අධිශීත කළ ආහාර හරියට නැවත පාවිච්චි කරන්නේ කොහොමද?

කෑම ඉතිරි වුනහම අධිශීත කළත් නැවත නැවත ඒවා කෑමට ගන්න පුළුවන්ද? මෙම ලිපිය කියවා දැනගන්න.

හුඟක් දෙමාපියන් කෑම හදලා වැඩිවුනහම අධිශීතකරණයේ දානවා. ඒක ඊළඟ දවසට හුඟක් පහසුයි. නමුත් මේ විදිහට අධිශීතකළ කෑම පාවිච්චියට අරගෙන නැවතත් අධිශීත කිරීම හොඳද?

ආහාර පිළිබඳ විශේෂඥවරුන් පවසන ආකාරයට අධිශිත කළ ආහාර වල රසය හෝ පෙනුමේ ඒකාකාරිත්වය එම ක්‍රියාවලිය තුළ වෙනස් වෙනවා. සුප් වගේ දෙයක් නැවත අධිශීත කිරීම එතරම් බලපෑමක් නොවන්නේ එහි හුඟක්ම වතුර ඇති නිසයි. නමුත් මස් හෝ ව්‍යංජන නැවත එසේ කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල අත්වන්නේ නැහැ.

බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්

අධිශීත කිරීමෙන් බැක්ටීරියාවන් නැවත නැවත වර්ධනය සිදුවන්නේ නැහැ. නමුත් එහි තිබූ බැක්ටීරියා විනාශ කිරීමක්  වන්නේ නැහැ. ඉතින් නැවත අධිශීත කිරීම තුළින් බැක්ටීරියාවන් නැවත ඇතිවීම වළකන්න බැහැ. නමුත් හුඟක් දෙනෙක් කෑම නාස්තියට කැමති නැති නිසා නැවත අධිශීත කරනවා.

ඉතින් ඒ අයට මේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.

1. අධිශිතකරණයට නුසුදුසු වීදුරු භාණ්ඩ

අධිශීත කළ හැකි වීදුරු පමණක් භාවිත කළ යුතු අතර නැතිනම් ඊටම සුදුසු ලෙස නිෂ්පාදිත ප්ලාස්ටික් භාජන හෝ බෑග් යොදාගන්න.

2. අයිස් ගතිය බැහැර කරන්න උණු වතුර එපා

සමහර විට අයිස් පිටින්ම සමහර කෑම පිසීමට ගන්න අවස්ථා තියෙනවා. නමුත් ඉන් කෑම වල රස හා පැවැත්මත් වෙනස් වෙනවා.

3. උණුසුම් ආහාර කාමර උෂ්ණත්වයට එනතුරු අධිශීත කරන්න එපා

පැය කිහිපයක් සාමාන්‍ය උෂ්ණත්වයට පත්වන තුරු කෑම එළියේ තැබීම හොඳම ක්‍රමය වන අතර මෙය උවමනාවට වඩා කරන්නත් හොඳ නැහැ.

අධිශිතකරණයෙන් පිටතට ගන්නා ආහාර

4. කෑම වෙලාවට පැය කිහිපයකට පෙර ( පැය 6-8) ඉවතට ගන්න

ප්‍රමාණයෙන් වැඩි මස් වැනි යමක් අයිස් යැවීමට හුඟක් කාලය අවශ්‍ය නිසා එය වැදගත්.

 5. කාලය අඩුනම් වතුර වල බහා තබන්න

හොඳින් අසුරණ ලද කෑම ටැප් වතුර තුළ තැබීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්.

6. මයික්‍රෝවේව් එකක් පාවිච්චි කරනවා නම්

ඉක්මනින් ආහාර කෑමට වගබලා ගන්න. මෙය බොහෝ විට සුප් සඳහා නම් හුඟක් හොඳයි.

නාස්තිය අවම කර ගන්න අපිට උපායන් තිබුනත් අපේ ශරීරයට හිතකර ලෙස එය යොදාගැනීම ඔබටත් ඔබේ පවුලටත් හුඟක් වැදගත් නිසා theAsianparent Sri Lanka මේ කරුණු ගෙන එන්නට හිතුවා.