theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අන්තර්ජාලයේ මානසික රෝගින්ගේ බිල්ලක් වීමට ඔබේ දියණියට ඉඩ නොදෙන්න 

3 අවම කියවීම
අන්තර්ජාලයේ මානසික රෝගින්ගේ බිල්ලක් වීමට ඔබේ දියණියට ඉඩ නොදෙන්න අන්තර්ජාලයේ මානසික රෝගින්ගේ බිල්ලක් වීමට ඔබේ දියණියට ඉඩ නොදෙන්න 

දුවෙක් කියන්නේ අවමානයක් නොවෙයි අභිමානයක්, ඇය දිනෙක ලොව උතුම් පදවියක් වු මව් පදවියෙන් පිදුම් ලබන්න නියමිතයි.  ඒ නිසා ඇයගේ ඡායාරූප වලට අපහස කරන්න එපා.

දියණිය‌ගේ ඡායාරූප සම්බන්ධව ඇත්තනේම  ගොඩාක් දෙනා කතා කරන්නත් ඇති, ලිපි ලියන්නත් ඇති, ඒත් කිසිම දෙයක් නතර වෙලා නැහැ . 

අදටත් අහිංසක දියණියන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ සමාජ ජාල වල මානසික රෝගින්ගේ බිල්ලක් වෙනවා.

ඇත්තටම මමත් මවක්, දියණියකගේ මවක්, මෙය එක්තරා ආකාරයකට ඛේදවාචකයක් විදියට මම දකිනවා. 

මේ ලඟදීත් මේ ගැන ලිය වුන පෝස්ට් එකක් මම දැක්කා. ඒ ලේඛකයා එවන් ඡායාරූප හා කමෙන්ට් බොහොමයක ඡායාරූප එම ලිපිය සමග එක්කරලා තිබුනා. 

පුංචි දැරිවියන්ට, පාසැල් වියේ ඉන්න පුංචි  මල් වලට කියලා තිබුන දේවල් ඉතාම පිළිකුල් සහගතයි. 

අපි මීට පෙර අහිංසක ගැබිණි මව්වරුන්ගේ ඡායාරූප රූප දඩයමක් ගැන කතා කලා ඔබට මතක ඇති, 

ඒ ලිපිය ඔබ කියෙව්වා නම් මෙතැන සිදුවන්නේද එවැනි ශෝචනීය තත්වයක් බව මම මතක් කරන්න කැමතියි.

දුවෙක් කියන්නේ අවමානයක් නොවෙයි අභිමානයක්, ඇය දිනෙක ලොව උතුම් පදවියක් වු මව් පදවියෙන් පිදුම් ලබන්න නියමිතයි. 

අපේ මානව වර්ගයාගේ පැවැත්ම ගෙනියන්න දිනෙක බර උසුලන්නී ඇයයි. 

අපි හැමෝම උපත ලබන්නේ මවක ගෙන්, එවන් ස්ත්‍රීයකගේ ලෙය විසිරුවා උපන් එහෙත් අධමයන් පිරිසක් අදටත් ස්ත්‍රීත්වය තමන්ගේ මානසික තෘප්තිය උදෙසා අවභාවිතා කරන ආකාරය හරිම නින්දිතයි.

මලක් වගේ හදන දියණියකගේ ඡායාරූපයක් හුදෙක් තමන්ගේ ලිංගික ආශ්වාදය වෙනුවෙන් කෙනෙක් වාචිකව හෝ දූෂණය කරනවා දකින්න කිසිම මවක්, පියෙක් කැමති වෙන්නේ නැහැ. 

දියණිය නිවසක නම්බුවයි. ඒ නම්බුව සමාජ ජාලා ඔස්සේ වාචික දූෂණයකට ලක්වෙනවා කියා සමහර විට ඒ දියණියගේ දෙමාපියන් හෝ ඒ දියණියන් නොදන්නවා වෙන්න පුළුවන්.

ඒ බොහොමයක් ඡායාරූප දෙමාපියන් හිතාමතාම තම සමාජ ජාලා වෙත එකතු කලා යැයි සිතන්න අමාරුයි. සමහර විට ඒවා ඔබ නොහිතපු මොහොතක ඔබ නොහිතපු ආකාරයට ඔවුන් අතට පත්වන්නට ඇති,

දියණිය‌ගේ ඡායාරූප: ඔබේ ඡායාරූප අනාරක්ෂිත වෙන අවස්ථා 

  • ඔබ ඔබේ සමාජ ජාල ගිණුම තුලට ඡායාරූප  එකතු කිරීම
  • ඔබ අන්තර්ජාලයට එකතු කරන ඡායාරූප හරහා
  • ඔබේ ඡායාරූප සහිත දුරකථනය ,පරිඝණකය අලුත් වැඩියා කටයුතු වලට ලබා දීමෙන්
  • ඡායාරූප සහිත දුරකථනය හෝ පරිඝණකය හැක් වීමෙන්
  • ඔබේ දියණිය නොදැනුවත්වම ඡායාරූප ගත කිරීම 
  • විශේෂ උත්සව හා සාද වලදී ගන්නා පොදු ඡායාරූප හේතුවෙන් 

මෙවන් සිදුවීම් වළක්වා ගන්න නම්

  • ඔබේ ඡායාරූප ඔබේ සමාජ ජාල ගිණුම තුල සුරක්ෂිත කරන්න 
  • ඔබගේ සමාජ ජාල ගිණුමට අවිශ්වාස පුද්ගලයන් ඇතුල් කර ගන්න එපා
  • සමාජය තුල දී දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබේ දුරකථනය හෝ පරිඝණකය අලුත් වැඩියා කරන්න දෙන විට ඔබගේ ඡායාරූප ඉවත් කරන්න.
  • ඔබගේ කැමරාව වෙන කෙනෙකුට දෙන විට, ඡායාරූප මුද්‍රණයට දෙන විට සැලකිලිමත් වෙන්න.
  • එවැනි දේ සිදුවෙන ගෲප් එකක් හෝ පිටුවක් දුටු විට රිපෝර්ට් කරන්න.
  • දියණිය ඇසුරු කරන්නන් පිලිබඳ සොයා බලන්න.

ඉහත අපි ලබා දුන්න උපදෙස් ඔබට කරන්න අපහසු දේවල් නොවෙයි. 

ඔබගේ දියණියගේ ආරක්ෂාව තහවුරු කරන්න. දියණිය‌ගේ ඡායාරූප ආරක්ෂිිත කරන්න.

ඔබගේ දියණියගේ පමණක් නොව පුතනුවන්ගේද ආරක්ෂාව තහවුරු කිරීම අද සමාජය තුල බොහෝ වැදගත් වෙනවා.

ඔබේ දරුවා  මෙවන් අන්තර්ජාල පාපතරයින්ගේ ගොඳුරු වීමට ඉඩ නොතබන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

(Image credit: Chronicle Live)

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අන්තර්ජාලයේ මානසික රෝගින්ගේ බිල්ලක් වීමට ඔබේ දියණියට ඉඩ නොදෙන්න 
බෙදාගන්න :
  • සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්

    සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්

  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

  • සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්

    සමාජ වෙබ් අඩවි හරහා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළයුතු අවස්ථා 6 ක්

  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it