theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?

3 අවම කියවීම
කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?

කොවිඩ්-19 රෝග ලක්ෂණ, ප්‍රවේසම් විය යුතු ආකාරය, රෝගය ආසාදිත යැයි සැක නම් වහාම ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමක්

දැන් ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 ආසාදනයට මුහුණ දීම සඳහා, තමන්ට රෝග ලක්ෂණ තිබේ යැයි සැක සහිත නම් covid 19 රෝග ලක්ෂණ, කොවිඩ්-19 පරීක්ෂා කිරීම හා සම්බන්ධ නිවැරදි පියවර ගැන දැන සිටීම ඉතාම වැදගත්.

 covid 19 රෝග ලක්ෂණ

කොවිඩ්-19 වයිරසය ශරීරගත වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

1. නාසයෙන් හොටු දියර ගැලීම

2. හිසරදය

3. කැස්ස

4. උගුරේ අමාරුව

5. උණ

6. ශ්වසන අපහසුව

7. ශරීරයට දැනෙන අපහසුතාව

 covid 19 රෝග ලක්ෂණ

ඡායාරූප: hpb.health.gov.lk/

කොවිඩ්-19 පරීක්ෂා කිරීම: ඔබට කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි සැක කළ හැකි covid 19 රෝග ලක්ෂණ මොනවාද?

ඔබට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව සමඟම පහත අවස්ථා වලින් ඕනෑම එකකට මුහුණ දී ඇත්නම්,  ඔබට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට සැක කළ හැකිය

  • කොරෝනා රෝගය පැතිරෙන ප්‍රදේශයක ගමන් ඉතිහාසය
  • රෝගය වැළඳුනු පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම
  • සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්/විද්‍යාගාරයක් වැනි ස්ථානයක හෝ රෝගීන් ගැවසෙන ස්ථානයකට ප්‍රවේශ වී තිබීම

ඔබේ රෝග ස්වභාවය ගැන මනා සැළකිල්ලකින් පසු වීමත්, රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටීමත් ඉතාමත්ම වැදගත් වේ.

Covid-19 වයිරසය නිසා උණ, කැස්ස, කෙටි බව වැනි රෝග ලක්ෂණ අත්දැකිය හැකිය. මේවා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ වලට බොහෝ සමාන විය හැකි අතර රෝගය ආසාදනය වී දින 2-14 අතර කාලය තුළ රෝග ලඛ්ෂණ පෙන්නුම් කළ හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලඛ්ෂණ වල බරපතල බව වෙනස් විය හැක.

ඉහත ලක්ෂණ අත්දකින්නේ නම් කලබල නොවී නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරන්න.

  • නාසයේ තදබදය ලිහිල් කිරීම,ට දිනකට දෙතුන් වතාවක් උණුසුම් හුමාලය ආශ්වාස ප්‍රශ්වාස කරන්න
  • වැඩිපුර ජලය පානය කරන්න (මද රස්නෙන්)
  • නිතරම සබන් දමා දෑත් සෝදන්න
 covid 19 රෝග ලක්ෂණ

ඡායාරූප: hpb.health.gov.lk/

ඔබට කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි සැක සහිත නම් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හසිත අළුත්ගේ මහතා සඳහන් කරන්නේ තමන්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී අති බවට සැකයක් ඇත්නම්, වයිරසය තව දුරටත් කව්‍යාප්ත වීම වැළැක්වීමට පහත දේවල් නොකරන ලෙසයි.

1. ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත යන්න එපා.

2. ගමේ කුඩා බෙහෙත් ශාලාවට යන්න එපා

3. වෙනත් ආයතන වෙත යන්න එපා.

4. ඔබ වටා සිටින වෙනත් කිසිම පුද්ගලයෙක් අවදානමට ලක් කරන්නට එපා.

5. පෞද්ගලික රෝහල් වලට යාම සීමා කරන්න.

ඔබට ආසාදනය ඇති බවට සැකයක් වේ නම්, වැඩි විස්තර සඳහා වහාම පහත සඳහන් දුරකතන අමතන්න

ඩයලොග් සමාගම විසින් ස්ථාපිත කළ විශේෂ කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපදෙස් සේවාව 1390

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය: 071 010 7107

වසංගත රෝග අංශය: 011 269 5112

නිරෝධායන අංශය: 011 211 2705

ආපදා කළමණාකරන අංශය: 011 307 1073 

කොවිඩ්-19 පරීක්ෂා කිරීම අනුව covid 19 රෝග ලක්ෂණ තහවුරු වුවහොත් ආසාදිත රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර කළ හැකි රෝහල්

  1. ජාතික බෝවන රෝග විද්‍යායතනය ((IDH රෝහල) අංගොඩ
  2. ශ්‍රී ලංකා ජාතික රෝහල, කොළඹ
  3. රිජ්වේ ආර්‍යා ළමා රෝහළ, කොළඹ
  4. කාසල් වීදිය කාන්තා රෝහල, කොළඹ
  5. කොළඹ නැගෙනහිර මූලික රෝහල (CEBH) මුල්ලේරියාව
  6. උතුරු කොළඹ ශීක්ෂණ රෝහල
  7. දිස්ත්‍රික් මහ රෝහල, ගම්පහ
  8. දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව
  9. ජාතික රෝහල, මහනුවර
  10. ශීක්ෂණ රෝහල, කරාපිටිය
  11. දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට
  12. ශීක්ෂණ රෝහල, අනුරාධපුර
  13. යාපනය ශීක්ෂණ රෝහල
  14. ශීක්ෂණ රෝහල, කුරුණෑගල
  15. ශීක්ෂණ රෝහල, මඩකළපුව
  16. පලාත් මහ රෝහල, රත්නපුර
  17. පලාත් මහ රෝහල, බදුල්ල

කොරෝනා වයිරසය පිළිබඳව මෙතරම් භීතියක් පැතිරෙන්නේ ඇයි?  covid 19 රෝග ලක්ෂණ

මාධ්‍ය ඔස්සේ භහුල ලෙස සංසරණය වන අසත්‍ය තොරතුරු සමුදාය මෙම භීතියට මූලික හේතුවයි. මෙම ආසාදනය ගැන සත්‍ය අසත්‍ය තොරතුරු සහිත ලිපියක් අප පසුගියදා පළ  කළා. මෙහි නිරවද්‍ය මූලික හේතුව වන්නේ මනුශ්‍ය සංහතිය විසින් මින් පෙර අත් නොදැකපු වෛරසය ආසාදනයකට මුහුණ දෙන විට එය මනුශ්‍ය සිරුරට බලපාන ආකාරය අළුත්ම අත්දැකීමක් වීමයි.

කොරෝනා රෝගය ගැන අප පළ කළ සියළු ලිපි මෙතැනින් ලබාගත හැකියි.

කොරෝනා ආසාදිතයින් ගැන යාවත්කාලීන තොරතුරු:covidsl.com

මූලාශ්‍ර: hpb.health.gov.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කොවිඩ්-19 ශරීරගතවීදැයි සැකසහිත නම් ඔබ ගත යුතු පියවර මොනවාද?
බෙදාගන්න :
  • COVID-19  ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

    COVID-19 ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

  • COVID19 ව්‍යාප්තිය පාලනයට මාර්තු 13-අප්‍රේල් 20 තෙක් පාසැල් වසයි

    COVID19 ව්‍යාප්තිය පාලනයට මාර්තු 13-අප්‍රේල් 20 තෙක් පාසැල් වසයි

  • COVID-19  ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

    COVID-19 ගැන දෙමාපියන් සහ ගර්භනී කාන්තාවන් දැනගත යුතු දේ

  • COVID19 ව්‍යාප්තිය පාලනයට මාර්තු 13-අප්‍රේල් 20 තෙක් පාසැල් වසයි

    COVID19 ව්‍යාප්තිය පාලනයට මාර්තු 13-අප්‍රේල් 20 තෙක් පාසැල් වසයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it