තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

"දරුවන්ගේ ජීවිතවල තාත්තා වීරයෙක්. දුවෙක් වුනත් පුතෙක් වුනත් එක එහෙමයි. එත් තාත්තාගෙයි දුවගෙයි බැඳීම ඊටත් වැඩ ගැඹුරුයි."

තාත්තයි දුවයි අතර සම්බන්ධය හරිම වටිනවා. ඒ සම්බන්ධය ඇති කර ගන්න. දුව තාත්තාගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා.

දරුවන්ගේ ජීවිතවල  තාත්තා වීරයෙක්. දුවෙක් වුනත් පුතෙක් වුනත් එක එහෙමයි. එත් තාත්තාගෙයි දුවගෙයි බැඳීම ඊටත් වැඩ ගැඹුරුයි.

හොඳ හෝ නරකට දූලා අනිත් පිරිමි දකින්න, මනින්න තමන්ගේ තාත්තා හරහා ඉගෙන ගන්නවා. ඒ හින්ද හැමදාම තාත්තා කියන්නේ සැබෑ වීරයෙක් කියලා ඇයට දැනෙන්නේ ඒ නිසයි.

ඇය තුළ ඔබ ගැන හොඳ දේවල් රෝපණය කල යුතුයි.

තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

තාත්තයි දුවයිසතුටු සාමිචියේ ඉන්නවා වෙලාවක චූටි දූටත් කියා දෙන්න ටිනා කරුණු 5ක්

1. “මගේ දූ හරිම ලස්සනයි”

දූලා ආසයි ලස්සනට ඉන්න. ලස්සනම ලස්සන වෙන්න. එත් එක එක්කෙනා ඒ ගැන එක එක කතා ඇයට කියන්න පුළුවන්. එයින් ඔවුන් කලබල වෙන්න පුළුවන්.

එත් තාත්තා කෙනෙක් හැටියට ඇය ගැන ඒ අය කියන දෙයට වඩා ඇය තුළ විශ්වාසය ගොඩනගන්න ඔබට උදවු වෙන්න පුළුවන්. ඊට ඇයට ඔබේ දිරිය ශක්තිය හරිම වැදගත්.

2. “දූට ඇති ආදරේ සීමාවක් නැහැ”

කොහේදී හරි මුණ ගැහෙන අපි දන්නා නොදන්නා කවුරුහරි පුංචි දෝනිගේ හිත නරක් කරන්න පුළුවන්. ඉන් ඔබත් තැවුලට අසහනයට පත් වෙනවා.

නමුත් මොන දේ වුනත් ඔබට ඇගේ ආදරය නොවෙනස්ව තියෙන බව ඇයට ඔබ දැන්විය යුතුයි. ඇයට හැකි තරම් අභියෝග බාරගන්න ඔබ ශක්තිමත් විය යුතුයි. ඒ වගේම ඇය ගැන ඔබ බෙහෙවින් ආඩම්බර වන බවත් ඇයට දැනෙන්න හරින්න.

ශාරීරික වශයෙන් වුනත් දුවත් එක්ක ළඟින් ආදරෙන් හිඳිම හරිම හොඳ දෙයක්. දුව වැඩිවිය පැමිණෙමින් ඉන්නකොට ඇයව සිපගන්න. තුරුල් කර ගන්න. තාත්තා විදිහට ඔබ හිතන්න ඕනේ නැහැ එය එය සාමාන්‍ය දෙයක් විය යුතුයි.

මොකද ඇය ලොකු මහත් වෙනකොට ඇය සුරතල් කරනවා අඩු බවක් ඇයට දැනුනොත් ඇය ඔබෙන් ඈත් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඇය තාම ඔබේ පුංචි දෝනියමයි. ඉතින් ඇඟ පතින් ලොකු වුනාට වෙනසක් වෙන්නේ නැහැ නේද?

තාත්තයි දුවයි

 3. ඔයාව අයිති ඔයාටයි

ඔයාගේ ශරීරය කාටවත් පාවිච්චි කරන්න දිය යුතු නැහැ. කෙනෙක්ව සුහදව වැළඳගැනීම, හාදුවක් දීම නරක දෙයක් නොවුනත් ඒ අවස්ථාව මොන විදිහද කියලා දූට අවබෝධ  කරලා දෙන්න.

ඇයට බලපෑමක් අවොත් එඩිතරව ‘එපා’ කියන්න පුළුවන් ශක්තිය ඇයට දෙන්න. මෙවැනි අවස්ථා ගැන ඇයත් එක්ක සුහදව ආදරෙන් කතා කරන්න.

 4. ‘ගෑණු වැඩ’ ‘පිරිමි වැඩ’ කියල දෙකක් නැහැ

දූගේ කැමැත්තට ආශාවන්ට වැට කඩොළු බැන්දොත් ඇය යන ගමන එතරම් දිගු වෙන්නේ නැහැ. ඔබ කැමති ක්‍රීඩා, වාහන, විනෝදාංශ ගැන පුතෙක් එක්ක කතා කරනවා වගේම දුවත් එක්කත් කතා කරන්න අදහස් බෙදා ගන්න.

ඔබ ඒ දේවල් ඇය සමග කතා කළා කියලා එය ඇයගේ විනෝදාංශ කරගන්නේ නැති වෙයි. ඒත් ඔබේ විවෘත භාවය මිත්‍රශීලී කම ඇයට ඔබත් එක්ක ගණදෙනු කරන්න හරිම පහසු වෙයි. එතකොට ඔබ දෙදෙනා අතර ඇති බැඳීම තවත් වැඩි වෙනවා.

තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

5. ශක්තිමත් සබඳතාවයක අර්ථය හා එය කොයි වගේ එකක්ද කියලා ඔබම පෙන්වන්න

පැරණි කියමනක් තියෙනවා “පිරිමියෙකුට තම දරුවන් වෙනුවෙන් කළහැකි හොඳම දෙය වන්නේ ඔවුන්ගේ මවට ආදරය කිරීම” කියලයි. ඔබ ඔබේ බිරිඳට ආදරය, ගෞරවය දක්වන විදිහට ඇය හොඳ සබඳතාවක නිරායාසයෙන්ම උදවු වෙනවා. ඉන් ඇය අනාගතයේ හරි තීරණ ගන්න බුද්ධිමත් දුවණියක් වෙනවා.

 තාත්තලා දූලගේ ලෝකයේ සුන්දර තැන් කිහිපයක් අපි කතා කළේ. ආරම්භයේ සිටම මේ බැඳීම් වල සුළු වැරද්දක්වත් නොවෙන්න ඔබේ දූ  ආදරෙන් හැදෙන වැඩෙන හැටි අවබෝධ කර ගන්න ඔබට උදවු වෙන්නයි.

theAsianparent Sri Lanka අපි ඒ ආදරය වෙනුවෙන් හැමදාමත් ඔබ වෙනුවෙන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ ඔබේ බලාපොරොත්තුව ඉටු කරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි