theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්

5 අවම කියවීම
ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්

හැම ගර්භණී අම්මා කෙනෙක්ම සාමාන්‍ය වශයෙන් මෙම පුළුල් වීමට මුහුණ දෙනවා. ඒත් බබා ලැබුණට පස්සේ එය සාමාන්‍ය තත්වයට පත් වෙනවා. ඒත් 30% පමණ ප්‍රමාණයකට උදරය එල්ලා වැටීම නොහොත් diastasis recti තත්වය ඇති වන බව කියැවෙනවා.

උදරය එල්ලා වැටීම යනු අලුතින් බබා ලැබුණු ගොඩක් අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි.

අපේ රටේ මේ තත්ත්වය පිළිබඳව හොඳ දැනුවත් කිරීමක් සිදු වෙන්නේ නෑ කියලා මට හිතෙනවා.

මේ මමත් මුහුණ දුන්නු අත්දැකීමක් නිසා අපගේ පාඨකයින් සමඟ මේ අදහස්වැ බෙදාගන්න හිතුවා.

මෙසේ කියන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක් වන පබෝදනී තෙන්නකෝන් මහත්මිය විසින් සමුහය සමඟ බෙදාගත් ලිපියක් තුලිනි.

පසුගියදා දරුවා පහසුවෙන්ම ද්විභාශා හෝ බහුභාශා චතුරත්වය ප්‍රගුණ කිරීම හා සම්බන්ධ මිත්‍යා මත, දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද? ලිපි තුළින් අප දැනුවත් කල ඇය අද අප දැනුවත් කරන්නේ බොහෝ මව්වරුන් මුහුණ දෙන ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම ගැනයි.

එය ඇගේම වචන වලින් ඔබ වෙත ගෙන එමු.

උදරය එල්ලා වැටීම

මගේ පළවෙනි බබා ලැබිලා ටික දවසකින්ම මගේ උදරය සාමාන්‍ය තත්ත්වෙට පත් වුණා.

හැබැයි අවුරුදු 4 කට පස්සෙ ලැබුණු දෙවෙනි බබාගෙන් පස්සෙ උදරය අඩු වුණේම නෑ.

ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම මට හිසරදයක් වුනා.

දැන් මගේ දූට වයස මාස 6 යි. උදරය එල්ලා වැටීම අඩු වෙලා නැහැ. තවමත් උදරය විශාලයි.

බබා ලැබුණා කියලා දැන දැනමත්, බබා ලැබිලා මාස 2 කට 3 කට පස්සෙත් සමහරු තාම බබා ලැබුණෙ නැද්ද අහලා හිත රිදවපු වාරත් අනන්තයි.

මම කොහොමත් ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක් වුණාට, බබා ලැබෙන්න ඉන්නකොට තිබුණු විදියටම උදරය විශේෂයෙන් කැපිලා පෙනුනා මෑතක් වෙනකල්ම.

මේ අතරෙ තමයි මං මේ ගැන ටිකක් හොයන්න ගත්තේ.

මගේ වෛද්‍යවරයත් මට මෙහිදි හුඟක් උපකාර කළා. පස්සෙ දැනගත්ත විදියට ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම යන තත්වයට කියන්නෙ diastasis recti කියලා.

අපි බබාලා ලැබෙන්න ඉද්දි උදරය විශාල වෙනකොට අපේ උදර මාංශ පේශීන් ඇදීමකට ලක් වෙනවා.

මේ නිසා අපේ උදරය මැදින් එකිනෙක හමුවන දෙපස තියෙන විශාල මාංශපේශීන් වෙන් වීමකට ලක් වෙනවා.

ගර්භණී භාවය විසින් ඇතිවෙන හෝමෝන වර්ගත් මෙම මැද ඇති පටලය මෘදු භාවයට පත් කරනවා.

ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්

 

හැම ගර්භණී අම්මා කෙනෙක්ම සාමාන්‍ය වශයෙන් මෙම පුළුල් වීමට මුහුණ දෙනවා.

ඒත් බබා ලැබුණට පස්සේ එය සාමාන්‍ය තත්වයට පත් වෙනවා.ඒත් diastasis recti 30% පමණ ප්‍රමාණයකට ඇති වෙන බව කියනවා.

diastasis recti තත්වය පවතිද්දි උදරය මැද ඉදිමීමක් හෝ ගෙඩියක් වගේ දෙයක් පෙනෙන්නත් පුළුවන්.

හාන්සි වෙලා ඉන්න අතර කැස්සොත්, හිනා වුණොත් මේ මාංශ පේශී අතර මැද කොටස ඉදිරියට නෙරා එනවා.

උදරය එල්ලා වැටීම සිදු වී ඇතිදැයි බැලීමට ස්වයං පරික්ෂාව

තමන්ට diastasis recti තත්වය තියෙනවාද බලාගන්න පොඩි පරීක්ෂණයක් කරගන්න පුළුවන් තමන්ටම.

ඇඳක හෝ බිම හාන්සි වෙලා කකුල් දෙක නවා පොළොවට තද කරගෙන ඇගිලි දෙකක් පෙකණිය මත තියලා හිස මඳක් උඩට ගෙන එනකොට ඇඟිලි දෙක අසල ඇඟිලි දෙකකට වඩා ඒ කියන්නේ සෙ.මී 2.7 කට වඩා ප්‍රමාණයක හිස් තැනක් එනවා නම් ඒ diastasis recti.

මේ පරීක්ෂණය කරන හැටි ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් වලින්ම බලාගන්නත් පුළුවන්.

ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

 

මේ තත්වයේදී සාමාන්‍ය ව්‍යායාම කරලා යථා තත්ත්වයට ඒම අපහසුයි.

එහෙම කරල මේ තත්වය වැඩි වුණ කිහිප දෙනෙක්ම මම දන්නවා.

ඒක නිසා ඒ සම්බන්ධ පුහුණු කෙනෙක්ගෙන් උපදෙස් ගන්නවා නම් හොඳයි.

මේ තත්වයෙන් පීඩා විඳින අය අපේ රටේ ගොඩක් හිටියට මේ ගැන හරියාකාර අවධානයක් ලැබෙන්නේ නැහැ.

අපි ඉතිං පැත්තකට වෙලා දුක් වෙනවා. සමහර වෙලාවට මේ වගේ තත්වයක් තියෙන කෙනෙකුට නොදැන හිනා වෙන්නත් ඉඩ තියෙනවා.

පබෝදනී

මෙම වටිනා දැනුම ශ්‍රී ලංකන් මම්ස් සමුහය තුළින් අප වෙත ගෙනා පබෝදනී තෙන්නකෝන්  මහත්මිය වෙත නැවතත් TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. රජයේ භාෂා පරිවර්තිකාවක් ලෙස කටයුතු කරන පබෝදනී මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධියක් ලබාගෙන ඇති අතර ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය හා සිංහල භාෂාව හා සාහිත්‍යයද විෂයන් ලෙස හදාරා ඇත. ජත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇති ඇය කොළඹ නගරයේ වෙසෙන දෙදරු මවකි.

කුස එල්ලා වැටීම වළක්වා ගැනීම වෛද්‍ය සමන්හේවා මහතා ලබා දුන් උපදෙස්

ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්

ගර්භනී ඔබ දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම සදහා සූදානම් වෙන්න ඕන කොහොමද ?

ගැබිනි වීමට පෙර සිටම ඔබේ සිරුරේ බර අවශ්‍ය ප්‍රමාණට පවත්වා ගැනීම ඉතා වැදගත්.

තෙල් සහිත ආහාර වැඩියෙන්ආහාරයට ගන්නා අය තෙල් කෑම අඩුකර සාමාන්‍ය පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න.

ඒ වගේම වැඩියෙන් පිටි සහිත ආහාර ගන්නා අයද පිටි කෑම අඩුරගැනීම වැදගත්.

විශේෂයෙන් ගැබිනි මවක් වූ විට සාමාන්‍ය සමබර ආහාර වේලක් ලබාගැනීම ප්‍රමානවත්.

එසේ නොමැතිව පිෂ්ඨය හා මේදය පිරි ආහාර වැඩිපුර ගැනීමෙන් සිදුවන්නෙ ඔබේ උදරය තුල මේදය තැන්පත්වී ප්‍රසූතියට පසු ඔබේ උදරය වැඩිවීමයි.

එම නිසා ගර්භනී සමයේ පෝෂණය අවශ්‍ය ප්‍රමාණයට පමනක් ගෙන අනවශ්‍ය ලෙස ලොකු ආහාර ලබාගැනීමට යාමෙන් මෙම තත්ත්වයට ඔබට මුහුණ දීමට සිදු වේ.

දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒම සදහා ව්‍යායාම වල බලපෑම

ගැබිනි මවක් විවිධ ව්‍යායාම වල නිරතවීම දරුවාගේ වර්ධනයට බෙහෙවින් බලපානවා.

මෙම කාලය තුල පවුල් සෞඛ්‍යය නිලධාරී තුමියගේ ඔබ චැනල් කර ඇති වෛද්‍යවරයා‌ෙගේ උපදෙස් මත ඔබට අවශ්‍ය ව්‍යායාම වල නිරත වන්න.

සැ : යු : කිසිම විටෙක තවත් කෙනෙක් කියූ පලියට ඔබට නොගැලපෙන ව්‍යායාම වල නිරතවීම නොකලයුතුයි.

අනිවාර්යයෙන් ව්‍යායාම පිලිබඳව පවුල් සෞඛ්‍යය නිලධාරී තුමියගෙන් උපදෙස් ලබාගන්න.

එම ව්‍යායාම ඔබට හතිවැටෙන තුරු කරන්න එපා සාමාන්‍යයෙන් ඇවිදීම , පිහිනීම වැනි ව්‍යායාම මගින් ඔබේ අනවශ්‍ය මේද තැන්පත්වීම පාලනය කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියකට පසු ඔබ පිලිපැදියයුතු ‌දේවල්

දරුවා ලැබුණු පසු උදරය නෙරා ඒම අවම කිරීමට ව්‍යායාම කිරීම හා ඔබට අවශ්‍ය පමනට පෝෂණය ලබාගෙන අනවශ්‍ය ලෙස තෙල් නා පිටි ආශ්‍රිත ආහාර ලබාගැනීම සුදුසු නැහැ.

ඒ වගේම උපතින්ම උදරය පේශි ශක්තිය අඩු අය ඉන්නවා එහෙම අයගේ උදරය ඉක්මනින් ඉදිරියට එන්න පුළුවන්.

ඔබට දහඩිය දමන ව්‍යායාම වල මේ කාලය තුල නිරතවීම වැදගත්.

බෙල්ට් දැමීම වෛද්‍යවරයකුගේ උපදෙස් මත පමනක් කරන්න ඔබේ උදරයේ ස්වභාවය අනුව ඔබට ගැලපෙන ක්‍රමයන් භාවිතා කරන්න පුළුවන්.

මාර්ක් අඩු වීම සදහා විවිධ ඖෂධ වර්ග ක්‍රීම් වර්ග තිබෙනවා නමුත් වෛද්‍යවරයකු මගින් ඔබේ උදරය පරීක්ෂා කිරීමකින් තොරව ඖෂධ හා ක්‍රීම් වර්ග භාවිතය සුදුසු නැහැ එම නිසා මා එම වර්ග මෙහි සදහන් කරන්නෙ නැහැ.

ඔබේ ආහාර රටාවා මගින් හා ව්‍යායාම මගින් ඔබට පිරිපුන් අලන්කාර සිරුරක හිමිකාරියක් වන්නට පුළුවන්.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්
බෙදාගන්න :
  • මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

    මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

  • මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන  මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

    මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

  • මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

    මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

  • මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන  මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

    මාස දෙකකින් උදරයේ මේද අඩුකර දෙන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it