theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම: ඔබ ප්‍රවේසම් විය යුත්තේ ඇයි?

4 අවම කියවීම
ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම: ඔබ ප්‍රවේසම් විය යුත්තේ ඇයි?ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම: ඔබ ප්‍රවේසම් විය යුත්තේ ඇයි?

2017 වසරේ පමණක් ඩෙංගු රෝගීන් 172,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනා. ගැබිණි ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම ඉතා භයානක තත්වයකි. ඩෙංගු යනු ලංකාවේ ඉතාම සුලභ රෝගයක් බව අප කවුරුත් දන්නවා.

2019 වසරේ පමණක් ඩෙංගු රෝගීන් 26, 629ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනා. ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් විශේෂයෙන්ම වැසි සමයේදී ඩෙංගු පැතිරීම බහුල වන අතර එය මර්ධනය කිරීම විශාල අභියෝගයක්. මෙය සාමාන්‍ය තත්වයට වඩා බරපතල වන්නේ ගැබිණි අවදියේ ඩෙංගු වැළඳුනු විටය.

ඩෙංගු උන සහ ඉන් සිරුරට ඇති වන  බලපෑම්

ඩෙංගු යනු මදුරුවන්ගෙන් බෝ වන වෛරස් රෝගයක් බව අපි කවුරුත් දන්නවා. මෙය තද උණකින් ආරම්භ වන අතර රෝගියා කෙමෙන් තද හිසරදය, හන්දිපත් කැක්කුම සහ පාද වල වේදආව ආදිය අත්දකින්නට ගන්නවා. තවද සමේ රතුවට හුරු බිබිලි සහ නාසයෙන් සහ විදුරුමස් වලින් රුධිරවහනයක්ද ඇති වන්නට පුළුවන්.

ඩෙංගු උණ වැළඳුනු විට රුධිර පට්ටිකා සීග්‍රයෙන් අඩු වීමත් අක්‍රිය වීමත් සිදු වනවා. රුධිර පට්ටිකා යනු රුධියරයේ අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර රුධිර කැටි ගැසීම සිදු වන්නේ රුධිර පට්ටිකා ආධාරයෙනි. ක්‍රියාකාරී පට්ටිකා අක්‍රිය වූ විට සිරුරේ අහඹු ලෙස රුධිර වහනය සිදු වීම නිසා ඩෙංගු තත්වය උග්‍ර වී ඩෙංගු රක්තපාත උණ බවට පත් වනවා.

කෙසේ වුවද මෙම උග්‍ර තත්වය එතරම් බහුල නොවන අතර, කල් තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් තත්වය පාලනය කල හැකි වනවා. කෙසේ නමුත් ඩෙංගු රෝගයේ කවර අදියරක් වුවද ගර්භනී අවදියේදී වැළඳීම ඉතා භයනය වේ. හේතුව මේකයි.

ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම

ඩෙංගු වෛරසය අනෙකුත් වෛරස් මෙන්ම ඉතා කුඩාය. මේ නිසා මෙම වෛරසයට වැදැමහ තුළින් කලලයට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම මවට පමණක් නොව කලලයටද බලපෑම් ඇති කරනවා. මෙය සිදු වුවහොත් මලදරු උපත් ඇති වීමේ වැඩි ප්‍රවනාතාවක් ඇති වනවා. වාසනාකට දරුවා නිරුපද්‍රිතව උපන්නොත් එය නොමේරූ උපතක් හෝ අඩු බරැති දරු උපතක් හෝ වන්නට ඉඩ තිබෙනවා.

මේ නිසා පාලනය කළහොත් හානිකර නොවන රෝගයක් වුවත් ගැබිණි අවදියේදී වැළඳුනහොත් මවට මෙන්ම බිලිඳාටද එය අනතුරුදායක තත්වයක් ඇති කණු ඇත.

ඩෙංගු වලට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

අවාසනාවකට මෙන් ඩෙංගු රෝගයට මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැත. නමුත් මෙය වැළඳීමෙන් අනතුරුව එය නිසි ලෙස පාලනය  කිරීමෙන් සමනය කල හැකි රෝගයක් වීම වාසනාවකි. නමුත් මෙයින් සිරුරට සෘජු බලපෑමක් ඇති නූනත් තද උණ නිසා යම් අවයව වලට හානිකර බලපෑම් ඇති විය හැක.

නිසි ප්‍රතිකාර නොකිරීමෙන් සිරුරේ විජලනය ඇති වීම ඩෙංගු වල මුලික ලක්ෂණයකි. ඊට අමතරව සිරුරේ අභ්‍යන්තර මෙන්ම භාහිර රුධිරවහනය වීම ඩෙංගු වල තවත් ලක්ෂණයක් වන බැවින් වෛද්‍යවරුන් විසින් ඩෙංගු පට්ටිකා සංක්‍යාව නිරන්තරයෙන් මැන බැලීම සිදු කෙරෙනු ඇති.

ඩෙංගු රෝගය නිසා ඇට මිදුළු වල තාවකාලික අඩු වීමක් සිදු වන අතර රක්තහීනතාවයෙන් පෙලෙන් රෝගීන් තුල මෙම තත්වය නිසා සංකුලතා ඇති වන්නට පුළුවන්.

මේ නිසා රෝගියාට ඩෙංගු වැළඳී ඇත්දැයි සැක සහිත නම්, රෝගියාව වහාම රෝහල්ගත කර ප්‍රමාණවත් ලෙස දියර වර්ග ලබා දී විජලනය වීම වලක්වාගැනීමට කටයුතු කෙරෙනු ඇත. තවද තරල පලානය කරන අතරතුර රෝගියාගේ රුධිර පට්ටිකා ප්‍රමාණය දිගටම පරික්ෂා කෙරෙන්නේ අභ්‍යන්තර හෝ භාහිර රුධිර වහනයක් සිදු වේදැයි පරික්ෂා කිරීමටය.

ගැබිණි අවදියේ ඩෙංගු: ඩෙංගු රෝගීන් කළ යුතු සහ නොකළ යුතු දේ

ඩෙංගු රෝගයේ ලක්ෂණ යලිත් වරක් සිහි කරන්නේ නම් ඒවා;

1. තද උණ

2. තද හිසරදය

3. හංදි වල වේදනාව

4. නාසයෙන් සහ විදුරුමස් වලින් රුධිර වහනය

ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇත්දැයි සැක සහිත නම් වේදනා නාශක ලෙස පැරසිටමෝල් පමණක් ගත යුතු ඇති අතර ඇස්ප්‍රින් සහ i-Bruphen වැනි ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. මේ ඖෂධ මගින් රුධිර පට්ටිකා අක්‍රිය කෙරෙන අතර ඉන් තවත් සංකුලතා ඇති වනු ඇත.

ඩෙංගු උණ සහ වෙනත් ඕනෑම උණ රෝගයක් වැළඳුන විට නිතරම ජලය පානය කල යුතුය. ජීවනී වැනි පානයක් ගැනීමද ඉතා සුදුසු අතර පය 24ක් ඇතුළත ජිවනි ලීටර් 2ක් වත් පානය කිරීම ඉතා සුදුසුය. උණ අඩු කිරීමට සිතල වතුර ස්නානය කිරීම කිසි විටෙකත් නොකළ යුතුය.

ඔබ ගැබිණි මවක් නම් ඕනෑම උණ තත්වයක් ඇත්නම් වහාම වෛද්‍යවරයා වෙත යොමුවන්නට වග බලාගන්න. කල්තියා රෝගය හඳුනාගැනීමෙන් සහ නිසි ප්‍රතිකාර ගැනීමෙන් ඇතිවිය හැකි සංකුලතා මග හරවගැනීමට හැකියාව ඇත.

කල නොයුතු දේ සාරාංශගත කල විට

* වේදනා නාශක ලෙස ඇස්ප්‍රින් සහ i-බ්‍රුෆෙන් (Aspirin/ibuprofen) ගැනීමෙන් වැලකීම

* සිතල වතුරෙන් ස්නානය නොකිරීම

* කල්දමන්න එපා

* ජූස් වර්ග සහ ග්ලූකෝස් ගැනීමෙන් වලකින්න (මෙය පාචන තත්ව ඇති කල හැක)

කල යුතු දේ සාරාංශගත කල විට;

* අවශ්‍ය නම් වේදනානාශක ලෙස පැරසිටමෝල් පමණක් ගන්න

* හැකි තරම් දියර වර්ග පානය කරන්න. විශේෂයෙන්ම ජීවනී පානය කිරීම ඉතා සුදුසුයි.

* ඔබ ගැබිණි මවක් නම් හෝ ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක සහිත නම් වහාම වෛද්‍යවරයා හමු වන්න.

අම්මේ තාත්තේ, ගර්භනී අවධිය ඉතාම සංවේදී අවධියක් වන බැවින් වඩාත් ප්‍රවේසම් විය යුතු අවධියකි. මේ නිසා ඩෙංගු සෑදීමෙන් වැළකීමට හැකි සැම පියවරක්ම ගත යුතු අතර නිවාස අවට ජලය එකතු වීම වලක්වගන්නට වග බලාගන්න. රාත්‍රී කාලයේදී මදුරු දැල් භාවිතා කර,  උදය සහ සවස් කාල වල මදුරු මර්දනය සඳහා භාවිතා කරන ආලේපන භාවිතා කරන්නට වග බලාගන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ගැබිණි අවදියේ ඩෙංගු වැළඳීම: ඔබ ප්‍රවේසම් විය යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

    මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

    මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it