theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?

5 අවම කියවීම
ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?

කෘතිම ස්ලයිම් වෙනුවට නිවසේදී ඔබේම විෂ රහිත ස්ලයිම් එකක් සාදා ගන්න පුළුවන්.

ඔබේ දරුවන්ට ස්ලයිම් එක්ක සෙල්ලම් කරන්න ගොඩාක් ආසයිද? 

ස්ලයිම් කියන්නේ අද ළමයින් සමඟ සෙල්ලම් කරන වඩාත් ප්‍රිය කරන මැටි වැනි ‌ජෙලි ස්වභාවයක් ඇති ද්‍රව්‍යයකි. අනෙක්  සෙල්ලම් බඩු වගේම එහිද අවදානම් තියෙන්න පුලුවන්.

ඇත්තටම ‌මෙය භයානකද? ඔබට දැනගන්න අවශ්‍යයි නේද?

ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?

මිලට ගත් ස්ලයිම් සමඟ සෙල්ලම් කිරීම හෝ  සකස් කල ඒවා සමග සෙල්ලම් කිරීම විනෝදජනක වෙන තරමටම මේ ඝන ලිස්සන සුළු ද්‍රව්‍යය ඔබේ දරුවන්ගේ සමට විෂ විය හැකි අතර සෞඛ්‍ය ගැටලු ඇති කරනවා. ‌

මේ ද්‍රව්‍ය ගැන අපි ‌නොහිතන පැත්තක් අනාවරණය කරන අම්මා ‌කෙනෙක් මුහුණ දුන්න ටිකක් සිදුවීමක් ගැන කථා කරමු.

ස්ලයිම් වල බෝරාක්ස් සෞඛ්‍ය ගැටලුවල ඇති කරනවාලු. ඇත්තටම ස්ලයිම් භයානකද? 

ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?

එක්සත් රාජධානියේ වෙසෙන ගැම්මා විලියම්ස් නම් දෙදරු මවගේ දියණිය නිවසේදී ස්ලයිම් සකස් කළා. පසුව ඇගේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ඇති බව දැකලා මේ අම්මා බියට පත් වුනා.

වයස අවුරුදු 10 වු ලයලා ෆිෂර් විසින් ගම්, රැවුල බෑම සදහා භාවිතා කරන ද්‍රව්‍යයක් සහ ස්පර්ශ කාච ද්‍රාවණය  භාවිතා කර අන්තර්ජාලය හරහා සොයාගත් වට්ටෝරුවකට අනුව ඇය නිවසේදි ස්ලයිම් සකස් කළා.

ඒ නිසා රසායනික පිළිස්සුම් ඇති වී ඇති බව හඳුනාගෙන ඇති බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කළා.

ස්පර්ශ කාච ද්‍රාවණය තුළ බෝරාක්ස් (සෝඩියම් බෝරෙට්) හදුනා ගත හැකි තරම් ප්‍රමාණයක්  අඩංගු වන අතර එය බෝරාක්ස් හෝ බෝරික් අම්ලය ලෙසද හැඳින්වෙනවා.

මෙම මුලද්‍රව්‍ය නිවසේදී ස්ලයිම් සෑදීම සඳහා යොදා ගන්නා රසායනිකය මූලික අමුද්‍රව්‍ය වලින් එකක් වෙනවා. එය ස්ලයම් වලට හොද තත්වයක් ලබා දෙනවා. එය දියර පිෂ්ඨය සහ දියර රෙදි සෝදන ඩිටර්ජන්ට් වලද අඩංගු වෙනවා.

බෝරාක්ස් කුඩා මාත්‍රාවලින් එතරම් ගැටලුවක් නොමැති  වුවත්, අධික ලෙස බෝරාක්ස් වලට නිරාවරණය වීම නිසා නුරුස්නාගතිය, පාචනය සහ වමනය වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය අතර උපත් ආබාධ මෙන්ම වඳභාවය වැනි ගැටළු ද ඇති වෙන්න පුළුවන්.

ලයලා නම් දැන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරුව සුවෙන් පසු වෙනවා.

වෙනත් ඔනෑම රටක මෙන්ම ශ්‍රීලංකාවේද ස්ලයිම් ළමයින්ට සෞඛ්‍ය අවදානමක් ඇති කරනවා.

පිළිගත් වෙළඳ නාම සහ වෙළඳසැල් වලින් ‌මේවා මිලදී ගැනීමටත්, නිෂ්පාදනයේ ආරක්‍ෂිත අවශ්‍යතා සපුරා ඇත්දැයි පරීක්ෂා කර බැලීමටත් දෙමව්පියන් කටයුතු කිරීම සුදුසු වෙනවා.

බෝරාක්ස් රහිත ස්ලයිම් එකක් සාදමු

ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?

හොඳම හා ආරක්ෂිතම ක්‍රමය වන්නේ ඔබේ දරුවන් සමඟ නිවසේදී බෝරාක්ස් රහිත ස්ලයිම් එකක් සාදා ගැනීමයි.

එය ඉක්මනින්ම  හදන්න පුළුවන් වාගේම විනෝදජනකයි. ඔබට මෙම වට්ටෝරුව ෂැම්පූ සහ ඉරිඟු පිටි පමණක් භාවිතා කර සකස් කරන්න පුළුවන්.

  • ෂැම්පූ කෝප්ප 1/2  ක් ඉරිඟු පිටි කෝප්ප1/4 ඇති බඳුනකට දමන්න.
  • හොඳින් මිශ්‍ර කරන්න.
  • ආහාර වලට යොදන වර්ණක බින්දු 3 ක් එක් කරන්න (අත්‍යවශ්‍ය නොවේ - විශේෂයෙන් ඔබේ දරුවා වර්ණ ගැන්වීමට අසාත්මික නම්)
  • වතුර තේ හැදි  1 ක් එකතු කර කලවම් කරන්න. සෙමෙන් තවත් වතුර හැදි 5 ක් එක් කරන්න.
  • මිනිත්තු 5 ක් පමණ ස්ලයිම් එක හොදින් අනන්න.
  • ස්ලයිම් එකේ ඇලෙන සුළු බව ඉවත්වෙන තුරු එයට  ඉරිඟු පිටි එකතු කරන්න. විවිධ වෙළඳ නාමයන් වන ඉරිඟු  පිටි සහ වාතයේ ආර්ද්‍රතාවයේ මට්ටම නිසා අප මෙහි ලැයිස්තුගත කර ඇති ප්‍රමාණයට වඩා ඔබට බඩ ඉරිඟු පිටි ටිකක් අවශ්‍ය වෙන්න පුළුවන්.

එය තරමක් උණුසුම්ව සකස් කරමු 

  1. සුදු පාට ගම් කෝප්ප ¼   ( එහි අන්තර්ගත අමුද්‍රව්‍ය පරීක්ෂා කරන්න) සහ ඉරිඟු පිටි කෝප්ප  1/2 බඳුනකට වත් කරන්න. 
  2. දැන් එයට ආහාර වර්ණක බින්දු 3 ක් එකතු කරන්න (අත්‍යවශ්‍ය නොවේ).
  3. එය හොඳින් මිශ්‍ර කරන්න.
  4. මිනිත්තු 10 ක් ඔබේ දෑතින් එය අනන්න.
  5. තත්පර 20 ක් මයික්‍රෝවේව් දමා රත් කරන්න.
  6. එය සිසිල් වීමට ඉඩ දෙන්න, ඉන්පසු තවත් විනාඩි 10 ක් අනන්න.

ස්ලයිම් සකස් කිරීම සඳහා අමතර උපදෙස්

  • ඔබ ‌මෙය සෑදීමට පෙර, ඔබේ මේසය අමතර  මේස රෙද්දකින් හෝ තෙල් රෙද්දකින් ආවරණය කරන්න, එවිට පසුව පිරිසිදු කිරීම පහසුය.
  • ස්ලයිම් ටිකක් නිසා ටිකක් හැඩිවෙන්න පුළුවන්. ඔබේ ගෘහ භාණ්ඩ ආරක්ෂා කර ගැනීම සඳහා ප්ලාස්ටික් මේස ආවරණ මත දරුවන්ට  ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමට ඉඩ සැලසීම නුවණට හුරුය. ඔබේ දරුවන් ස්ලයිම් වලින් සෙල්ලම් කළ පසු එය ඉක්මනින් පිසදමන්න.
  • එය ගම් වලින් සාදා ඇති නිසා, ස්ලයිම් වලින් ඔබ දිගු කාලයක් සෙල්ලම් කිරීම නිසා  එය පිරිසිදු කිරීමට අපහසු වෙනවා. විශේෂයෙන් එය වියළීමට පටන් ගත් වහාම එය පිරිසිදු කිරීම අපහුසයි. ස්ලයිම් නැවත ක්‍රියා කරවීමට උණුසුම් සබන් වතුර භාවිතා කරන්න.
  • මේ සමග සෙල්ලම් කරන විට ඔබේ දරුවන්ට මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස දන්වන්න. සෙල්ලම් කල පසු දෑත් සෝදන්න මතක් කරන්න.

සෙල්ලම් බඩු සමග ඔබේ දරුවා ‌සෙල්ලම් කරන විට පිළිපැදිය යුතු ‌පොදු උපදෙස්

  • එම ‌සෙල්ලම් බඩු නිෂ්පාදිත ද්‍රව්‍ය ඔබගේ දරුවාට අසාත්මිකදැයි සැලකිලිමත් ‌වෙන්න.
  • සෙල්ලම් කල පසු දරුවාගේ අත් ‌හොදින් ‌සෝදන්න.
  • සෙල්ලම් බඩු නැතිනම් ‌සෙල්ලම් කරන උපකරණ නිතර පිරිසිදු කරන්න.
  • මේවා මිලදී ගැනීමේදි නිෂ්පාදිත ද්‍රව්‍ය ගැන සැලකිලිමත් ‌වෙන්න.
  • දරුවා ‌රෝගි කරන අහිතකර රසායන දුව්‍ය අඩංගු ‌සෙල්ලම් බඩු, කුඩාා ‌කොටස් ගැල වීමට හැකි ‌සෙල්ලම් බඩු, බුල් ගැලවී ඉවත් විය හැකි මෘදු ‌සෙල්ලම් බඩු දරුවාට ලබා ‌දෙන්න එපා.
  • දරුවාගේ වයසට ගැලපෙන ‌සෙල්ලම් බඩු විතරක් ලබා ‌දෙන්න.
  • සෙල්ලම් කිරීමෙන් පසු ‌සෙල්ලම් බඩු නිසි ‌ලෙස ගබඩා කිරීමට ඔබේ දරුවාට කියාදෙන්න.
  • කැඩුණු, ‌කොටස් වලට හානි වුන ‌සෙල්ලම් බඩුු ඉවත් කිරීමෙන් දරුවා ඒවායෙන් තුවාල කරගැනීම වළක්වා ගන්න පුළුවන්.

ඔබත් ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු නැතිනම් ‌සෙල්ලම් කරන උපකරණ හා ආරක්ෂිතව කටයුතු කරනවාද?

‌‌මේ ගැන ඔබේ අදහස් හා ‌යෝජනා සටහන් කිරීමට ‌කමෙන්ට් තීරුව ඔබට විවෘතයි.

ඒ වගේම ‌මෙවනි අවස්ථා ඔබත් අත්දැක තිබේනම් ඒ ‌තොරතුරු අපිත් එක්ක ‌බෙදාගන්න අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා නිෂ්පාදන
  • /
  • ස්ලයිම් වලින් සෙල්ලම් කිරීමෙන් පසු මේ දියණියගේ ඇඟිලි බිබිලි වලින් වැසී ගියේ ඇයි?
බෙදාගන්න :
  • Mum finds daughter's fingers covered in blisters after playing with slime

    Mum finds daughter's fingers covered in blisters after playing with slime

  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

    විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

  • Mum finds daughter's fingers covered in blisters after playing with slime

    Mum finds daughter's fingers covered in blisters after playing with slime

  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

    විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it