theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා ආරක්ෂා කරගන්න මේ රූපලාවන්‍ය උපකරණ දරුවාගෙන් ඈත් කර තබන්න.

5 අවම කියවීම
දරුවා ආරක්ෂා කරගන්න මේ රූපලාවන්‍ය උපකරණ දරුවාගෙන් ඈත් කර තබන්න.දරුවා ආරක්ෂා කරගන්න මේ රූපලාවන්‍ය උපකරණ දරුවාගෙන් ඈත් කර තබන්න.

දරුවා ආරක්ෂා කරගන්න නිවස සුරක්ෂිත කරන විට අපට මග හැරෙන එක් අනතුරුදායක දෙයක් වශයෙන් මෙය පෙන්වා දෙන්න පුළුවන්.

ඔබ ඔබේ කුඩා දරුවාගේ පැමිණීමට සම්පුර්ණයෙන්ම සූදානම් වෙනවා.  ඔබට කිසිවක් මග නොහැරුන  බව තහවුරු කර ගන්නවා. නමුත් ඔබ ඇත්ත වශයෙන්ම ඔබේ නිවසේ සෑම ස්ථානයක්ම ආරක්ෂාව තහවුරු කලාද? බොහෝවිට නොසලකා හැරෙන අනතුර නම් නාන කාමරයේ තබන මේ රූපලාවන්‍ය උපකරණය - විද්‍යුත් හිසකෙස් ස්ට්‍රේට් කරන උපකරණයයි (hair straightener).

ළමා හදිසි අනතුරු වැළැක්වීමේ භාරකාරිත්වය (CAPT) අනුව 99% ක්ම දරුවන්ට පිළිස්සීම් නිවසේදීය.

සෑම වසරකම  හිසකෙස් ස්ට්‍රේට් කරන රූපලාවන්‍ය උපකරණය නිසා පිළිස්සුම් තුවාල ලබන දරුවන්  ගණන සියගණනකි.

එක්සත් රාජධානියේ පමණක් දිනකට පිළිස්සුම් තුවාල ලැබු දරුවන්  නවදෙනෙකු රෝහල්වලට ඇතුළත් කරනවා. සෑම වසරකම  හිසකෙස් ස්ට්‍රේට් කරන රූපලාවන්‍ය උපකරණ නිසා පිළිස්සුම් තුවාල ලබන දරුවන්  ගණන සියගණනකි.

එක්සත් රාජධානියේ මවක් දරුණු පාඩමක් ඉගෙන ගත්තේ ඇගේ වයස මාස 10 ක් වු ජෝශුවා නම් දරුවා  ඔහුගේ අතට හිසකෙස් ස්ට්‍රේට් කරන රූපලාවන්‍ය උපකරණය වැටීම නිසා පිළිස්සුම් තුවාල ලැබීමත්  සමගයි. එය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර තිබුනද එය ඉතා උණුසුම් වුනා.

"එය සිදුවුනේ තත්පරයකටත්  අඩු කාලයකින්,  මම රැකියාවට යන්න  සුදානම් වෙලා මෙම කොණ්ඩ සැකසුම් යන්ත්‍රය ක්‍රියා විරහිත  කරලා ඔහුට ලගා  වෙන්න බැරිවෙන්න මේසේ උඩින් තිබ්බා," ඔහුගේ අම්මා BBC වෙත පැවසුවාය. ඇගේ පුතා දණගෑම  ආරම්භ කලා  පමණක් බවද සඳහන් කළා.

"ඔහුට කාමරයෙන්  මේසය ලගට  කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද කියන එක මම අවතක්සේරු කළා" කියා ඇය සිහිපත් කලාය." ඔහු වයරය ඇදීම  නිසා එය ඇද වැටී තියෙනවා .

හිසකෙස් ස්ට්‍රේට් කරන උපකරණය නිවා දැමූ පසුත්  එහි උණුසුම  තදින් රැඳී තිබෙන  බව  ඇය නොදන්නා බව ඇය පාපොච්චාරණය කර තියෙනවා." මෙය අලුත් අම්මලාට  අනතුරු ඇඟවීමක් වේයැයි  ඇය අපේක්ෂා කරනවා .

හිසකෙස් ස්ට්‍රේට් කරන උපකරණයට ස්ත්‍රික්කය තරම් උණුසුම් විය හැකි  බව දෙමාපියන් දන්නේ නැහැ . කුඩා දරුවන්ට හැම දෙයක්ම අල්ලනවා ඒත් තාපය රිදවන බව දන්නේ නැහැ.

හිසකෙස් ස්ට්‍රේට් කරන උපකරණය විශේෂයෙන් දිගු කලක් භාවිතා කිරීමෙන් සිසිල් කිරීම සඳහා සෑහෙන කාලයක් ගත වේ. සාමාන්‍යයෙන්  එහි උෂ්ණත්වය  250 ° C දක්වා ළඟා විය හැකි අතර සිසිල් වීම සඳහා විනාඩි 15-40 අතර කාලයක් ගත වේ.

අලුත් මව්වරුන් සඳහා වන මෙම  අනතුරු ඇඟවීම නොසලකා හරින්න බැහැ.  නමුත් ඔබට සැබැවින්ම හිසකෙස් ස්ට්‍රේට් කරන උපකරණ භාවිතා කරන්න අවශ්‍ය  නම්, එය තාප සංවේදී මල්ලක් තුළ ගබඩා කිරීමට වග බලා ගන්න.

භාවිතයෙන් පසු ඉහළ ස්ථානයක  එය ගබඩා කරන්න . එය ඉවතට තැබීමට පෙර   සම්පූර්ණයෙන්ම සිසිල් වී ඇති බවට වග බලා ගන්න.

දරුවා ආරක්ෂා කරගන්න : දරුවන් ලගා වීමෙන් ඈත් කල යුතු රූපලාවන්‍ය හා අනෙකුත් උපකරණය 

ළදරුවන්  හා කුඩා දරුවන්  අනුකරණය  කරන්න දක්ෂයි.  ඔවුන්ගේ ප්‍රසංශා  අවශ්‍යයි. ඔබේ දිනපතා පුරුදු  ඔවුන් සටහන් කරන්නේ නැතැයි ඔබ සිතනවා විය හැකිය. නමුත් ඔවුන් කුතුහලයෙන් ඔබව නිරීක්ෂණය කරනවා.

ඒ වගේම අම්මා හා තාත්තා හැමදාම පාවිච්චි කරන දේවල් අල්ලන්න ඔවුන් නැඹුරුතාවක් තියෙනවා. අවාසනාවකට මෙන්, මේවායේ අනතුරු ඔවුන් නොදනිති.

•රේසර

එය සාමාන්‍ය  රේසර් එකක් වුනත්  හෝ විද්‍යුත් එකක් වුනත්  එය තවමත් ආරක්ෂාවට  අවදානමක් සහිතයි . සාමාන්‍ය රේසර් බොහෝ විට ඉවත් කළ හැකි තල වලින් යුක්තයි. විදුලි රේසර්

වල විදුලි සැර වැදීම හෝ  රැහැන් සිරකර ගැනීමේ අවදානමක් ඇත.

•ඇග අතුල්ලනය

ඒවා මෘදු හා වර්ණවත් වේ. නමුත් ඒවා බොහෝ විට නුල් හෝ සැරසිලි සහිත වන අතර ඔබේ දරුවාට ඒවා හිරවීමකට  හෝ  ලේ ගමනාගමනය අවහිර  වීමේ අවදානමක් ඇත.

•කෙස් වියළනය (hair dryer)

හිසකෙස් ස්ට්‍රේට් කරන උපකරණය වගේම කෙස් වියළනයද ඉහල උෂ්ණත්වයකට පැමිණිය හැකිය. ඒ වගේම , ඒවායේ දිගු, ඝන වයර් ද පැහැදිලි අනතුරු  වේ.

•ටුවිසර්

ඊළඟ වතාවේ  ඇහි බැම සකස් කරන විට ටුවිසරය ඔබේ පුංචි පැටියාට ලගා විය නොහැකි  ආරක්ෂිත ස්ථානයක  තබන්න.

ඒවා හානිකර  උපකරණ  මෙන් පෙනෙන්නට නොතිබුණත්,  විශ්වාස කරන්න  ඒවා  පුංචි දරුවෙකුගේ  තුනී සමත්  එක්ක ගැටුනු විට තියුණු පිහියක් මෙන් විය හැකිය.

•රේඩියෝ

බ්ලූටූත් දැන් හොඳ උපාංගයක්  වෙලා තියෙනවා , නමුත් ඔබ පැරණි රේඩියෝවට ඇලුම් කරන්නෙක් නම්  අනිවාර්යයෙන්ම එය දරුවා ගෙන් ඈත් කර තබන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ මගින් විදුලි සැර වැදීම හා වයරය පැටලී සිදුවිය හැකි අනතුරු වෙන්න පුළුවන්.

දරුවා ආරක්ෂා කර ගන්න : සම්පූර්ණයෙන්ම ඔබේ නාන කාමරය හා කාමරය  ආරක්ෂිත කරන්න.

සමහරක් වස්තූන් දුරස්ථව තබාගැනීමට  අමතරව, පොදුවේ ඔබේ දරුවා සහ ළදරුවා  අනතුරු පිරුන කාමරයක් තුළට නොඑන බව සහතික කිරීමට වෙනත් ක්‍රම තිබේ.

ඔබේ නාන කාමරය / කාමරය ආරක්ෂා සහිතව තබන්නේ මෙහෙමයි.

•හිසට තුවාල සිදුවීම වැළැක්වීම සඳහා ජල කරාම වල ආරක්ෂිත ආවරණයක් ඇති බවට වග බලා ගන්න.

•නාන කාමරයේ  දොරවල් වසා තබා හෝ අගුලු දමා තබන්න. ඔබේ දරුවා එහි ඇතුල් වීම වැළැක්වීම සදහා  දොරවල් අගුල් දමා තබන්න.

• ඔබගේ  ඖෂධීය කබඩ් එක  අගුලු දමන්න  හෝ වෙනත් ලේබල් සහිත බෝතල් නැවත භාවිතා නොකරන්න.

• ශක්තිමත් බංකුවක්  භාවිතා කරන්න, එවිට දරුවාට ටයිල්  එකට නගින්නේ  නැතුව සින්ක් එක භාවිතා කරන්න පුළුවන් .

•වැසිකිලි පවා ගිලීමේ අනතුරු සහිතයි. එමනිසා ඒවා භාවිත නොකරන විට  වසා තැබීමට වග බලා ගන්න.

• කුඩා දරුවන්ට ලගා විය නොහැකි තැන්වල ඇති  විද්‍යුත්  උපංග හා තියුණු කොනවල් ආවරණය කර ඇති බවට වග බලා ගන්න.

•ඔබේ කුණු කූඩයට පවා ළමයින්ට ආරක්ෂිත කරන්න අවශ්‍ය බව අමතක  කරන්න එපා. තියුණු හෝ අනතුරුදායක ද්‍රව්‍ය  ඉවත් නොකිරීමට වගබලා ගන්න. නැතහොත් කුණු බදුන හොදින් වැසු කබඩ් එකක තබන්න.

පිළිස්සුම්  අනතුරු සිදුවීමේදී දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

පිළිස්සුම්  අනතුරු සිදුවීමේදී  බයවෙන්න  එපා . ඔබ කළ යුත්තේ මෙයයි.

• මිනිත්තු 20 ක් ගලා යන ජලයට  පිළිස්සුන ස්ථානය නිරාවරණය කර එය සිසිල් කර ගන්න.

• තුවාලයේ ඇලීම වැළැක්වීම සදහා සියළුම ඇදුම් හා ස්වර්ණාභරණ ඉවත් කිරීමට වගබලා ගන්න.

• රෝහලට ගෙන යෑමට සුදානම් කරන්න .

• පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවායක ආවරණය කරන්න.

• දරුවාට ප්‍රතිකාර ලැබෙන තෙක් දරුවා උණුසුම් හා සුවපහසු ලෙස තබා ගත යුතු බවට වග බලා ගන්න.

දරුවා ආරක්ෂා කර ගන්න නිවසේ සැගවී ඇති මේ අනතුරු ගැන මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවා ආරක්ෂා කරගන්න මේ රූපලාවන්‍ය උපකරණ දරුවාගෙන් ඈත් කර තබන්න.
බෙදාගන්න :
  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it