හිසකෙස් කළු කරන කරපිංචා තෙල් ග‌ෙදරදීම පහසුවෙන් හදමු

හිසකෙස් කළු කරන කරපිංචා තෙල් ග‌ෙදරදීම පහසුවෙන් හදමු

හිසකෙස් කළු කරන තෙල් වර්ග ගැන සමහර විට ඔබ අහලා ඇති, අන්න ඒ වගේ අපූරු තෙල් වර්ගයක් හඳුන්වා දෙන්න තමයි අපගේ මේ සුදානම

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

හිසකෙස් කළු කරන තෙල් වර්ග ගැන සමහර විට ඔබ අහලා ඇති, අන්න ඒ වගේ අපූරු තෙල් වර්ගයක් හඳුන්වා දෙන්න තමයි අපගේ මේ සුදානම. ඒ තමයි කරපිංචා තෙල්, 

අකලට හිස කෙස් සුදු වීම හා හිසකෙස් වැටීම හරිම කරදර කාරී අත්දැකීමක් නේද? එහෙම වෙලාවට ඔබ එක එක අත් බෙහෙත් පසුපස යන්න අවශ්‍ය වෙන්නේ නැහැ .

මේ කරපිංචා තෙල් ඔබට ගෙදරදීම නිස්සාරණය කර ගන්න පුළුවන්. ‌මෙන්න එහ‌ෙ‌නම් ඒ  පහසු ක්‍රමය.

ඔබත් අදම අත්හදා බලා ‌මේ ප්‍රතිඵල අත්විදින්න.

හිසකෙස් කළු කරන තෙල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් පිරිසිදු කර වේලාගත් කරපිංචා කොළ
  • පොල්තෙල් 
සාදන ක්‍රමය 
  • භාජනයකට පොල්තෙල් කෝප්පයක් දමා රත් කරන්න. එය දුම් දමන තුරු රත් කරන්න එපා.
  • තෙල් රත් වු පසු කරපිංචා කොළ සියල්ල එක්කර ලිප නිවා දමන්න.
  • භාජනය තුලම තෙල් වලට සිසිල් වෙන්න දෙන්න. කරපිංචා කොළ සිසිල් වන විට අවපැහැ වෙනවා.
  • දැන් මේ තෙල් කරපිංචා කොල ගිලී යන ආකාරයට පිරිසිදු වීදුරු බෝතල් වලට වත් කරන්න.
  • මෙය මාස කිහිපයක් තබාගන්න පුළුවන්. නමුත් කරපිංචා කොළ තෙල් වල ගිලි තිබිය යුතුයි.
  • එ‌සේ ‌පොල්ත‌ෙල් වල ගිලී නැතිනම් ඒ ‌‌තෙල් වල ගුනාත්මක භාවය විනාශ ‌ ව‌ෙනවා.

රසායනික ද්‍රව්‍ය අඩංගු නොවු පිරිපහදු නොකල පොල්තෙල් මේ සඳහා සුදුසු වෙනවා.

නැවුම් කරපිංචා කොළ පිරිසිදු කර වේලාගන්න.

කරපිංචා කොළ පොල්තෙල් වල පමණට වඩා කර වෙන්න දෙන්න එපා.

පොල්තෙල් ගෙදර හිඳ ගන්නවා නම් වඩා හොදයි.

කරපිංචා තෙල් වල ප්‍රතිඵල 
  • නිතර භාවිතා කර හිස සම්බාහනය කිරීමෙන් හිස්කබල පෝෂණය කර හිසකෙස් ශක්තිමත් කරයි.
  • පැසුනු හිසකෙස් යථා තත්වයට පත් කිරීමට මෙය ක්‍රියා කරයි.
  • හිසකෙස් වැටීම සදහා සුදුසු ප්‍රතිකාරයකි.
  • රසායනික ද්‍රව්‍ය අඩංගු නොවු පිරිපහදු නොකල පොල්තෙල් වලින් හිස් කබල සම්බාහනයෙන් රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා. 
  • නිවසේදී පිළියෙල කරන බැවින් කුඩා දරුවන්ටද ආරක්ෂිත වෙනවා.
  • වියලි හිසකෙස් සදහා කදිමයි.
  • හිසකෙස් මෘදු හා සිනිදු වෙනවා

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.