ලොව පුරා අම්මලාට දලයි ලාමා තුමන්ගෙන් වැදගත් පණිවිඩයක්

lead image

මෑතකදී දලයි ලාමා තුමන් විසින් දෙමාපියන් දරුවන් රැකබලා ගන්න ආකාරය ගැන විශේෂයෙන් අම්මලාට වැදගත් දේශනයක් පවත්වා තිබුණා.

මෑතකදී දලයි ලාමා තුමන් විසින් දෙමාපියන් දරුවන් රැකබලා ගන්න ආකාරය ගැන විශේෂයෙන් අම්මලාට වැදගත් දේශනයක් පවත්වා තිබුණා.

මෑතකදී බොහෝ දෙනෙක් බලාසිටි එතුමන්ගේ පැමිණීම ඇමරිකාවට උදා වුණා. ඊට සහභාගී වෙන්න අවස්ථාව ලැබූ පිරිස හුඟක් හිටියා. මේ අය අතරින් කිරී වෙස්ට්බ් කතෘවරියක්, ක්‍රියාකාරිනියක්, සාඩම්බර මවක් ද වෙන අතර ඔහුගේ පැමිණීම ගැන මහත් සොම්නසට පත්වී සිටියා.

කොලරාඩෝ සරසවියේ කූර්ස්‌ ඉවෙන්ට් සෙන්ටර් හිදී පැවැත්වුණ එතුමන්ගේ දේශනයට ඇයත් සහභාගී වුණ අතර විශේෂයෙන් මාතෘත්වය පිළිබඳ එතුමන්ගේ දේශනය පාදක කර ගැනීම ඇයව තවත් සතුටට පත්කර තිබුණා. එසේම ඔහුගේ අසමසම මතය වන්නේ මාතෘත්වය හා මව් කිරි ගැන ඔහුගේ අසමසම දැනුම ගැන ඇය පුදුමයට පත්වුණා. මව් කිරි වලට අමතරව ඔහු ඒ හා සබැඳි තවත් වැදගත් කරුණු රැසක් කතා කළා.

වෙස්ට්බ් ට අනුව මාතෘත්වය, දරුවන් උස්මහත් කිරීම ගැන එතුමන්ගෙන් ප්‍රශ්න කළහම එතුමන් මෙවැනි පිළිතුරක් ලබා දී තිබුණා.

“මේ ප්‍රශ්නය අහන්න මම එතරම් සුදුසු නැති වෙන්න පුළුවන්. හරියටම මේකට උත්තර දෙන්න මම විවාහ වෙලා දරුවන් ලබා තිබෙන්න ඕනේ. ඒත් මං ඒකට දැන් හුඟක් වයසයි”. ශාලාවේ සිටි හැමෝම ඔහුගේ කතාවට සිනාසුන අතර ඔහු ඒ ගැන අදහස් දක්වන්න අමතක කළේ නැහැ.

මව්කිරි වල ඇති ගුණය පිළිබඳ ඇති විද්‍යාත්මක මත හා අධ්‍යන වල තොරතුරු ඔහු ඉදිරිපත් කළා. මව් කිරි වල ස්වභාවයෙන්ම දැනෙන පෝෂණ ගුණය දරුවෙකුව ලොකුමහත් කරන අපූරුවත් මෙය අපේ සමාජයටත් ලෝකයටත් ගෙන යායුතු බව තව දුරටත් කියා සිටියා.

The Huffington Post හි කිරී වෙස්ට්බ් දෙමාපිය පදවිය ගැන එතුමන්ගේ වචන සඳහන් කර තිබුණා.  ඔහු මෙහෙම කිව්වා. “මගේ පළමු ගුරුවරයා මගේ අම්මා”. එතුමන් පුංචි කාලයේ තරුණ අම්මගේ පිටේ එල්ලිලා ඈ කුඹුරේ වැඩකරනකොට ඇයත් එක්ක රැඳුනා. ඇගේ කනට මුව තියලා, සමහර වෙලාවට කකුලෙන් ඇනලා ඇය කරන වැඩ වලට අපහසුවක් දුන් බව ඔහු කියනවා. නමුත් ඇගේ ඉවසීම හා රැකවරණය මට ආදරය කියා දුන්නා. මව් කිරි වල උපරිමය හා එහි ගුණ කඳ ගැන ඔහු කතා කළා වගේම ඔහු හැදී වැඩුන අරණ්‍ය වල ඉගැන්වීම් ඒ ඇගයුමටත් ගරුත්වයටත් හේතු වූ බව කිව්වා. වර්තමානයට මේ කතාව ගෙන එමින් අපි මෙම උපරිම පෝෂණ ගුණය ලෝකයටම ගෙන යා යුතු බව කිව්වා.

ශාලාවේ දරුවන් සමග අසුන්ගෙන ඉන්න අම්මලාට අත දිගු කරමින් “ ඒත් ඔබ මේ අම්මලාගෙන් ඇහුවොත් කියාවි මවකගේ දයාව කොයි වගේද කියලා”. ඔහුගේ මවගෙන් ජීවිත කාලය පුරා ඔහු වින්ඳේ එය බව කිව්වා. අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබමින් ඊළඟ පරම්පරාවට එය ගෙන යනවා.

මේ ලෝ සුපතල නායකයාගේ අදහස ලෙස මේ අම්මාවරුන් මව් ගුණය ඊළඟ පරම්පරාවට ගෙන යාමට නුවණින් හා දයාවෙන් කටයුතු කළ යුතු බව කිව්වා. අපි එය කළොත් 22 වන ශතවර්ෂය 21 වන ශතවර්ෂයට වඩා හුඟක් සාමකාමී වෙතැයි ඔහු පැවසුවා.

මවකගේ දයාව හා කටයුතු නුවණින් හැසිරවීම හැමවිටම වැදගත්. ඊට ඇය දැනුමින් හා අත්දැකීමෙන් පෝෂණය කරන්න theAsianparent Sri Lanka හැමදාමත් සුදානම්.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ