theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

4 අවම කියවීම
මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

ඩෙංගු ‌රෝගීන් ප්‍රමාණය ‌මේ වසරේ 90000 ඉක්මවයි. වැඩිම ගණන ‌නොවැම්බරයෙන් වාර්තා ‌වේ.

මේ ඩෙංගු 2019 ගැන කථා කල යුතුම මොහොතයි.  2019 වර්ෂය නිමා වන්නේ ඩෙංගු මාරයා අවදියෙන් බව අපට අනතුරු අගවමිනි. 2018 වර්ෂය තුළද ඩෙංගු වැළදි ඇති බවට සැක කෙරෙන රෝගීන් 51659 ක් වාර්තා වුනා ඔබට මතකයි නේද? නමුත් ඉන් වසරකට පසු එනම්  2019 දෙසැම්බර් මාසය වන විට මෙම වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 90200 ක් බව වාරතා වෙනවා. ඔබට පුදුමයි නේද? ඇත්තටම මෙම රෝගීන් ප්‍රමාණය වසරක් ඇතුලත වැඩි වුනේ ඇයි යන්න සොයා බැලිය යුතු අතර මෙම තත්වය අවම කිරීමට නිසි පියවර ගත යුතු වෙනවා.

ඩෙංගු 2019 වර්ෂය තුල මෙතෙක් ආ ගමන් මග (රෝගීන්  90200 දක්වා)

වසංගත රෝග විද්‍යා ඒකකය වෙතින් ලබා ගත් පහත තොරතුරු අප ඔබ වෙත ගෙන එනවා. මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වුවේ බස්නාහිර පළාතෙන් වෙනවා.  ඒ වගේම වර්ෂය තුල වැඩිම රෝගීන් ගණනක් වාර්තා වුයේ නොවැම්බර් මාසයේ වන අතර එය 21259 තරම් ඉහළ අගයක් ගන්නවා.

  • ජනවාරි  5580
  • පෙබරවාරි 3736
  • මාර්තු         3832
  • අප්‍රේල්       2970
  • මැයි           4260
  • ජූනි           6019
  • ජූලි           8897
  • අගෝස්තු 9546
  • සැප්තැම්බර් 7307
  • ඔක්තෝබර් 11532
  • නොවැම්බර් 21259
  • දෙසැම්බර් 5262

ඩෙංගු එක්ක සෙල්ලම් එපා

මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

නියමිත රුධිර පරීක්ෂ කරගන්න.

තවද අලුත්ම මාදිලියේ ‌ඩෙංගු ‌රෝගයක්ද පැතිරෙමින් පවතින බවද වාර්තා ‌වෙනවා.

මේ තත්වය සමග ඩෙංගු සුළු කොට නොතකන්න එපා. ඔබට එක් දවසක උණ රෝගයක් තිබියදි වුවද ඔබ රුධිර පරීක්ෂාවන් කල යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය දන්වා සිටිනවා. 

සක්‍රියව පවතින නිරිත දිග මෝසම් වර්ෂා තත්වය වර්ෂයේ අග භාගයේ ඩෙංගු රෝගය පැතිර යෑම ඉහළ යෑමට හේතු වන්නට ඇත.

වරින් වර ඩෙංගු මර්දන ව්‍යාපාර ගම් මට්ටමින් සංවිධානය කලද මේ වසරේ ඩෙංගු රෝගීන් ගණන සලකා බලන විට එය ප්‍රමාණවත් වුවාදෝ ගැටලුවක් ඉතිරි වේ.

ඒ වගේම ඩෙංගු සම්බන්ධයෙන් පහත පියවර ගැනීමේ අවශ්‍යතාවය දැන් මතුව තියෙනවා.

  • මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන්  සම්පූර්ණයෙන් ඉවත් කිරීම
  • උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ඳයෙන්  මහජනයා දැනුවත්කිරීම
  • දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම 
  • එක් දවසක උණ රෝගයක්  ඇති විට පවා රුධිර පරීක්ෂණ සිදුකිරීම

ඩෙංගු 2019: ඩෙංගු මාරාන්තික බව අමතක නොකරන්න

මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

ඩෙංගු ‌මාරාන්තිකයි

ඩෙංගු මාරන්තික බව අපිට හැමතිස්සෙම අමතක වෙනවා. ඩෙංගු ව්‍යාප්ත වීමත් සමග තැන තැන ඇසෙන සහෘදයන්ගේ මරණ අපට ඉතිරි කරන වේදනවවත් අපට මතක ඒ මොහොතේදි පමණයි. ඩෙංගු වසරින් වසර යලි යලිත් හිස ඔසවන්නේ අන්න ඒ නිසයි.  මෙම මාරාන්තික රෝගය මදුරුවන් ගෙන් පැතිරෙන බව අප දැන සිටියද සමහර රටවල පවතින ඩෙංගු රෝග තත්වයන් ලිංගිකව ද සම්ප්‍රේශණය වන බව ලගදි වාර්ත වුනා. ඩෙංගු ලෝකය අද ලෝකයේ ඒ තරම් දුරක් ගොස් අවසන්. ඒත් අපි තාම එතැන. ඒ ඩෙංගු ව්‍යාප්තිය පටන් ගත් මුලික අවධියේ නේද?

ඇත්තටම මෙසේ වුයේ අපේ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසයි. පුරාණයේ කියන්නා සේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙන තුරු වවාගෙන කන සමහරක් ඉන්න රටක ඩෙංගු තවමත් රජයන්නට වීම පුදුමයකට කරුණක් නම් නොවෙයි.

ඩෙංගු 2019 ‌: ඩෙංගු රෝගයට එරෙහිව නැගී සිටිමු

මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

ජලය එකතු ‌වෙන ස්ථාන ඉවත් කරමු.

අවසාන වශයෙන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට පුංචි උපදෙස් ටිකක් මතක් කරන්න කැමතියි.

  • තැන තැන ඇති පොලිතින් උර, ප්ලාස්ටික් භාජන, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහිපිහිලි වැනි ජලය රුදෙන ස්ථාන ඉවත් කරන්න. නැතිනම් මදුරුවන් බෝවීම වළක්වන්න.
  • කසළ නිවැරදිව බැහැර කරන්න.
  • ජලය රැදෙන පත්‍ර කපා ඉවත් කරන්න
  •  ගස් බෙන පිරිසිදු කරන්න.

මදුරුවන්ගේ දෂ්ටවීම් වලින් ආරක්ෂා වීමට

  • මදුරු විකර්ෂක භාවිතා කරන්න
  • සිරුර සම්පුර්ණයෙන්ම ආවරණය වෙන ඇදුම් අදින්න.
  • මදුරු දැල් භාවිතා කරන්න.
  • මදුරුවන් ගැවසෙන වේලාවට නිවසේ දොර ජනෙල් හොදින් වසා තබන්න.
  • මදුරුවන් නිතර ගැවසෙන ස්ථාන වලින් ඈත්ව සිටින්න.

 

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!
බෙදාගන්න :
  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

    ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

    ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it