ගර්භණි සමයේ දත් ගැන සොයා බලන්න. නැතිනම් අවධානම්

ගර්භණි සමයේ දත් ගැන සොයා බලන්න. නැතිනම් අවධානම්

ගර්භණි සමයේ ඔබේ මුඛ සෞක්‍ය ගැන නොබැලුවොත් අඩු බරින් දරුවා ඉපදීමේ අවධානමක් තියෙනවා.

ගර්භණි සමයේ මුඛ සෞක්‍යයය අම්මටයි බබාටයි දෙන්නටම හරිම වැදගත්. ඔබ දන්නවද ගර්භණි සමයේ මුඛ සෞක්‍යය ගැන නොසිතිමෙන් අඩු බර දරුවෙක් ඉපදීමේ අවධානමක් තියෙනවා.

ඉතින් ඉපදෙන්න ඉන්න කිරිකටියාට ඔබේ මුඛ සෞක්‍ය හරිම වැදගත් වෙන්නේ ඒ නිසයි කියා නව දිල්ලියේ දන්ත වෛද්‍ය ගුනීතා සින්ග් පවසනවා.

ගර්භණි කාලය කාන්තාවන්ගේ මුඛ සෞක්‍යයේ වෙනස්කම් වලට නොයෙක් ආකාරයෙන් බලපානවා. ගර්භණි මව් වරුන්ගෙන් අඩකටත් වඩා දත්මුල් දියවීමේ රෝගයෙන් පිඩාවට පත්වෙනවා කියා වෛද්‍ය ගුනීතා සින්ග් පවසනවා.

ගර්භණි සමයේ මුඛ සෞක්‍යය
ගර්භණි සමයේ ඇති වන දන්ත ගැටළු

හොර්මෝනවල වෙනස්කම් හා දත් වල පිරිසිදු කම පිළිබඳව එතරම් සොයා නොබැලීම නිසා විදුරුමස් හුඟක් සංවේදී වෙනවා. වෛද්‍ය  ගුනීතා  පවසන්නේ ගර්භණි මව්වරුන්ට මේ නිසා ඇතිවිය හැකි තවත් ගැටළු 7 ක් පිළිබඳව විස්තර කරමිනුයි.

  • Gingivitis: මෙය විදුරුමස් රෝගයක් වන අතර විදුරුමස් අසාදනය කරනවා. මෙය බැක්ටීරියා අසාදන නිසා ඇතිවන්නක්.
  • Periodontitis: මෙය දත් වටා ඇති සිනිදු පටක අසාදනය වීමෙන් ඇතිවන දරුණු විදුරුමස් රෝගයක්. මෙය මුඛය තුළ බැක්ටීරියා වර්ධනය වීමෙන් ඇතිවන රෝගී තත්වයක්. මේ මගින් දත් හැලීයාම දක්වා රෝගය වැඩිවීමට පුළුවන්.
  • විදුරුමස් වලින් ලේ ගැලීම : මෙය ගැබිනි මවකට කරදරකාරී වෙන රෝග අවස්ථාවක්. බොහෝ විට දත් මැලියම්, කෑම දත් මුල් මත රැඳීම, දත් කැඩීම , පළුදු වීම්, හෝර්මෝන වල වෙනස්කම් අදිය නිසා මෙය ඇතිවෙන්න පුළුවන්.
  • කටින් දුගඳක් නිකුත් වීම: මෙයද දත් මුල් නිසා ඇතිවන තත්වයක්. මුඛය වියළි වීම, බැක්ටීරියා හා දත් අතර බැක්ටීරියා හට ගැනීම වැනි හේතු නිසා ඇතිවන්නත් පුළුවන්.
  • දත් කැක්කුම: මෙය දත්මුල් හරහා ඇතිවෙන වේදනාවක්. මෙය දත් කැඩීම, දත් නරක්වීම, දත් පිරවුම් කැඩී යාම, දත් අතර දත් ගැලවී යාම වැනි හේතු නිසා ඇති වෙන්න පුළුවන්.
  • ගෙඩි ඇතිවීම: මෙය දත් අතර ආගන්තුක ලෙස වර්ධනය වූ ගැටිත්තක් විය හැකියි. බොහෝ විට කෑම දත් අතර රැඳීම, ඖෂධ නිසා හා විදුරුමස් තුළ ඇතිවන පිළිකා වැනි හේතු නිසා ඇති විය හැකියි.
ගර්භණි සමයේ මුඛ සෞක්‍යය ගැන නොසලකා හැරීමෙන් ගර්භණි කාලයට ගැටළු

ඔබත් ඉහතින් සඳහන් කළ කුමන හෝ මුඛ සෞක්‍ය පිළිබඳ ගැටලුවකින් පෙලෙනවා නම් ඉක්මනින් විශේෂඥයෙකු හමුවන්න. ඔබේ කුස තුළ වැඩෙන දරුවාට මේ මගින් හානි සිදුවීම වළක්වා ගන්න ඔබේ උනන්දුව හරිම වැදගත්.

මෙවැනි රෝග තත්වයන් ඇති මව්වරුන්ගේ කුස තුළ වැඩෙන දරුවා අඩු බරින් මෙන්ම අඩු මාස ගණනකින් වුවත් මෙලොව එළිය දැකීමේ අවධානම තියෙනවා. වෛද්‍ය සින්ග් පවසනවා.

ඊට අමතරව කාන්තාවන්ගේ හා පිරිමින්ගේ මදසරු භාවයටද මෙයින් බලපෑමක් ඇති බව අධ්‍යනයන් මගින් සනාථකර තිබෙනවා. මෙම මුඛ රෝග ඇති කරන බැක්ටීරියාවන් මුඛ මාර්ගයෙන් රුධිරයට එක්වීම මගින් ගැහැණු හා පිරිමින්ගේ දරුවන්  හැදීමේ ක්‍රියාවලියට බලපෑමක් ඇතිවෙනවා.

මේ මගින් බැක්ටීරියා අසාදන ඇතිකරමින් මද සරු භාවයට මග පාදනවා වගේම දරුවන් බිහි කිරීමේදී සංකුලතා ඇතිකරනවා, වෛද්‍ය ටන්විර් සින්ග් (Orthodontist, Delhi) පවසනවා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් ස්වීඩනයේ කරන ලද අධ්‍යනයකට අනුව 3400 කට අධික ගර්භණි මව්වරුන් ඇසුරෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ SMIL නමැති සමීක්ෂණයක් පැවැත්වුවා.

මේ මගින් විදුරුමස් රෝග ගර්භණි සමයේ බලපෑම් ඇතිකරන ආකාරය සනාථ කළා. මේ මගින් සාමාන්‍ය කාන්තාවකට වඩා විදුරුමස් රෝග ඇති කාන්තාවන්ට මාස 6 ක කාලයක් ගැබ්ගැනීමට ගතවන බව සොයාගනු ලැබුවා. වෛද්‍ය ටන්විර් පවසනවා.

මේ නිසා මව්වරුන්ට දනුවත් වීමේ වැඩසටහනක් එනම් මවගෙන් දරුවන්ට බැක්ටීරියා අසාදනය ඇති විය හැකි ආකාරය පැහැදිළි කර දීම මෙහිදී වැදගත් වෙනවා. 

විශේෂඥයන් පහත සඳහන් හොඳ නරක ඒ වෙනුවෙන් මව්වරුන්ට කියා දෙනවා.

කළයුතු
  • ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙත් වර්ගයකින් දිනකට දෙවරක් දත් මැදීම.
  • සීනි අඩංගු ආහාර ප්‍රධාන ආහාර වේල් වලදී පමණක් ගැනීම.
  • කාබනේටඩ් බීම වර්ග හැර ජලය හා මේද රහිත කිරි පානය
  • පලතුරු බීම වෙනුවට පලතුරු කෑමට ගැනීම.
  • ප්‍රසුතියට පෙර මුඛ සෞක්‍ය පිළිබඳ දැනුවත්වීම හා නිසි ප්‍රතිකාර ගැනීම.
නොකළයුතු
  • තමන් විසින්ම රෝගයට ප්‍රතිකාර ගැනීම නොකළ යුතුය. ඉන් ශරීරයේ අන් ඉන්ද්‍රියන්ට වන බලපෑම අවධානම් සහගත විය හැකියි.
  • කෙටි කෑම හා පැණි රස කෑම මගහරින්න. මේ මගින් දත් නරක් වීමට හා බැක්ටීරියා අසාදනයන්ට මග විවර වෙනවා.
  • ද්‍රාවන ගැනීම අඩු නොකරන්න. හැකිතරම් ද්‍රාවන ගැනීම දත්වල හා විදුරුමස් වල සෞක්‍යට ඉතාම සුදුසුයි.

නිතර දන්ත වෛද්‍ය උපදෙස් ලබාගැනීම ජිවිත කාලයටම වටිනවා වගේම ඉපදෙන්න ඉන්න දරුවාට අතිශයින් වැදගත්.

නිතර මේ දන්ත වෛද්‍ය උපදෙස් ගැනීමෙන් දත් අහිමි වීම, හිස හා බෙල්ලේ පිළිකා ඇතිවීම වැළකීම periodontal රෝගයෙන් වැළකීමට හැකිවීම වැනි වාසි රැසක් සිදුවෙනවා. වෛද්‍යවරයා සඳහන් කරනවා.

හෙට ඉපදෙන්නට ඉන්න දරු පැටියාත් ඔබත් ආරක්ෂා කිරීමට theAsianparent Sri Lanka  අපි කවදත් සැදී පැහැදී ඉන්නවා. මේ සටහන ඒ වෙනුවෙන්මයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ