ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්

ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්

ඇඳිරි නීතිය ඉවත් කරන සුළු කාලය තුල ‌‌සොපින් යන්නේ ප්‍රවේශමෙන්

කොවිඩ් 19 නම් ලෝක වසංගත තත්වය නිසා දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.

  • ශ්‍රී ලංකාව තුළ පහත ප්‍රදේශ වල ඇඳිරි නීතිය 2020.03.24 (අඟහරුවාදා) උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇත:  
    • කොළඹ දිස්තික්කය
    • ගම්පහ දිස්තික්කය
    • පුත්තලම දිස්තික්කය
    • මන්නාරම දිස්තික්කය
    • වව්නියාව දිස්තික්කය
    • මුලතිව් දිස්තික්කය
    • කිලිනොච්චිය දිස්තික්කය
    • යාපනය දිස්තික්කය
  • ඉහත ප්‍රදේශ සඳහා 2020-03-24 දින දවල් 2.00ට න්ළිැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබේ. 
  • ඉහත ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් සෑම ප්‍රදේශයකම 2020.03.20 ඇරඹුනු ඇඳිරි නීතිය 20.03.23 (සඳුදා) උදේ 6.00ට ඉවත් කොට නැවත එදින දවල් 2.00 සිට 2020.03.24 දින උදේ 6.00 දක්වා නැවත පනවනු ලැබේ

ඒ අනුව ඔබට ලැබෙන සීමිත කාලය තුල වෛරසයට පැතිය යාමට අවස්ථාව නොදෙමින් ඉදිරි දින කිහිපයකට අවශ්‍ය භාණ්ඩ මිල දී ගන්න යන්න ප්‍රථම මේ ලිපිය කියවන්න.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සදහා මග‌පෙන්වීම

ඇලජික්

මාස්ක් එකක් පළදින්න

1.ඔබට අවශ්‍යම ද්‍රව්‍ය ලැයිස්තුවක් සකස් කරගන්න.

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මෙයට අඩංගු කරන්න එපා. අනවශ්‍ය භාණ්ඩ ගොඩගසා ගැනීම සදහා ඔබට මේ මොහොතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම ඇති මුදල් වැය කරන්න එපා ඒ මගින් ඔබ වෙළද සැලේ සිටින කාලය අඩු කරනු ලබනවා.

ඒ වගේම කල් තබා ගත හැකි වියලි ආහාර හෝ කල් තබාගත හැකි ආහාර සකස් කල හැකි ටිකක් වැඩිපුර මිලදී ගන්න.

ඔබට තව කාලයකට ආහාර නිවස තුල ඇත්නම් කරුණාකර පිටතට යන්න එපා.

2.වෙළද සැලට නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් යන්න.

වයසක අය, දරුවන් රැගෙන යාමෙන් වළකින්න.  මුඛවැසුම්  හා අත්වැසුම් පළදින්න.

මිනිසුන් අතර දුර මීටරයකට වඩා වැඩියෙන් තබා ගන්න. ඔබට යම් රෝගී ලක්ෂණ ඇත්නම් කරුණාකර පිටතට යන්න එපා.

3. ‌‌සුපිරි වෙළද සැල් වල ‌ඇති ‌ට්‍රොලි ‌හෝ උපකරණ ටිෂු කැබැල්ලක් තබා අල්ලන්න.

4.මුදල් පරිහරණයේදි සැලකිලිමත් වෙන්න. හැකිතරම් ඔබ සතු ATM කාර්ඩ් භාවිතා කරන්න.

නැතිනම්  ඔබ ලග ඇති මාරු සල්ලි භාවිතා කර හැකි පමණ ඉතිරි සල්ලි නොලැබෙන විදියට ඔබ මුදලින් ගෙවීම් කරන්න. 

5.ඔබගේ අත්වලින් මුහුණ අල්ලන්න එපා. නිවසට ආ සැනින් ඇද සිටි සියලුම ඇදුම් සබන් වතුර බේසමකට දමා ඔබ සම්පුර්ණයෙන්ම සබන් ගා පිරිසිදු වෙන්න.

භාවිතා කළ මුඛවැසුම් හා අත්වැසුම් ආරක්ෂිතව ඉවත් කරන්න

6.නියමිත ක්‍රමවේදයක් අනුගමනය කරන වෙළද සැල් වලට පමණක් ගොස් එහි ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන්න.

නැතිනම් සෙනග ගැවසෙන්නේ නැති කුඩා වෙළදසැල් වලින් මිලදී ගැනීම් කරන්න.

ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්

අපි සැවොම එක්ව ‌කොවිඩ් 19 පළවා හරිමු.

සුපිරි වෙළද සැල් කිහිපයක් සදහන් කර තිබු එම ආයතන වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්  සදහා  ක්‍රමවේදයන් අපි ඔබේ පහසුව සදහා මෙහි සටහන් කරනු ලබනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්

Photo credit to Pulse

පහත සුපිරි වෙළද සැල් කිහිපය සිය ක්‍රමවේදයන් පහත පරිදි සිය පාරිභොගියන්ට දන්වනු ලැබුවා.

අප එය උපුටා දක්වමින් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ඔබගේ පහසුව සදහායි.

එම ආයතනයේ ක්‍රම වේදයන් අනුගමනය කරමින් ඔබත් එම ආයතන මෙන්ම අනෙක් පාරිභෝගිකයන්ද අපහසුතාවයට ලක් නොකරමින් ඔබට මේ මොහොතේදි ආරක්ෂිතව අවශ්‍යතතා මිල දී ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

1.කීල්ස් (Keells)

පහත ශාඛා මාර්තු මස 23 වන දින පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා පාරිභෝගික ගණුදෙනු කටයුතු සඳහා විවෘතව තැබේ.

  • අළුත්ගම
  • බණ්ඩාරගම
  • බේරුවල
  • ඇඹිලිපිටිය
  • ගාල්ල
  • ගාල්ල- කලේගාන 
  • ගම්පොළ
  • කළුතර
  • මහනුවර
  • මහනුවර – කැන්ඩි සිටි සෙන්ටර්
  • කටුගස්තොට
  • කෑගල්ල
  • කුරූණැගල -NIBM අසල
  • කුරූණැගල – පුත්තලම පාර
  • මාතර
  • මාතර -වෙලේවත්ත
  • මාතලේ
  • මාතලේ- අලු විහාරේ
  • පානදුර – වෑකඩ
  • රත්නපුර
  • තංගල්ල

එම ආයතයේ ක්‍රියාපටිපාටිය පහත පරිදි වෙනවා. එයට ඔබගේ ඉහලම දායකත්වය ලබා දෙන්න.

1.වෙළඳසැල් තුළට වරකට ඇතුළු වන පුද්ගලයින් සංඛ්‍යාව සීමා කිරීමට අප පියවර ගෙන ඇත.

එනිසා කණ්ඩායම් වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට නොපැමිණෙන ලෙසත්, එක් පවුලකට එක් පුද්ගලයෙකු සීමා කරන ලෙසත් අපි ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

2.සියලුම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සෑම පාරිභෝගිකයෙකුටම එක් නිෂ්පාදනකින් වරකට මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය සඳහා සීමා පැනවීමට අප තීරණය කළෙමු.

3.සෑම විටම සෙසු පාරිභෝගිකයින් සහ අපගේ කාර්යමණ්ඩලය අතර අවම වශයෙන් මීටර් 1-2 ක දුරක් පවත්වා ගන්නා ලෙස අපගේ පාරිභෝගිකයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම තත්ත්වය හමුවේ ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිල දී ගන්නා ලෙසත්, සෙසු පාරිභෝගිකයන්ට හා අපගේ කාර්යමණ්ඩලයට අපහසුතාවයක් නොවන ලෙස කටයුතු කරනා ලෙසත් අපගේ පාරිභෝගිකයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

තවද, අපගේ කාර්යමණ්ඩලයට ශාඛා වසා දමා, ඇඳිරි නීතියට පෙර ඔවුන්ගේ නවාතැන් වෙත යාමට ඉඩ සලසා දීම පිණිස ඉහත සඳහන් කළ දෙදින තුළ සවස 1.00 වන විට ඔබගේ ගණුදෙනු කටයුතු නිම කරන ලෙස අපගේ පාරිභෝගිකයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

පවතින තත්ත්වය හමුවේ සිදුවන ඕනෑම වෙනස්කමක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

2.කාර්ගීල්ස් (Cargills Food City)

එම ආයතයේ ක්‍රියාපටිපාටිය පහත පරිදි වෙනවා. එයට ඔබගේ ඉහලම දායකත්වය ලබා දෙන්න.

  1. ෆුට් සිටි ශාඛාවකට වරකට 20 ක්ද ෆුට් සිටි එක්ස්ප්‍රස්  ශාඛාවකට වරකට 8 ක් පමණක් ඇතුල් කරගනු ලබනවා.
  2. වෙළද සැල් පෝලිමේ එකිනෙකා අතර දුර  මීටර් 1 ක් පවත්වා ගත යුතුය.
  3. වෙළද සැලට ඇතුල් වීමේදි නාසය මුඛ්‍ය ආවරණය කල යුතුය.
  4. භාණ්ඩ මිලදී ගැනීමට විනාඩි 20 කට වඩා භාවිතා කිරීමෙන් වළකින්න.

3.ලාෆ්ස් (Laughs)

එම ආයතයේ ක්‍රියාපටිපාටිය පහත පරිදි වෙනවා. එයට ඔබගේ ඉහලම දායකත්වය ලබා දෙන්න.

  1. අනෙකුත් පාරිභෝගිකයන් සමග මීටරයක් ඈතින් සිටින්න.
  2. ඇතුල්වෙන ස්ථානයේ තබා ඇති ඇල්කොහොල් අඩංගු අතසෝදන දියරය භාවිතා කර දෑත් හොදින් සෝදන්න.
  3. මුහුණ, ඇස්, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින්න.
  4. මුදල් නෝට්ටු වෙනුවට හැකි සෑම විටම මුදල් නෝට්ටු වලින් ගණුදෙනු කරන්න.

මේ ‌මොහොතේ සමාජ දුරස්ථභාවය වැදගත්

ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම්

සමාජ දුරස්ථභාවය වැදගත්. මුහුණ අත් වලින් අල්ලන්න එපා. මීටරයක්වත් ඈතින් ඉන්න

ඉහත ආයතන වල ක්‍රමවේදයන් සකස් කර ඇත්තේ මේ මොහොතේ ඔබගේ ආරක්ෂාව වෙනුවෙනි.

සමාජ දුරස්ථභාවය මේ මොහොතේ වැදගත් බව අමතක නොකරන්න. ඔබ සුපිරි වෙළද සැලකට ගියත් සුළු වෙළද සැලකට ගියත් ඔබේ ආරක්ෂාව ඔබ රැකබලා ගන්න.

සියලු දෙනාම එසේ කරන්නේ නම් කොවිඩ් 19 පළවා හැර නැවත අපි එකිනෙකා සුහදත්වයෙන් වැළදගන්නා දිනක් නුදුරේදිම උදාවෙනු ඇත.

ඒ ‌වෙනුවෙන් ‌මේ ‌මොහොත කැප කරන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.