theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.

4 අවම කියවීම
බෙදාගන්න :
•••
ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.

ඔබේ දරුවාට පොඩි උණක් වුනත් දවස් දෙකකට වැඩිය තිබුනොත්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. අපේම රටේ මේ තාත්තාගේ කතාව කියවලා බලන්නකෝ

තවමත් ඩෙංගු මාරයා නිසා දරුවන් වැඩිහිටියන්ගේ ජීවිත අකාලයේ නැතිවීම අපට අදහගන්න බැරි තරම්. මදුරුවෙකුට වටිනා ජීවිතයක් නැති කරන්න දෙන්න පුලුවන්ද? එහෙම හිතලා බලන්න. ඒ වෙනුවෙන් දැනුවත් වීම අතිශය වැදගත් වන්නේ මේ රෝගයට කිසිදු නිර්දේශ ප්‍රතිජිවකයක් හෝ ප්‍රතිකාරයක් නොමැති නිසයි.

ඩෙංගු රෝගයේ හද සසල කළ මේ පියාගේ කතාව ඔබේ දැනුමට හා අවබෝධයට ගෙන එන්නට සිතුවේ ඒ නිසයි.

ඔහු ශාෆ් සාදියන්. ඔහුගේ දුවගේ වයස මාස 10යි. මේ සිද්ධිය වුණේ මේ මෑත කාලයේ ජනවාරි 17 වෙනිදායි. මේ තාත්තාගේ කතාව  ඔහුගේ වචන වලින්ම අපි අහලා බලමු.

ඩෙංගු මාරයා

ඩෙංගු මාරයා

ඩෙංගු මාරයා

17 වෙනිදා උදේ පාන්දර මගේ පුංචි බෝනික්කි අඬන සද්දෙට මට ඇහැරිලා ඇයව කොට් එකෙන් අරගෙන එයාගේ අම්මට දුන්නේ උදේ අම්මගේ කිරි වේල බීලා එයා සැනසෙන නිසයි.

නමුත් ඒ එක්කම දැනුනා එයාගේ ඇඟ හොඳටම රත් වෙලා කියලා. පළමු දෙය කොහොමත් කරමු කියලා ඇයට මව් කිරි දුන්නත් වෙනද වගේ නෙමෙයි ඇය හුඟක් අමුතු විදිහට හැසිරුණා. 

ඇය ඉතා අපහසුවෙන් ඉන්න බව තේරුණා. ඊට පස්සේ කළහැකි පළමු පියවර අපි පැනඩෝල් සිරප් දීලා ඇගේ සිරුර තෙත තුවායකින් තැවුවා. අංශක කිහිපයක් විතරක් ඇගේ උණ ගතිය අඩු වුණා.

නිර්දේශිත විදිහට පැය හයෙන් හයට පැනඩෝල් දෙමින් ඇයව ස්පොන්ජ් කරමින් අපි ඇගේ තත්වය අධ්‍යනය කළා. තද උණ නැතත් ඇගේ ශරීරයේ සැලකියයුතු උෂ්ණත්වයක් පැවතුනා. හැම කෑම වේලකටම පස්සේ ඇය වමනේ කරන්න පටන් ගත්තා.

18 වෙනිදා ලේඩි රිජ්වේ (Lady Ridgeway) රෝහලේ සේවය කරන අපේ family doctor ගේ පෞද්ගලික සායනයට අපි ඇයව රැගෙන ගියා. ඇයට ඉතා ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා ඇගේ රුධිර සාම්පලයක් පරික්ෂා කරන ලෙස (full blood count) අපට දැනුම් දුන්නා.

උණ වැඩි වුණේ නැහැ වගේම 100% ක් නැතත් ඇය සනීප වුණා. අපිට එදා වන විට රුධිර පරීක්ෂාවත් කරන්න බැරි වුණා. සෙනසුරාදා අපි රුධිර පරික්ෂාව වෛද්‍ය සායනයේදී සිදුකළ අතර ඒ සමග ඇගේ සමේ රතු පැහැ ලප මතුවෙමින් අසාත්මික තත්වයක් ඇගේ කකුල් වල පෙන්වන්න වුණා.

ඉරිදා උදේ ඇගේ රුධිරය ප්ලේට්ලට් ප්‍රමාණය 58,100 ක් බවත් සාමාන්‍යයෙන් එය 150,000- 450,000 තිබිය යුතු බවත් වෛද්‍ය වරයා කිව්වා.

ඇගේ WBC ප්‍රමාණ 15,000 ක් වුණා. ඔහු ඒ විගසම ඇගේ තත්වය සටහන් කර ඇයව ලේඩි රිජ්වේ රෝහලට ඇතුල් කර ඇයගේ වාට්ටුව හා ඇඳ අංක දන්වන ලෙස අපට පැවසුවා. අපි නැවත ගෙදර ගිහින් උවමනා දේවල්  සුදානම් කරගෙන රෝහලට ගියා.

අපිව PCU අංශයට ඇතුලත් කළ අතර සමහර අය විවිධ මත පළ කලත් ලේඩි රිජ්වේ රෝහලින් අපිට උපරිම සහය ලබාදුන් බව කියන්නම ඕනේ. එවෙලේම ඇයට කළයුතු සියලු පරික්ෂා, නාඩි බැලීම හෘද ස්පන්දනය, ප්‍රෙෂර් ඇතුළු පරික්ෂා සිදු කළා.

නැවතත් රුධිර පරීක්ෂණයක් සිදු කළා. නැවත ඇගේ රුධිර පරීක්ෂණයේ ප්ලේට්ලට් 120,000 ක් ලෙස සඳහන් වුණා.

එය තරමක් ශුභවාදී වුනත් 100% ක් නොවන බව අපි දැන ගෙන හිටියා. ටික වෙලාවකින් අපි දැනගත්තා මගේ චූටි දූට වැළඳිලා තිබුනේ ඩෙංගු රෝගය බවත්, ඇය යන්තමින් ඉන් සුව අතට හැරෙමින් ඉන්න බවත් කකුලේ මතුවූ රතු ලපත් ඩෙංගු මාරයාගේ ලකුණු බව අපි දැනගත්තා.

මගේ පපුව මොහොතකට නැවතුනා. ඇගේ තත්වය අනතුරු දායක පැත්තට නැති වුනත් ප්ලේට්ලට් ප්‍රමාණ සෙමෙන් 150,000 ක් වන නිසා දරුවා රෝහලින් ගෙන යාමට අවසර දිය නොහැකි බව වෛද්‍යවරයා පැවසුවා.

නමුත් ඇයව නිවසේදී මට රැකබලා ගත හැකිය යන්න සටහන් කර මම ඇයව ගෙදරට අරගෙන ආවා. ඇය හුඟක් සුව තත්වයක් පෙන්වූවා.

මට කියන්න ඕනේ වුනේ එතරම් තදට උණ නැති වුනත් එය ඩෙංගු රෝගය වෙන්න පුළුවන් බවයි. මම දන්නවා හුඟක් දෙමාපියන්ට මේ තත්වය උදාවෙලා ඇති කියලා.

දින දෙකකට වඩා උණ තියෙනවා නම් රුධිර පරීක්ෂාවක් කිරීම හරි වැදගත්. එය වැඩිහිටියන්ටත් පොදුයි. අපි හුඟක් වාසනාවන්ත වුණා. නමුත් හැමෝටම ඒ තත්වය එලෙස වෙන්නේ නැහැ.

අපි හිතන්නේ 24 වෙනිදා අපි ඇයව ඇවිදින්න විහාරමහා දේවි පාක් එකට ගෙනිච්චා. ඇගේ ඇඟේ මදුරුවන් කාපු ලප තිබුණා. නමුත් ඊට දින 3 ක පස්සේ තමයි ඇයට උණ හැදුනේ. ඒ නිසා ඩෙංගු කියන්නේ අපිට නොදැනීම අපිව ආක්‍රමණය කරන මාරයෙක්.

ඊට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නැතිනම්  වේදනාව දරාගන්න බැරුව අඬන අපේ පැටව් දිහා බලාගෙන අපි මොනවා කරන්නද? ඒ දුක කිසි කෙනෙකුට නොවෙන්න කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.

දරුවෙකුගේ වේදනාව දෙමාපියන්ට දරාගන්න උසුලන්න අමාරුයි. මදුරුවෙකුට අපේ ජීවිතය, අපේ සිහින බිලිගන්න ඉඩ දෙන්නෙ කොහොමද ? අපේ පැටව් පරිස්සම් කරගන්න මේ තාත්තාගේ කතාවෙන් ඔබට පුංචි ඉඟියක් හරි ලැබෙයි කියලා theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය හිතනවා.

Written by

Nisansala Liyanage

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

  • ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්

    ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්

single
  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

  • ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්

    ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor