theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

5 අවම කියවීම
දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොතදරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

දරුවන්ගේ වැඩි ආරක්ෂාවට කියා අපි කරන දේවල් දරුවාට ඊට වඩා තර්ජනයක් වෙන්න පුළුවන්

මවක් වන සෙල්වි රාමනාදන් ඇගේ කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ අත්දැකීම බෙදාගන්නේ අනෙකුත් දරුවන්ගේ දරුවන්ගේ මතු ආරක්ෂාව පිණිසයි.

ඔබත් ඔබේ දරුවා වෙනත් රැකබලා ගන්නෙක් හෝ දරුවන් රැකබලා ගන්නා සේවිකාවක් යටතේ තබන්නේ නම් මේ ලිපිය ඔබට ගොඩාක් වැදගත් වේවි.

ඔබ දරුවාගේ ආරක්ෂාව පිණිසම තබන්නා දරුවාගේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් එය කොතරම් අභාග්‍යයක්ද?

මේ සෙල්වී රාමනාදන් මහත්මියගේ  දරුවා රැකබලා ගත් නපුරු ගෘහ සේවිකාව ගැන කතාවයි.

වාසනාවකට මෙන් ඇගේ දරුවා නිරුපද්‍රිතව සිටින මුත් පිටස්තර කෙනෙකු තම ආදර දරුවාට පහර දෙනු දැක ඇති වූ කම්පනයෙන් මිදීමට කිසි දින හැකි වේදැයි ඔවුන් නොදනී.

දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

කුරිරු ගෘහ සේවිකාව හා සම්බන්ධ මෙම  සිද්ධියට මුල් වූ කරුණු සහ අනතුරු ඇඟවීම්

ලීසා නමැති අප ගෘහ සේවිකාව සේවයට පැමිණ සතියක් පමණ වුවත් ඇය බොරු කියන බව අපට දැනුනේ ඇයගේ නෑදෑ මිත්‍රයින් මේ අවට නොසිටිනවා කීමත් සමඟයි.

මෙම සිදුවීමට පෙරාතුව අප දුටුවේ ඇය විසිත්ත කාමරයේ හෝ මුළුතැන්ගෙයි කෙළවරකට වී තනිව කතාකරමින් හඬන බවයි.

මේ නිසා අප ඇයගේ පවුල් පසුබිම ගැන අනුකම්පා සහගතව දැනගැනීමට උත්සාහ කළා.

ඇය දරුවා සමඟ හොඳින් පසුවන බවක් අඔපට පෙනුනද ඇය නිරතුරුවම ජංගම දුරකතනයේ එල්ලී සිටි අතර අපගේ ගෘහ දුරකතනයද ඇය භාවිතා කරන අයුරු අප දුටුවෙමු.

මෙහිදී ඇය දරුවා සමඟද කෝප ගත් බව මට පෙනී ගියා.

දිනක් දරුවා ඇය වෙත ගොස් සෙල්ලම් කිරීමට තැත් කිරීමේදී, ඇය පුටුවක් උස්ස ඔහුට පහර දීමට තැත් කාලය.

එහෙත් පහර දුන්නේ නැත. මෙය සිදු වුයේ ඇය දරුවාට පහර දෙනු අප දැක දින තුන හතරකට පෙරය.

මා ඉමහත් ලෙස නොසන්සුන් වූයේ ඇය දරුවාව දරුණු වද හින්සාවකට ලක් කරාවි යැයි ඇති වූ බියෙනි.

ඇය සේවයට පැමිණ ගත වූයේ සති තුනක් වූවත් ඉමහත් වූ ක්‍රෝධයත්, කෝපයත් ඇය තුල තිබිණි.

මගේ සැමියා මට කලබල නොවී සිටින ලෙස අවවාද කල අතර ඇයට පවුල් ප්‍රශ්න ඇති බව පෙනෙන නිසා අවස්තාවක් දෙන ලෙස පැවසිය.

දිනපතා කැමරාව පිරික්සීමට උදව් කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

දවල් කාලයේදී දරුවා අවදිව සිටින විට ඔහුට දිය යුතු පලතුරු හා කෙටි ආහාරයක් දරුවාට නොදී ඇය ඒවා අහාරයට ගන්නා බව අපට පෙනුනි.

මෙහිදී දරුවාට කන්න දෙන්න යැයි කියා අප ඇයට අවවාද කළෙමු.

මෙහිදී සිදු වූයේ ඇය ඔහුට බලෙන් ආහාර දීමට තැත් කිරීමයි.

ඔහුගේ නිකටින් අල්ලා ආහාර කටට ඔබන අතර පිටුපසට පහර දෙන්නේ කඳුළු සලා හඬන දරුවා කෙරෙහි කිසිඳු තෙතමනයක් හෝ අනුකම්පාවක් නැතිවයි.

මෙය මවකට බලා සිටීමට සිදුවන ඉතා දුෂ්කර දසුනකි.

දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

 

 

පසු කාලින සිදුවීම

පොලීසිය මෙම දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළහ.

ලීසා මෙය අහම්බයක් යැයි කීමට ඉඩ ඇති බව ඔව්හු පැවසුහ.

උසාවියක හෝ සාක්ෂියක් දීමට තරම් මේරු වයසක් දරුවාට නැත. පොලිසිය කෙරෙහි මටත් මගේ සැමියාටත් ඇති වූ කෝපය සහ කලකිරීම මෙතෙකැයි කිව නොහැක.

ලීසා මේ කැමරාව ගැන දන සිටියේ නැත. ඇය වෙනුවට වෙන සේවිකාවක්ද අප සොයාගත යුතුය.

අප විශාල මුදලක් ඇය වෙනුවෙන් වියදම් කල අතර මගේ නිවාඩු අවසන් වූයේ ඇය පැමිණීමට පෙර දරුවා බලාගැනීම සඳහාය.

තවත් නිවසකින් සේවිකාවක් ගෙන්වාගැනීමට ලිය කියවිලි සකස් කල නමුත් අවසාන මොහොතේ ඇයද පැමිණීම ප්‍රතික්ෂේප කාලය.

මම නිතික්ඝ්ය මහතෙකුගේ පිට පැතුවෙමි. අපට කල හැකිව තිබුනේ ඇයට වැටුප නොදී සේවයෙන් ඉවත් කිරීමයි.

ඇගේ පළමු වැටුප ඇය එවූ ඒජන්සියට ගෙව්වුවෙමු.

අපට නව සේවිකාවක් ගෙන්වාගන්නා තුරු ඇයව සේවයේ තබාගන්නවා හැර වෙනත් විකල්පයක් නොවිය.

ඒ බව ඇයට පැවසු අපි ඇගේ ගුවන් ටිකට්පත් ගාස්තුව වැටුපෙන් අඩු කරගන්නා බව පැවසුවෙමු.

මෙම කාලයේදී මගේ මව්පියන් ගෙන්වාගත්තේ ඇය දරුවාට අනතුරක් කරාවි යන බිය නිසාය.

ඇගේ දෙවැනි මාසය ඇතුලත මගේ විදේශ නෝට්ටු ඇය සොරාගෙන තිබිණි.

අප මේ බව දැනගත්තේ ඇගේ දුරකථන සංවාදයකදී එම මුදල් වල වටිනාකම ඇය විමසූ විටකය.

ඇය අප නිවසින් ඉවත්ව යන දිනයේ එම මුදල් පිළිබඳව අප ප්‍රශ්න කල විට ඇය තරයේ කියා සිටියේ  එම මුදල් ඇය ළඟ අප නිවසට පැමිණෙන්ට ප්‍රතමවත් තිබු බවයි.

මගේ එකම සැනසීම වූයේ ඇය තවදුරටත් අප නිවසේ රැඳී නොසිටීමත් අප ජිවිත වලින් ඇය තුරන් වීමත්ය.

අවංක යහපත් ගෘහසේවිකාවක් සොයාගැනීම ඉමහත් අපහසුවක් වන අතර එවැනි කෙනෙක් ලැබීම මහත් භාග්‍යයකි.

ගෘහ සේවිකාවක් දරුවාට හිරිහැර කරන බව ඒත්තු ගිය විට ඔබ කල යුතු දෑ කිහිපයක් මගේ අත්දැකීමෙන්

දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

1 හොඳ සැඟවුණු කැමරාවක් සවි කිරීම සහ සේවිකාව ඒ පිළිබඳව දැනුවත් කිරීම.

2 මෙවැනි තත්වයන් මතු වූ විට ඇයව ප්‍රශ්ණ කිරීම නොකළ යුතුයි.

3 දරුවා වහාම ඇයගේ භාරයෙන් ඉවත් කල යුතු අතර නීති උපදෙස් ලබාගත යුතුය.

4 විකල්ප මාර්ග සොයාගත යුතු අතර පොලීසියද දැනුවත් කල යුතුය. නමුත් කිසිඳු උපකාරයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.

5 හැකි ඉක්මනින් ඇයව සේවයෙන් පහ කොට පිටත් කල යුතුය.

"මේ වීඩියෝපටය මා නිකුත් කලේ දරුවා අවුරුදු දෙක සම්පුර්ණ කල පසුවයි. දරුවා පලතුරු වමනය කල විට ලීසා ඔහුගේ පසුපසට පහරදුන් පසුවයි.

මෙම වීඩියෝවේ හඬ පට පැහැදිලි වූ නැති මුත් අප කැමරාවෙන් ඇසූ  දරුවාගේ හැඬුම් හා විලාප හද කකියවන සුළුය."

නම් ගම් මනක්කල්පිතයි.

වැඩි ආරක්ෂාවට දරුවන් වෙනුවෙන් කරන දේවල් අවසානයේ මෙවන් වේදනාකාරි අත්දැකීම් ඉතිරි කලහොත් එය මවකට කොපමණ දුරට දරාගත හැකි වේවිද?

මෙවන් දේවල් ඔබත් අසා ඇති නේද? ඔබ ලගත් මේ සම්බන්ධව අදහස් ඇති නම් අප හා බෙදාගන්න.

ලංකාවේ මවක් මුහුණ දුන් තවත් මෙවැනිම අත්දැකීමක් මෙතැනින් දරුවාට පහර දුන් ලංකාවේ ගෘහ සේවිකාව කැමරා ඇසට හසු වේ.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන්
  • /
  • දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත
බෙදාගන්න :
  • දරුවන් කරන කරදරකාරී දේවල්  4 ක්

    දරුවන් කරන කරදරකාරී දේවල්  4 ක්

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • දරුවන් කරන කරදරකාරී දේවල්  4 ක්

    දරුවන් කරන කරදරකාරී දේවල්  4 ක්

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it