සුබ දිනය උදාවෙන තුරු සීසේරියන් සැත්කම පමා කල අම්මාගේ දරුවා අනූනමයෙන් දිවිගලවා ගනියි 

සුබ දිනය උදාවෙන තුරු සීසේරියන් සැත්කම පමා කල අම්මාගේ දරුවා අනූනමයෙන් දිවිගලවා ගනියි 

"මගේ පවුලේ අය ඒ වනවිටත් දවස් දෙකකට පසු උදාවෙන  සුබ දවසක් තෝරාගෙන තිබුනා. "

උපන් නැකත දරුවාට වැදගත් වෙනවාද? ඔබ සුබ දවසක දරුවා බිහිකරන්නවාද? නැතිනම්  නිරෝගී දරුවෙකු බිහි කිරීමට කැමතිද? බොහෝ දෙනෙක් වැඩිය හිතන්නේ  නැතුව පිළිතුරක් දෙන්න පුළුවන්.

නමුත්, චීනයෙහි මේ අම්මා හදිසි සිසේරියන් සැත්කමක් ප්‍රතික්ෂේප කරමින් වෛද්‍යවරුන්ට බාධකළා. ඇය මේ සියල්ල කලේ ඇගේ දරුවාට වාසනාවන්ත උපන් දිනයක් ලබා දීම සඳහායි.

සුබ දිනයක් වෙනුවෙන් හදිසි සීසේරියන් සැත්කම ප්‍රමාද කිරීමට මේ නම සඳහන් නොකල කාන්තාව සිය ජීවිතය පවා පරදුවට තැබුවා.

උපන් නැකත සුභ වීමද? මරණයද?

20 හැවිරිදි වියේ පසු වු ඇය විශ්වවිද්‍යාල උපාධිධාරිනියක්. මේ කාන්තාව 2019 සැප්තැම්බර් 17 වන දින සාමාන්‍ය පරීක්ෂාවක් සඳහා රෝහලට වෙත පැමිණියා.

එහිදී සිදුකරන ලද අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකකින් ඇයගේ පෙකණි වැලෙහි ගැටලුකාරී (prolapsed umbilical cord) තත්වයක් ඇති බව අනාවරණය වූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී පෙකණි වැල මත පීඩනයක් ඇතිවී තිබු අතර දරුවාට රුධිරය හා ඔක්සිජන් ගලා ඒමට එය බලපෑවා. දරු ප්‍රසූතින් 10 න් එකක් තුළ මෙම තත්වය ඇති වෙන අතර ඉන් දරුවගේ  මොළයට හානි වෙන්න පුළුවන්.

දරුවාට ඔක්සිජන් නොලැබී ගිය විට භ්‍රෑණ හයිපොක්සියා ලෙසද හඳුන්වන තත්වය ඇතිවිය හැකිය. තවද , වෙනත් සෞඛ්‍ය සංකූලතා ඇතිවීම මෙන්ම මරණයට පත් වීමේ අවදානමක් පවා තියෙනවා.

සති 37 ක් ගැබිනියක් වු මෙම මවට එදිනම හදිසි සීසේරියන් සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා. වෛද්‍යවරුන් පුදුමයට පත් කරමින් ඇය ශල්‍යකර්මය ප්‍රතික්ෂේප කලා.

එය සැප්තැම්බර් 20 වන දිනට දින කිහිපයකට පසු යොදාගන්නා මෙන් බල කළා.

‘’මගේ පවුලේ අය දැනටමත් සුබ දවසක් තෝරාගෙන තියෙනවා. එය සැප්තැම්බර් විසිවනදාට පසු  දින දෙකකට පසුයි. අනිත් දවස් අසුබයි, ” ඇය පැවසුවා.

තවත් දින දෙකක් බලා සිටීමෙන් ඇයගේ  දරුවාගේ මරණය සිදුවෙන්න පුළුවන් බව වෛද්‍යවරයා නැවත නැවතත් ඇයට අනතුරු ඇඟවීම්වල කළා.

සැප්තැම්බර් 20 වන දින දරු ප්‍රසූතිය සුදානම් කලා. නමුත් එදින සවස 4 ට පමණ ඇගේ බඩ රිදවීමට පටන් ගත්තත් ඇය ශල්‍යකර්ම ප්‍රතික්ෂේප කළා. නමුත් එයින් ඇගේ දරුවාට ඔක්සිජන් නොමැති බව පෙන්නුම් කළා.

රෝහල් අධ්‍යක්ෂවරයා මෙහි ඇති අවදානම් සහ අන්තරායන් පිළිබඳ පෞද්ගලිකව පැහැදිලි කිරීමෙන් අනතුරුව කාන්තාව සහ ඇගේ පවුලේ අය  එහි බරපතලකම වටහා ගත්තා. රෝහල ඔවුන්ගේ උපරිමය කර ඇති බවට සාක්ෂියක් ලෙස සමස්ත සංවාදය රූගත කළා. 

එදින සවස 6 ට වෛද්‍යවරු සීසේරියන් සැත්කම කළා. ඒ නිසා පිරිමි දරුවෙකු සුරක්ෂිතව උපත ලැබුවා.

ඒ වන විටත් දරුවාගේ සම නිල් පැහැයට හැරී තිබුනා. ඔහු ඔක්සිජන් ඌණතාවයේ සලකුණු ද පෙන්වුවා.

තවදුරටත් බලා සිටීම දරුවාට අතිශයින්ම භයානක වෙනවා යැයි දරු ප්‍රසූතිය සිදු කල වෛද්‍යවරයා පැවසුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.