theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?

8 අවම කියවීම
අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?

දරුවාගේ සාමාන්‍ය වර්ධනයට ඉඩ කඩ ලබා දෙන අතරා සංවර්ධනයේ ගැටළු ඇති විය හැකි බවට පෙන්වන අනතුරු ඇඟවීම්ද නොසලකා හරින්නට එපා!

තම දරුවාගේ පළමු සන්ධිස්ථාන සැබවින්ම විශේෂ බවට සෑම දෙමාපියෙක්ම එකඟ වේවි. මෙම සංධිස්ථාන බබාලාගේ හිස එසවීම, බඩගෑම, ඇවිදීම හා මුල් වචන කීම වැනි බොහෝ දෑ අඩංගු වනවා.  එසේ නමුත් ඔබේ පැටියාට එයාගේ පළමු වසර තුළ මෙම සන්ධිස්ථාන කරා ළංවන්නට නොහැකි වූවහොත්, ඒවා ළමා සංවර්ධන ගැටළු හෝ සංවර්ධන අනතුරු ඇඟවීම් ලෙස සළකන්නට පුළුවන්.

පැටියා උපන් මොහොතේ පටන් ඔහුගේ වර්ධනය හා සංවර්ධනය පිළිබඳ වැදගත් ඉඟි ඉදිරිපත් කරනවා. ඔහු යමක් දෙස බලන ආකාරය, ඒවා අල්ලාගන්නා ආකාරය හෝ ඔහු කතා කිරීමට හා ඇවිදීමට කොතරම් වේගයෙන් ඉගෙන ගන්නවාද යන්න ගැන එම ඉඟි හෝඩුවාවන් වනවා. පැටියා නිරෝගී දරුවෙකු ලෙස වැඩෙමින් පවතින බවට සලකුණු මේවා වේ.

ඒ හා සමානව,ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් ලෙස සැලකෙන සලකුණු කිහිපයක්ද තිබෙනවා. දරුවාගේ වර්ධනය අඩාල කරන සහ සංවර්ධනය පමා කරන ගැටළු වලට මේවා හේතු පාදක වනවා.

වයස මාස 1-36 දක්වා ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් ගැන ඔබ දත යුතු සියල්ල

සාමාන්‍යයෙන් බොහෝ දෙමව්පියන්ට තම දරුවන් වර්ධනය වන විට ඔවුන්ගේ  සංවර්ධන අනතුරු ඇඟවීම් තිබේ නම් ඒවා පහසුවෙන් හඳුනාගත හැකි වනවා. ඔබේ දරුවාගේ හොඳ මෝටර් කුසලතා, සංජානන කුසලතා, භාෂාව සහ කථනය මෙන්ම ශාරීරික සංවර්ධනය මන්දගාමී නම් ඔබට එය හැඟෙනු ඇති.

නමුත් සමහර විට, ඔබට මෙම සංවර්ධන අනතුරු ඇඟවීම් ඔබට මග හැරෙන්නට පුළුවන්.  ඉතින් එක් එක් වයස් අනුව සංවර්ධන සංධිස්ථාන සිදුවිය යුතු අයුරු සහ අනතුරු ඇඟවීම් මොනවාදැයි බලමු.

1. ළමා සංවර්ධන අනතුරු ඇඟවීම් (වයස මාස 1 සිට 3 දක්වා)

අලුත උපන් බිළිඳකුට විශේෂයෙන් මුල් මාස තුනේදී කැපී පෙනෙන ලෙස සංවර්ධන සංධිස්ථාන නොමැති බවක් ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් ඇත්තවශයෙන්ම ඔවුන් පෙන්වන සංධිස්ථාන කෙතරම්දැයි ඔඅබටම පුදුම හිතේවි.

ඔවුන්ටම ආවේණික පුංචි විධියට ඔවුන්ගේ සෞඛ්ය සංවර්ධන සංධිස්ථාන පෙන්වීමට ඔවුන්ට හැකි වනවා.

එසේ නමුත් පහත සඳහන් දේ  මාස තුනකින් පසුවත් ඔබේ දරුවා තුළින් දිස් වන්නේ නම් ඒවා සංවර්ධන රතු කොඩි නැතහොත් සංවර්ධන අනතුරු ඇඟවීම් ලෙස සැළකිය යුතු වනවා.

  • අධික ශබ්ධයට ප්‍රතිචාර දැක්විය නොහැකි වීම
  • චලනය වන වස්තුවක් ඔස්සේ දෑස් යොමා බලා සිටිය නොහැකි වීම
  • ඔබට හෝ ඔබේ කටහඬට ප්‍රතිචාර දක්වා සිනහසිය නොහැකි වීම
  • වස්තූන් ග්‍රහණය කරගත නොහැකි වීම
  • ආධාරකයක් නැතිව හිස කෙලින් තබාගත නොහැකි වීම
  • වස්තූන් කට අසලට ගෙන ඒමට උනන්දු නොවීම
  • දෙපා වලින් සෙල්ලම් බඩු තල්ලු කළ නොහැකි වීම
  • ඔහුගේ ඇස් එකක් හෝ දෙකම චලනය කිරීමට අපහසුතාවයක් ඇත

මේවා සංවර්ධන අනතුරු ඇඟවීම් ලෙස සලකනු ලැබුවද, බොහෝ ළදරුවන් මෙම ක්‍රියාකාරකම් සඳහා තමන්ටම ආවේණික කාලයක් ගන්නා බව වටහා ගැනීම ඉතා වැදගත්ය. එබැවින් ඔහු එතරම් ශාරීරිකව ක්‍රියාකාරී නොවුනත්, ඒ ගැන කලබල වන්නට අවශ්‍ය නැත.

දරුවාගේ පෙනීම හා ශ්‍රවණය පිළිබඳ ගැටළු දිස් වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

developmental red flagg

ඔබට කුඩා කෙනෙකුට මාස හයකදී ඔබගේ උදව්වෙන් වාඩි වීමට නොහැකි නම්, එය සංවර්ධන අනතුරු ඇඟවීමකි.

2. ළමා සංවර්ධන අනතුරු ඇඟවීම් (වයස මාස 4 සිට 7 දක්වා)

මෙම වයස වන විට, දරුවා විශේෂයෙන්ම ශාරීරිකව බොහෝ ක්‍රියාශීලී වේ. ඔහු ඇඳ වටේ කැරකෙමින්, හිස ඔසවන්නට උත්සාහ කිරීම, හෝ සිනාසෙමින්, මිරිකීමෙන් හා දෑසින් වස්තූන් අනුගමනය කිරීම වැනි ක්‍රියාඅකාරකම් ඔබට දැක ගත හැකි වේවි.

පහත දැක්වෙන ක්‍රියාකාරකම් දරුවා නොකරයි නම් එය අනතුරු ඇඟවීමක් විය හැකියි. ඊට අමතරව, දරුවාගේ සංවර්ධනය පමණට වඩා ප්‍රමාද නම් පහත දැක්වෙන සලකුණු ගැනද සැලකිලිමත් වීය යුතුය.

  • ඉතා තද හා රළු මාංශ පේශ
  • රෙදි බෝනික්කෙකු මෙන් එහා මෙහා පැද්දෙය
  • හත්වන මාසය වන තුරුත් හිස තබා ගැනීමට නොහැකි වීම
  • දරුවාගේ දෙමාපියන් සහ භාරකරුවන් කෙරෙහි කිසිදු සෙනෙහසක් නොපෙන්වීම
  • ඔහු වටා සිටින පුද්ගලයින් දෙතුන්දෙනෙකුට වඩා සිටිනවාට ඇති අකමැත්ත.
  • එක්වර ලොකු පිරිස දුටු විට නොසන්සුන් වේ
  • ඇස් දෙකෙන්ම අවධානය යොමු කළ නොහැකි වීම
  • ආලෝකයට අතිශයින් සංවේදී වන අතර, බොහෝ විට කඳුළු සලයි නැතහොත් ඔහුගේ ඇස් බොහෝ විට වියලි වේ.
  • මේ වන විටත් ශබ්ධ වලට ප්‍රතිචාර නොදක්වයි විශේෂයෙන් අධික ශබ්ධ වලට
  • දරුවාගේ මුඛය දෙසට වස්තූන්, හා සෙල්ලම් බඩු ගෙන ඒමට අපහසු වීම
  • යම් ශබ්දයක හෝ පුද්ගලයෙකුගේ කටහඬේ ප්‍රභවය පරීක්ෂා කරන්නට පිටුපස හැරී බලන්නේ නැත
  • මාස හයක් වූ පසුත් පෙරළීමට නොහැකිය වීම.
  • ඔබේ උදව්වෙන් වාඩි විය නොහැකි වීම
  • ඔබේ කටහඬට සිනාසෙන්නේවත්, ප්‍රතිචාර දක්වන්නේත්  නැත
  • ශරීරයේ අනෙක් කොටස් වලට සාපේක්ශව දෙපා සිහින්ව ඇත
ඉහත සියල්ලම සංවර්ධනය ප්‍රමාද වීමේ සලකුණු වේ. නමුත් මේවා වෙනත් සෞඛ්‍ය ගැටලුවක ලක්ෂණද විය හැකිය.

නිදසුනක් වශයෙන්, වස්තුවක් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වීම, දරුවාගේ ඇස් පෙනීම පිළිබඳ ගැටළුවක් විය හැකිය.

කරනන්ට සුදුසුම දේ දරුවාගේ සියලු ක්‍රියාකාරකම් ගැන උපරිම අවධනයෙන් පසුවීමයි. ඇතැම් විට මාසයකින් පමණ පසුව දරුවා වයසට සරිලන ලෙස ක්‍රියාශීලී වනු ඇති.

එනමුත් මාස හතකට පසුව වුවද, දරුවාගේ හැසිරීමේ වෙනසක් නොපෙන්වයි නම් දරුවාව වෛද්‍ය පර්‍රික්ෂාවකට භාජනය කළ යුතු වනවා.

developmental red flags

කරනන්ට සුදුසුම දේ දරුවාගේ සියලු ක්‍රියාකාරකම් ගැන උපරිම අවධනයෙන් පසුවීමයි. | පින්තූර: Dreamstime

4. ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් (වයස මාස 12-24 දක්වා)

මෙම අවධිය වන විට බොහෝ දරුවන්ට ඔවුන්ගේම සුන්දර පෞරුෂයන් වර්ධනය කරගැනීමේ හැකියාව ඇත. සමහරු නිහතමානීයි, සමහරු දඩබ්බරයි, තවත් සමහරු කම්මැලි හෝ සෙල්ලක්කාර විය හැකියි.

ඔබේ පුංචි චන්ඩියා අවුරුද්දක් ලැබූ වහාම, ඔහුගේ හැසිරීමේ0 හා ක්‍රීඩාවේ මහත් වෙනසක් ඔබට දැකගත හැකි වේවි.

ගවේෂණය කිරීම සහ නිදියන කාලය අඩු වීම ඔබේ සාමාන්‍ය දවසේ කොටසක් බවට පත්වේවි. ඔබේ දරුවා හොඳ ආහාර පුරුදු සහ නින්ද රටා පවා ඇති කරගත හැකියි.

කෙසේ වෙතත්, ඔබ පහත සඳහන් දේ නිරීක්ෂණය කලහොත්, ඒවා අනතුරු ඇඟවීම් ලෙස සලකන්න.

  • මාස 18දීත් ඇවිදීමට නොහැකි වීම
  • ඇඟිලි මත පමණක් ඇවිදීමට කැමැත්තක් දක්වන අතර ඔහුගේ මුළු පාදයම බිම තබා නොගැනීම
  • 18 වන මාසය වන විට “අම්මා” සහ “තාත්තා” වැනි තනි වචන උච්චාරණය කළ නොහැකි වීම
  • වසර දෙකක් ගත වූ පසුත්  වචන හෝ ක්‍රියා අනුකරණය කළ නොහැකි වීම
  • මාස 24 ක් වුවද තනි පියවර උපදෙස් අනුගමනය කළ නොහැකි වීම
දරුවාට වයස අවුරුදු දෙකක්ප ලබන්නට ළංවත්ම,  ඔහුගේ මෝටර් සහ සංජානන කුසලතා මෙන්ම භාෂාව සහ කථන කුසලතා ද ක්‍රියාත්මක වේ.
ඇත්ත වශයෙන්ම, ඔහු වයසින් වැඩෙත්ම ඒවා තියුණු වනු ඇත. නමුත් ඔහු මේ අවධිය වන විටත් දරුවාගේ මූලික කුසලතා වර්ධනය කර ගෙන නොමැති නම් ඒ සඳහා ක්ෂණික අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

5. ළමා සංවර්ධන අනතුරු ඇඟවීම් (වයස මාස 24 සිට 36 දක්වා)

දෙවන වසර වන විට, ඔබේ ළදරුවා පහසුවෙන් ඇවිදීමට, කතා කිරීමට, සෙල්ලම් කිරීමට සහ පහසුවෙන් දුවන්නට ඉගෙන ගනු ඇත. ඔහුගේ කථන හා භාෂා කුසලතා ද දියුණු විය හැකිය. මෙය සතුටුදායක ආරංචියකි.

නමුත් පසුගිය වසර තුළ ඔබ දරුවාගේ කිසිඳු ප්‍රගතියක් දැක නොමැති නම්, එය කනස්සල්ලට හේතුවක් විය හැකිය.

මෙම අදියරේදී ඔබ පරීක්ෂා කළ යුතු දේ ලැයිස්තුවක් අප සතුව ඇති බැවින් ඔබට කරදර විය යුතු නැත:

  •  බඩගාගෙන හෝ ඇවිදින්න බැහැ
  • පඩි පෙළ නැගීමට උත්සාහ කරන අතරතුර නිතර වැටේ
  • තවමත් කතාකරන වචන අපැහැදිලි වේ.
  • නිතර කටින් කෙළ වැක් කෙරේ – එතරම් බරපතල නොවන නමුත් එය ස්නායු ආබාධයක් පෙන්නුම් කළ හැකිය
  • සෙල්ලම් බඩු සහ වස්තූන් හැසිරවීම අභියෝගයක් වේ
  • තනි-පියවරේ උපදෙස් අනුගමනය කළ නොහැකි වේ
  • අනෙක් ළමුන් කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වයි
  • වාක්‍ය වලින් සන්නිවේදනය කළ නොහැකියි
  • ඔබව හෝ රැකබලා ගන්නෙකුගෙන් ඉවත් වීමට අති වීම
මේවා ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් ලෙස සැලකිය හැකි නමුත්, සියලු දරුවන් එකිනෙකාගෙන් වෙනස් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

සමහරු ඇවිදීමට වසරක් ගත වන අතර අනෙක් අය මාස අටක් ඇතුළත ඇවිදීමට පටන් ගනී.

ඒ වගේම, ඇතැම් දරුවන්න් වයස මාස 15 දී උපදෙස් පිළිපදින්න හැකියාව ඇති අතර තවත් දරුවන් අවුරුදු දෙකේදී මෙම ලක්ෂණ පෙන්වයි.

එබැවින් ඔබ් අකළ යුත්තේ මෙවැනි අනතුරු ඇඟවීමක් ඔබෙ නිරීක්ෂණය කළහොත් දරුවාට මාසයක් කල් දෙන්න. එම ලක්ෂණ විෂේශඤ්‍ය වෛද්‍යවරයකු හම්මු වී මේ ගැන දනුවත් විය යුතුයි.

Developmental Red Flags

6. ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් (අවුරුදු 3-4 දක්වා)

ඔබේ දරුවා දැන් මග බලාසිටි දවස උදා වන්නයි යන්නේ. පාසල් යන දිනය. ජීවිතයට ඒමට ඇති අත්දැකීම් බොහොමයි. දරුවන් අතර තරඟකාරිත්වය වැඩි වේවි.
බොහෝ ළමයින් වයස අවුරුදු තුන වන විට ඔවුන්ගේ මෝටර් සහ සංජානන කුසලතා මෙන්ම භාෂාව සහ කථන කුසලතා සමඟ චතුර ලෙස කතා කරති.

නමුත් ඔබේ දරුවා මේ කිසිඳු සංවර්ධනය සන්ධිස්ථානයක් පසු කර නොමැති නම්, එය ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් ඇඟවීමකි.

ඔබේ දරුවා ප්‍රගතියක් ලබන්නේද නැතහොත් ප්‍රමාද වීමේ ලකුණු පෙන්නුම් කරන්නේද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව විමසිල්ලෙන් සිටින්නට බලා ගන්න:

  • පනින්නට හෝ සමතුලිතව ඇවිදීමට නොහැකි වීම
  • දර්ශක ඇඟිල්ල සහ මාපටැඟිල්ල අතර කිසිවක් අල්ලා ගත නොහැක
  • බොහෝ විට අනෙක් දරුවන් නොසලකා හරිනු ලැබේ
  • ඕනෑම දෙයක් ලිවීමට අපහසුය
  • දෙමව්පියන්ට කිසිසේත් ඉවත්ව යා නොහැකි ය
  • කිසිදු ආකාරයක අන්තර්ක්‍රියාකාරී ක්‍රීඩාවක් ගැන උනන්දුවක් නැත
  • පවුලේ අය නොවන පුද්ගලයින් සමඟ කතා කිරීමට හෝ ඔවුන් සමඟ සම්බන්ධ වීමට කැමති නැත
  • නිදා ගැනීමට, ඇඳුම් ඇඳීමට හෝ වැසිකිළියට යෑමට ප්‍රතිරෝධය දක්වයිඉක්මනින් කෝපයට පත් වන අතර ප්‍රචණ්ඩකාරී ලෙස නින්දා අපහාස කරයි
  • “ඔබ” හෝ “මම” නිසියාකාරව භාවිතා කළ නොහැක
පෙර සඳහන් කළ පරිදි, සෑම දරුවෙකුම එක්නෙකාගෙන් වෙනස් අද්විතීය අය වේ. මුල් ළමා අධ්‍යාපනය සමහර දරුවන්ට ස්වභාවිකවම ලැබෙන අතර තවත් සමහරු හට මීඉට වැඩි කාලයක් ගගත වෙවි.

වැඩි කල් ගන්නා දරුවගෙ සෞඛ්‍ය ග්දැට්සළුවක් ඇතැයි අදහස් වන්නේ නැත.

අධික ලෙස ප්‍රමාද වූ සංවර්ධනය ද යහපත් නොවේ. එය සිරුරේ ඇතිවන ස්නායු, ශාරීරික හෝ මානසික ගැටලුවක් පිළිබඳ ඇඟවීමක් විය හැකිය. එබැවින් මෙම ළමා සංවර්ධන ගැටළු හා අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම වඩාත් සුදුසුය.

ඉතා මැනවින්, දරුවා ඒවා සිදු කරන කාලය ලැයිස්තුගත කරගන්න.

මාසයකට පමණ පසු, සියලුම ක්‍රියාකාරකම් කිරීමට ඔබේ දරුවාට හැකි විය යුතුය. නමුත් ඔහුට නොහැකි නම්, ඔහුට මඳ වේලාවක් ලබා දී ඔහු සමීපව නිරීක්ෂණය කරන්න.

දරුවාගේ සංවර්ධනයේ යම් වැරැද්දක් ඇති බවට ඔබ නිගමනය කළ යුත්තේ නිසි නිරීක්‍ෂණයෙන් හා පරීක්‍ෂා කිරීමෙන් පසුව පමණි.

යම් ගැටලුවක් ඇතැයි ඔබ සැක කරන්නේ නම්, දරුවා තුළ ඇති ගැටලුව වඩා හොඳින් තේරුම් ගැනීමට වහාම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

ඔබේ දරුවන්ගේ ශාරිරික හා මානසික  වර්ධනය වීමට අවශ්‍ය ඉඩකඩ සහ නිදහස ලබාදෙන්න. ඔවුන්ගේ ළමා කාලය භුක්ති විඳීමට ඔවුන්ට ඉඩ දෙන්න. සෑම දෙයක්ම එකවර ඉගෙනගැනීමට සලසන්න එපා! .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?
බෙදාගන්න :
  • පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

    පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

  • උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

    උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

  • පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

    පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

  • උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

    උපතේ සිට මාස 12 දක්වා දුවගේ හා පුතා‌ගේ වර්ධනය පෙන්වන වර්ධන සටහනක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it