theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පැටියා හඬන විදිහෙන් එයාව තේරුම් ගන්න

2 අවම කියවීම
පැටියා හඬන විදිහෙන් එයාව තේරුම් ගන්නපැටියා හඬන විදිහෙන් එයාව තේරුම් ගන්න

හැම පැටියෙකුටම අඬන්න උවමනාවක් තියෙනවා. ඒවා සාමාන්‍යයි. අපි ඒ බව හඳුනාගනිමු.

"බබා අඬනවා!" අලුත් දෙමාපිය පදවිය ලැබූ ඔබට පැටියා අඬන කොට ඒක අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. සමහර බබාලා හුඟක් අඬනවා. සමහරු ටිකක් අඬනවා. නමුත් ඒගොල්ලන් ඉල්ලන්නේ එකම දෙයක් වෙන්න පුළුවන්.

පළවෙනි දින කිහිපය බබා අඬනවා හේතුවක් නැතිව  කියලා ඔබට හිතන්න පුළුවන්. නමුත් කාලයත් සමග ඔබට ඊට හේතුව ඉබේම අවබෝධ වෙනවා.

හැම පැටියෙකුටම අඬන්න උවමනාවක් තියෙනවා. ඒවා සාමාන්‍යයි. අපි ඒ බව හඳුනාගනිමු.

අඩන බබා නලවගන්න

බඩගින්නට බබා අඬනවා

හුඟක් වෙලාවට පැටව් අඬන්නේ බඩගින්නට. මේ හැඬීම ටිකක් වෙලා හඬන අතර ඔහුට බඩගින්නට කිරි ලැබුනේ නැත්නම් එයා අත උරන්න නැතිනම් සූප්පුව උරන්න ගන්නවා. නුරුස්සන ගතියක් පෙනෙන්නත් පුළුවන්.

ඔබ දරුවාව අතට ගත්තම එයා ඔබේ පියයුරු සොයන්න පටන් ගන්නවා. ඔබ සුළු මොහොතකට කලින් පැටියාට කිරි දුන්නත් නැවතත් එයාට බඩගින්න දැනිලා වෙන්න පුළුවන්. ඉතින් පැටියාගේ බඩ පිරුණම එයා අඬන්නේ නැහැ.

මහන්සියට බබා අඬනවා

සමහර වෙලාවට පැටියට හුඟක් මහන්සි දනුනහමත් එයා අඬනවා. මේ වෙලාවට එයාගේ කේන්තියකුත් දිස්වෙනවා. අත් සොලවමින්, ඇස් පොඩි කරමින් එයා අඬන්න පුළුවන්. ඉතා සෞම්‍ය සංගීතයෙන් සමහර විට පැටියා සන්සුන් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියන් හුඟක් වටවෙලා ඉන්න එකත් එයාට කරදරයක්. දරුවා උද්දීපනය කිරීමෙන් ඔවුන් ඉක්මනින් සැනසෙනවා.

පැටියා හඬන විදිහෙන් එයාව තේරුම් ගන්න

ඇඟවීමට අඬනවා

හුඟක් වෙලාවට දරුවා මුත්‍රා හෝ මළපහ කළ පසුවත් දැනෙන පහසුව නිසා අඬනවා. මේ හැඬීම එකවර ඇති වෙලා ඇඳුම් මාරු කළ පසු නැති වෙලා යනවා. සමහර විට ඇඳුම් වල තද බව හෝ අපහසුවක් නිසාත්  හඬන්න පුළුවන්.

අවධානය ගන්න අඬනවා

දරුවන් නිතරම දෙමාපියන්ගේ උණුසුම හොයනවා. තනිකමක් දැනුනහම හැඬීම පොදුයි. නමුත් ඔබ දරුවා වඩා ගත් විගසම එයා නැළවෙනවා නම් එයා ඔබේ සුවඳ, උණුසුම, හදගැස්ම සොයන බව තේරුම් ගන්න. මේක ඔබ දරුවාව නරක් කරනවා කියලා හිතන්න එපා. පළවෙනි අවුරුදු කිහිපය දරුවා එය බලාපොරොත්තු වෙනවා.

දරුවන්ට ආහාර

වේදනාවට අඬනවා

සමහර වෙලාවට ඉතා ශබ්ධ නිසා දරුවන් අඬනවා. එවිට එයාට එය වේදනාවක් වන ලෙස අත් පා යටවී හෝ වෙනත් අපහසුතාවයක් ඇති දැයි බලන්න. එහෙමත් නැළවුනේ  නැත්නම් ඇඳුම් ඉවත් කර හේතුව සොයා බලන්න. සමහර විට පුංචි කූඹියෙක් කෑම පවා දරුවාට හරිම වේදනාවක්.

අසනීපයක් නිසා  අඬනවා

දරුවෙක් අසනීපයෙන් නම් ඒ හැඬීම වෙනදාට වඩා හුඟක් වෙහෙසකරයි. වෙනදා වගේ කිරි බොන්න එයාට උනන්දුවක් නැති වෙනවා. මේ වෙලාවට ළමා රෝග වෛද්‍යවරයෙකුගේ උදවුව ගැනීම හුඟක් හොඳයි. සමහර වෙලාවට රාත්‍රියේ මැදත් දරුවන් හරියට හැමදාම අවදිවෙන වෙලාවල් තියෙනවා. ඒක බඩගින්න නිසාත් වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන හරියටම වෛද්‍යවරයාගෙන් අසා දැනගැනීම හොඳයි.

පැටියාගේ සිනහව ලෝකයක් තරම් සතුටක් වුනත් එයා අඬන කොට මහමෙර වගේ බරක් දෙමාපියන්ට දැනෙනවා. ඒ සතුට හා වේදනාව හොඳින් හඳුනන ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙනාවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • පැටියා හඬන විදිහෙන් එයාව තේරුම් ගන්න
බෙදාගන්න :
  • අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

    අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

  • අඬන පැටියා නළවන්න හොඳම ක්‍රමය

    අඬන පැටියා නළවන්න හොඳම ක්‍රමය

  • අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

    අඬන පැටියා වඩා ගන්න එක එයාව නරක් කිරීමක් නෙමෙයි

  • අඬන පැටියා නළවන්න හොඳම ක්‍රමය

    අඬන පැටියා නළවන්න හොඳම ක්‍රමය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it