාසයේ චීනය තුලින් නැගී ගත් කොවිඩ් 19 නම් භයානක වෛරසයේ සෙවනැල්ල අප රටටද වැටුනු බව අද උදෑසන වාර්තා වුනා. 

මෙම වෛරස මාස තුනක් තිස්සේ ලෝකයේ බලවතුන් පවා වෙලා ගනිද්දි අපේ පුංචි රටට ආපු ආසදිත චීන කාන්තාව පවා සුව කර ආපසු යවලා කොච්චර නම් අපේ රටේ මිනිස්සු සතුටු වුනාද?

ඉන්පසු චීනයේ හිර වෙලා හිටි අපේ ළමයි චීනයටම ගිහින් ලංකාවට එක්ක ගෙන ඇවිත් නිරෝධායනය කරන්න තරම් අපි කොතරම් මානුෂික වුනාද?

මේ කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වන්න අපේ රට තුල කොච්චර නම් විධිවිධාන ක්‍රියාත්මක වුනාද?

නමුත් ඒ සියල්ල අතරතුර අද ඇසුන මේ පුවතත් එක්ක අපේ රටටත් තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.

දැන් මේ උදා වී ඇත්තේ බිය වී කලබල වෙන මොහොතක් නම් නෙමෙයි.

මේ රෝගයට එරෙහිව යන්න එය පාලනය කරන්න ඔබේ උපරිම සහයෝගය ලබා දෙමින් කල්පනාවෙන් වැඩ කල යුතු මොහොතකි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතාලි සංචාරක පිරිසකට මග පෙන්වු 52 හැවිරිදි මග පෙන්වන්නෙකු රෝගයට ගොදුරු වී තියෙනවා.

ඔහු  සති දෙකක් මේ සංචාරක පිරිස සමග සංචාරක කටයුතු වල නිරත වෙලා තියෙනවා. සංචාරක පිරිස මේ වෙන විට ශ්‍රී ලංකාවෙන් පිට වී ගොස් ඇති බව වාර්තා වෙනවා.

මේ වෙන විට මෙම රෝගීයා නිරෝධායනයට ලක් කර ඇති බවත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තියෙනවා.

මෙම සංචාරක කණ්ඩායම සංචාරයේ යෙදුනු ස්ථාන හා ඔවුන් ඇසුරු කල පුද්ගලයන් පිළිබද දැනට තොරතුරු සොයමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ වගේම දැනට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට පැමිණෙන්නන් නිරෝධායනය කෙරෙනවා.

ඒ වගේම කොවිඩ් 19 ට එරෙහිව කටයුතු කිරීම සදහා විදේශ ගතව සිට පැමිණෙන ජනතාවගේ සහය රජය බලාපොරොත්තු වෙනවා. 

covid  19 ට එරෙහිට අපි ජාතියක් ලෙස නැගි සිටිය යුතුයි. සුව වීමට වඩා වළක්වා ගැනීම සුදුසු නිසා අපි රෝගය පැතිර යාම වැළැක්වීමට සනීපාරක්ෂක පුරුදු තදින්ම ක්‍රියාත්මක කරමු.

මේ මොහොතේ ඔබට වැදගත් වේවි යැයි සිතන නිසා මීට කලින් අපි ලිපි මගින් ඉදිරි පත් කල පහත කාරණා කිහිපය යලි මතක් කරනවා.

කොවිඩ් 19 රෝග ලක්ෂණ

ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

 

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවකට සමාන රෝග ලක්ෂණ පෙන්වන ශ්වසනාබාධයේ රෝග තත්වය  මෘදු, මධ්‍යස්ථ සහ ඉහළ තත්වයක් දක්වා රෝග ලක්ෂණ දිස් කළ හැක.

  • නාසයෙන් හොටු දියර ගැලීම
  • හිසරදය
  • කැස්ස
  • උගුර කෙවීම
  • උණ
  • ඇඟට දැනෙන අසනීප හැඟීම

රෝගය පැතිරිය හැකි ආකාර

ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

  • ආසාදිත පුද්ගලයින් කැස්ස සහ කිවිසුම් යාම මගින් රෝගය බෝ වි හැක.
  • ආසාදනයට ලක් වූ  පුද්ගලයෙකුගේ දෑත් හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන්
  • ආසාදිත පුද්ගලයින් ස්පර්ශ කර ඇති දොරවල් වැනි දෑ ස්පර්ශ කිරීමෙන්

කොවිඩ් 19  ආරක්ෂා වීම සඳහා කළ හැකි දේවල්

ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  1. ඇල්කොහොල් අන්තර්ගත (sanitizer) ඝන හෝ දියර සබන් සහ ජලය භාවිතා කර නිතරම අත් පිරිසිදු කරගන්න.
  2. මේ දවස් වල ගමන් බිමන් යොදාගෙන තියනවා නම් ඒවා මේ තත්වය සමනය උනාම වෙන දවසක දා ගන්න. මේ දින වල දරුවොත් අරගෙන රට පුරා සංචාරය කරන්නට එපා.
  3. යන්නට අවශ්‍ය අනිවාර්ය ගමනක් නම් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න, නාසය, මුඛය වැසෙන විදියට ආවරණයක් පළඳින්න.
  4. සෙනඟ ගැවසෙන තැන් වලට යන්න එපා. විශේෂයෙන්ම පොඩි දරුවන්ව නම් අරගෙන යන්නම එපා.
  5. ගෙදරින් පිට ඕනෑම පිට තැනකට ගිහින් ආවාම දෑත්, මුහුණ සෝදා පිරිසිදු කර ගන්න.
  6. රෝහල් වලට පොඩි දරුවෝ අරගෙන යන්න එපා ඔවුන්ට ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම්. වැඩිහිටි ඔබත් ඒ වගේ රෝගීම් ගැවසෙන ස්ථාන මඟ හරින්න.
  7. හැම වෙලාවේම ලොකු පොඩි හැමෝම ගෙදර කෑම පිලියෙල කර අනුභව කරන්න.
  8. මස්, මාලු ආහාරයට ගන්නවා නම් වැඩි වේලාවක් පිස ගන්න. හැකි නම් මේ දින වල ඒවා අවම කරන්න.
  9. නිවසින් පිටතට ගියාම නාසය ඇල්ලීමට, මුඛය ඇල්ලීමට, ඇස් කැසීමට නොයන්න. තේරෙන වයසේ දරුවන්වත් එයින් වළක්වන්න. ඔවුන්ටත් අත කටේ දමා ගැනීමට එහෙම නොදෙන්න. නිතරම දරුවෝ ගැන, එයාලාගේ ක්‍රියාවම් ගැන විමසිල්ලෙන් ඉන්න.
  10. කිවිසුම් යන විට, කැස්සක් එන විට ඔබටම කියා ලේන්සුවක් හෝ ටිෂූස් ළඟ තමා ගෙන ඒවායින් නාසය, මුඛය ආවරණය වන ලෙස කිවිසුම් යැවීම හෝ කහින එක කරන්න. ලේන්සුවක් හරි ටිෂූස් හරි ළඟ නැත්නම් ඔබේ අතේ වැලමිටෙහි ඇතුල් පැත්තෙන් නාසය සහ මුඛය ආවරණය කර ගන්න.
  11. උණ රෝගීන්, හෙම්බිරිස්සාව, කැස්ස ඇති රෝගීන් සමඟ ළඟින් අත පත ගාමින් ආශ්‍රයට නොයන්න. ඔවුන්ට උපස්ථාන කරනවා නම් ඔබ ආරක්ශිතය උපක්‍රම භාවිතා කරන්න.
  12. මෙම රෝගය වැළඳුන අය සමඟ කටයුතු කරනවා නම් ඔවුන් සමඟ භාණ්ඩ හුවමාරු කර නොගන්න. කුමන හෝ රෝගීන් අසලින් දරුවන්ව ඈත් කරන්න. නැවත ඔබ දරුවන් කරා යාමට පෙර හොඳින් පිරිසිදු වී යන්න.
  13. නිවසේ උනත් නිතර නිතර ස්පර්ශ වෙන දොරේ අගුල වැනි ස්ථාන විෂබීජ නාශක දියරයකින් නිතර පිස දමන්න.
  14. දන්නා හඳුනන පිටස්තර අය මඟ තොටේදී හමු උනාම අතට අත දී, වැළඳගෙන ආචාර සමාචාර කිරීමට නොයන්න. ඒ වගේම පිටස්තර අයට දරුවාව අත පත ගෑමට, හුරතල් කිරීමට නොදෙන්න.
  15. නිවසින් බැහැරව ගොස් නැවත ආ සැනින් අත්, මුහුණ, කකුල් හොඳින් සබන් ගා සෝදා පිරිසිදු වන්න. අත සෝදන විට අවම වශයෙන් තත්පර 20ක් වත් සබන් ගාලා සෝදන්න. ඇඟ සෝදා ගැනීමට හැකි නම් ඉතාමත්ම හොඳයි.
  16. සංචාරකයන්, මිනිසුන් බහුල ස්ථාන වලට නොයන්න. හෝටල්, නැරඹුම් ස්ථාන, නාන තටාක ආදියෙහි නොයන්න. සෙනඟ ගැවසෙන ඇඳුම් කඩ වලට, ආපනශාලා වලට, වෙළඳ සංකීර්ණයන් වලට දරුවන්ව රැගෙන යන්න එපා. වැඩිහිටි ඔබත් නොගිහින් ඉන්න පුලුවන් නම් හොඳයි. දරුවන්ව හැකි තරම් නිවසේම තබන්න. නිවසේ සිටීමයි ආරක්ෂිතම විදිය.
  17. පාසල් යන වයසේ දරුවන් නම්, ඔවුන්ට උණ, හෙම්බිරිස්සාව , කැස්ස තිබේ නම් ඔවුන්ට සුව වන තෙක් නිවසේ ඉන්නට දෙන්න. වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ලබා ගන්න.
  18. මේ දින වල පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. අනේ හොඳ වෙයි කියලා ඉන්න එපා. දරුවන්ට විශේෂයි.

  19. පොදු ප්‍රවාහන සේවය භාවිතයේදී මුඛ, නාස් ආවරණ පළඳින්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මුලාශ්‍ර - www.hirunews.lk

lk.theasianparent.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • ශ්‍රී ලංකාව තුල කොවිඩි 19 ට රෝගයට ගොදුරු වු පළමු ශ්‍රී ලාංකිකයා
බෙදාගන්න :
  • දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

    දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

  • COVID-19  ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

    COVID-19 ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

  • දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

    දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් මේ මොහොතේ වැඩ කරන්න ඕන කොහොමද ?

  • COVID-19  ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

    COVID-19 ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it