theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි

3 අවම කියවීම
දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකිදියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි

සිංහල බෙහෙත් වට්ටෝරු අතර ප්‍රමුඛ වන මෙයින් දියවැඩියාව, මානසික ආතතිය, හන්දි වේදනා වැනි රෝග තත්ව රැසක් පාලනය කරගන්නට පුළුවන්!

රෝග රැසක් නසන හෙළ ඔසු අතර දියවැඩියාවට බණ්ඩක්කා කියාපු සිංහල බෙහෙත කියා ඔබ දැන සිටියාද? බණ්ඩක්කා යනු ලංකාවේ ගෙවතු වල පහසුවෙන්ම වගා කල හැකි අද්විතීය ගුණැති එළවළුවක්.

අපි උයන කර්මයට බොහෝ පොඩිත්තන් බණ්ඩක්කා කෑමට ටිකක් ඇලි මැලි වුවත් මෙය පිසගන්නා විවිධ රසවත් අකාරද නැතුවා නොවේ.

අද කාලයේ සමාජයේ බහුල ලෙස පැවතිය රෝග තත්ව මෙන්ම ජිවන රටාවේ සෞඛ්‍ය අභියෝග රැසකටද ප්‍රතිකර්ම ලෙස ක්‍රියා කිරීමට බණ්ඩක්කා වලට හැකියාව තිබෙනවා.

දියවැඩියාව සඳහා සිංහල බෙහෙත් වට්ටෝරු වලට අයත් වන ගුණ ඇති බණ්ඩක්කා මානසික ආතතිය, ස්ථුල බව, අධික කොලෙස්ටරෝල් මෙන්ම හන්දිපත් රුදා සමනය කිරීමටද සමත් වීම විශේෂයි.

සිංහල බෙහෙත් වට්ටෝරු: දියවැඩියාවට බණ්ඩක්කා වල ඖෂධීය ගුණ

ඉංග්‍රීසි භාෂාවෙන් Okra නැතහොත් Ladies Fingers ලෙස හැඳින්වෙන බදක්කා හින්දි භාෂාවෙන් ‘බින්දී’ ලෙස හඳුන්වන අතර එය දකුණු ඉන්දියාවේ විවිධ ක්‍රම වලට පිස ගැනෙන ප්‍රසිද්ධ එළවළුවක්.

දියවැඩියාවට බණ්ඩක්කා විශේෂයෙන් ගුණ අතර සාමාන්‍ය සෞඛ්යයටද ඉතා ගුණදායක ආහාරයක්.

දිගු කාලයක් තිස්සේ අනුමත කර ඇති අතර පොටෑසියම්, විටමින් බී, විටමින් සී, ෆෝලික් අම්ලය සහ කැල්සියම් වැනි ගුණදායක සංඝටක එහි අන්තර්ගත වනවා.

බණ්ඩක්කා වල සෞඛ්‍යට ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් අඩංගු වනවා පමණක් නොව ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක්ද අන්තර්ගත වනවා.

දිනපතා ආහාර වේලට ඇතුළත් කිරීම වඩාත් යෝග්‍ය වන බණ්ඩක්කා දියවැඩියාව (1 හා 2 වර්ග) පාලනය කිරීමේ විශේෂ ගුණ ඇති ආහාරයක් ලෙසද හැඳින්වෙනවා.

1. අධික තන්තුමය ගුණ දියවැඩියාව පාලනය කරයි

බණ්ඩක්කා තන්තුමය ආහාරයක් වන අතර සාමාන්‍ය ප්‍රමාණයේ බණ්ඩක්කා කරල් 8ක් තන්තු ග්රෑම් 3ක් පමණ ඇතැයි කියැවෙනවා. මෙම තන්තුමය ව්‍යුහය නිසා අහාර දිරවීම පහසු වන අතර සාගින්න මැඩ පවත්වනු ඇත.

තවද වැඩිපුර බණ්ඩක්කා පරිභෝජනය කිරීම ග්ලයිසමික් පාලනය පවත්වාගනිමටත් ඉන්සියුලින් සංවේදීතාව නිසි ප්‍රමාණයට පවත්වාගනිමටත් හැකියාව ලැබෙනවා.

2. මානසික ආතතිය පාලනය කරයි

බණ්ඩක්කා වල බීජ නිස්සාරණය, රුධිරයේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කෙරෙන බව පෙන්වා දී තිබෙනවා.

මෙයින් රුධිරයේ ආතතිය පාලනය කෙරෙන අතර එය දියවැඩියාව පාලනය කිරීමටද ඉවහල් වනවා.

මානසික සෞඛ්ය රැකගැනීම දියවැඩියාවේ ප්‍රතිකාර සැලැස්මක කොටසක් සේ සැලකෙන්නේ නම් වඩාත් යෝග්‍යය.

3. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි

තන්තුමය ආහාර මගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කෙරෙනවා පමණක් නොව ඒවා ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරනවා.

අධික කෙඳි අන්තර්ගත හා ප්රතිඔක්සිකාරක ගුණයෙන් යුත් ආහාර නිර්දේශ කෙරේ. ඇමරිකානු හෘද සංගමය පවසන පරිදි දියවැඩියාවෙන් පෙළෙන අයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් ඇතිවීමට ඉඩ තිබේ.

ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් දියවැඩියාව සමඟ සංයෝජිතව ඇති විට, දෘෂ්ටිය හොඳ නැත.

ඔබේ ආහාර වේලට සෞඛ්ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම් ඇති බවට වගබලා ගැනීම ඉතාමත් වැදගත් ය.

4. නිරෝගී ශ්වසන පද්ධතියක් ඇති කරයි

සුදුසු ව්‍යායාම මාලාවක් සමඟ ආහාර වේලට දිනවතා බණ්ඩක්කා ඇතුලත් කිරීමෙන් නිරෝගී ශ්වසන පද්ධතියක් පවත්වාගත හැකි වනවා.

බණ්ඩක්කා අහාරයට ගැනීමෙන් සිරුර ශක්තිමත් මෙන්ම ප්‍රබෝධමත් කෙරෙනු ඇත. එනම් බණ්ඩක්කා අනුභව කිරීම තුලින් වඩාත් ක්‍රියාශීලි ජිවන රටාවකට අවතීර්ණ වන්නට පිළිවෙන.

5. දණහිස් සහ අනෙකුත් හන්දි ශක්තිමත් කර රිදීම් වලක්වයි.

බණ්ඩක්කා වලින් හන්දි වලට ඇති ගුණ ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. බණ්ඩක්කා කරල් තුල ඇති සේවලාමය තරලය මගින් හන්දි වල - විශේෂයෙන්ම දණහිස් වල කාටිලේජ අතර ඇති ජෙලි වන් තරල පෝෂණය කර ශක්තිමත් කෙරෙන බව කියවෙනවා.

දියවැඩියාව මෙන්ම හන්දි කාටිලේජ ගැටළු නිරාකරණය කරගැනීමට කදිම බණ්ඩක්කා සිංහල බෙහෙත් වට්ටෝරු වලින් එකක්  පහත දක්වමු.

සිංහල බෙහෙත් වට්ටෝරු: දියවැඩියාව සහ හන්දි කාටිලේජ ගැටළු සඳහා බණ්ඩක්කා වතුර සත්කාරය

  1. බණ්ඩක්කා කරල් 3ක් හෝ 4ක් ගෙන කෙරවලවල් කපාගන්න
  2. දැන් මේවා දිගු අතට කපාගන්න
  3. මේවා වතුර ලීටර භාගයක දමා තම්බාගන්න.
  4. රෑ එළි වන තුරු තබාගත් මෙය පසුදා උදැසන පාවිච්චියට ගන්න. එනම්, මෙහි ජලය පානය කොට තම්බුනු බණ්ඩක්කා අහාරයට ගන්න.

මෙම සත්කාරය ඉතාමත්ම සාර්ථක එකක් වන අතර දරුවන් වෙනුවෙන් දෙමාපිය සෞක්‍යය රැකගනිමද අපගේ පරම යුතුකමකි...

ඉදිරි දිනකදී කදිම බණ්ඩක්කා ව්‍යාංජන කිහිපයක අහාර වට්ටෝරු ඔබ සමඟ බෙදාගන්නටත් බලාප්රෝත්තුවෙන් සිටිමු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පවුලේ සැමට ගුණදායි තවත් අහාර වට්ටෝරුවක් මේ සමඟ ඔබට ගෙන එන්නේ මෙතනින්... මිශ්‍ර එළවළු සුප්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • දියවැඩියාවට බණ්ඩක්කා යනු සිංහල බෙහෙත් අතුරින් මූලික බෙහෙතකි
බෙදාගන්න :
  • කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

    කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

  • මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

    මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

  • කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

    කොළඹ නගරය හා අවට රජයේ මාතෘ රෝහල් හා එහි වාසි අවාසි

  • මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

    මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it