theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

5 අවම කියවීම
දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායිදූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

දැන් මෙය පර්යේෂණ වලින් සනාථ වී ඉවරයි! පියවරුණි, දරුවන්ට කතන්දර කියා දිය යුත්තේ ඔබ විසිනුයි. හේතුව බලන්න කියවන්න

ඉතින් පැටියාව නින්දට යැවීමේ කර්තවය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.  දරුවන්ව සෝදා පිරිසිඳු කරලා, පිජාමා නයිටි අන්දලා, ඇඳට දාන්නා සියල්ල සූදානම් කලත් ඔවුන් ඇදට ගිහින් ලක ලැහැස්ති වෙන්නේ නින්දට යවන්න කලින් අම්මා දරුවන්ට කතන්දර කියවීම කරනකල් ඇය කියා දෙන කතන්දරය අහන්නයි.

ඉතින් අම්මා, ඔබ මෙම ලිපිය කියවීමෙන් පසු එම කතාව කියවීමේ කාර්යය තාත්තාට භාර දෙන්නට තීරණය කරන්නත් පුළුවන්!

එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය එලිසබෙත් ඩුර්ස්මාගේ ප්‍රධානත්වයෙන් කරන ලද නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ. දරුවන් නින්දට යවන්නට කලින් කතන්දර කියා දීමේදී, අම්මාට වඩා ඔවුන්ගේ තාත්තා ඒ වැඩේ කිරීමෙන් දරුවන්ට වැඩි ප්‍රලාභ ලැබෙන බවයි.

දරුවන්ට කතන්දර කියවීම

තාත්තලා දරුවන්ට කතන්දර කියා දෙන්න දක්ෂයි!

දරුවන්ට නින්දට යැවීමෙදී දරුවන්ට කතන්දර කියා දීමට අම්මලාට වඩා තාත්තලා සුදුසුයිලු: ඉතින් ඔන්න තාත්තලා, නින්දට යන කතන්දර කියවීමේ කුසලතා වර්ධනය කර ගැනීමට කාලයයි මේ!

අධ්‍යයනයේ ප්‍රතිඵල වලට අනුව, තවත් “පරිකල්පනීය සාකච්ඡා” සිදුවනවා. මේ අතර කියැවෙන්නේ තාත්තා විසින් කතන්දර කීමේදී දරුවන්ගේ වැඩි භාෂා සංවර්ධනයක් සිදුවන නිසා දරුවන්ගේ චින්තනය තාත්තා සමඟ අභියෝගයට ලක්වන බව කියැවෙනවා.

තාත්තා විසින් කතන්දර කියවන විට වැඩි වාසි ලබා ගන්නේ ගැහැනු දරුවන්ය.

ආචාර්ය ඩුර්ස්මා පවසන්නේ, “තාත්තා කෙනෙකු දරුවාට කතන්දර කියවීමෙන් ඇති කරන බලපෑම විශාලයි – විශේෂයෙන් තාත්තා විසින් වයස අවුරුදු දෙකකට අඩු දරුවන්ට කතන්දර කියවීමට පටන් ගන්නේ නම්.

ඩහන්ට කතා පොත් කියවීම කාන්තා ක්‍රියාකාරකමක් ලෙස පෙනුනත්, දරුවන්ගේ පියා විසින් ඔවුන්ට කතන්දර කියවන විට ළමයින් වඩාත් සුසර කරන බවක් පෙනෙනවා – එය විශේෂයි. ”

තාත්තලා දරුවන්ට කතන්දර කියවීම කරන විට අම්මාට වඩා වෙනස් විදියට කරන්නේ කුමක්ද?

මෙම අධ්‍යයනය පිළිබඳව The Telegraph වාර්තාවක් පෙන්වා දෙන්නේ පිරිමින් සහ කාන්තාවන් කියවීමේ කර්තව්‍යයට වඩා වෙනස් ආකාරයකින් ප්‍රවේශ වන බවයි.

අම්මලා තර්කානුකූල ප්‍රශ්න ඇසීමට වැඩිපුර නැඹුරු වනවා.  උදාහරණයක් ලෙස, “ඔයාට මෙතන ඇපල් ගෙඩි කීයක් පේනවද?”

අනෙක් අතට, තාත්තලා තම දරුවන්ගේ පරිකල්පනය සහ භාෂා කුසලතා වැඩි කරන හා සංවර්ධනය කරන වඩාත් වියුක්ත ප්‍රශ්න ඇසීමට කැමැත්තක් දක්වනවා.

ආචාර්ය ඩුර්ස්මා මෙසේ පවසයි, “තාත්තලා වැඩිපුර යමක් කියන්නට ඇත,‘අනේ බලන්න, ඉණිමඟක්. මගේ ට්‍රක් එකේ මේ වගේ ඉනිමගක් තිබුණා ඔයාට මතකද? ’”

මෙය දරුවන්ගේ භාෂා සංවර්ධනයට වඩා හොඳ බව ඇය පැහැදිලි කරන්නේ එය වඩාත් “සංජානනීය ලෙස අභියෝගාත්මක” බැවිනි.

වෙනත් වචන වලින් කිවහොත්, එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට ළමයින් වැඩි වශයෙන් ඔවුන්ගේ මොළය භාවිතා කළ යුතුය.

ඉතින් පියවරුණි, දැන් මේ නිල වශයෙන් දැනුම් දීමයි! දරුවන් නින්දට යැවීමේදී වඩාත් සාර්ථක ලෙස කතන්දර කිව හැක්කේ ඔබටයි! දැන් ඉතින් කතන්දර පොතක් අරන්, ඔබේ පැටියා සමඟ හුරතල් වෙමින් එය ඔහුට/ඇයට කියවන්න.

තාත්තලා දරුවන්ට කතන්දර කියවීම තුළින් දරුවාට ලැබෙන වාසි 5ක්

1. දරුවන්ට කතන්දර කියවීම දරුවන් සහ පියවරුන් අතර සබඳතාව තිවර කරයි

සාමාන්‍යයෙන් දරුවා නින්දට දැමීම, කතන්දර කියවීම වැනි දෛනික ක්‍රියා සිරුවන්නේ මවගේ අතින්.

නමුත් ඇත්තවශයෙන්ම සිතා බැලුවහොත් පියෙකු විසින් දරුවන්ට නින්දට පෙර කතන්දර කියා දීමෙන් දරුවන් සහ පියවරුන් අතර සබඳතාව කෙතරම් ශක්තිමත් වේද?

විශේෂයෙන්ම දවස් වැඩි හරියක් පියා නිවසෙන් බැහැරව සිටී නම් මෙය තවත් දරුවාට විශේෂ අවස්ථාවක් වනවා නොවේද?

කතන්දර කියවීමෙන් පසුව තව දුරටත් දරුවා හුරතල් කොට තුරුළු කරගෙන ඔවුන්ගේ දවසේ කටයුතු ගැන කතා බහ කිරීමට සොඳුරු අවස්ථාවකුත් පියවරුන්ට ලැබෙනවා.

මේ සෑම දෙයක්ම දරුවාගේ සමස්ත වර්ධනය සඳහා ඉතා වැදගත් වන බව සමීක්ෂණ වලින් සොයා ගෙන තිබෙනවා.

2. කතන්දරයෙන් ඔබ්බට දුර දැකීමේ හැකියාව පියකු සතු වේ

මව හෝ පියා හෝ කවුරු හෝ වේවා, කතන්දරයෙන් දරුවාට වාසි රැසක් ඇතිවන බවට කිසිදු සැකයක් නැත.

මේ වාසි අතුරින් භාෂා නිපුණතාවය ප්‍රවර්ධනය වීම මූලික වාසියක් වනවා. නමුත් පියෙකු විසින් කතන්දර කියා දීමේදී මීට අමතරව ඔහු සාමාන්‍යයෙන් දරුවාට වඩා වැදගත් යමක් විස්තර කරන්නේ. කතාවේ ආඛ්යානය හරහා බව ප්‍රවීණ කතුවරයෙක් වන රොබට් කීම් විසින් (The Telegraph) සඟරාවට පවසා සිටියා.

මේ නිසා කුඩා දරුවන්ට කතන්දර කියවීමේදී මවක් විසින් බොහෝ විට චිත්තවේග හැඟීම් කෙරෙහි අවධානය යොමු කරයි.

ඒ අතර, පියෙකු තම දරුවාට අත්දැකීම් තුළින් සම්බන්ධ විය හැකි දෙයක් වෙත කථාව සම්බන්ධ කිරීමට යුහුසුළු වන බව කියවෙනවා.

3. ගැහැණු පිරිමි දරුවන් දෙගොල්ලෝම පියෙකු විසින් කතන්දර කීමෙන් වාසි අත්දකිති

ආචාර්ය ඩියුර්ස්මාගේ අධ්යයනය තුලින් පෙනී ගියේ පියවරුන් කියවන විට එය ගැහැණු දරුවන්ගේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රයෝජනවත් වූ අතර. අනෙකුත් අධ්යයනයන් මගින් පෙන්නුම් කෙරුනේ මෙම ක්‍රියාදාමය පියවරුන් හා පුතුන් අතර බැඳීම ප්‍රභල ලෙස ශක්තිමත් කරන බවයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

4. දරුවන්ට කතන්දර කියවීම මගින් පියවරුන්ටද සැනසීමක් ගෙන දේ

මානසික හා ශාරීරික ආතතිය වැඩි වුනු අද සමාජයේ නින්ද පෙර දරුවන්ට කථාන්තර කියවීමේ චර්යාව තුලින් දරුවන් සන්සුන් කරනවා. පමණක් නොව එය පියවරුන්වද සංසුන් කරන බව පෙන්වා දෙනවා.

සසක්ස් විශ්ව විද්යාලය විසින් කරන ලද පර්යේෂණයන් අනුව කෙම්ප් විසින් අවධාරණය කරන්නේ කියැවීම යනු මානසික ආතතිය දුරු කිරන විශේෂ ක්‍රියාදාමයක් ලෙසයි.

“විනාඩි හයක කාලයක් තුළ පිටු පෙරලමින් කියවීමෙන් මාංශ පේශි සන්සුන් කොට ආතතිය සහ හෘද ස්පන්දනය සන්සුන් ලෙස පවත්වාගත හැකි වූ බව වාර්තා වනවා.”

5. දරුවන් තුළ ගැහැණු පිරිමි සමානාත්මතාව  පවත්වාගෙන යාමට කියවීම උපකාර වනවා

මවක් විසින් දරුවන්ගේ සියලුම කටයුතු කර පියා ඉඳහිට පමණක් උපකාර කිරීමේ කාලය දැන් යල් පැන ගොස් ඇත. අද කාලයේ පියවරුන් මව හා සමානව ගේදොර හා දරුවන් රැකබලාගැනීමේ කටයුතු සඳහා දායක වේ.

ඔබට උපකාර කිරීම සඳහා, ඔබේ දරුවන් සඳහා එම පරිපූර්ණ කතන්දර පොත සොයා ගැනීමට යුහුසුළු වන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි
බෙදාගන්න :
  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

    පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

    නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

    පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

    නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it