ඔබේ පවුලට අනතුරු ගෙනදිය හැකි මුළුතැන්ගෙයි පොදු උපකරණ 7 ක්

lead image

හුඟක් මුළුතැන්ගෙයි පොදු උපකරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම නිසා අපේ සෞක්‍යට අහිතකර විය හැකියි. එවැනි උපකරණ 7 ක් පිළිබඳව දැනුවත් වෙන්න.

මුළුතැන්ගෙය කියන්නේ ඔබ කෑම පිසින තැනයි. නිවසේ ඇති පිරිසිදුම සහ ආරක්ෂිතම ස්ථානය කියන්නේ ද එයයි. අවාසනාවකට බොහෝ නිවෙස් වල මෙය විශාල ගැටළුවක්.

හුඟක් මුළුතැන්ගෙයි පොදු උපකරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම නිසා අපේ සෞක්‍යට අහිතකර විය හැකියි. එවැනි උපකරණ 7 ක් පිළිබඳව The Daily Meal වල සඳහන් වෙනවා.

පිසීම සඳහා ගන්න ඇලුමිනියම් භාජන

ඇලුමිනියම් කියන්නේ බහුකාර්ය හා මිලෙන් අඩු ද්‍රවයක්. ඇලුමිනියම් බඳුන් වල ආහාර පිසීමේදී තක්කාලි සෝස් වැනි ඇසිඩ් සහිත ආහාර මගින් ඇලුමිනියම් ක්ෂය වීමෙන් ආහාර වලට එකතු වෙනවා.

තඹ භාජන

කෝකියන්ගේ ප්‍රියතම පිසුම් භාජන ලෙස තඹ භාජන හා පෑන් යොදාගැනීමට හේතුව වන්නේ ඒවාට උණුසුම හා තාපය පාලනය කිරීමේ හැකියාව ඇති නිසයි. නමුත් ඇසිඩ් සහිත ආහාර දැමීම නිසා ඒවායේ ස්ථරයන් ක්ෂය වෙමින් හා දිරමින් ආහාර සමග එකතුවීමේ හැකියාව තියෙනවා.

ප්ලාස්ටික් කැපුම් ලෑලි

ලී වලට වඩා ප්ලාස්ටික් කැපුම් ලෑලි ශක්තිමත් වුවත් ඒවායේ කපන වාර වැඩි නිසා බැක්ටීරියාවන් හැදීමේ ඉඩකඩ වැඩියි. මේවා නිසි ලෙස පිරිසිදු කිරීම වැදගත් වන අතර විසඳුමක් ලෙස කැපුම් ලෑලි පාවිච්චියෙන් පසු ක්ලෝරීන් ජලයෙන් හෝ උණුසුම් ජලයෙන් පිරිසිදු කළහැකියි. ඔබේ ප්ලාස්ටික් කැපුම් ලෑල්ල පාවිච්චියෙන් පසු නිසි තැන තබන්න.

පිසීමට ගන්න ප්ලාස්ටික් වළං

ප්ලාස්ටික් අධික උෂ්ණත්වයට නිරාවරණය වන විට ඒවායේ ඇති හානිකර රසායනිකයන් හා ගෑස් දියවී ආහාර සමග මිශ්‍ර විය හැකියි. ලී සහ යකඩ භාජන මෙයට ආරක්‍ෂිත උපක්‍රමයක් ලෙස භාවිත කළහැක.

BPA සහිත ප්ලාස්ටික් ඇසුරුම්

 BPA යනු ප්ලාස්ටික් නිෂ්පාදනයේදී යොදාගන්නා රසායනයක් වන අතර එයින් කලලයට හා අලුත උපන් බිළිඳුන්ට බලපෑම් විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දෙනවා. ඔබ ප්ලාස්ටික් මිලදී ගැනීමේදී බඳුනේ පහළ BPA අඩංගු නොවන බව සඳහන් ලේබලය ඇත්දැයි විශේෂයෙන් පරික්ෂා කර බලන්න.

සීරුණු මල නොබැඳෙන වානේ

මල නොබැඳෙන වානේ යනු බහුකාර්ය ද්‍රව්‍යක්. නමුත් ඒවා සීරුණු විට ප්‍රතිරෝධියි. ඒවායේ ඇති ඛනිජ ද්‍රව්‍ය යකඩ, ක්‍රෝමියම් සහ නිකල් එක සිරිමකින් ආහාර වලට ඇතුල් විය හැක. නමුත් ඒවා කුඩා ප්‍රමාණයක් ශරිරගත වීම විෂ සහිත නොවුනත් ඒවා ශරීරය තුළ එකතු වීම නිසා සෞක්‍ය ගැටළු ඇතිවිය හැක.

ටෙෆ්ලෝන් - බඳුන් වල ආහාර ඇලීම වැළක්වීමට ආලේප කරන ද්‍රව්‍ය

තෙල් වලින් තොරව ආහාර පිසීම පහසු කිරීමට ටෙෆ්ලෝන් යොදන අතර ඒ නිසා ආහාර භාජනයේ ඇලීම වළක්වනවා.           පරිසර සුවතා සංවිධානය මගින් කරන ලද අධ්‍යනයකට අනුව ටෙල්ෆෝන් ආලේප කරන ලද පෑන් ලිපේ තබා රත් කිරීමේදී එය උණුසුම් වන විට මිනිත්තු 2 ත් මිනිත්තු 5 ත් අතරේදී එයින් හානිකර දුමාරයක් පිටවෙන බව පවසනවා.

ඔබගේ කාලය ඉතිරි කර ගැනීමට හා පහසුව සඳහා මෙවැනි උපකරණ භාවිතා කළත් එයින් ඇති අහිතකර ප්‍රතිඵල ගැනත් ඔබ දැනුවත් වීම වැදගත්. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබේ සෞක්‍යට උපදෙස් දෙන්න කටයුතු කරන්නේ ඒ නිසයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ