theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

4 අවම කියවීම
ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරුඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

නානාවිධ රෝග ලක්ෂණ පෙන්වන ඩෙංගු රෝගය ගැන අලුත්ම තොරතුරු මෙතැනින් දැන ගන්න

ඩෙංගු රෝගය ඩෙංගු රෝගයේ යළිත් හිස ඔසවමින් පවතිනවා. 

ඩෙංගු මදුරුවාගේ සීග්‍රයෙන් වෙනස් වන අනුවර්තන ලක්ෂණත්,  මෙම රෝගයේ සීග්‍රයෙන් වෙනස් වන රෝග ලක්ෂණත් නිසා රෝගය පාලනය කිරීමත්, රෝගය හඳුනා ගැනීමත් අභියෝගයක් වී තිබෙනවා. 

මෙය වයිරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරනවා.

මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස් වයිරසයන් ක්‍රියාත්මක වන්නේ ඩෙංගු වර්ග DEN 1, DEN 2 , DEN 3,  DEN 4 ලෙසයි.

දොස්තර ලක්කුමාර් ප්‍රනාන්දුට හා මෙම ලිපියට අනුව මේ දිනවල වැඩි වශයෙන්ම ව්‍යාප්ත වන්නේ DEN 2 වර්ගයයි.

මේ වයිරසයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අවම වන්නේ වෙනත් වර්ෂ වල ප්‍රචලිතව පැතිරුනේ මෙම වයිරස ඛාණ්ඩය නොවන නිසා.

ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ

තද උණ/හිසරදය/වමනය/ඔක්කාරය/ඇඟ පත වේදනාව/අධික නිදිමතබව/ ආහාර අරුචිය

පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය උදය රලපනාවට අනුව නවතම ලක්ෂණ අතරට පාචනය, උගුර බැරැන්ඩි වීම හා පිටියුටරි ග්‍රන්ථියේ ඉදිමුම්ද ඇති විය හැකියි.

මීට අමතරව පහත ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ දිස් වේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • අත් පා සුදුමැලි හා සීතල බව
  • නොසන්සුන්බව හා කලබලකාරී බව
  • සමේ පැහැය වෙනස් වීම
  • මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
  • හැසිරීමේ වෙනස් කම් – සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය
  • අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම

ඩෙංගු රෝගය සඳහා රුධිර පරික්ෂාව  (FBC – Full Blood Count) හා පරීක්ෂණය ගැන දෙමාපියන් දැනගත යුතු දේ  

  • ඉහත (FBC) පරීක්ෂණයෙන් රුධිර පට්ටිකා අඩු වී යැයි නිගමනය  වුවහොත් ඔබේ වෛද්‍යවරයා විසින් ඔබව රෝහල්ගත කෙරෙනවා.
  • DEN 2 ඩෙංගු කාරකය නිසා මුල් අවධියේදීම රුධිර පට්ටිකා අඩු වීම සිදු වන නිසා රෝග ලක්ෂණ පෙන්වන සැනින්ම නොහොත් උණ සැදී පළමු දිනම ඩෙංගු පරීක්ෂණය සිදු කරන්නට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.
  • ඩෙංගු පරීක්ෂණය යනු  වයිරසය ශරීරගත වී ඇත්දැයි පිරික්සන පරීක්ෂණයයි. මෙම පරීක්ෂණය ක්‍රම කිහිපයකින් සිදු කරන්නට පුළුවන්.
  • ඉහත පරික්ෂාව සාමාන්‍ය වුවත් පසුවදා යලිත් එම රුධිර පරීක්ෂණය සිදු කරන්නට උපදෙස් දෙනවා. මෙසේ කරන්නේ වයිරසය පරිනත වී නැත්නම් පරීක්ෂණයට වයිරසය හසු නොවී ඩෙංගු වයිරසය නැතැයි කියවිය හැකි බැවිනි.

ඩෙංගු පරීක්ෂණය සිදු කරන ක්‍රම කිහිපයක් තිබෙනවා.

  1. Rapid Diagnostic tests – Using strips (Antigen tests)
  2. ELISA (Antigen/Antibody test)
  3. PCR (Dengue RNA test)

 ඩෙංගු රෝගය සඳහා දෙමාපියන් දැනගත යුතු ප්‍රධාන ප්‍රතිකාර

ඩෙංගු රෝගය

  1. තරල කළමනාකරණය

ඩෙංගු රෝගය යැයි සැක කෙරෙන අවස්ථාවේ පටන්  සුව වීම දක්වාම දරුවාගේ විජලනය වීම වැලැක්වීම ඉතාමත්ම වැදගත්.

වෛද්‍ය උපදෙස් පරිදි දියර පාවිච්චිය, පානිය ජලය පමණක් පාවිච්චිය  (ආහාර ගැනීමෙන් පසුව)  විශේෂයෙන්ම ලවණමය දියර පානය කිරීම මුලික ප්‍රතිකාරයයි.

කිරි, කැඳ වර්ග, සුප් වර්ග, ජීවනී, තැඹිලි වතුර, පලතුරු යුෂ (කහ පාට හැර වෙනත් පාට වල) විශේෂයෙන්ම නිර්දේශ වනවා. මවු කිරි බොන දරුවෙක් නම් දිගටම මවු කිරි දෙන්න.

  1. මනා විවේකය (Bed rest)

මීළඟ ප්‍රතිකාරය අත්‍යවශ්‍යය හා අනිවාර්ය විවේකයයි.

  1. දරුවාගේ උණ පාලනය කරන්න. Ac/විදුලි පංකා ආදිය නිවන්න එපා. වතුරෙන් තවා .  
  2. දරුවාට සැහැල්ලු ඇඳුම් අන්දවන්න.
  3. මුත්‍රා පහ කිරීමට හැකි තරම දියර දිය යුතු අතර රෝහල්ගත කල දරුවෙකු නම් දිනකදී පැහැ කරන මුත්‍රා ප්‍රමාණය මැන ලේඛනගත කල යුතුයි
  4. මුඛයෙන් දියර දීමේදී ඔබේ පහසුවට සේ-ලයින් දීමට හෙදියන්ට බලා කිරීමෙන් වලකින්න.

ඩෙංගු රෝගය සඳහා භාවිතා කල හැකි ඖෂධ වර්ග

උණ පාලනය කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කල යුතුයි.

දරුවාගේ බර අනුව වෛද්‍ය උපදෙස් පරිදි අදාළ මාත්‍රාවට හා කාල සිමාවන් වලදී පැනඩෝල් දෙන්න. උණට හා ඇඟපත වේදනාවට වෙනත් ඖෂධ වර්ග ගැනීමෙන් ඩෙංගු තත්වය වැඩි විය හැකි බැවින් පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම වැදගත්.

ඩෙංගු රෝගය සඳහා භාවිතා නොකළ යුතු ඖෂධ

  • ඇස්ප්‍රින්
  • දික්ටොෆෙනැක්සෝඩියම් (Dictofenac Sodium)
  • මෙෆනමික් ඇසිඩ් (Mefanamic Acid)
  • ඉබුප්‍රෝෆෙන් (Ibruprofen) වැනි NSAID ඛණ්ඩයට අයත් ඖෂධ

යාවත්කාලින තොරතුරු සහිත වෙබ් අඩවි

ඩෙංගු පිළිබඳව සිතට නැගෙන ප්‍රශ්නෝත්තර කිහිපයක් ආසිරි රෝහලේ වෙබ් පිටුවේ ඇතුළත් කර තිබෙනවා. මේ ප්‍රශ්නෝත්තර ඔබටත් ප්‍රයෝජනවත් වන්නට පුළුවන්.

ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

ඩෙංගු රෝගයෙන් වැලකී සිටීමට උපරිම උත්සහයක් ගන්න. මදුරු repellent, මදුරු දැල් ආදිය පාවිච්චි කරමින් මදුරු ව්‍යාප්තිය මැඩලන්න පරිසරය පිරිසින්දුව තබන්න.  

ඩෙංගු රෝගය

පින්තූරය: aniwa.lk

 මෙම රෝගය ගැන මනා අවබෝධයෙන් කටයුතු කිරීමට මාපිය ඔබට මෙම ලිපිය උපකාර වෙතැයි සිතනවා. 

අවුරුදු 1ට අඩු දරුවන්, ගර්භණි මවුවරුන්, වයස අවුරුදු 70ට වැඩි වයෝවෘද්ධ පුරවැසියන්, නිධන්ගත රෝග වලින් පෙලෙන්නන් හා අනෙකුත් දුබල අය මෙම රෝග ලක්ෂණ කිසිවක් හෝ උණ ගැනීමක් ඇති වුවහොත් හෝ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න. 

මෙම ලිපිය සඳහා වැදගත් දත්ත සපයා සහයෝගය දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යා ජ්යෙෂ්ඨ රේජිස්ට්‍රාර් හා පරපෝෂිත විද්‍යා දෙපාර්තමේන්තුවේ  කථිකාචාර්ය වෛද්‍ය ගයනා ගුණරත්නට අපගේ විශේෂ ස්තුතිය පුද කරමු.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු
බෙදාගන්න :
  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

    මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

  • ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

    ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

  • මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

    මේ වසරේ ඩෙංගු රෝගීන් 90000, ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවයි!

  • ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

    ඩෙංගු රෝගය පරදා ජයගන්නට මේ පියවර අනුගමනය කරමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it