‘පිය කිරි’ ගැන අහලා තියෙනවද? එහෙනම් දරුවන්ට කිරි දුන් තාත්තලාගේ මේ කතාව අහගන්න.

Share this article with other mums

අකා නමැති ගෝත්‍රිකයන්ගේ දරුවන් බලාගන්න ක්‍රමය අනුව වගේම මානව විද්‍යාඥයින් ට අනුව ලොව හොඳම පියවරුන් ලෙසත් ඔවුන්ව සැලකිල්ලට ගෙන තිබෙනවා.

පිරිමියාට තනපුඩුව ලැබී ඇත්තේ ඇයි? ඔබ මේ ගැන සිතුවද? එසේ සිතා තිබුණා නම් ඇරිස්ටෝටල්, චාල්ස් ඩාවින් වැනි අයට ඇතිවූ ගැටලුවම ඔබටත් ඇතිවෙන්න ඇති.

මධ්‍යම අප්‍රිකාවේ අකා නමැති ගෝත්‍රය ඊට පිළිතුරු සපයනවා.

නුතන ලෝකයේ අම්මගේ තනපුඩුවට අනුරූප දේවල් ඒ වෙනුවෙන් යොදා ගනිමින් මේ ගෝත්‍රිකයන් මව නැති විට දරුවන්ට කිරි දෙනවා.

ලෝකයේ හොඳම පියවරු

ඇමරිකාවේ මානව විද්‍යාඥයෙකු වන කථිකාචාර්ය බැරි හෙවල්ට් අකා ගෝත්‍රිකයන්ගේ ජීවන විලාසයන් අධ්‍යනයට ඔවුන් සමග ජීවත් වුණා. මේ කාලය තුළ අකා ගෝත්‍රික දරුවන් ඔවුන්ගේ තාත්තලාගේ තනපුඩුව උරණ බව නිරීක්ෂණය කර තිබුණා. නමුත් මහාචාර්යවරයා ඉන් පුදුමයට පත් නොවුණේ මෙතෙක් කළ අධ්‍යනයන්ට වඩා මෙම ගෝත්‍රිකයන් දරුවන් හදාවඩා ගැනීමේදී ඉතා සුවිශේෂී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන නිසයි.

ඔහු මෙම ගෝත්‍රිකයන් ඇසුරෙන් වසර 20 ක් පුරා කළ අධ්‍යනයන්ට අනුව මෙම පියවරුන් ළදරුවන් සමග කාලයෙන් 47% ක් පමණ ගෙවන බව සොයා ගෙන තිබෙනවා. මෙය විශ්වයේ වෙනත් කිසිදු ජන කොට්ඨාසයක පියවරුන් අතින් සිදු නොවන්නක්.

සත්‍ය සමානාත්මක දෙමාපියන්

අකා ගෝත්‍රිකයන් තුළ කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ කර්තව්‍යන් එක ලෙස සිදුවෙනවා. ඒ නිසා කාන්තාවන් දඩයමට ගිය විට පිරිමියා දරුවන් රැකබලා ගන්නවා. පිරිමියා ඉවුම් පිහුම් කරන විට කාන්තාව ඊළඟ කඳවුරු ලා ගැනීමට සැලසුම් කරනවා.         

කථිකාචාර්යවරයාට අනුව අකා ගෝත්‍රිකයන් අතර සේවාවන් සැපයීමේදී ලොකු බෙදීමක් නැහැ. බොහෝ වෙලාවට කාන්තාවන් සේවයට වැඩිපුර සම්බන්ධ වුනත් අකා ගෝත්‍රික පියවරුන් කිසිදු සීමාවන් හෝ මදි පුංචිකමක් ගැන නොසිතා එය කාන්තාවන්ගේ වගකීමක් ලෙස නොසිතා ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වෙනවා. මෙහිදී කාර්යයන් වෙනස්වීම ගැන ඔවුන් තුළ මානසිකව ඇතිවන ඝට්ටනයක් නැහැ.

ඔහු තවදුරටත් විස්තර කරන පරිදි ඔවුන් අතර ශාරීරිකව ඉතා සමීප සබඳතාවයක් පවතින බවත් දරුවන් දෙමාපියන් සමග ඉතා සමීපව කටයුතු කරන බවත් පවසනවා. මේ සමාජය තුළ ළදරු තොටිලි නැහැ. මන්ද කිසි විටෙකත් ඔවුන් කිසිවෙකු නැතිව දරුවා තනිව තබා යන්නේ නැහැ. තනිව නිදිකරවන්නේවත් නැහැ. බොහෝ වෙලාවට දරුවන්ව ඔවුන් ළඟම තබා ගන්නවා.

අනෙක් වචන වලින් කියනවා නම් ඔවුන් දෙමාපිය සම්බන්ධය, සමීපතම බව, ක්‍රියාවේ යොදවනවා.

පොදුවේ පියවරුන්ට පණිවිඩයක්

අකා ගෝත්‍රික පියවරුන්ට අපේ අනෙකුත් පියවරුන්ට හුඟක් දේ කියා දෙන්න පුළුවන්. මහාචාර්යවරයා පවසන ආකාරයට ඉතා ශුභවාදී ආකල්පය හා දායකත්වයක් තාත්තලාට දරුවන් ලොකු මහත් කරන්න යොදවන්න පුළුවන්. නමුත් තාත්තලාගෙන් ලැබෙන ආදරය සුරතලය අපිට අඩු තක්සේරුවට ලක් කරන්න බැහැ.

දරුවන් හා තාත්තලා අතර ආකර්ෂණීය හා බැඳීම් නැති තැනකදී හා සමහර විට එවැනි බැඳීම් ප්‍රදර්ශනය කරන තාත්තලා ළමා අපචාරකයන් ලෙස ලේබල් කරන අවස්ථාවන් වලදී දෙමාපියන්ට නැවත සිතන්න හුඟක් දේ අකා ගෝත්‍රික පියවරුන් ඉතිරි කරනවා.

පිය පදවිය, මව් පදවිය ලෙස අප ලේබල් දෙකක් ගසා ගතයුතු නැති බව මේ ලිපියෙන් ඔබට හොඳින් වැටහේවි. ඒ අලුත් වැදගත් කාරණය ඔබට theAsianparent Sri Lanka ගෙන එන්නට සිතුවේ අලුත් දේ සිතන දෙමාපිය ඔබ වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

For dads