theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

3 අවම කියවීම
ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

දීපවාලි උත්සවය තුළින් ඉස්මතු වන මේ ආලෝකය තුළින් අපගේ ජිවිත වලටද නව එළියක් එක් කරගන්නට අපගේ සහෝදර හින්දු බැතිමතුන් සමඟ මේ උත්සවය සමරන්නට ආදරයෙන් එක් වමු.

දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හැඳින්වෙනවා.

හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක්.

මෙම උත්සවය දින 5ක් පුරා පැවතෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත වනවා.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරණවා.

මෙම උත්සවය තුලින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා.

මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි.

දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවකි. නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයකි.

දීපාවලී උත්සවය  ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.

දීපවාලී උත්සවයෙන් ලැබෙන ආලෝකමත් පණිවුඩ පහක්

1. දීපාවලී - ලොව අඳුර නසා ආලෝකමත් කිරීම

නිවෙස් වලත් ගම් නගර වලත් දහස් ගණන් පහන් දල්වන්නේ මිනිස් ජිවිත වලද ආත්මික ආලෝකයක් ඇති කිරීමේ සංඛේතයක් ලෙසයි.

2 ජිවිතයේ අයහපත පලවා හැර යහපත ලං කරගැනීම

දීපවාලි උත්සවයේ විශේෂ අංගයක් වන්නේ හින්දු බැතිමතුන් විසින් මුලින්ම ගේදොර මනාව පිරිසිඳු කරගැනීම සිදු කිරීමයි.

මෙසේ අනවශ්‍ය දේ ඉවත් කොට නිවෙස් මනාව පිරිසිඳු කිරීම තුළින් එම නිසාත් නිවසේ වසන්නනන්ටත් පවිත්‍රතාවය ලඟා වන බව විශ්වාස කෙරෙනවා.

3 ඉවසීම ප්‍රගුණ කිරීම 

සෑම දෙයකම කෙළවරක් ඇත. රාමා දෙවියන්ගේ ජිවිත දැක්ම තුලින් පිළිබිඹු වන ඉවසීමේ ගුණය තම ජිවිත තුලින් මෙනෙහි කොට ප්‍රගුණ කරන්නට හින්දු භක්තිකයින් මෙය අවස්තාවක් කරගන්නවා.

4 බෙදාහදා ගැනීම

දිවාලි සඳහා විශේෂයෙන් පිළියෙළ කල රස කැවිලි නෑදෑ හිත මිතුරන්, අසල්වාසීන් ආදිය සමඟ බෙදාගැනීම තුලිනුත් මෙදින දුප්පතුන් සමඟ තමන් සතු දේ බෙදා හදා ගැනීම තුලිනුත් හින්දු භක්තිකයින් බෙදාහදා ගැනීම මේ විශේෂ දිනයේ සිදු කරන්නට අමතක කරන්නේ නැහැ.

ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්

5 දීපාවලී - ජිවිතයට නව ආරම්භයක්

දීපවාලි උත්සවය සැමරීම සඳහා බැතිමතුන් අලුත් බඩු භාණ්ඩ වලින් නිවෙස් අලංකාර කිරීමටත් නව වස්ත්‍රාභරණ වලින් සැරසිමටත් ප්‍රිය කරනවා.

බොහෝ ව්‍යාපාරිකයින් නව ගිණුමක් ආරම්භ කිරීමද බොහෝ විට මේ දිනයේ සිදු කරනවා.

ඉතින් මෙදින ජිවිතයේ නවතාවයක් අතකින් ඔවුන් ජීවිතය අලුතින් අරඹන්නට මෙය විශේෂ දිනයක් කරගන්නවා.

හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත් සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතා වලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මග පෙන්වන ලෙස යාතිකා කරනවා.

දීපවාලි උත්සවය තුළින් ඉස්මතු වන මේ වටිනා ක්‍රියාකාරකම් අප හැමෝගෙම ජිවිත වලට වැදගත් පණිවුඩයක් ගෙන එනවා නොවේද?

අපගේ ජිවිත වලටද නව එළියක් එක් කරගන්නට අපගේ සහෝදර හින්දු බැතිමතුන් සමඟ මේ උත්සවය සමරන්නට ආදරයෙන් එක් වමු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • හින්දු උත්සව
  • /
  • ලොවට එළිය දෙන දීපාවලී උත්සවය ගැන දීප්තිමත් කාරණා 5ක්
බෙදාගන්න :
  • රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

    රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

    ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

  • රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

    රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක් සමඟ ඔබ සැමට සුභ රාමසාන් මංගල්‍යයක් වේවා!

  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

    ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it