අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

ඔබ අත් නැති ඇඳුම් අඳින්න මැලිකමක් දක්වන්නේ ඔබේ අත් යට කළු බව අන් අය දකීවි කියලා හිතලා නේද? ඔබට කියාපු ස්වාභාවික විසඳුම් 5ක් ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

ඔබ අත් නැති ඇඳුම් අඳින්න මැලිකමක් දක්වන්නේ ඔබේ අත් යට කළු වීම අන් අය දකීවි කියලා හිතලා නේද? නමුත් දැන් මිල අධික ක්‍රීම් වර්ග වලට මුදල් වියදම් කරනවට වඩා ගෙදරදීම සොයාගත හැකි මෙම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ඔබේ කළු වූ අත්යට ප්‍රදේශයට පැහැපත් සුදු පෙනුමක් ලබාගන්න පුළුවන්.

අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

1. බේකින් සෝඩා

මැරුණු සම නිසාත් අත්යට කළු වෙන්න පුළුවන්. මේ සඳහා බේකින් සෝඩා ඉතාම හොඳයි. බේකින් සෝඩා මේස හැඳි කිහිපයක් ගෙන වතුර සමග මිශ්‍ර කර ආලේපයක් ආකාරයට මිශ්‍රකර ගන්න. මෙය අත්යට රවුමට ආලේප කරන්න. සතියකට 3-4 වරක් ආලේප කරන්න.

2. කහ

කහ වල ඇති ඇන්ටිඔක්සිඩන්ට් නිසා සමට පැහැපත් බවක් වගේම සම සුදු කරනවා. කහ අමතර මෙලනින් වලට එරෙහිව ක්‍රියාකරන අතර නිවසේදී කහ ආලේප කළ පසු හිරු එළියට නිරාවරණය නොවන්නට වගබලා ගතයුතුයි. නැතිනම් සම මතු පිට කළු ලප හා හිරු එළියට පිළිස්සීමට ඉඩ තිබෙනවා.

කුරුලෑ කැළැල්

3. අල, ලෙමන් සහ පිපිඤ්ඤා

මෙම අමුද්‍රව්‍ය මෘදු සම සුදු කරන ඛාරක අඩංගු වෙනවා. මේවායින් ඉතා සිහින් පෙත්තක් ගෙන කහ ස්වල්පයක් සමග එහි යුෂ කළු පැහැ ගැන්වුණු ප්‍රදේශයේ ගලවන්න. නැතිනම් අල, ලෙමන් , පිපිඤ්ඤා පෙත්තක් පමණක් වුවත් අත්යට ආලේප කරන්න පුළුවන්. මිනිත්තු 15-20 කට පසු මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට දිනකට දෙවරක් පමණ ආලේප කරන්න.

4. කිරි හා මී පැණි

කිරි සම පැහැපත් කිරීම සඳහා යොදා ගැනෙනවා. එමගින් සමේ තෙතමනය රැකදෙන අතර සම මෘදු හා පැහැපත් කරනවා. කිරි තේ හැඳි කිහිපයකට මී පැණි මිශ්‍ර කර ඊට ලෙමන් හා කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර අත්යට ආලේප කර ගන්න.

පොල් තෙල්

5. පොල්තෙල්

පොල්තෙල් සමේ පැහැය වර්ධනයට ඉතා හොඳ සත්කාරයක්. නෑමට පෙර කළුපැහැ ගැන්වූ ප්‍රදේශයන් වල පොල්තෙල් ආලේප කරගන්න. ඊට බේකින් සෝඩා ටිකක් එකතු කරන්නත් පුළුවන්.

ඔබේ සුන්දරත්වය ඔබේ සතුට theAsianparent Sri Lanka අපිට හුඟක් වටිනවා. ඔබ සතුටින් ඉන්න විට ඔබේ පවුලම සතුටින් තබන්න ඔබට පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි