theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

6 අවම කියවීම
බෙදාගන්න :
•••
ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

ලංකාවේ ඇඳිරි නීතිය (curfew Sri Lanka) නොහොත් අගුළු දැමීමේ සීමාවන් යම් තාක් දුරට ලිහිල් කිරීමත් සමඟ curfew update එන තුරු ඔබ විමසිල්ලෙන් බලා ඉන්නවා ඇති.

ඉතින් ඇදිරිනීති වල curfew update අපැහැදිළිතා ඇති බැවින් මේ වනවිට යාවත්කාලීන සටහනක් ඔබ වෙත ගෙන එන්නට තීරණය කළා.

ලංකාවේ ඇඳිරි නීතිය (curfew Sri Lanka) 2020 මැයි මස 14 වනදා ජනාධිපති මාධ්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරානයක මහතා විසින් නිකුත් කළ නිවේදනය:

  • කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වල ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
  • සෙසු දිස්ත්‍රික්ක වල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අළුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
  • මැයි 17 වන ඉරිදා මුළු දිවයින පුරාම ඇඳිරි නීතිය පැනවේ.
  • කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය (curfew Sri Lanka) මැයි 18, සඳුදා අළුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා රාත්‍රී 8 සිට අළුයම 5 දක්වා ක්‍රියාත්මක වේ.
  • කොළඹ සහ ගම්පහ ඇදිරි නීතිය පනවා තිබියදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩ පිළිවෙල ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත් ඉදිරියට ගෙන යනු ලැබේ.

  • රැකියා වලට අමතරව වෙනත් අත්‍යාවශ්‍ය සේවා සඳහා නිවසින් බැහැර විය යුත්තේ හැඳුනුම්පත් අංක ක්‍රමවේදය අනුව වේ.

ඇඳිරි නීතිය පවතින අතරතුර අත්‍යවශ්‍ය සේවා සඳහා හැඳුනුම්පත් ක්‍රමවේදය අනුව නිවසින් බැහැර වන්නේ කෙසේද?

  • සඳුදා - ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 වන පුද්ගලයින්
  • අඟහරුවාද - ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 වන පුද්ගලයින්
  • බදාදා - ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 5 හෝ 6 වන පුද්ගලයින්
  • බ්‍රහස්පතින්දා - ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 7 හෝ 8 වන පුද්ගලයින්
  • සිකුරාදා ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 9 හෝ 0 වන පුද්ගලයින්

මෙලෙස ලංකාවේ ඇඳිරි නීතිය (curfew Sri Lanka) ලිහිල් වනවාත් සමඟම ඔබේ සැමියා හා කිට්ටුවන්තයින් පිළිපැදිය යුතු විශේෂ කාරණා මොනවාද?

  • රැකියා ස්ථානය පිරිසිඳු කර විශබීජහරණය කිරීමට අනුබල දෙන්න. ඒ වෙනුවෙන් කටයුතු කරන්නට කියන්න.  
  • නිතර සබන් යොදා අත් සෝදන්න 
  • රැකියා ස්ථානයේ මේස මතුපිට සහ අනෙකුත් උපාංග විශබීජහරණ ද්‍ර්ව්‍ය යොදා පිස දමන්න
  • නිතරම මාස්ක් පළදින්න
  • නිවසට පැමිණි සැනින් හොඳින් පිරිසිඳු වන්න.

මීට අමතරව දැන් වෙනදාට වඩ පෞද්ගඉක ස්වස්ථාව ගැන සැළකිලිමත් විය යුතු වනවා. වෛද්‍ය වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා  මහතා‌ගේ මුහුණු ‌පොතේ සටහනකට අනුව ඒ ගැන තව දුරටත් දැනුවත් වී පවුලේ අයවත් දැනුවත් කරමු.

පෞද්ගලික ස්වස්ථතාව ගැන අවධානය යොමු කරමු

දැන් අප කළ යුත්තේ කුමක් ද?

Covid-19 මාරාන්තික නොවේ. එහෙත් එය ඉතා වේගයෙන් පැතිරීමට ඉඩ තිබේ. ඔබ නොදැනුවත්වම එහි වාහකයෙකු විය හැකිය.

ඔබ අසලම වාහකයෙකු සිටිය හැකිය. රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට බෝවිය හැකිය.

ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය හොඳින් තබා ගන්න. ඊට අවශ්‍ය කරන සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට හුරුවන්න. අවදානමට නිරාවරණය නොවන්න.

අවධානය හා ප්‍රවේශම හරහා ආසාදනයෙන් බේරී සිටින්න. ඒ මගින් ඔබත් ඔබේ පවුලේ අයත් අසල්වැසියන් හා මිතුරන් හට එම ආසාදනය පැතිරීම වළක්වන්න. ඔබේ වගකීම ඉටු කරන්න.

ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

1. හැකිතාක් පොදු ප්‍රවාහන සේවා, පොදු ස්ථාන, ප්‍රසිද්ධ රැස්වීම්, විනෝද චාරිකා, සංදර්ශන, සම්මන්ත්‍රණ, සාද, සැණකෙළි සෙනඟ ගැවසෙන ස්ථාන මගහැර එදිනෙදා කටයුතු කිරීම
2. රෝහල් හා සායන වලට යොමු වෙන රෝගීන් හැකිතාක් අනෙක් රෝගීන් ගෙන් කායික දුර තබා ගනීමින් ඈත්ව සිටීම
3. පොදු ස්ථාන වල පොදු භාණ්ඩ, අත්වැට වල්, දොරගුළු, විදුලි සෝපාන, පුටු මේස, ව්‍යායාම උපකරණ, බැංකු කවුන්ටර, ATM යන්ත්‍ර, වැසිකිලි, ආදිය භාවිතා කිරීමෙන් පසු හොඳින් අත් පිරිසිදු කර ගැනීම

4. පොදු වෙළඳ සල්, සුපර් මාකට් හෝ වෙනත් අලෙවි මධ්‍යස්ථාන තුළ භාණ්ඩ පරීක්ෂා කිරීම, අතපත ගෑම නොකිරීම හා මිලදී ගත් භාණ්ඩ සෝදා පිරිසිදු කොට භාවිතයට ගැනීම

5. සේවා ස්ථානයේ නම් ලිපි ගොනු, කඩදාසි, පරිගණක යතුරු පුවරු, ඇඟිලි සලකුණු යන්ත්‍ර, වතුර ටැප්, වැසිකිලි, ආදී වෙනත් කෙනකු ගේ ස්පර්ශයට ගැටිය හැකි දේවල් ස්පර්ශ කිරීමෙන් පසු අත් පිරිසිදු කරගන්න.
6. විශේෂයෙන් ම ජංගම දුරකථනය වැනි පෞද්ගලික මෙවලම් වෙනත් අයට දීමෙන් පසු නැවත හොඳින් පවිත්‍ර කිරීමෙන් පසු භාවිතා කිරීම
7. දෑත් පිරිසිදු කර ගනීමෙන් පසුව නිවසෙන් බාහිරව නිතර භාවිතා කරන ලේන්සුව හෝ අත්පිස්නා භාවිතා නොකර වරක් භාවිතා කොට ඉවත දමන ටිෂුකඩදාසි භාවිත කිරීම

(නිවසේදී නම් පෞද්ගලිකව තමන් පමණක් භාවිතා කරන ලේන්සු හෝ අත්පිස්නා වරදක් නොවේ)

2
8. පුද්ගලයින් පිළිගැනීමේ දී ආයුබෝවන් කීම හැරුණු විට අතට අත දීම, සිපගැනීම වැනි ස්පර්ශ වන සිරිත් අනුගමනය නොකිරීම
9. විශේෂයෙන්ම නිවසෙන් පිටතට ගොස් පැමිණි විට සියල්ලට පෙර ඇඳුම් පැළඳුම් තමා විසින්ම සේදුම් යන්ත්‍රයට හෝ බහාලුමකට දැමීම කළ යුතුය.

පිරිසිදු වීමෙන් පසුව නිවසේ භාණ්ඩ ස්පර්ශ කළ යුතුය.
10. වායු සමීකරණය කළ පොදු බස් හෝ පොදු ස්ථාන වල ගැවසීම අවම කිරීම
11. නිවසට පැමිණෙන පිටස්තර පුද්ගලයින්, නිවෙස් වල සේවකයින් ගේ සෞඛ්‍ය තත්වය ගැන විමසිල්ලෙන් සිටීම (විශේෂයෙන් ප්‍රතිශ්‍යා උණ කැස්ස වැනි රෝග ලක්ෂණ)
12. නිතර පිටස්තර පුද්ගලයින් හෝ පිටතට යන එන නිවැසියන් සහිත නම් වැඩියෙන් ස්පර්ශ වන භාණ්ඩ නිසි පිරිසිදු කාරකයක් යොදා පිස දමන්න.

13. නාසය, මුව, හෝ මුහුණ ඇල්ලීමට පෙර තමන් ගේ අත් වල පිරිසිදු බව ගැන ස්වයං තහවුරුවක් කර ගැනීම

14. නිතර කොත්තමල්ලි, ඉඟුරු, වැල්මී, රසකිඳ, විෂ්ණුක්‍රාන්ති, මදුරුතලා වැනි ඖෂධ තැම්බූ ජලය තේ කෝපි වෙනුවට භාවිතා කිරීම
15. උණුවතුර පානය කිරීම මගින් උගුරේ සෙම බැඳීම වැළැක්වීම හා හොඳින් හුස්ම ගැනීම මගින් පෙනහළු වල ධාරිතාව වැඩි කිරීම
16. හැකිතාක් කිරිපිටි, අයිස්ක්‍රීම් හා වෙනත් කෘත්‍රිම ආහාරපාන වලින් වැළකීම හා නැවුම් ආහාර පාන වලට හුරුවීම
17. සෑම ප්‍රතිශ්‍යා උණ කැස්ස තත්වයක් ම කොරෝනා ආසාදනයක් නොවන අතර ඔබ එබඳු නිරාවරණයකට ලක් වූ බවට සැකයක් පවතී නම් සෞඛ්‍ය අංශයක් වෙත යොමුවවන්න.
18. සාමන්‍ය ප්‍රතිශ්‍යා තත්වයක දී දැනෙන අපහසුතා, වෙහෙස සහ ගිලන් බව වැඩි නම් රෝග තත්වය ගැන සැලකිලිමත් වන්න.

ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද
19. දුම්පානය කරන පුද්ගලයින් ට විශේෂයෙන් රෝගය වැළඳීමෙන් තත්වය බරපතල වීමේ ඉඩකඩ වැඩි හෙයින් දුම්පානය නතර කිරීම
20. මත්පැන් පානයෙන් සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වන හෙයින් මත්පැන් පානයෙන් වැළකීම
21. විශේෂයෙන්ම ඇදුම වැනි ශ්වසන ආබාධ හා වෙනත් බරපතල රෝගාබාධ වලින් පෙළෙන අය මෙන්ම වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් ගේ සෞඛ්‍යය ගැන වැඩි අවධානයකින් පසුවීම

22. විශේෂයෙන් ප්‍රතිශ්‍යා උණ කැස්ස වැනි රෝග ලක්ෂණ තිබෙන විට පොදු ස්ථාන වල නොගැවසීම හෝ පිටතට නොයෑම හා යම් හෙයකින් පිටතට යන්නේ නම් මුහුණු ආවරණ පැළඳීම
23. මුදල් නෝට්ටු හා කාසි පරිහරණයෙන් පසු අතෙහි පිරිසිදුකම ගැන තහවුරු නොකර නාසය හෝ මුඛය ඇල්ලීම නොකළ යුතුය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා  මහතා‌ගේ මුහුණු ‌පොතේ සටහනකි.

මේ පෞද්ගලික ස්වස්ථතාව ගැන ඔබගේ ඉහළ අවධානය ‌යොමු කළ යුතු අවධියක් අපිද මතක් කරන්නෙමු.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • Home delivery services during the curfew period: Colombo and suburbs

    Home delivery services during the curfew period: Colombo and suburbs

single
  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • Home delivery services during the curfew period: Colombo and suburbs

    Home delivery services during the curfew period: Colombo and suburbs

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor