theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

6 අවම කියවීම
මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්

ඔබේ බඩත් අඩු වෙන්නෙ නැත්තේ Diastasis Recti තත්වය නිසා වෙන්නට පුළුවන්. මේ විධියට පුළුවන් සුවය ලබාගන්න

දරුවා ප්‍රසූත කරල කාලයක් ගියාට පස්සෙත් එක් එක්කෙනා නිතරම අහනවා ආයෙ බබෙක් හම්බවෙන්න කියලා. නිතර දෙවේලේ ඇහෙන මේ පප්‍රශ්ණයට පිළිතුරු දීලම මේ අත්දැකීමට මොනත තරම් අසහනකාරී තත්ත්වයක් ද කියා අපට දන්නවා. කොතරම් ව්‍යායාම කලත්, සෞඛ්ය සම්පන්න ආහාර වේලක් ගත්තත්, Diet කලත්, මොන දේ කලත් බඩ අඩු වෙන්නෙම නැහැ. මේ තත්ත්වයට ඔබත් මුහුණ දෙනවනම් මේ ඔබ හිතන පරිදි සාමාන්‍ය මේද තැන්පතු තත්ත්වයක් නොවෙන්නට පුළුවන්. මවුවරුන් ලෙස සුලභව මුහුණ දිය හැකි තත්වයක් තමයි diastasis recti. 

මොකද්ද මේ Diastasis Recti කියන තත්වය?

Diastasis යනුවෙන් අදහස් කරන්නේ වෙන්වීමයි. Recti යනුවෙන් අදහස් කරන්නේ සිරස් අතට දිවෙන දිග, පැතලි මාංෂපේශී යුගලක්.

මෙම මාංෂපේශි උදරය තුළ පිහිටි මූලික අවයව ස්ථාවර කිරීමෙහි ලා විශේෂ කාර්‍යභාරයක් කරනවා.

Diastasis recti තත්වයේදී සිදුවන්නේ ගර්භනී අවදියේදී උදරය ප්‍රසාරණය වීමත් සමඟ සිරස් අතට මැදින් උදරයේ දෙපසට බෙදීමයි.

මෙසේ බෙදීමේදී එම බෙදුම් රෙඛාව දෙපසට බෙදුනු මාංෂපේශි නිසා බෙදුම් රේඛාවේ හිඩැසක් ඇතිවනවා.

 ඉතින් මෙහි තිත්ත ඇත්ත තත්වය වන්නේ මැදින් බෙදුනු මාංෂපේශි උදරය දෙපසින් දෙපැත්තට එල්ලා වැටීමයි.

එපමණක් නොව මොන දේ කලත් මෙම තත්වයේ වෙනසක් දකීම අසීරු වීමත් මානසිකව වද දෙන තත්වයක් වනවා.

diastasis recti  තත්වය ඇතිවන්නේ ඇයි?

අප කවුරුත් දන්නා පරිදි, ගැබ් ගැනීමකදී අප ශරීරයේ සෑම අංගයක්ම ප්‍රසාරණයකට ලක්වනවා. මේ නිසා සම්බන්ධක පටකද ඇදීමකට ලක් වනවා.

මෙම ඇදීමේ හේතුවක් ලෙස උදරය මැදින් වෙන්වී දෙකට බෙදෙන නිසා දෙපස මාංෂපේශි එල්ලා වැටෙනවා.

ගර්භණී අවදියේ ශ්‍රාවය වන හෝමෝනද මේ ක්‍රියාවලියට දායක වනවා.

හෝමෝන මගින් සම්බන්ධක පටක ලිහිල් කරන අතර කුස තුළ වර්ධනය වන දරුවාට රිසි සේ වර්ධනය වීමට ප්‍රමාණවත් ඉඩක් කුස තුළ සලසනවා.

Diastasis recti යනු උදරයේ අධික පීඩනයේ ප්‍රථිඵලයක් කීවොත් නිවැරදියි.

දරු ප්‍රසූතියෙන් පසු, මෙම පටක සුව වනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවා ඇති.

හෝමෝන ගර්භනීභාවයට පෙර තිබූ තත්වයට පත්වීමට ඔබ බලාපොරොත්තු වනවා ඇති.  

ඔබේ මාංශ පේශි යථා තත්ත්වයට පත්වීම සහ එම පරතරය වැසීම ඔබේ බලාපොරොත්තුව වෙන්නට් ඇති.

අවාසනාවකට වගේ 40%ක් පමණ මව්වරුන්ගේ මෙම හිඩැස මාස 6ක් වැනි කාලයක් ඉක්මවන තුරුත් පියවෙන්නේ නැහැ. 

diastasis recti

කාන්තාවන් 40%ක් diastasis recti තත්වයෙන් පෙලෙනවා

මෙහි පෙනුම කුමක් වැනිද? 

මෙන්න මේක හිතින් මවාගන්න – පාන් ගෙඩියක් ඔබේ බඩෙන් පිටතට නෙරපා එන ආකාරය සිතන්න. ඔව්, diastasis recti හි පෙනුම එවැනියි. 

diastasis recti පරීක්ෂාව

ඔබ diastasis recti  තත්වයෙන් පෙලෙනවාදැයි නිර්ණය කිරීමට වෛද්‍යවරයෙකු හමුවන්නට ආවශ්‍ය නැහැ. ගෙදරදීම කරගත් හැකි මේ පරීක්ෂාව තුළින් ඒ බව තහවුරු කරගන්නට පුළුවන්. 

  • උඩු අතට දිගා වෙන්න. දණහිස් නමා යටිපතුල් පැතලිව බිම තබාගන්න
  • ඔබේ හිස සහ උරහිස් ලිහිල් කරගන්න
  • ඔබගේ ඇඟිලි ඔබගේ බුරියට උඩින් තබාගන්න. (ඔබේ අත්ල ඇතුල් පැත්තට මුහුණ ලා තිබිය යුතුය)
  • ඔබේ හිස සහ බෙල්ල හෙමිහිට ඔසවන්න
  • ඔබගේ ඇඟිලි තුඩු වලින් උදරය තෙරපන්න
  • සියල්ල හොඳින් නම් මාංෂපේශි එකිනෙකට ගෑවී තිබෙන බව ඔබට දැනේවි (හිඩැසක් නැති)
  • ඇඟිලි 1ක හෝ 2ක පළලට වඩා පුළුල් පරතරයක් තිබේ යැයි ඔබට දැනේ නම් ඒ  නම්, එය diastasis recti විය හැකිය
  • ඔබ මෙම පරීක්ෂණය තවත් ස්ථාන දෙකක නැවත කළ යුතුය – බුරියට ඉහළින් සහ පහළින් අඟල් කිහිපයක්.

ඔබ ඔබේ ඇඟිලි භාවිතා කරන විට සහ මැද රේඛාවට මෘදු ලෙස පීඩනය යෙදෙන විට, හැකිලෙන මාංශ පේශිවලින් ඔබට යම් ආතතියක් හා ප්‍රතිරෝධයක් දැනිය යුතුය.

ඔබට මෙය දැනෙන්නේ නැත්නම්, එය බොහෝ විට diastasis recti තත්වය වේ!

ඔබට  diastasis recti  තිබේ නම් කුමක් සිදුවේද?

ඔබ මේ ගැන මානසිකව තැවෙනවා නම්, මෙය රූපලාවණ්‍ය ගැටළුවක් පමනක් නොවන බව සිහි තබාගන්න. මක්නිසාද  diastasis recti තුළින් වෙනත් සංකූලතා ඇති විය හැකි බැවිනි:

  • මුත්‍රා ආශ්‍රිත අපහසුතා
  • ලිංගික එක්වීම වේදනාකාරී වීම
  • ශ්‍රෝණි හා උකුල් ප්‍රදේශයේ වේදනාව
  • කොඳුඇට පෙළේ පහළ කොටසේ වේදනාව
  • මලබද්ධය
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • සාමාන්යයෙන් ක්‍රියාශීලීව චලනය වීම දුෂ්කර වීම
diastasis recti

diastasis recti තත්වය රූපලාවන්‍ය ගැටළුවකට වඩා එහා ගිය එකක් 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

උදර මාංශ පේශි දෙපසට වෙන් වූ විට, ගර්භාෂය, බඩවැල් සහ අනෙකුත් අවයව එකිනෙකට බැඳ තැබීමට ඉතිරි වන්නේ තුනී සම්බන්ධක පටක පමණයි. මේවා diastasis recti තත්වයේ ප්‍රතිඵලයි.

මෙම තත්වය වඩාත් වර්ධනය වූ අවථා වලදී, පටක ඉරී ගොස් අවයව පවා නිරාවරණය වීමට ඉඩ තිබෙනවා. මෙය හර්නියා තත්වයක් ලෙස හඳුන්වනවා.

මේ ගැන කුමක් කළ යුතුද?

diastasis recti හඳුනාගැනීමට අදාල පරීක්ෂණ කර කල්තියාම සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වනවා.

මෙය හුදෙක් මේදය තැන්පත් වීමක් යැයි විශ්වාස කරමින් ඉන් මිදීමට මූලික ව්‍යායාම කිරීමට උත්සාහ කළහොත්, ඔබ තත්වය තවත් උග්‍ර කරගන්නවා වන්නට පුළුවන්.

උදර බන්ධන සහ ඉඟටි (girdles) භාවිතා කිරීමෙන්ද මෙම ගැටළුව විසඳාගැනීම අපහසු වනවා.

මේවා ඔබේ දෙපසට එල්ලුනු මාංෂපේශි ඔසවාගත්තද මාංෂපේශි දෙපසට බෙදී ඇතිවුනු හිඩස නැතිකොට එම පටක හයළි එකතු කිරීමට ඒවා උපකාර වන්නේ නැහැ.

මෙයට ප්‍රතිකර්මයක් ලබාගැනීමේ මූලික පියවරක් ලෙස වෘත්තීය භෞත චිකිත්සකයෙකුගෙන් මග පෙන්වීම ලබාගැනීම වඩාත් සුදුසුයි.

මාංෂපේශි තිබිය යුතු ස්ථානයට නැවත ගෙන ඒමට නිශ්චිත ව්‍යායාම වර්ග තිබෙන අතර නිවැරදි මඟපෙන්වීමක් තුළින් මෙම අභ්‍යාස කිරීම ආරම්භ කළ හැකියි.

සාමාන්‍යයෙන්, නියමිතව පිළිවෙලට මධ්‍යගත ලෙස උදරයේ මූලික මාංශපේශි සම්බන්ධ කිරීමට, ඔබේ උදරයේ තිරස් මාංෂපේශි හා ශ්‍රෝණි ආශ්‍රිත මාංශ පේශි (නිවැරදි ආකාරයෙන්) සම්බන්ධ කල යුතුයි.

ඉන්පසු ඔබේ උදර ප්‍රදේශයේ තිරස් මාංශ පේශි ශක්තිමත් කළ යුතුය.

diastasis recti

diastasis වඩාත් දරුණු නම්, ශල්‍යකර්මයක් කිරීම අවසාන විකල්පය විය හැකියි. ශල්‍යකර්මය මගින් උදර බිත්තියේ මාංශපේශි නැවත මැදට ඇලවීම මගින් diastasis නිවැරදි කිරීමට උපකාරී වේ.

සමහර අවස්ථාවලදී ශල්‍යකර්ම ලැපරාසොපික් (laparasopic) ක්‍රියාදාමයක් හරහා කරගන්නට පුළුවනි.

මෙය පුංචි කැපුම් ලක්ෂ කිහිපයක් හරහා කුඩා කැමරාවක් මෙන්ම අනිකුත් උපාංග ආධාරයෙන් සිදු කරන්නකි.

මෙය සාම්ප්‍රදායික ශල්‍යකර්මයකට වඩා පහසුවෙන් කරගත හැකියි.

diastasis ප්‍රමාණවත් තරම් දරුණු නම්, ඔබට විවෘත උදර ශල්‍යකර්මයක් අවශ්‍ය වේ.

රූපලාවණ්‍ය සැත්කමක් ලෙස වර්ගීකරණය කර ඇති බැවින් රක්ෂණය මෙය ආවරණය නොකරයි.

ඔබ නොකළ යුතු දෑ

  • diastasis තත්වයට ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා වෙත යන්නට උවමනා නැහැ. ඔබ හමුවිය යුත්තේ භෞත චිකිත්සකයෙක්වයි (physical therapist).
  • ඔබේ උදරය තවදුරටත් තෙරපුමට, පීඩනයට ලක්කරන්නට එපා – මලබද්ධය, බර දේවල් එසවීම (දරුවන් වඩාගැනීම පවා) සහ ඕනෑවට වඩා නැගීටීම සහ වාඩි වීම (ඔබ ශරීර බර භාවිතා කරන නිසා).
  • කිහිලිකරු භාවිතයෙන්, sit up ව්‍යායාම කිරීමෙන් (front planks), සහ ඇතැම් යෝග ඉරියව් කිරීමෙන් වලකින්න – මේවා diastasis තත්වය වඩාත් නරක අතට හැරවන්නට පුළුවන්.

Diastasis recti ගැන ඔබ දැනගත යුතු සියල්ල ගැනම අපි විස්තර කලා කියා විශ්වාස කරනවා.

ශුභාරංචිය නම් මෙය නිවැරදි කිරීමට ඔබ තවමත් පමා නොමැති වීමයි!

දරුවා ප්‍රසූත කර වසර ගනනාවක් පසු වුවත්, නිසි ප්‍රතිකාර කිරීමෙන් හා ව්‍යායාම කිරීමෙන් මාංෂපේශි අතර පරතරය නැතිකරගන්නට හැකියි.

එසේම, ප්‍රවේසම් වීම පසුතැවීමට වඩා හොඳයි. එබැවින් ඔබ ගැබ් ගැනීමට අදහස් කරන්නේද?

එසේ නම්, ඔබේ කල්තියාම ඔබගේ උදර මාංෂපේශී ශක්තිමත් කිරීමට කටයුතු කරන්න.

ඵලදායී ප්‍රතිඵල ලැබෙන්නේ ගැබ් ගැනීමට පෙර සිටම මාංශපේශි ශක්තිමත් කරගැනීමෙන් කිරීම පමණයි.

Source: Babycenter, WebMD

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
 
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මක් කළත් බඩ අඩුවෙන්නේ නැත්තේ Diastasis recti නිසා වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

    දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

  • ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

  • දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

    දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

  • ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it